නැති වුණු හෝ හානි වුණු ආදායම් බලපත්‍රය නැවත හදාගන්නේ කොහොමද?

Nipuna Marasinghe
time
මිනිත්තු 3 කියවීම
feature image
ලංකාවේ වාහනයක් drive කරන්න තියෙන්නම ඕනේ දෙයක් තමයි ආදායම් බලපත්‍රය කියන්නේ. ආදායම් බලපත්‍රය නැතිව අපිට පාරේ වාහනයක් drive කරන්න කිසිම අයිතියක් නැහැ. ඉතින් ඔයාගේ ආදායම් බලපත්‍රය නැති වෙලාද? එහෙමත් නැත්නම් ආදායම් බලපත්‍රයට හානි වෙලාද? අද MotorGuide තුළින් අපි කියන්නේ නැති වුණු හෝ හානි වුණු ආදායම් බලපත්‍රය නැවත හදාගන්නේ කොහොමද කියලා.

වාහන බලපත්‍රයක ඇතුළත් කරුණු

නැති වුණු එහෙමත් නැත්නම් හානි වුණු වාහන බලපත්‍රයක් නැවත ලබා ගන්න කළින් අපි බලමු වාහන බලපත්‍රයක ඇතුළත් වෙන කරුණු මොනවාද කියලා. වාහන බලපත්‍රයක, වාහනයට අදාළ වැදගත් කරුණු කිහිපයක්ම තියෙනවා. ඒවා තමයි, - ආදායම් බලපත්‍රය අවසන් වන දිනය සහ වර්ෂය - වාහනේ මාදිලිය - ආදායම් බලපත්‍රය නිකුත් කරන දිනය - දුම් පරීක්ෂණ සහතිකයේ අංකය - වාහන අංකය බලපත්‍ර අංකය - ආදායම් බලපත්‍රය ආරම්භ වන දිනය - වාහන හිමිකරුගේ නම හා ලිපිනය

වාහන බලපත්‍රය damage වෙන විදි

වාහන බලපත්‍රය damage වෙන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. ඔයා වාහනය service කරද්දී බලපත්‍රය වතුරට තෙමිලා ඉරෙන්න පුළුවන්. වාහන බලපත්‍රය වාහනයේ cabin වල තියපු වෙලාවක මීයන් වැනි සතුන්ට අහු වුණොත් බලපත්‍රය විනාශ වෙනවා. ඒ වගේම වාහනයේ පොඩි ළමයින් යද්දී බලපත්‍රය අහුවුණොත් මේක බේරගන්න තවත් අමාරුයි. මොකද ළමයින්ට මොකක් හරි අහුවුණොත් ඒක ඉරලා දානවා. ඒ වගේම සමහර විට ඔයාගේ අතින් කොහේදී හරි බලපත්‍රය නැති වෙන්නත් පුළුවන්. මෙන්ම මේ දේවල් වලින් තමයි වාහන බලපත්‍රය damage වෙන්නේ. ඉතින් ඔයා වාහනය service කරද්දී වාහන බලපත්‍රය ගැන සැළකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම ළමයින්ට අහුවෙන්නේ නැති තැනක තියා ගන්නත් වග බලා ගන්න ඕනේ.

නැති වුණු හෝ හානි වුණු බලපත්‍රය expire වෙලාද?

නැති වුණ හෝ හානි වුණු වාහන බලපත්‍රයක් නැවත හදද්දී අපි මුලින්ම බලපත්‍රය expire වෙන්නේ කවදා ද කියලා බලන්න ඕනේ. මේ වෙද්දීත් වාහන බලපත්‍රය expire වෙලා නම් වාහන බලපත්‍රය හදන්න ඕනේ අනෙක් අවුරුද්දටයි. ඔයාට වාහන බලපත්‍රයේ expire වෙන්නේ කවදාද කියලා මතක නැත්නම් ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයට ඇමතුමක් ලබා දීලා බලපත්‍රය expire වෙන්නේ කවදාද කියලා බලාගන්න පුළුවන්.

වාහන බලපත්‍රය නැවත ලබා ගන්න අවශ්‍ය කරන ලියකියවිලි

ඔයාගේ ආදායම් බලපත්‍රය නැති වුණාම ඔයාට නැවත ආදායම් බලපත්‍රයක් හදාගන්න ලියකියවිලි කිහිපයක්ම අවශ්‍ය වෙනවා. ඒ අනුව වාහනයේ - ලියාපදිංචි සහතිකය - වාහනයට අදාළ රක්ෂණ සහතිකය - වාහන යෝග්‍යතා සහතිකය - වාහන දුම් පරීක්ෂණ සහතිකය අවශ්‍ය වෙනවා. ඉතින් ඔයා මුලින්ම ආදායම් බලපත්‍රය ලබා ගන්න අවශ්‍ය කරන මේ ලියකියවිලි ටික සුදානම් කරගන්න ඕනේ.

මොකද කරන්න ඕනේ?

ඔයා මුලින්ම කරන්න ඕනේ වාහන බලපත්‍රය නැති වූ බව පොලිස් පැමිණිල්ලක සඳහන් කරන එක. ඊට පස්සේ මේ පොලිස් පැමිණිල්ලයි අනෙක් අවශ්‍ය කරන ලියකියවිලි ටිකයි අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න ඕනේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාට පස්සේ ඔයාට form එකක් ලබා දෙනවා. ඔයා මේ form එක සම්පූර්ණයෙන් නිවැරදිව පුරවන්න ඕනේ. මේ form එකේ ඔයාට පුරවන්න තියෙන්නේ , - වාහනයේ අංකය - වාහනය හිමිකරුගේ නම - වාහනයේ engine අංකය - ආදායම් බලපත්‍රය නැති වූ දිනය - වාහනයේ චැසි අංකය - පැමිණිල්ල සිදු කළ පොලිසිය - පැමිණිලි කළ දිනය - වාහනයේ හිමිකරුගේ නම මේ තොරතුරු නිවැරදිව පුරවලා නැවත ලබා දුන්නාම, ඔයාට නැති වුණු හෝ හානි වුණු ආදායම් බලපත්‍රය වෙනුවට නව ආදායම් බලපත්‍රයක් ලබා ගන්න පුළුවන්. මේ විදිහට තමයි, නැති වුණු හෝ හානි වුණු ආදායම් බලපත්‍ර නැවත ලබා ගන්නේ. ඔයාගේ ආදායම් බලපත්‍රයත් නැති වෙලා නම් අපි අද කියපු දේවල් ගැන අනිවාර්යයෙන්ම සැළකිලිමත් වෙන්න ඕනේ. එහෙම වුණොත් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව වාහන ආදායම් බලපත්‍රයක් ලබා ගන්න පුළුවන්

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    නොවැම්බර් 24 සිට බස් ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ අවස්ථාව

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    වාහනයක වර්ණය වෙනස් කරන නීති මොනවද?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක්

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මෝටර් රථ රියදුරන් සඳහා මත්ද්‍රව්‍ය පරීක්ෂාව පිළිබඳ නව රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    අධිවේගයේ යන වාහනවල ආසන පටි පැලඳීම ගැන කැබිනට්ටුවෙන් තීරණයක්

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දකුණු පළාතේ රථවාහන දඩ GovPay හරහා ගෙවීමට ඉඩ

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    අධිවේගී මාර්ගයේ සියලු වාහන සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කළ ගැසට් නිවේදනය

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවන්න අවස්ථාව ලැබෙන දිනය

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මගී ප්‍රවාහන වාහන මාසිකව පරීක්ෂා කිරීම නීතියක් බවට පත් කිරිමේ තීරණයක්

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් WhatsApp අංකයක්

    time
    මිනිත්තු 1 කියවීම
  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback

    රු 4.6M - 5.3M

  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 සමාලෝචනය

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4

    රු 5M - 7.5M

  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback

    රු 25M - 40M

  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback
  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4
  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan

    රු 12M - 13.5M

  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan

    රු 15M - 18M

  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

    රු 17.5M - 19.8M

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!