මංතීරු නීතිය මොකක්ද?

time
මිනිත්තු 2 කියවීම
feature image

අපි පාරේ වාහනයක් drive කරනකොට විවධ මංතීරු හමුවෙනවා. සමහර වෙලාවට ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන් ඔබ ගමන් කරන්න ඕනේ කුමන මංතීරුවේද කියලා. මංතීරු නීතිය කියන්නේ මොකක්ද? ඔබ ගමන් කරන්න ඕනේ කුමන මංතීරුවේද කියලා ඔබව දැනුවත් කරන්න තමයි MotorGuide අපි මේ article එක අරගෙන ආවේ.

මංතීරුවක ගමන

මංතීරුවක ගමන් කරනවා කියන්නේ අපි යම් මංතීරුවක් ධාවනය කරන අවස්ථාවකදී දකුණට හරවන්න එහෙමත් නැත්නම් වාහනයක් ඉස්සර කරන්න කියන කාරණා වලදී හැර අනෙකුත් සියලුම අවස්ථා වලදී අපි වම් පැත්තට වන්නට ධාවනය කිරීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි යම්කිසි අවස්ථාවකදී වාහනයක් ධාවනය කරන විට අනෙකුත් වාහන වලට බාධා ඇතිවෙන විදියට මංතීරුවකින් තවත් මංතීරුවකට මාරු නොවෙන්නට වග බලාගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි එකම දිශාවකට මංතීරු තුනක් හෝ ඊට වැඩි ගණනක් තිබෙන අවස්ථාවකදී පාරේ මාධ්‍යට ආසන්නයේ තියෙන ධාවන තීරුව හැර අන් ධාවන තීරු දෙකට එකම දිශාවකට වාහන ධාවනය කරන්න හැකියාවක් තියෙනවා. තව විශේෂ දෙයක් තමයි බස් මංතීරු, බස් ප්‍රමුඛ මංතීරු ක්‍රියාත්කම වන අවස්ථාවකදී නම් ඒ මංතීරුව වෙන් කරලා තියෙන්නේ බස් රථ ධාවනය සඳහා. ඒ නිසා එම කාල සීමාවන් තුළ බස් රථ මංතීරුව ක්‍රියාත්මක වන අවස්ථාවේදී බස් රථ එම මංතීරුවේ ගමන් කළ යුතුයි.

මංතීරු දෙකේ මාර්ග

ලංකාවේ වැඩිපුරම තියෙන්නේ මංතීරු දෙකේ මාර්ග. මංතීරු දෙකකින් යුක්ත වාහනයක් ගත්තොත් පදික වේදිකාවට සමීප මංතීරුව හඳුන්වන්නේ අංක 01 මංතීරුව ලෙසයි. මාධ්‍ය රේඛාවට සමීප මංතීරුව අංක 02 මංතීරුව ලෙස හඳුන්වනු ලබනවා. මේ මංතීරු භාවිතා කරනකොට අංක 01 මංතීරුව භාවිතා කරන්නේ වමට හරවන වාහන සහ නැවත්වීමට බලාපොරොත්තුවෙන් යන වාහනයි. ඒ වගේම අඩු වේගයෙන් ධාවන කරන වාහනත් ගමන් කරන්න ඕනේ අංක 01 මංතීරුවේ. අංක 02 මංතීරුව අවශ්‍ය වෙන්නේ වාහන දකුණට හැරවීමට සහ වාහනයක් ඉස්සර කිරීමට පමණයි.

මංතීරු තුනේ මාර්ග

අපි දැන් බලමු මංතීරු තුනේ මාර්ග පිළිබඳව. මංතීරු තුනේ මාර්ග අපිට දැකබලාගන්න පුලුවන් වෙන්නේ නගරාසන්න ප්‍රදේශ වල විතරයි. මෙතනදීත් අංක 01 එහෙමත් නැත්නම් පදික වේදිකාවට ආසන්න මංතීරුව භාවිතා කරන්නේ වමට හරවන වාහන සහ නැවත්වීමට බලාපොරොත්තුවෙන් යන වාහන පමණයි. ඒ වගේම සාමාන්‍ය වේගයට වඩා අඩුවෙන් යන වාහනත් ගමන් ගන්නේ අංක 01 මංතීරුවේ. ඒවගේම තමයි අංක 02 මංතීරුව භාවිතා කරන්නේ කෙලින් යන වාහන පමණයි. පෙර පරිදිම අංක 03 මංතීරුව භාවිතා කරන්නේ දකුණට හරවන වාහන සඳහායි.

ඉතින් මේක තමයි මංතීරු නීතිය කියන්නේ. අනතුරු නොවන විදියට හරියට පාරේ ගමන් කරන්න නම් ඔබ අනිවාර්යෙන්ම මංතීරු නීතිය පිළිබඳව දැනුවත් වෙන්නම ඕනේ. ඒ වගේම තමයි පාරට වාහනයක් දාන්න කලින් ඔබ ගමන් කරන දිශාව, නවත්වන ස්ථාන ගැනත් හොඳ දැනුවත් වීමකින් ගමන් කරනවා නම් ඔබට වගේම පාරේ ගමන් කරන අනිත් පුද්ගලයින්ටත් එය ලොකු පහසුවක් වෙයි.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    Seat belts නීති උල්ලංඝනය කිරීම සහ නව අසාධු ලකුණු (Demerit Points) පද්ධතිය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 කොළඹ සහ තදාසන්න නගර සඳහා හඳුන්වාදෙන 'ගාස්තු සහිත කලාප' (Congestion Charging Zones)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දඩ ගෙවීම පහසු කරන Gov Pay

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන ස්මාර්ට් රියදුරු බලපත්‍රවල (Smart DL) ජංගම යෙදුම් (Mobile App) සම්බන්ධතාවය

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මොකද්ද මේ අධිවේගී මාර්ග වල Multi-lane Free Flow කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන බහු-ආකෘති ප්‍රවාහන මධ්‍යස්ථාන සහ නව රථවාහන සංඥා පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අධිවේගී මාර්ගවල පසුපස අසුන් සඳහා අනිවාර්ය වන ආරක්ෂිත පටි රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 සිට ක්‍රියාත්මක වන රියදුරු බලපත්‍ර සඳහා වන නව වෛද්‍ය පරීක්ෂණ සහ දෘෂ්ටි පරීක්ෂණ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන්නන් හඳුනාගැනීමේ නව තාක්ෂණික උපාංග (Drug Detection Kits)

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!