හෙට (15) කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක් – පොලිසීය

time
මිනිත්තු 3 කියවීම
feature image

2024 ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීම අගෝස්තු 15 වන දා මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ සිදු කිරීමට නියමිත ය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, හෙට (අගෝ. 15) පෙරවරු 8:00 සිට පස්වරු 2:00 දක්වා කාලය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ය.

එදින පහත දක්වා ඇති පරිදි රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව

2024.08.15 වන දින උදෑසන 08.00 සිට දහවල් 02.00 දක්වා වැලිකඩ හන්දියේ සිට ආයුර්වේද හන්දිය දක්වා (කොළඹට ඇතුළු වන ) පරණ පාර කොටස වාහන ගමනා ගමනය සීමා කිරීමට කටයුතු කරනු ඇත.

2024.08.15 වන දින උදෑසන 08.00 සිට දහවල් 02.00 දක්වා තලවතුගොඩ හන්දියේ සිට කොළඹ දෙසට ගමන් කරන සියළුම වාහන තලවතුගොඩ හන්දිය, කිඹුලාවල හන්දිය ඔස්සේ පිටකෝට්ටේ හන්දියට පැමිණ නාවල පාර ඔස්සේ නාරාහේන්පිට දෙසට හෝ නුගේගොඩ දෙසට ගමන් කර කොළඹ දෙසට ගමන් කළ යුතුය.

ඔබේසේකරපුර මාර්ගයෙන් පරණ පාරට පැමිණෙන වාහන මාදින්නාගොඩ හරහා වැලිකඩ හන්දියට ගමන් කළ යුතුය

2024.08.15 වන දින උදෑසන 08.00 සිට දහවල් 02.00 දක්වා පොල්දූව හන්දියේ සිට බොරැල්ල දෙසට සහ බොරැල්ල දෙස සිට පොල්දූව හන්දිය දක්වා කන්ටේනර් රථ ගල්, වැලි පටවන ලද ටිපර් රථ වලට ඇතුළු වීම සීමා කෙරෙනු ඇත.

තවද ජනාධිපති අපේක්ෂකයින් සමඟ පැමිණෙන සාක්ෂිකරුවන්ගේ වාහන නැවැත්වීම සම්බන්ධයෙන් හා පාක්ෂිකයින් ස්ථාන ගත වීම සම්බන්ධයෙන් ඒ ඒ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබේ

වැලිකඩ හන්දියේ සිට ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය ආයුර්වේද හන්දිය දක්වා පරණ පාර ආයුර්වේද හන්දිය සිට වැලිකඩ හන්දිය දක්වා ප්‍රදේශය මඟහැර විකල්ප මාර්ග භාවිතා කරන රියදුරන් දැනුවත් කරන ලෙසට ඉල්ලා සිටිමි.

පහත සඳහන් මාර්ගවල බස් රථ පහත පරිදි ගමනාන්තය දක්වා ගමන් කළ යුතුය.

176 මාර්ගය නාවල පාරෙන් වැලිකඩ හන්දියට පැමිණ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය ඔස්සේ ආයුර්වේද හන්දියට පැමිණ ගමනාන්තය දක්වා ගමන් කළ යුතුය.

මාර්ග අංක 170, 171, 175,177,190 යන මාර්ගවල බස් රථ වැලිකඩ හන්දියට පැමිණ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය ඔස්සේ ආයුර්වේද හන්දිය වෙත පැමිණ ගමනාන්තය දක්වා ගමන් කළ යුතුය. පොල්දූව දෙස සිට සහ නාවල පාරෙන් කොළඹට ඇතුළු වන සියළුම වාහන සාමාන්‍ය පරිදි වැලිකඩ හන්දිය පැමිණ එතැන් සිට ආයුර්වේද හන්දිය දක්වා ගමන් කර සාමාන්‍ය පරිදි කොළඹට ඇතුළු විය හැකිය.

වැලිකඩ හන්දියත් ආයුර්වේද හන්දියත් අතර කොළඹට ඇතුළු වන පැත්තේ ඇති සියළුම අතුරු මාර්ග වලින් ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයට ඇතුළු වන සියළුම වාහන වමට හරවා බොරැල්ල ආයුර්වේද හන්දිය දෙසට ගමන් කළ යුතුය. බොරැල්ල කොටා පාරෙන් සහ කාසල් වීදියෙන් කොළඹින් පිටවන වාහන ආයුර්වේද හන්දියට පැමිණ ආයුර්වේද හන්දියෙන් පරණ පාර ඔස්සේ වැලිකඩ හන්දිය දක්වා ගමන් කළ හැකිය. එමෙන්ම අතුරු මාර්ග වලින් පරණ පාරට ඇතුළු වන සියළුම වාහන වමට හරවා වැලිකඩ හන්දිය දෙසට ගමන් කල යුතුය.

2024.08.15 වන දින උදෑසන 08.00 සිට දහවල් 02.00 දක්වා ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය ආයුර්වේද හන්දියේ සිට වැලිකඩ දක්වා (කොළඹින් පිටවීම) කොටස වාහන ගමනා ගමනය සීමා කිරීමට කටයුතු කරනු ඇත.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    Seat belts නීති උල්ලංඝනය කිරීම සහ නව අසාධු ලකුණු (Demerit Points) පද්ධතිය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 කොළඹ සහ තදාසන්න නගර සඳහා හඳුන්වාදෙන 'ගාස්තු සහිත කලාප' (Congestion Charging Zones)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දඩ ගෙවීම පහසු කරන Gov Pay

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන ස්මාර්ට් රියදුරු බලපත්‍රවල (Smart DL) ජංගම යෙදුම් (Mobile App) සම්බන්ධතාවය

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මොකද්ද මේ අධිවේගී මාර්ග වල Multi-lane Free Flow කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන බහු-ආකෘති ප්‍රවාහන මධ්‍යස්ථාන සහ නව රථවාහන සංඥා පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අධිවේගී මාර්ගවල පසුපස අසුන් සඳහා අනිවාර්ය වන ආරක්ෂිත පටි රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 සිට ක්‍රියාත්මක වන රියදුරු බලපත්‍ර සඳහා වන නව වෛද්‍ය පරීක්ෂණ සහ දෘෂ්ටි පරීක්ෂණ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන්නන් හඳුනාගැනීමේ නව තාක්ෂණික උපාංග (Drug Detection Kits)

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!