License එක අලුත් කරන අලුත්ම විදිහ

time
මිනිත්තු 4 කියවීම
feature image

ඉස්සර ගන්න driving license එක මුළු ජීවිත කාලයටම වලංගුයි. හැබැයි 2009න් පස්සේ හැම driving license එකම අවුරුදු 8න් 8ට අලුත් කරන්න ඕනේ. මේක ටිකක් කරදරකාරී වැඩක් වුණත් ශ්‍රී ලංකාවේ නීතියට අනුව පාරේ වාහනයක් drive කරන්න නම් අනිවාර්යයෙන්ම වලංගු රියදුරු බලපත්‍රයක් තියෙන්නම ඕනේ.

හැබැයි දැන් ඉස්සර වගේ පෝලිමේ ඉන්නේ නැතුව ලේසියෙන්ම driving license එක අලුත් කරගන්න පුලුවන්. අද Motorguide අපි ඔබට කියන්නේ ඒ ගැන.

අවශ්‍ය ලියකියවිලි

ගොඩක් දෙනෙක්ගේ වැරදි මතයක් තියෙනවා රියදුරු බලපත්‍රයක් අලුත් කරගන්න යනකොට ග්‍රාම නිලධාරි සහතිකයක්, passport size photo එකක්, උප්පැන්න සහතිකයක් ඕනේ වගේ දේවල්. හැබැයි අද මම කියන්න යන අලුත් ක්‍රමේට මේ කිසිම දෙයක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ driving license එක අලුත් කරන්න අපිට අවශ්‍ය වෙන්නේ,

  • කල් ඉකුත් වුණු driving license එක
  • අනන්‍යතාවය තහවුරු කරන්න වලංගු, පැහැදිලි ජාතික හැඳුනුම්පත හෝ විදෙස් ගමන් බලපත්‍රය
  • ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයයෙන් මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය

කොහෙටද යන්න ඕනේ ?

Driving license එක අලුත් කරගන්න නම් අපි යන්න ඕනේ ප්‍රධාන ආයතන දෙකක් තියෙනවා. මුලින්ම medical report එක ගන්න ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට යන්න ඕනේ. දෙවනුව අපි ලබා ගත්ත medical එක, පැරණි රියදුරු බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත අරගෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයකට යන්න ඕනේ.

Medical එක ගමු

රියදුරු බලපත්‍රය අලුත් කරන්න අවශ්‍ය medical එක ගන්න හොඳම විදිහ තමයි ඔයාට ළඟම තියෙන national transport medical institute එකට යන එක. හැබැයි එතනට යන්න කලින් online appointment එකක් දාලා ගියොත් රස්තියාදුවක් වෙන්නේ නැතුව ඉක්මනින්ම වැඩේ කරගන්න පුලුවන්.

ඒ වගේම medical එක ලබා ගන්න කලින්, සාමාන්‍යයෙන් ඔබේ ඇස් පෙනීම ගැන, හෘද ස්පන්දන මට්ටම ගැන සහ අතේ ඇඟිලි වල, දණහිස් වල ක්‍රියාකාරීත්වය ගැන වැඩි අවධානයක් දෙන්න ඕනේ. ඒ දේවල් ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, doctor කෙනෙක්ගේ පූර්ව නිගමනය යටතේ ඒකට පෙනී ඉන්නවා නම් ගොඩක් හොඳයි. එතකොට කිසිම අපහසුතාවයක් නැතුව medical report එක ලබා ගන්න පුලුවන්.

Medical එක ගත්තට පස්සේ

Medical එක ගත්තට පස්සේ ඔයා කරන්න ඕනේ ඊළඟ වැඩේ තමයි medical report එක, පරණ රියදුරු බලපත්‍රය, අනන්‍යතාවය තහවුරු කරන්න ජාතික හැදුනුම්පත හෝ passport එක අරගෙන ළඟම තියෙන දිස්ත්‍රික් මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලයකට ගිහින් රියදුරු බලපත්‍රය අලුත් කරගන්න.

ඉස්සර වගේ රියදුරු බලපත්‍රය ගන්න appointments ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සඳහා වැඩි විස්තර ළඟම දිස්ත්‍රික් මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලයකින් දැනගන්න පුලුවන්. පහත link එක හරහා ඔබට ළඟම දිස්ත්‍රික් මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලය පිළිබඳව විස්තර ලබා ගන්න පුලුවන්.

https://dmt.gov.lk/index.php?option=com_content&view=article&id=19&Itemid=138&lang=en#werahera-and-districts-offices

මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලයට ගියාට පස්සේ

අපි දැන් බලමු මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලයට ගියාට පස්සේ මොකක්ද කරන්න ඕනේ කියලා. මේකට සාමාන්‍යයෙන් ටිකක් වෙලා පෝලිමේ නම් ඉන්න වෙනවා. හැබැයි පැය 2ක් වගේ කාලයක් යනකොට ඔක්කොම වැඩ ටික ඉවර කරලා අලුත් රියදුරු බලපත්‍රය ඔයාගේ අතටම ගන්න පුලුවන්. රියදුරු බලපත්‍රය අලුත් කර ගැනීම සම්බන්ධයෙන් කවුන්ටර් තුනකට යන්න ඕනේ.

පළමු කවුන්ටර් එක

පළමු කවුන්ටර් එකට ගියාම ඔයාගේ medical එක, පරණ රියදුරු බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ photo එකක්, finger print එක සහ අත්සන ලබා ගැනීම සිදු කරනවා. ඊට පස්සේ ඔයාගේ photo එක සහිත printed application form එකක් එතනින් ඔයාට ලබා දෙනවා.

ඔයාට ලැබෙන application form එකේ a, b, c, d, e සහ f කියලා කොටස් 6ක් තියෙනවා. මේ form එක හරියටම fill කළාට පස්සේ ඔයාට පුලුවන් දෙවෙනි counter එකට යන්න.

දෙවනි සහ තුන්වෙනි කවුන්ටර් එක

දෙවනි කවුන්ටර් එකේදී වෙන්නේ ඔයාගේ විස්තර පරිගණක ගත කරන එක. ඊට පස්සේ ඔයා account section එකට යන්න ඕනේ. මෙතනට තමයි කල් ඉකුත් වුණු license එක වෙනුවෙන් ලබා ගන්නා අලුත් ලයිසන් එකට මුදල් ගෙවන්න ඕනේ. මුදල් ගෙවීමෙන් පස්සේ ඔයාගේ පරණ driving license එක punch කිරීම සිදු කරනවා. ඊට පස්සේ ඔයාගේ නමට අලුත් driving license එක ලබා දෙනවා. හැබැයි මේ දවස් වල තියෙන cards හිඟකම නිසා A4 size කොළයක තමයි රියදුරු බලපත්‍රය print කරලා දෙන්නේ. ඒක අවුරුද්දක කාලයක් වලංගු වෙනවා.

මේ විදිහට තමයි අලුත්ම ක්‍රමයට ලේසියෙන්ම රියදුරු බලපත්‍රය ලබා ගන්නේ. ඔයාගෙත් රියදුරු බලපත්‍රය අලුත් කරගන්න ඕනේ නම් Motorguide අපි කිව්ව steps ටික follow කරන්න. එතකොට රස්තියාදු වෙන්නේ නැතුව ලේසියෙන්ම එක දවසින් වැඩ ටික ඉවර කරගන්න පුලුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    රථවාහන වැරදි සඳහා රියදුරු අකුසලතා ලකුණු ක්‍රමවේදය (DEMERIT POINTS SYSTEM) හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය ඇරඹේ

    time
    මිනිත්තු 2 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    Seat belts නීති උල්ලංඝනය කිරීම සහ නව අසාධු ලකුණු (Demerit Points) පද්ධතිය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 කොළඹ සහ තදාසන්න නගර සඳහා හඳුන්වාදෙන 'ගාස්තු සහිත කලාප' (Congestion Charging Zones)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දඩ ගෙවීම පහසු කරන Gov Pay

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන ස්මාර්ට් රියදුරු බලපත්‍රවල (Smart DL) ජංගම යෙදුම් (Mobile App) සම්බන්ධතාවය

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මොකද්ද මේ අධිවේගී මාර්ග වල Multi-lane Free Flow කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන බහු-ආකෘති ප්‍රවාහන මධ්‍යස්ථාන සහ නව රථවාහන සංඥා පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අධිවේගී මාර්ගවල පසුපස අසුන් සඳහා අනිවාර්ය වන ආරක්ෂිත පටි රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 සිට ක්‍රියාත්මක වන රියදුරු බලපත්‍ර සඳහා වන නව වෛද්‍ය පරීක්ෂණ සහ දෘෂ්ටි පරීක්ෂණ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

  • Suzuki Swift ZXi+ AGS 2025

    Hatchback

    රු 10M - 12.5M

  • Suzuki Baleno Alpha 2025

    Hatchback

    රු 10.7M - 11.5M

  • BYD Sealion 8 DM-p 2026

    SUV

    රු 34.8M - 35M

  • Renault Triber Emotion Easy-R AMT 2025

    Compact MPV

    රු 8.5M - 11M

  • GWM Tank 500 HEV 2026

    SUV

    රු 43M - 43.7M

  • Hyundai Santa Fe Hybrid Calligraphy 2026

    SUV

    රු 37.9M - 40M

  • Kia Sorento Hybrid SX Tech Pack 2026

    SUV

    රු 34.5M - 38.8M

  • Chery Tiggo 9 PHEV 2026

    SUV

    රු 28.8M - 32.7M

  • BYD SEALION 8 Dynamic DM-i 2026

    SUV

    රු 29.9M - 31.5M

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

නවතම බයික් සමාලෝචන

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!