රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ විභාගය ජය ගන්න රහස්

time
මිනිත්තු 3 කියවීම
feature image

පාසලෙන් ඉවත් වුණාට පස්සේ විභාග ඉවරයි කියලා තමයි අපි හැමෝම හිතන්නේ. හැබැයි ඒක එහෙම නැහැ. මොකද වාහනයක් drive කරන්න අත්‍යාවශ්‍ය වෙන රියදුරු බලපත්‍රය ලබා ගන්න අනිවාර්යෙන්ම අපි ලිඛිත විභාගයක් සමත් වෙන්න ඕනේ. අද MotorGuide අපි ඔබට කියන්නේ කොහොමද ලේසියෙන්ම රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ විභාගය සමත් වෙන්නේ කියලා.

ප්‍රශ්න කීයද?

රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ විභාග පත්‍රයේ ප්‍රශ්න 45ක් ඇතුළත් වෙනවා. එයින් සැහැල්ලු වාහන සඳහා ඉදිරිපත් වෙන අපේක්ෂකයින් පිළිතුරු සපයන්න ඕනේ ප්‍රශ්න 40කට පමණයි. නමුත් බර වාහන සඳහා ඉදිරිපත් වෙන අය ප්‍රශ්න 45ටම පිළිතුරු සැපයීම අනිවාර්යය වෙනවා. විශේෂයෙන්ම බර වාහන සඳහා රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා සුදුසුකම් දෙකක් සම්පූර්ණ කිරීම අනිවාර්යයයි. පළමු සුදුසුකම තමයි සැහැල්ලු වාහන සඳහා ගන්නා ලද රියදුරු බලපත්‍රය වසර දෙකකට වඩා පැරණි වීම. දෙවන සුදුසුකම තමයි වයස අවුරුදු 21 සම්පූර්ණ වී තිබීම.

ප්‍රශ්න පත්‍රයේ සැකසුම

රියදුරු විභාගය ජය ගන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍රය සකසා ඇති ආකාරය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඉතින් මෙම ප්‍රශ්න 45 සකස් වී තිබෙන්නේ,

  • මාර්ග සංඥා සම්බන්ධයෙන් ප්‍රශ්න 20ක්
  • මාර්ග සලකුණු සම්බන්ධයෙන් ප්‍රශ්න 10ක්
  • මාර්ග නීති සහ ඊට අදාළ වෙනත් කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න 10ක්
  • කාර්මික දැනුම සම්බන්ධයෙන් ප්‍රශ්න 5ක්

සමත් ලකුණු

සැහැල්ලු වාහන සඳහා රියදුරු බලපත්‍රය ලබා ගැනීමට නම් ප්‍රශ්න 40කට පිළිතුරු ලබා දී ඉන් ප්‍රශ්න 30ක් නිවැරදි විය යුතුයි. ඔබ බර වාහන සඳහා රියදුරු බලපත්‍රයක් ලබා ගන්නවා නම් ප්‍රශ්න 45කට පිළිතුරු ලිවිම අනිවාර්යය වෙනවා. ඒ වගේම එම ප්‍රශ්න 45න් ප්‍රශ්න 35කට නිවැරදි පිළිතුරු ලබා දිය යුතුයි. ඔබේ ලකුණු ඊට වඩා අඩු වුවහොත් ඔබට නැවත වතාවක් ලිඛිත පරීක්ෂණය සදහා මුහුණ දෙන්න වෙනවා. ඔබට ඒ සඳහා අවස්ථා 4ක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා.

රියදුරු මාර්ගෝපදේශක උපදෙස් ලබා ගන්න

Exam එක ලියන්න කළින් ඔයා අනිවාර්යයෙන්ම රියදුරු මාර්ගෝපදේශක උපදෙස් ලබා ගන්න ඕනේ. ඔයා leaners එකකට යනවා නම් ලේසියෙන්ම මේ වැඩේ කරගන්න පුලුවන්. එහෙමත් නැත්නම් ඔයා තනියම නම් ලියාපදිංචි වුණේ ඔයාට පුලුවන් youtube හරහා විභාගය ගැන උපදේශන ලබා ගන්න. ඒ වගේම රියදුරන් සඳහා වන විශේෂ අත්පොතක් තියෙනවා. මේක leaners එක හරහා වගේම book shop වලිනුත් ඔබට මිලදී ගන්න පුලුවන්. එම පොතේ ලිඛිත විභාගයේදී අසන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු සඳහන් වෙලා තියෙනවා. එම පොත භාවිතා කරලා ඔබට පුලුවන් කරුණු මතකයේ තබා ගන්න.

Pass Papers කරන්න

අපි ඕනෙම විභාගයකට මුහුණ දෙන්න කලින් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියලා සූදානම් වෙනවනේ. ඉතින් මේ රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ විභාගයත් ලේසියෙන්ම සමත් වෙන්න පුලුවන් විදිහක් තමයි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලිවිම. ඔබට පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර internet එක හරහා වගේම book shop වලින් මිලදී ගන්නත් පුලුවන්. මෙවැනි ප්‍රශ්න පත්‍ර 6කට පමණ පිළිතුරු ලිවීමෙන් ඔබට පුලුවන් විභාගයට තියෙන බය නැති කරගෙන කාල කළමනාකරණය ගැන අදහසක් ලබා ගන්නත්.

ප්‍රයෝගිකව භාවිතා කරන්න

රියදුරු බලපත්‍රය ලබා ගැනීමට ලියාපදිංචි වුණ දිනයේ ඉඳලා සතියක් වගේ කාලයක් ඔබට ලැබෙනවා විභාගය සඳහා පාඩම් කරන්න. ඉතින් මේ විදියට පාඩම් කරන අතරතුර මාර්ගයේ දකින මාර්ග සංඥා සහ සලකුණු වල නම් නිතරම මතක් කරන්න උත්සහ කරන්න. ඒ විතරක් නෙමෙයි රිය පැදවීමේදී අනුගමනය කළ යුතු නීති රීති ගැනත් ප්‍රයෝගිකව මතක තබා ගන්න උත්සහ කරන්න. එතකොට ඔබට පුලුවන් ඉක්මනින්ම විභාගයට අවශ්‍ය කරුණු මතකයේ තබා ගන්න.

ඉතින් මේ විදිහට තමයි ලේසියෙන්ම රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ විභාගය ජය ගන්නේ. MotorGuide අපි කියලා දුන්න විදිහට පාඩම් කළොත් පලවෙනි පාරම විභාගය ජය ගන්න ඔබට පුලුවන්. ඉතින් මාර්ග සංඥා සහ සලකුණු නිවැරදිව තේරුම් අරගෙන මාර්ග නීති වලට අනුකූලව ධාවනය කිරීමෙන් ඔබට විනය ගරුක ආදර්ශමත් රියදුරෙක් වෙන්න පුලුවන් වගේම රිය අනතුරු අවම කරගන්නත් පුළුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අලුතෙන් ආපු මොකද්ද මේ කොළපාට අංක තහඩු කතාව.

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    රථවාහන වැරදි සඳහා රියදුරු අකුසලතා ලකුණු ක්‍රමවේදය (DEMERIT POINTS SYSTEM) හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය ඇරඹේ

    time
    මිනිත්තු 2 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    Seat belts නීති උල්ලංඝනය කිරීම සහ නව අසාධු ලකුණු (Demerit Points) පද්ධතිය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 කොළඹ සහ තදාසන්න නගර සඳහා හඳුන්වාදෙන 'ගාස්තු සහිත කලාප' (Congestion Charging Zones)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දඩ ගෙවීම පහසු කරන Gov Pay

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන ස්මාර්ට් රියදුරු බලපත්‍රවල (Smart DL) ජංගම යෙදුම් (Mobile App) සම්බන්ධතාවය

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මොකද්ද මේ අධිවේගී මාර්ග වල Multi-lane Free Flow කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන බහු-ආකෘති ප්‍රවාහන මධ්‍යස්ථාන සහ නව රථවාහන සංඥා පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අධිවේගී මාර්ගවල පසුපස අසුන් සඳහා අනිවාර්ය වන ආරක්ෂිත පටි රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Mazda 3 Sedan 1.5L 2025

    Sedan

    රු 19.5M - 21.5M

  • Toyota Alphard Hybrid 2025

    MPV

    රු 65M - 80M

  • Honda City RS 1.0 VTEC Turbo CVT 2025

    Sedan

    රු 14.7M - 15.3M

  • Hyundai Exter SX Smart AMT 2025

    SUV

    රු 10M - 11.5M

  • Kia Sportage Hybrid 1.6T HEV 2026

    SUV

    රු 26.5M - 36.5M

  • Kia EV5 Standard Range 2026

    SUV

    රු 26M - 32M

  • BYD Racco 300Premium 2026

    Kei

    රු 11.5M - 11.5M

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

  • Toyota RAV4 2.5L Petrol 2026

    SUV

    රු 48M - 50M

  • Toyota RAV4 2.5 Hybrid AWD 2026

    Compact SUV

    රු 420M - 50M

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

නවතම බයික් සමාලෝචන

  • Yamaha FZ-S V4 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • TVS NTorq 150 TFT 2026

    Scooters

    රු 1.1M - 1.2M

  • Suzuki Burgman Street 125 Ride Connect TFT Edition 2026

    Scooters

    රු 1.2M - 1.3M

  • Honda PCX160 ABS 2026

    Scooters

    රු 1.7M - 1.9M

  • Yamaha XSR155 2026

    Motorbikes

    රු 1.5M - 1.8M

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!