ආලෝක සංඥා ගැන දැනුවත් වෙමු

time
මිනිත්තු 4 කියවීම
feature image

"පාරේ යන එනකොට, ඔබට ඕන තරම් signal light දකින්න ලැබෙනවා. මේ light වලින් කියවෙන්නේ එක එක දේවල්. හැබැයි ඒ හැම දෙයක්ම පාරේ යන එන ඔබට ගොඩක් වැදගත්. ඒත් සමහර අයට නම්, මේ ගැන ඒ තරම් අවබෝධයක් නැහැ. ඔබ ළඟදීම වාහනයක් ගන්න නම් ඉන්නේ, අනිවාර්යයෙන්ම ආලෝක සංඥා ගැන ඉගෙන ගන්න. ඉතින් Motorguide අපි හිතුවා, ආලෝක සංඥා ගැන අද ඔබව දැනුවත් කරන්න.

Signal light තියෙන්නේ මොන වගේ තැන් වලද?

පාරේ තොටේ යනකොට දකින්න ලැබෙන සංඥා වර්ගයක් තමයි, ආලෝක සංඥා නැත්නම් signal light කියන්නේ. කොළඹ, ගම්පහ වගේ ප්‍රදේශ වල නිතරම වගේ signal light බලා ගන්න පුළුවන්. හැබැයි ගොඩක් දුර බැහැර ප්‍රදේශ වල නම් එහෙමටම signal light දකින්න නැහැ. මංසන්ධි වල, පදිකයින් මාරු වෙන ස්ථාන වල වගේම දුම්රිය හරස් මාර්ග තුළ signal light දක්වලා තියෙනවා.

ආලෝක සංඥා වලින් කියවෙන දේ

Signal light ක්‍රියාත්මක වෙන්නේ colors තුනකින්. ඒ තමයි, රතු, කහ, කොළ. මේ colors වලින් යම් විධානයක් දෙනවා. ඒ විධාන වලට ඔබ අවනත වෙන්න ඕනේ. ඒ අවනත වීම තුළින් තමයි, ඉදිරියට ගමන් කරන්න ඕනේ. ඇත්තටම මේ ආලෝක සංඥා තියෙන්නේ, විධිමත්ව හා ආරක්ෂාකාරීව drive කරන්න පහසු වෙන්න.

Red light එක දැල්වෙලා තියෙනකොට, වාහනය නතර කරන්න ඕනේ. Red light එක දැල්වෙලා තියෙනකොටම කහ light එක දැල්වෙන එකෙන් කියන්නේ, ""යාමට සූදානම් වෙන්න"" කියලා. ඒ දෙකම නිවිලා, කොළ light එක දැල් වුණාම අවශ්‍ය දිශාවට යන්න පුළුවන්.

කොළ light එකෙන් පස්සේ දැල් වෙන්නේ, කහ light එක. ඒකෙන් කියන්නේ ""නවතිනු"" කියලා. හැබැයි කහ light එක දැල්වෙනකොට හදිස්සියේ හරි ඔබ නැවතුම් රේඛාව පහු කරලා නම්, ඔබට ඒ සීමාව ඉක්මවා යන්න පුළුවන්. එතනදි ඔබට සුදුසු වේගයක් පවත්වා ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් කහ light එක දැල්වෙන්න කලින් නැවතුම් රේඛාව පහු කරලා නැත්නම්, අනිවාර්යයෙන්ම ඔබ නවතින්න ඕනේ.

කහ light එක නිවි නිවී දැල්වෙනවා නම්, ඒ junction එක ක්‍රියාත්මක වෙන්නේ signal light මඟින් නෙවෙයි. එතන පොලිස් නිලධාරියෙක් හිටියොත් ඔහුගේ අණ තමයි ඔබ පිළිපදින්න ඕනේ. හදිස්සියේ හරි පොලිස් නිලධාරියත් නැත්නම්, නවතිනු රේඛාවට අනුව ක්‍රියාත්මක වෙන්න ඕනේ. අවශ්‍ය මොහොතේ නවතිනු රේඛාවේ ඉඳලා, පාර නිරවුල් වුණාට පස්සේ, අවශ්‍ය දිශාවට යන්න පුළුවන්.

Junction එකක තියෙන signal light වලදී කටයුතු කරන්නේ කොහොමද?

Signal light තුළ drive කරනකොට, නිවැරදි දේ තමයි කරන්න ඕනේ. එහෙම නොකළොත් අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්. නැත්නම් ඔබට දඩයකට යටත් වෙන්නත් ඉඩ තියෙනවා.

සමහර අවස්ථා වලදී signal light එක අසල පොලිස් නිලධාරියෙක් ඉන්න පුළුවන්. Drivers ලා මේ නීතිරීති පිළිපදිනවද, නීතිරීති වලට අනුව කටයුතු කරනවද කියලා බලන්න තමයි පොලිස් නිලධාරියෙක් ඒ තැන් වල ඉන්නේ. හදිස්සියේ හරි ඔබ මේ නීති කඩ කළොත්, දඩයකට යටත් වෙන්නත් සිද්ධ වෙනවා.

වමට හරවන්නේ කොහොමද?

Traffic තියෙන අවස්ථාවකදී, signal light එකෙන් වමට හරවන්න නම්, වාහනය වම් පැත්තට ගන්න ඕනේ. වම් පසට ගන්නකොට, මුලින්ම side mirror එකෙන් බලලා, signal දාන්න ඕනේ. ඒ යනකොට red light එක on වුණොත් වාහනය නතර කර ගන්න ඕනේ. Signal light වලට පහළින් කෙළින්ම තියෙනවා නැවතුම් රේඛාව. මෙතන සුදු රේඛා දෙකක් තමයි තියෙන්නේ. නිසිලෙස signal light එක දැල් වෙනකම් ඒ නැවතුම් රේඛාව ළඟ වාහනය නතර කරන් ඉන්න ඕනේ.

Red light එකට පස්සේ කහ පාට light එක දැල්වෙනවා. එතකොට ඔබ යාමට සූදානම් වෙන්න ඕනේ. ටික වෙලාවකින් කොළ light එක දැල්වෙනවා. එතකොට වම් පසට වාහනය හරවන්න පුළුවන්.

දකුණට හරවන්නේ කොහොමද?

Signal light එකෙන් දකුණු පැත්තට හරවනවා නම්, පාරේ වම් පස භාවිතා කරලා හරියන්නේ නැහැ. වාහනය දකුණු පැත්තට ගන්න ඕනේ. එතකොට side mirrors හොඳින් නිරීක්ෂණය කරන්න. මෙතැනදිත් red light එක දැල් වෙලා තියෙනවා නම්, නැවතුම් රේඛාව ළඟ වාහනය නතර කරගෙන ඉන්න ඕනේ. කහ පාට light එක දැල්වෙනකොට යාමට සූදානම් වෙලා, කොළ light එක දැල් වුණාට පස්සේ, දකුණට හරවන්න පුළුවන්.

ඉදිරියට යන්නේ කොහොමද?

හදිස්සියේ හරි ඔබට signal light එකෙන් ඉදිරියට යන්න ඕන නම්, භාවිතා කරන්න ඕනේ පාරේ මැද. අවශ්‍ය නම් වම් පස භාවිතා කරන්නත් පුළුවන්.

අතුරු මාර්ගයක සිට දකුණට හරවන්නේ කොහොමද?

අතුරු පාරකින් ඇවිත් signal light එකෙන් දකුණට හරවනකොටත්, red light දැල්වෙලා තියෙනවා නම්, නැවතුම් රේඛාවට මෙහායින් වාහනය නතර කර ගන්න ඕනේ. හැබැයි බැරි වෙලාවත් නැවතුම් රේඛාව පහු කරලා වාහනය නවත්වන්න එපා. මොකද ඒකට ඔබට කිසිම අයිතියක් නැහැ. මෙතනදි ආලෝක සංඥා වලට අවනත වෙනවා වගේම පදිකයන් ගැනත් ලොකු අවධානයක් දෙන්න ඕනේ. කහ light එක දැල්වෙලා, ඊට පස්සේ කොළ light එක දැල් වුණාම ඔබට වාහනය දකුණට හරවන්න පුළුවන්.

Lane දෙකක් ඇති විට ඉදිරියට යන්නේ කොහොමද?

ඉදිරියට යනවා නම් ඔබට දකුණු පස lane එක භාවිතා කරන්න පුළුවන්. කොළ light එක දැල් වුණාට පස්සේ, ඉදිරියට යන්න පුළුවන්. Lane දෙකක් තියෙන මාර්ගයක් නිසා, වම් පැත්ත තමයි තෝරාගන්න ඕනේ.

Lane තුනක් තිබුණොත් කොහොමද යන්නේ?

Lane තුනක් තියෙන මාර්ගයක signal light එකෙන් ඉදිරියට යන අවස්ථාවකදී, වම් පැත්තට පාරක් නැත්නම්, වම් පස වගේම අවශ්‍ය නම් පාරේ මැදත් භාවිතා කරන්න පුළුවන්. හදිස්සියේ හරි වම් පැත්තට පාරක් තියෙනවා නම්, ඉදිරියට යන්න ඔබ භාවිතා කරන්න ඕනේ, මැද lane එක.

මේ තමයි, ආලෝක සංඥා ගැන ඔබ දැන ගන්න ඕන දේවල්. Signal light එකකදී ඉදිරියට යන්නේ කොහොමද, වෙනත් දිශාවකට හරවන්නේ කොහොමද කියන දේවල් ගැන හරියටම දැනගෙන හිටියොත් තමයි, කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබට ඔබේ ගමන යන්න පුළුවන් වෙන්න්. ඒ නිසා, අද මේ Article එකෙන් දැන ගත්තු හැම දෙයක්ම හරියට මතක තියාගෙන, ඒ විදිහටම follow කරන්න."

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    Seat belts නීති උල්ලංඝනය කිරීම සහ නව අසාධු ලකුණු (Demerit Points) පද්ධතිය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 කොළඹ සහ තදාසන්න නගර සඳහා හඳුන්වාදෙන 'ගාස්තු සහිත කලාප' (Congestion Charging Zones)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දඩ ගෙවීම පහසු කරන Gov Pay

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන ස්මාර්ට් රියදුරු බලපත්‍රවල (Smart DL) ජංගම යෙදුම් (Mobile App) සම්බන්ධතාවය

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මොකද්ද මේ අධිවේගී මාර්ග වල Multi-lane Free Flow කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන බහු-ආකෘති ප්‍රවාහන මධ්‍යස්ථාන සහ නව රථවාහන සංඥා පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අධිවේගී මාර්ගවල පසුපස අසුන් සඳහා අනිවාර්ය වන ආරක්ෂිත පටි රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 සිට ක්‍රියාත්මක වන රියදුරු බලපත්‍ර සඳහා වන නව වෛද්‍ය පරීක්ෂණ සහ දෘෂ්ටි පරීක්ෂණ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන්නන් හඳුනාගැනීමේ නව තාක්ෂණික උපාංග (Drug Detection Kits)

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!