නැති වුණු හෝ හානි වුණු ආදායම් බලපත්‍රය නැවත හදාගන්නේ කොහොමද?

time
මිනිත්තු 3 කියවීම
feature image
ලංකාවේ වාහනයක් drive කරන්න තියෙන්නම ඕනේ දෙයක් තමයි ආදායම් බලපත්‍රය කියන්නේ. ආදායම් බලපත්‍රය නැතිව අපිට පාරේ වාහනයක් drive කරන්න කිසිම අයිතියක් නැහැ. ඉතින් ඔයාගේ ආදායම් බලපත්‍රය නැති වෙලාද? එහෙමත් නැත්නම් ආදායම් බලපත්‍රයට හානි වෙලාද? අද MotorGuide තුළින් අපි කියන්නේ නැති වුණු හෝ හානි වුණු ආදායම් බලපත්‍රය නැවත හදාගන්නේ කොහොමද කියලා.

වාහන බලපත්‍රයක ඇතුළත් කරුණු

නැති වුණු එහෙමත් නැත්නම් හානි වුණු වාහන බලපත්‍රයක් නැවත ලබා ගන්න කළින් අපි බලමු වාහන බලපත්‍රයක ඇතුළත් වෙන කරුණු මොනවාද කියලා. වාහන බලපත්‍රයක, වාහනයට අදාළ වැදගත් කරුණු කිහිපයක්ම තියෙනවා. ඒවා තමයි, - ආදායම් බලපත්‍රය අවසන් වන දිනය සහ වර්ෂය - වාහනේ මාදිලිය - ආදායම් බලපත්‍රය නිකුත් කරන දිනය - දුම් පරීක්ෂණ සහතිකයේ අංකය - වාහන අංකය බලපත්‍ර අංකය - ආදායම් බලපත්‍රය ආරම්භ වන දිනය - වාහන හිමිකරුගේ නම හා ලිපිනය

වාහන බලපත්‍රය damage වෙන විදි

වාහන බලපත්‍රය damage වෙන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. ඔයා වාහනය service කරද්දී බලපත්‍රය වතුරට තෙමිලා ඉරෙන්න පුළුවන්. වාහන බලපත්‍රය වාහනයේ cabin වල තියපු වෙලාවක මීයන් වැනි සතුන්ට අහු වුණොත් බලපත්‍රය විනාශ වෙනවා. ඒ වගේම වාහනයේ පොඩි ළමයින් යද්දී බලපත්‍රය අහුවුණොත් මේක බේරගන්න තවත් අමාරුයි. මොකද ළමයින්ට මොකක් හරි අහුවුණොත් ඒක ඉරලා දානවා. ඒ වගේම සමහර විට ඔයාගේ අතින් කොහේදී හරි බලපත්‍රය නැති වෙන්නත් පුළුවන්. මෙන්ම මේ දේවල් වලින් තමයි වාහන බලපත්‍රය damage වෙන්නේ. ඉතින් ඔයා වාහනය service කරද්දී වාහන බලපත්‍රය ගැන සැළකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම ළමයින්ට අහුවෙන්නේ නැති තැනක තියා ගන්නත් වග බලා ගන්න ඕනේ.

නැති වුණු හෝ හානි වුණු බලපත්‍රය expire වෙලාද?

නැති වුණ හෝ හානි වුණු වාහන බලපත්‍රයක් නැවත හදද්දී අපි මුලින්ම බලපත්‍රය expire වෙන්නේ කවදා ද කියලා බලන්න ඕනේ. මේ වෙද්දීත් වාහන බලපත්‍රය expire වෙලා නම් වාහන බලපත්‍රය හදන්න ඕනේ අනෙක් අවුරුද්දටයි. ඔයාට වාහන බලපත්‍රයේ expire වෙන්නේ කවදාද කියලා මතක නැත්නම් ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයට ඇමතුමක් ලබා දීලා බලපත්‍රය expire වෙන්නේ කවදාද කියලා බලාගන්න පුළුවන්.

වාහන බලපත්‍රය නැවත ලබා ගන්න අවශ්‍ය කරන ලියකියවිලි

ඔයාගේ ආදායම් බලපත්‍රය නැති වුණාම ඔයාට නැවත ආදායම් බලපත්‍රයක් හදාගන්න ලියකියවිලි කිහිපයක්ම අවශ්‍ය වෙනවා. ඒ අනුව වාහනයේ - ලියාපදිංචි සහතිකය - වාහනයට අදාළ රක්ෂණ සහතිකය - වාහන යෝග්‍යතා සහතිකය - වාහන දුම් පරීක්ෂණ සහතිකය අවශ්‍ය වෙනවා. ඉතින් ඔයා මුලින්ම ආදායම් බලපත්‍රය ලබා ගන්න අවශ්‍ය කරන මේ ලියකියවිලි ටික සුදානම් කරගන්න ඕනේ.

මොකද කරන්න ඕනේ?

ඔයා මුලින්ම කරන්න ඕනේ වාහන බලපත්‍රය නැති වූ බව පොලිස් පැමිණිල්ලක සඳහන් කරන එක. ඊට පස්සේ මේ පොලිස් පැමිණිල්ලයි අනෙක් අවශ්‍ය කරන ලියකියවිලි ටිකයි අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න ඕනේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාට පස්සේ ඔයාට form එකක් ලබා දෙනවා. ඔයා මේ form එක සම්පූර්ණයෙන් නිවැරදිව පුරවන්න ඕනේ. මේ form එකේ ඔයාට පුරවන්න තියෙන්නේ , - වාහනයේ අංකය - වාහනය හිමිකරුගේ නම - වාහනයේ engine අංකය - ආදායම් බලපත්‍රය නැති වූ දිනය - වාහනයේ චැසි අංකය - පැමිණිල්ල සිදු කළ පොලිසිය - පැමිණිලි කළ දිනය - වාහනයේ හිමිකරුගේ නම මේ තොරතුරු නිවැරදිව පුරවලා නැවත ලබා දුන්නාම, ඔයාට නැති වුණු හෝ හානි වුණු ආදායම් බලපත්‍රය වෙනුවට නව ආදායම් බලපත්‍රයක් ලබා ගන්න පුළුවන්. මේ විදිහට තමයි, නැති වුණු හෝ හානි වුණු ආදායම් බලපත්‍ර නැවත ලබා ගන්නේ. ඔයාගේ ආදායම් බලපත්‍රයත් නැති වෙලා නම් අපි අද කියපු දේවල් ගැන අනිවාර්යයෙන්ම සැළකිලිමත් වෙන්න ඕනේ. එහෙම වුණොත් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව වාහන ආදායම් බලපත්‍රයක් ලබා ගන්න පුළුවන්
Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    Seat belts නීති උල්ලංඝනය කිරීම සහ නව අසාධු ලකුණු (Demerit Points) පද්ධතිය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 කොළඹ සහ තදාසන්න නගර සඳහා හඳුන්වාදෙන 'ගාස්තු සහිත කලාප' (Congestion Charging Zones)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දඩ ගෙවීම පහසු කරන Gov Pay

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන ස්මාර්ට් රියදුරු බලපත්‍රවල (Smart DL) ජංගම යෙදුම් (Mobile App) සම්බන්ධතාවය

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මොකද්ද මේ අධිවේගී මාර්ග වල Multi-lane Free Flow කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන බහු-ආකෘති ප්‍රවාහන මධ්‍යස්ථාන සහ නව රථවාහන සංඥා පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අධිවේගී මාර්ගවල පසුපස අසුන් සඳහා අනිවාර්ය වන ආරක්ෂිත පටි රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 සිට ක්‍රියාත්මක වන රියදුරු බලපත්‍ර සඳහා වන නව වෛද්‍ය පරීක්ෂණ සහ දෘෂ්ටි පරීක්ෂණ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන්නන් හඳුනාගැනීමේ නව තාක්ෂණික උපාංග (Drug Detection Kits)

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!