ඔබ දැනගත යුතුම මාර්ග සංඥා

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයක් පාරේ drive කරන්න ඕනේ ගොඩක් සැලකිලිමත් විදිහට. මොකද අපරික්ෂාකාරී විදිහට වාහනය drive කරන එකෙන් ඔබට වගේම පාරේ ගමන් කරන අනිත් පුද්ගලයන්ටත් අනතුරු සිදු වෙන්න තියෙන ඉඩ වැඩියි. ඉතින් පාරේ ගමන් කරන සියලු දෙනාගේම ආරක්ෂාව ගැන හිතලා පාරේ දෙපස මාර්ග සංඥා සටහන් කරලා තියෙනවා. ශ්‍රී ලංකාව තුළ මාර්ග සංඥා ගණනාවක් භාවිතා වෙනවා.

අනතුරු ඇඟවීමේ සංඥා

1. වම් පැත්තට වංගුව ඉදිරියෙන්
2. දකුණු පැත්තට වංගුව ඉදිරියෙන්
3. වම් පැත්තට ද්විත්ව වංගුව ඉදිරියෙන්
4. දකුණු පැත්තට ද්විත්ව වංගුව ඉදිරියෙන්
5. හතරමං සන්ධිය ඉදිරියෙන්
6. දකුණු පැත්තට වැලමිටි වංගුව ඉදිරියෙන්
7. වම් පැත්තට වැලමිට වංගුව ඉදිරියෙන්
8. ඉදිරියෙන් ද්විත්ව මාර්ගය අවසන්
9. ඉදිරියෙන් මාර්ගය දෙපසින්ම පටු වීම ඇරඹේ
10. ඉදිරියෙන් පටු පාලමකි
11. ඉදිරියෙන් වමට හා දකුණට පැති මාර්ග විහිදෙන මංසන්ධි දෙකකි
12. ඉදිරියෙන් දකුණට හා වමට පැති මාර්ග විහිදෙන මංසන්ධි දෙකකි
13. T හැඩයේ මංසන්ධිය ඉදිරියෙන්
14. Y හැඩයේ මංසන්ධිය ඉදිරියෙන්
15. ඉදිරියෙන් නවතිනු
16. වම් පැත්තෙන් රථවාහන ප්‍රධාන මාර්ගයට එක්වන සන්ධිය ඉදිරියෙන්
17. දකුණු පැත්තෙන් රථවාහන ප්‍රධාන මාර්ගයට එක්වන සන්ධිය ඉදිරියෙන්
18. ඉදිරියෙන් මාර්ගය ඉඩ දෙනු
19. ඉදිරියෙන් වටරවුමකි
20. ඉදිරියෙන් ආලෝක සංඥා ක්‍රියාත්මක වේ
21. ඉදිරියෙන් පහළට අවදානම් බෑවුමකි
22. ඉදිරියෙන් ඉහළට අවදානම් නැගීමකි
23. ඉදිරියෙන් මාර්ගය ලිස්සන සුලුයි
24. ඉදිරියෙන් ගල් කැබලි වැටීමට ඉඩ ඇත
25. ඉදිරියෙන් මාර්ගය අලුත්වැඩියා කෙරේ
26. ඉදිරියෙන් පදික මාරුවකි
27. ඉදිරියෙන් ළමයින් මාරුවන ස්ථානයකි
28. ඉදිරියෙන් බස්රථ ධාවන තීරුවකි
29. ඉදිරියෙන් ගේට්ටුව සහිත දුම්රිය හරස් මාර්ගයකි
30. ඉදිරියෙන් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකි
31. ඉදිරියෙන් පාපැදි ධාවන තීරුවකි
32. ඉදිරියෙන් ගව ආදී සතුන් මාර්ගය හරහා ගමන් කිරීමට ඉඩ ඇත
33. ඉදිරියෙන් පාපැදිකරුවන් මාර්ගය හරහා ගමන් කිරීමට ඉඩ ඇත

පාලන සංඥා

1. ඇතුල්වීම තහනම්
2. වම් පැත්තට හැරවීම තහනම්
3. දකුණු පැත්තට හැරවීම තහනම්
4. U හැඩය සිටින සේ හැරවීම තහනම්
5. වාහන ඉස්සර කිරීම තහනම්
6. නලා ශබ්ද කිරීම තහනම්
7. මාර්ගය වසා ඇත
8. බස් රථ සඳහා මාර්ගය වසා ඇත
9. ලොරි සඳහා මාර්ගය වසා ඇත
10. සියලුම වාහන සඳහා මාර්ගය වසා ඇත
11. වාහන නවතා තැබීම තහනම්
12. වාහන නැවැත්වීම සහ පැටවීම තහනම්
13. ඔත්තේ දිනවල වාහන නැවැත්වීම තහනම්
14. ඉරට්ටේ දිනවල වාහන නැවැත්වීම තහනම්

විධාන සංඥා

1. වම් පැත්තට හැරවිය යුතුයි
2. දකුණු පැත්තට හැරවිය යුතුයි
3. කෙලින්ම ඉදිරියට ගමන් කල යුතුයි
4. ඉදිරියෙන් වම් පැත්තට හැරවිය යුතුයි
5. ඉදිරියෙන් දකුණු පැත්තට හැරවිය යුතුයි
6. මේ පැත්තෙන් පසු කරන්න
7. වටරවුම

ප්‍රමුඛතා සංඥා

1. මාර්ගය ඉඩ දෙනු
2. නවතිනු
3. ආරක්ෂා කර නොමැති දුම්රිය මාර්ගය ඉදිරියෙන්
4. ප්‍රමුඛතා මාර්ගය
5. ප්‍රමුඛතාවය අවසාන වේ
6. ඉදිරියෙන් එන වාහන වලට ප්‍රමුඛතාවය දිය යුතුය
7. ඉදිරියට යන වාහන වලට ප්‍රමුඛතාවය දිය යුතුය

පොලීස් නිලධාරීන් විසින් කරනු ලබන හස්ත සංඥා

1. නවතිනු
2. ඉදිරියට එන්න
3. ඉදිරියෙන් සහ පිටුපසින් එන වාහන නතර වෙනු
4. ඉදිරියට එන්න
5. පිටුපසින් එන වාහන පමණක් නතර වෙනු

ඉතින් මේ තමයි ශ්‍රී ලංකාව තුළ ඔබ වාහනයක් drive කරනවා නම් අනිවාර්යෙන්ම දැනගත යුතු මාර්ග සංඥා. ඔබත් හැම විටම අනතුරු වළක්වාගෙන, නීතියට අනුව රිය පදවන්න අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අලුතෙන් ආපු මොකද්ද මේ කොළපාට අංක තහඩු කතාව.

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    රථවාහන වැරදි සඳහා රියදුරු අකුසලතා ලකුණු ක්‍රමවේදය (DEMERIT POINTS SYSTEM) හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය ඇරඹේ

    time
    මිනිත්තු 2 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    Seat belts නීති උල්ලංඝනය කිරීම සහ නව අසාධු ලකුණු (Demerit Points) පද්ධතිය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 කොළඹ සහ තදාසන්න නගර සඳහා හඳුන්වාදෙන 'ගාස්තු සහිත කලාප' (Congestion Charging Zones)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දඩ ගෙවීම පහසු කරන Gov Pay

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන ස්මාර්ට් රියදුරු බලපත්‍රවල (Smart DL) ජංගම යෙදුම් (Mobile App) සම්බන්ධතාවය

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මොකද්ද මේ අධිවේගී මාර්ග වල Multi-lane Free Flow කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන බහු-ආකෘති ප්‍රවාහන මධ්‍යස්ථාන සහ නව රථවාහන සංඥා පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අධිවේගී මාර්ගවල පසුපස අසුන් සඳහා අනිවාර්ය වන ආරක්ෂිත පටි රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Mazda 3 Sedan 1.5L 2025

    Sedan

    රු 19.5M - 21.5M

  • Toyota Alphard Hybrid 2025

    MPV

    රු 65M - 80M

  • Honda City RS 1.0 VTEC Turbo CVT 2025

    Sedan

    රු 14.7M - 15.3M

  • Hyundai Exter SX Smart AMT 2025

    SUV

    රු 10M - 11.5M

  • Kia Sportage Hybrid 1.6T HEV 2026

    SUV

    රු 26.5M - 36.5M

  • Kia EV5 Standard Range 2026

    SUV

    රු 26M - 32M

  • BYD Racco 300Premium 2026

    Kei

    රු 11.5M - 11.5M

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

  • Toyota RAV4 2.5L Petrol 2026

    SUV

    රු 48M - 50M

  • Toyota RAV4 2.5 Hybrid AWD 2026

    Compact SUV

    රු 420M - 50M

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

නවතම බයික් සමාලෝචන

  • Yamaha FZ-S V4 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • TVS NTorq 150 TFT 2026

    Scooters

    රු 1.1M - 1.2M

  • Suzuki Burgman Street 125 Ride Connect TFT Edition 2026

    Scooters

    රු 1.2M - 1.3M

  • Honda PCX160 ABS 2026

    Scooters

    රු 1.7M - 1.9M

  • Yamaha XSR155 2026

    Motorbikes

    රු 1.5M - 1.8M

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!