ආදායම් බලපත්‍රය දවස් 3න් ගෙදරටම ගෙන්න ගමු

time
මිනිත්තු 3 කියවීම
feature image
වාහන ආදායම් බලපත්‍රය නිකුත් කරන්නෙ අවුරුද්දක කාල සීමාවකට. ඒ කාල සීමාව ඉකුත් වුණාම අපි අනිවාර්යයෙන්ම ආදායම් බලපත්‍රය අළුත් කරගන්න ඕනෙ. වාහන ආදායම් බලපත්‍රය අළුත් කරනකොට ගොඩක් දෙනෙකුට වෙන දෙයක් තමයි, පරණ එකේ අන්තිම දවස වෙනකම් ඉන්නව අළුත් එක ගන්න, හැබැයි මොකක් හරි හේතුවක් නිසා අළුත් වාහන ආදායම් බලපත්‍රය නියමිත දවසට ගන්න බැරි වෙනවා. ඊට පස්සෙ හදිසියකට හරි වාහනේ පාරට දාපු ගමන්ම පොලිසියෙන් අල්ලනවා. ඉතින් මෙහෙම වෙන්න ලොකුම හේතුව තමයි ආදායම් බලපත්‍රය ගන්න යන්න වෙලාවක් නැතිකම. හැබැයි අද MotorGuide අපි කියලා දෙන්නම් රස්තියාදු වෙන්නේ නැතුව ගෙදර ඉඳල online ආදායම් බලපත්‍රය ගෙදරටම ගෙන්න ගන්නේ කොහොමද කියලා.

අවශ්‍ය දේවල්

- වාහනේ දුම් සහතිකය (මාස 6ක් ඇතුලත) - වාහනේ රක්ෂණ සහතිකය - පරණ වාහන බලපත්‍ර අංකය - වාහන අංකය සහ චැසි අංකය

Online සේවාව ලබා ගත හැකි රක්ෂණ සමාගම්

ඉල්ලුම් පත්‍රය සැකසුම් කිරීමට පෙර, කරුණාකර පහත දැක්වෙන සමාගමකින් ලබාගත් වලංගු රක්ෂණ සහතිකයක් සහ වාහන විමෝචන සහතිකයක් ඔබ සතුබව සහතික කර ගන්න ඕනේ.

රක්ෂණ සේවාවන්

- Amana Takaful PLC - AIA General Insurance Lanka Limited - Ceylinco Insurance PLC - Fairfirst Insurance Limited - HNB General Insurance LTD - Janashakthi General Insurance Limited - Sri Lanka Insurance Corporation - Allianz Insurance Lanka Ltd - Continental Insurance Lanka Limited - MBSL Insurance Company Limited - Peoples Insurance Limited - Orient Insurance Ltd - LOLC Insurance Company Limited - Co-operative Insurance Company Ltd - Sanasa Insurance Company Limited - National Insurance Trust Fund වාහන විමෝචන සහතික සේවාවන් - Clean Co Lanka (Pvt) Ltd - LAUGFS Eco Sri (Pvt) Ltd

කොහොමද apply කරන්නේ?

- මුලින්ම www.motortraffic.wp.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. - ආදායම් බලපත්‍රය ලබා ගැනීම සඳහා ඇති icon එක click කරන්න. - Login icon එක click කරන්න. - Google account එකක් මඟින් log වෙන්න. - "නව ආදායම් බලපත්‍රය" හෝ "නැවත අලුත් කිරීම" යන්න නිවැරදිව තෝරා ගන්න. - නිවැරදි පළාත තෝරන්න - වාහනය අංකය ඇතුල් කරන්න. - චැසි අංකය සහ අවසාන ආදායම් බලපත්‍ර අංකය ඇතුල් කරන්න. - තිරයේ දිස් වන අයිතිකරුගේ නම සහ ලිපිනය නිවැරදි දැයි පරීක්ෂා කරන්න. - ලිපිනය නිවැරදි නොවේ නම් online ක්‍රමයට අයදුම් නොකරන්න. - අදාළ රක්ෂණ සමාගම සහ දුම් පරීක්ෂණ ආයතනය තෝරා ඉදිරියෙන් ඇති 'Validate' icon එක click කරන්න. - ගෙවීම් කිරීමේ වෙබ් පිටුව open වී ඉන්පසුව ගෙවීමට ඇති මුදල තිරයේ දිස් වනු ඇත. - නිවැරදි ගෙවීම් ක්‍රමය තෝරා ගන්න (Amex/Paycrop) - ගෙවීම් පද්ධතිය මඟින් ලබා දෙන උපදෙස් අනුගමනය කරන්න. - තාවකාලික ආදායම් බලපත්‍රය තිරයේ දිස් වන අතර, ඔබ log වූ google ගිණුම වෙත එහි පිටපතක් යොමු වනු ඇත. - ආදායම් බලපත්‍රයේ මුල් පිටපත, වාහන ලියාපදිංචි ලේඛනයේ නම සඳහන් අයිතිකරුගේ ලිපිනය වෙත අධිවේගී තැපැල් සේවය මඟින් යොමු කරනු ඇත. ඉතින් මේ විදිහට තමයි ලේසියෙන්ම ගෙදර ඉඳලා වාහන ආදායම් බලපත්‍රය ලබා ගන්නේ. ඔබට මෙම සේවාව භාවිතයෙන් මෝටර් රථ, මෝටර් සයිකල්, ද්විත්ව කාර්ය වාහන, ඉඩම් වාහන, ත්‍රිරෝද රථ, A-Z මෝටර් රථ ආදායම් බලපත්‍ර අලුත් කර ගන්න පුළුවන්. නමුත් අනෙක් සියලු වාහන සඳහා, ඔබට පහසු ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට පිවිසෙන්න සිදු වෙනවා.
Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    Seat belts නීති උල්ලංඝනය කිරීම සහ නව අසාධු ලකුණු (Demerit Points) පද්ධතිය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 කොළඹ සහ තදාසන්න නගර සඳහා හඳුන්වාදෙන 'ගාස්තු සහිත කලාප' (Congestion Charging Zones)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දඩ ගෙවීම පහසු කරන Gov Pay

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන ස්මාර්ට් රියදුරු බලපත්‍රවල (Smart DL) ජංගම යෙදුම් (Mobile App) සම්බන්ධතාවය

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මොකද්ද මේ අධිවේගී මාර්ග වල Multi-lane Free Flow කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන බහු-ආකෘති ප්‍රවාහන මධ්‍යස්ථාන සහ නව රථවාහන සංඥා පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අධිවේගී මාර්ගවල පසුපස අසුන් සඳහා අනිවාර්ය වන ආරක්ෂිත පටි රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 සිට ක්‍රියාත්මක වන රියදුරු බලපත්‍ර සඳහා වන නව වෛද්‍ය පරීක්ෂණ සහ දෘෂ්ටි පරීක්ෂණ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන්නන් හඳුනාගැනීමේ නව තාක්ෂණික උපාංග (Drug Detection Kits)

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!