මංතීරු නීතිය මොකක්ද?

Nipuna Marasinghe
time
මිනිත්තු 2 කියවීම
feature image

අපි පාරේ වාහනයක් drive කරනකොට විවධ මංතීරු හමුවෙනවා. සමහර වෙලාවට ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන් ඔබ ගමන් කරන්න ඕනේ කුමන මංතීරුවේද කියලා. මංතීරු නීතිය කියන්නේ මොකක්ද? ඔබ ගමන් කරන්න ඕනේ කුමන මංතීරුවේද කියලා ඔබව දැනුවත් කරන්න තමයි MotorGuide අපි මේ article එක අරගෙන ආවේ.

මංතීරුවක ගමන

මංතීරුවක ගමන් කරනවා කියන්නේ අපි යම් මංතීරුවක් ධාවනය කරන අවස්ථාවකදී දකුණට හරවන්න එහෙමත් නැත්නම් වාහනයක් ඉස්සර කරන්න කියන කාරණා වලදී හැර අනෙකුත් සියලුම අවස්ථා වලදී අපි වම් පැත්තට වන්නට ධාවනය කිරීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි යම්කිසි අවස්ථාවකදී වාහනයක් ධාවනය කරන විට අනෙකුත් වාහන වලට බාධා ඇතිවෙන විදියට මංතීරුවකින් තවත් මංතීරුවකට මාරු නොවෙන්නට වග බලාගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි එකම දිශාවකට මංතීරු තුනක් හෝ ඊට වැඩි ගණනක් තිබෙන අවස්ථාවකදී පාරේ මාධ්‍යට ආසන්නයේ තියෙන ධාවන තීරුව හැර අන් ධාවන තීරු දෙකට එකම දිශාවකට වාහන ධාවනය කරන්න හැකියාවක් තියෙනවා. තව විශේෂ දෙයක් තමයි බස් මංතීරු, බස් ප්‍රමුඛ මංතීරු ක්‍රියාත්කම වන අවස්ථාවකදී නම් ඒ මංතීරුව වෙන් කරලා තියෙන්නේ බස් රථ ධාවනය සඳහා. ඒ නිසා එම කාල සීමාවන් තුළ බස් රථ මංතීරුව ක්‍රියාත්මක වන අවස්ථාවේදී බස් රථ එම මංතීරුවේ ගමන් කළ යුතුයි.

මංතීරු දෙකේ මාර්ග

ලංකාවේ වැඩිපුරම තියෙන්නේ මංතීරු දෙකේ මාර්ග. මංතීරු දෙකකින් යුක්ත වාහනයක් ගත්තොත් පදික වේදිකාවට සමීප මංතීරුව හඳුන්වන්නේ අංක 01 මංතීරුව ලෙසයි. මාධ්‍ය රේඛාවට සමීප මංතීරුව අංක 02 මංතීරුව ලෙස හඳුන්වනු ලබනවා. මේ මංතීරු භාවිතා කරනකොට අංක 01 මංතීරුව භාවිතා කරන්නේ වමට හරවන වාහන සහ නැවත්වීමට බලාපොරොත්තුවෙන් යන වාහනයි. ඒ වගේම අඩු වේගයෙන් ධාවන කරන වාහනත් ගමන් කරන්න ඕනේ අංක 01 මංතීරුවේ. අංක 02 මංතීරුව අවශ්‍ය වෙන්නේ වාහන දකුණට හැරවීමට සහ වාහනයක් ඉස්සර කිරීමට පමණයි.

මංතීරු තුනේ මාර්ග

අපි දැන් බලමු මංතීරු තුනේ මාර්ග පිළිබඳව. මංතීරු තුනේ මාර්ග අපිට දැකබලාගන්න පුලුවන් වෙන්නේ නගරාසන්න ප්‍රදේශ වල විතරයි. මෙතනදීත් අංක 01 එහෙමත් නැත්නම් පදික වේදිකාවට ආසන්න මංතීරුව භාවිතා කරන්නේ වමට හරවන වාහන සහ නැවත්වීමට බලාපොරොත්තුවෙන් යන වාහන පමණයි. ඒ වගේම සාමාන්‍ය වේගයට වඩා අඩුවෙන් යන වාහනත් ගමන් ගන්නේ අංක 01 මංතීරුවේ. ඒවගේම තමයි අංක 02 මංතීරුව භාවිතා කරන්නේ කෙලින් යන වාහන පමණයි. පෙර පරිදිම අංක 03 මංතීරුව භාවිතා කරන්නේ දකුණට හරවන වාහන සඳහායි.

ඉතින් මේක තමයි මංතීරු නීතිය කියන්නේ. අනතුරු නොවන විදියට හරියට පාරේ ගමන් කරන්න නම් ඔබ අනිවාර්යෙන්ම මංතීරු නීතිය පිළිබඳව දැනුවත් වෙන්නම ඕනේ. ඒ වගේම තමයි පාරට වාහනයක් දාන්න කලින් ඔබ ගමන් කරන දිශාව, නවත්වන ස්ථාන ගැනත් හොඳ දැනුවත් වීමකින් ගමන් කරනවා නම් ඔබට වගේම පාරේ ගමන් කරන අනිත් පුද්ගලයින්ටත් එය ලොකු පහසුවක් වෙයි.

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    නොවැම්බර් 24 සිට බස් ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ අවස්ථාව

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    වාහනයක වර්ණය වෙනස් කරන නීති මොනවද?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක්

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මෝටර් රථ රියදුරන් සඳහා මත්ද්‍රව්‍ය පරීක්ෂාව පිළිබඳ නව රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    අධිවේගයේ යන වාහනවල ආසන පටි පැලඳීම ගැන කැබිනට්ටුවෙන් තීරණයක්

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දකුණු පළාතේ රථවාහන දඩ GovPay හරහා ගෙවීමට ඉඩ

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    අධිවේගී මාර්ගයේ සියලු වාහන සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කළ ගැසට් නිවේදනය

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවන්න අවස්ථාව ලැබෙන දිනය

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මගී ප්‍රවාහන වාහන මාසිකව පරීක්ෂා කිරීම නීතියක් බවට පත් කිරිමේ තීරණයක්

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් WhatsApp අංකයක්

    time
    මිනිත්තු 1 කියවීම
  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback

    රු 4.6M - 5.3M

  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 සමාලෝචනය

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4

    රු 5M - 7.5M

  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback

    රු 25M - 40M

  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback
  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4
  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan

    රු 12M - 13.5M

  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan

    රු 15M - 18M

  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

    රු 17.5M - 19.8M

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!