අවුරුදු 17න් ලයිසන් එක ගමු

time
මිනිත්තු 5 කියවීම
feature image

මං ගන්නවා සුපිරි වාහනයක්' ඔබත් මේ විදිහට අනන්තවත් හිතලා ඇති. එහෙම හිතන්න වයසක් අදාළ නැහැ. හැබැයි වාහනයක් drive කරන්න නම්, වයස අදාළයි. ඒකට ඔබ ළඟ අනිවාර්යයෙන් තියෙන්න ඕන දෙයක් තමයි, driving licence එක. එහෙනම් අවුරුදු 17 න් licence එක ගමුද? ඒ කොහොමද කියලා MotorGuide අපි, අද ඔබට කියන්නම්.

ලයිසන් එකක් ගන්න, වයස වැදගත්ද?

වාහනයක් ගන්න පොඩි කාලෙ ඉඳලා හීන දැක්කට, ආවට ගියාට වාහනයක් drive කරන්න බැහැ. ඒකට ඔබ ළඟ අනිවාර්යයෙන්ම driving licence එක තියෙන්න ඕනේ. මේ driving licence එක ඔබ ළඟ තියෙනවා කියන්නේ, ඔබ licenced driver කෙනෙක්. ඒ කියන්නේ, ඔබට ඕනම පාරක වාහනයක් drive කරන්න අයිතිය තියෙනවා කියන එක. High speed ගිහින් හරි, ඒ වගේ වෙනත් හේතුවකට හරි ඔබ පොලීසියට අසු වුණොත්, ඔවුන් මුලින්ම ඉල්ලන්නේ, ඔබේ driving licence එක. එහෙම වෙලාවට, ඔබ ළඟ licence එක නැත්නම්, තිබුණත් ඒක expire වෙලා නම්, ඔබට එක එක ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා, licence එක අනිවාර්යයෙන් වැදගත්. මේක නැතුව ඔබට පොදු මාර්ග වල වාහනයක් drive කරන්න කිසිම අයිතියක් නැහැ.

Licence එක ලබා ගන්න යම් වයස් සීමාවක් තියෙනවා. ඔබට වයස අවුරුදු 17 සම්පූර්ණ වෙලා තියෙනවා නම්, අනිවාර්යයෙන් driving licence එකට apply කරන්න පුළුවන්.

ලයිසන් එක ගන්න අවශ්‍ය වෙන්නේ මොනවද?

ID එක හෝ Passport එක

Licence එක ගන්න නම්, ඔබේ Original ID එක අනිවාර්යයෙන්ම ඕනේ. එහෙම නැත්නම් ඔබට Passport එක use කරන්නත් පුළුවන්. මේ දෙකම නැත්නම්, ඒ ගැන පොලීසියට complain කරලා, complain copy එකක් අරගෙන licence එක ලබා ගන්න බැහැ. අනිවාර්යයෙන් Original ID එක හෝ Passport එක ඔබ සතුව තියෙන්න ඕනේ.

Original birth certificate එක

ඔබ ළඟ තියෙන Original birth certificate එකේ, වම් පැත්තේ ඉහළ කෙළවරේ 'නොමිලයේ නිකුත් කරන ලදි' කියලා තියෙනවා නම්, ඒක driving licence එක ලබා ගන්න වලංගු වෙන්නේ නැහැ. එතනදි ඔබේ ප්‍රදේශයේ AG office (ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය) එකට යම් මුදලක් ගෙවලා, දම් පාට seal එකක් සහිත ඔබේ Original birth certificate එක ලබා ගන්න පුළුවන්. මේක තමයි, මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් භාර ගන්නේ.

Medical report එක

Licence එක ලබා ගන්න අවශ්‍ය කරන තව දෙයක් තමයි, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මඟින් නිකුත් කරන medical report එක. මේක ලබා ගන්න කලින්, සාමාන්‍යයෙන් ඔබේ ඇස් පෙනීම ගැන, හෘද ස්පන්දන මට්ටම ගැන සහ අතේ ඇඟිලි වල, දණහිස් වල ක්‍රියාකාරීත්වය ගැන වැඩි අවධානයක් දෙන්න ඕනේ. ඒ දේවල් ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, doctor කෙනෙක්ගේ පූර්ව නිගමනය යටතේ ඒකට පෙනී ඉන්නවා නම් ගොඩක් හොඳයි. එතකොට ඔබට කිසිම අපහසුතාවයක් නැතුව medical report එක ලබා ගන්න පුළුවන්.

මෙතනදී ඔබ තව දෙයක් මතක තියාගන්න ඕනේ. ඒ තමයි, ඔබ licence එකට apply කරනකොට, ID එකේ තියෙන adrress එක නැතුව වෙනත් adrress එකක් driving licence එකට add කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, ඒ adrress එකේ ඔබ පදිංචි බව සනාථ කරලා ග්‍රාම සේවක සහතිකයක් ඉදිරිපත් කරන්න ඕනේ.

ලයිසන් එක ගන්නේ කොහෙන්ද?

අපි මේ කියපු ලියකියවිලි සියල්ලම නිවැරදිව හදාගත්තට පස්සේ, ඔබට පුළුවන් licence එකට apply කරන්න. මේකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි, මෝටර් රථ දෙපාර්තමේන්තුවට apply කිරීම. අනිත් එක, learners එකක් හරහා apply කිරීම.

Learners එකක් හරහා apply කිරීම

ඔබ ළඟ වාහනයක් නැත්නම්, යම් රියදුරු පුහුණුවක් ලබලත් නැත්නම්, ඔබට පුළුවන්, learners එකක් හරහා apply කරන්න. ඒ කියන්නේ, ඔබේ ප්‍රදේශයේ නැත්නම් ඔබේ දිස්ත්‍රික්කයේ, හොඳම රියදුරු පාසලට ගිහින් licence එක ගන්න apply කරන්න පුළුවන්. එතකොට ඔවුන් ඉල්ලන ලියකියවිලි ගිහින් දෙන්න ඕනේ. රියදුරු පාසල විසින් ඒ ලියකියවිලි මෝටර් රථ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ, ඔවුන් ඔබට රියදුරු පුහුණුව සඳහා යනකොට ළඟ තියාගන්න කාඩ් එකක් ලබා දෙනවා. එදිනම ලිඛිත පරීක්ෂණයටත් දිනයක් ලබා දෙනවා. මේ exam එකට ලබා දෙන්නේ, mcq paper (බහුවරණ paper) එකක්. සාමාන්‍යයෙන් ඒකෙ අහන්නේ, මාර්ග සංඥා, මංසන්ධි නීති වගේ දේවල් ගැන. මේ exam එක pass වෙන්න නම්, paper එකේ තියෙන mcq 40 න් 30 ක් හරියන්නම ඕනේ. ඒක pass වුණාම එදිනම රියදුරු පුහුණු වීමේ බලපත්‍රය නැත්නම් L board එක ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ, ඔබ drive කරන්න practice වෙනකොට, ඒ වාහනයේ L board එක ගහගෙන යන්නම ඕනේ. ඔබට ලැබෙන මේ L permit එකේ ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී ඉන්න ඕන දිනය සඳහන් කරලා තියෙනවා. ඒ සඳහා පුහුණු වෙන්න සාමාන්‍යයෙන් ඔබට මාස තුනක කාලයක් හම්බ වෙනවා.

මේ පුහුණුව learners එකෙන් හරියටම කෙරෙනවා. ඒ පරීක්ෂණයත් හරියටම pass වුණොත්, ඔබට තාවකාලික රියදුරු බලපත්‍රය ලැබෙනවා. මේක වලංගු වෙන්නේ මාස හයක් වගේ කාලයක් විතරයි. හැබැයි මාස දෙකක් වගේ කාලයක් ඇතුළත තැපෑලෙන් ඔබේ driving licence එක ගෙදරටම එනවා. ඔබ මේ ප්‍රයෝගික පරීක්ෂණය fail වුණත්, නැවතත් රියදුරු පාසල හරහාම apply කරන්න පුළුවන්.

හැබැයි ඔබ අවුරුදු 17 ක කෙනෙක් නම්, ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී ඉන්න පුළුවන්, අවුරුදු 18 සම්පූර්ණ වුණාට පස්සේ. ඒ වෙනකං ඔබට drive කරන්න practice වෙන්න පුළුවන්.

මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් apply කිරීම

ඔබ ළඟ වාහනයක් තියෙනවා නම්, නැත්නම් ඔබ යම් රියදුරු පුහුණුවක් ලබලා තියෙනවා නම්, පුද්ගලික අයදුම්කරුවෙක් විදිහට, මෝටර් රථ දෙපාර්තමේන්තුවට ගිහින් licence එකට apply කරන්න පුළුවන්. මෙතනදිත් අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කළාම, ලිඛිත පරීක්ෂණයට පෙනී ඉන්න දිනයක් දෙනවා. ඒක pass වුණාම L board එක ලැබෙනවා. මෙතනදිත් ක්‍රියාත්මක වෙන්නේ, learners එකක් හරහා apply කරනකොට වෙන process එකම තමයි. හැබැයි, ඔබට ප්‍රයෝගික පරීක්ෂණයට අවශ්‍ය පුහුණුව ලබා ගන්න වෙන්නේ තනිවම. ඒකට මෝටර් රථ දෙපාර්තමේන්තුව සම්බන්ධ වෙන්නේ නැහැ.

ඉතින් මේ විදිහට තමයි, වාහනයක් තියෙන, නැත්නම් වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ, driving licence එක ලබා ගන්න ඕනේ. වාහනයක් drive නොකළත්, එහෙම හීනයක් තියෙන ඔබටත් පුළුවන්, අවුරුදු 17 න් licence එක ගන්න. ඉතින් ඒකට මතක ඇතුව අපි අද කියපු steps අනිවාර්යයෙන්ම follow කරන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    Seat belts නීති උල්ලංඝනය කිරීම සහ නව අසාධු ලකුණු (Demerit Points) පද්ධතිය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 කොළඹ සහ තදාසන්න නගර සඳහා හඳුන්වාදෙන 'ගාස්තු සහිත කලාප' (Congestion Charging Zones)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දඩ ගෙවීම පහසු කරන Gov Pay

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන ස්මාර්ට් රියදුරු බලපත්‍රවල (Smart DL) ජංගම යෙදුම් (Mobile App) සම්බන්ධතාවය

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මොකද්ද මේ අධිවේගී මාර්ග වල Multi-lane Free Flow කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන බහු-ආකෘති ප්‍රවාහන මධ්‍යස්ථාන සහ නව රථවාහන සංඥා පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අධිවේගී මාර්ගවල පසුපස අසුන් සඳහා අනිවාර්ය වන ආරක්ෂිත පටි රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 සිට ක්‍රියාත්මක වන රියදුරු බලපත්‍ර සඳහා වන නව වෛද්‍ය පරීක්ෂණ සහ දෘෂ්ටි පරීක්ෂණ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන්නන් හඳුනාගැනීමේ නව තාක්ෂණික උපාංග (Drug Detection Kits)

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!