ආබාධිත අයට රියදුරු බලපත්‍රය ලබා ගත හැකි ක්‍රමවේදය

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයක් drive කරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒ නිසාම තමයි රියදුරු බලපත්‍රය ලබා දෙන්න කලින් ලිඛිත පරීක්ෂණයක්, ප්‍රායෝගික පරීක්ෂණයක් වගේම ශාරීරික පරීක්ෂණයක් සිදු කරන්නේ. ඉතින් මේ ශාරීරික පරීක්ෂණය හරහා ආබාධ සහිත පුද්ගලයින් හඳුනාගැනීම සිදු වෙනවා. යම් කාල සීමාවකට පෙර නම් අබාධිත පුද්ගලයින්ට රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. නමුත් මේ වන විට ආබාධිත අයට රියදුරු බලපත්‍රය ලබා ගත හැකි ක්‍රමවේදයක් සකස් කරමින් පවතිනවා. අද MotorGuide අපි ඔබට කියන්නේ ඒ ගැන.

කොහොමද රියදුරු බලපත්‍රය ගන්නේ?

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ ආබාධිත පුද්ගලයින්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ නව ක්‍රමවේදයක් සකස් කර තිබෙන බවයි. ඉතින් මෙතනදී ආබාධිත පුද්ගලයකුට පවතින ආබාධිත තත්ත්වය මත, තමන් ඉල්ලුම් කළ වාහනය ධාවනය කිරීම සඳහා නිසි ශාරීරික යෝග්‍යතාවක් තිබෙනවාද යන්න මූලික පරීක්ෂාවක් කමිටුවක් හරහා සිදු වෙනවා.

මෙතනදී ප්‍රායෝගිකව පරීක්ෂා කරන්නේ අදාළ වාහනයේ අංගෝපාංග භාවිතය වෙනුවෙන් පවතින ආබාධිත තත්ත්වය බාධාවක් ද යන්න පිළිබඳවයි.

ඉතින් අදාළ පුද්ගලයාට තියෙන අබාධිත තත්වය වාහනය drive කිරීමට බාධවක් නොවන බව කමිටුව නිර්දේශ කරන්නේ නම් සාමාන්‍ය ක්‍රමවේදය යට‍තේ රියදුරු බලපත්‍ර ලබා ගන්න පුළුවන්.

වැඩි විස්තර මොනවද?

මේ විදිහට මූලික පරීක්ෂණය සමත් වුණාට පස්සෙ ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටිමට අදාළ පුද්ගලයාට පුළුවන්. මේ වෙනකොට ඒ සඳහා විශේෂ කමිටුවක් පවා පත් කරලා තියෙනවා.

එම කමිටුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයෙක්, ප්‍රධාන මෝටර් ප්‍රවාහන පරීක්ෂකවරයෙක් සහ වෛද්‍යවරයකුගෙන් සමන්විත වෙනවා.

ආබාධ තත්වය මොකක්ද?

ආබාධිත තත්ත්වයන් යටතේ වුවද ඔටෝ ගියර් පද්ධති සහිත වාහන පැදවීමේ හැකියාව බොහෝ පිරිසකට තිබෙන බවත් ඔවුන්ට වාණිජ නොවන කාණ්ඩය යටතේ රියැදුරු බලපත්‍රයක් ලබා දීම කෙරෙහි අවධානය යොමුව තිබෙන බවයි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන්නේ.

ඉතින් මේ අනුව අස්ථි, මස්පිඬු සහ ස්නායු ආබාධ පවතින ඕනෑම ආබාධිතයෙකුට වාහනයක් පැදවිය හැකි නම් එම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත සාමාන්‍ය රියදුරු බලපත්‍රය නිකුත් කිරීම සිදු කරනවා.

ආබාධිතයන් සඳහා මීට පෙර රියදුරු බලපත්‍ර නිකුත් කෙරුණේ ඔවුන් වෙනුවෙන් විශේෂයෙන් සැකසුණු වාහන සඳහා පමණයි.

පොදු අවශ්‍යතා

  • අයදුම්කරු පෞද්ගලිකවම පැමිණිය යුතුයි.
  • ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආ යුතුයි.
  • මාර්ග ගත ක්‍රමය භාවිතා වන කාර්යාල වලින් සේවය ලබාගැනීමේදී ඡායාරූප රැගෙන ඒම අවශ්‍ය නොවන අතර පරිගණක ක්‍රියාවලියේදී අදාළ ඡායාරූප ලබා ගැනීම සිදු වෙනවා.
  • මාර්ග අපගත ක්‍රමය භාවිතා වන කාර්යාල සඳහා පාස්පෝට් ප්‍රමාණයේ ලා පැහැති පසුබිම සහිත කළු සුදු ඡායාරූප 02 ක් අවශ්‍යයි.

නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම

  • වයස අවුරුදු 17 සම්පුර්ණ වී ඇත්නම් ලියාපදිංචි වී ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය හැකියි.
  • ලිඛිත පරීක්ෂණයෙන් සමත් වුවහොත් උපරිම මාස 18 දක්වා පුහුණුවන්නන්ගේ අවසර පත්‍රයක් (Learner's Permit) නිකුත් කිරීම සිදු වෙනවා.
  • එම අවසර පත්‍රය දරන්නෙකුට රිය පැදවීමට පුහුණු විය හැකයි.
  • ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටීමට වයස අවුරුදු 18 සම්පුර්ණ විය යුතු අතර පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 03 ක් සම්පුර්ණ වී තිබිය යුතුයි.
  • ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් සමත් විය යුතුයි.
  • පරීක්ෂණය සඳහා නොපැමිණි අවස්ථාවන්ද ඇතුළුව ලිඛිත පරීක්ෂණ සඳහා උපරිම අවස්ථා 03 හා ප්‍රායෝගික පරීක්ෂණය සඳහා උපරිම අවස්ථා 04 ක් ද හිමිවෙනවා.
  • එම කාලය තුළ සමත් වුයේ නොහැකි නම් අයදුම්පත අවලංගු වීම සිදු වෙනවා.

අවශ්‍ය ලියකිවිලි

  • ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය.
  • උප්පැන්න සහතිකයේ මුල් පිටපත.

මෙහිදී අදාල රෙජිස්ට්‍රාර් කොට්ඨාශයේ ලියාපදිංචි කරන ලද උප්පැන්න සහතිකය ඉදිරිපත් කළ යුතුයි. එහි ඡායා පිටපතක් හෝ වෛද්‍ය රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරන ලද පිටපත හෝ නොමිලේ නිකුත් කරන ලද පිටපත හෝ ඉංශ්‍රිසි පරිවර්තන හෝ උප්පැන්න සහතිකයේ උපුටා ගත් සටහන ප්‍රමාණවත් නොවේ.

  • ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ මාස 06 කට නොවැඩි කාලයක් තුළදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
  • විදේශිකයෙකු නම් විදේශ ගමන් බලපත්‍රය සහ අයදුම්කරන දින සිට ඉදිරියට මාස 06 කට නොඅඩු වීසා බලපත්‍රය.

ඉතින් මේ විදිහට තමයි ආබාධිත අයට රියදුරු බලපත්‍රය ලබා ගන්න පුළුවන්. ඔබත් යම් සුළු ආබාධයක් නිසා මේ වෙන තෙක් රියදුරු බලපත්‍රය ලබා නොගෙන සිටිය අයෙක් නම් මෝටර් රථ දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වී ඔබගේ රියදුරු බලපත්‍රය ලබා ගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    Seat belts නීති උල්ලංඝනය කිරීම සහ නව අසාධු ලකුණු (Demerit Points) පද්ධතිය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 කොළඹ සහ තදාසන්න නගර සඳහා හඳුන්වාදෙන 'ගාස්තු සහිත කලාප' (Congestion Charging Zones)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දඩ ගෙවීම පහසු කරන Gov Pay

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන ස්මාර්ට් රියදුරු බලපත්‍රවල (Smart DL) ජංගම යෙදුම් (Mobile App) සම්බන්ධතාවය

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මොකද්ද මේ අධිවේගී මාර්ග වල Multi-lane Free Flow කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන බහු-ආකෘති ප්‍රවාහන මධ්‍යස්ථාන සහ නව රථවාහන සංඥා පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අධිවේගී මාර්ගවල පසුපස අසුන් සඳහා අනිවාර්ය වන ආරක්ෂිත පටි රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 සිට ක්‍රියාත්මක වන රියදුරු බලපත්‍ර සඳහා වන නව වෛද්‍ය පරීක්ෂණ සහ දෘෂ්ටි පරීක්ෂණ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන්නන් හඳුනාගැනීමේ නව තාක්ෂණික උපාංග (Drug Detection Kits)

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 මැයි මස සිට ක්‍රියාත්මක වන ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!