ලයිසන් කාඩ් එක ආවේ නැද්ද? මෙන්න විසඳුම

Nipuna Marasinghe
time
මිනිත්තු 2 කියවීම
feature image

ශ්‍රී ලංකාව තුළ නීත්‍යානුකූලව වාහනයක් drive කරන්න නම් ලියකියවිලි කිහිපයක්ම අවශ්‍ය වෙනවා. ඒ අතරින් රියදුරු බලපත්‍රය එහෙමත් නැත්නම් ලයිසන් එක ගොඩක් වැදගත්. මොකද අපිට වාහනයක් නිවැරදිව drive කරන්න පුළුවන් බවට සනාථ කිරීමට රජය විසින් ලබා දීලා තියෙන බලපත්‍රය තමයි රියදුරු බලපත්‍රය කියන්නේ.

හැබැයි මේ වෙනකොට අලුතෙන් ලයිසන් එක ගත්ත, පරණ ලයිසන් එක අලුත් කරපු ගොඩක් දෙනෙක්ට ලයිසන් කාඩ් එක වෙනුවට ලබා දීලා තියෙන්නේ තාවකාලික රියදුරු බලපත්‍රයක්. ඔබටත් තවම ලයිසන් කාඩ් එක ආවේ නැත්නම් ඊට ඇති විසඳුම පිළිබඳවද තමයි MotorGuide අපි අද ඔබව දැනුවත් කරන්නේ.

කාඩ් එක දෙන්නේ නැද්ද?

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට ආනයනය කරන කාඩ්පත් නොමැති වීම නිසා වසර දෙකකට අධික කාලය සිට රියදුරු බලපත්‍රය සඳහා තාවකාලික කඩදාසි බලපත්‍රයක් පතක් තමයි නිකුත් කළේ.

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී මේ වන විට මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වයත් එක්ක ලබන ඔක්තෝම්බර් මාසය වන විට මෙය විසඳන බව රජය විසින් දන්වලා තියෙනවා. ඒ අනුව පෙර පරිදි තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවට එක්දින සේවය හරහා ස්ථිර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බව සඳහන් කරලා තියෙනවා.

කොහොමද දෙන්නේ?

තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර කාඩ්පත නිකුත් කිරීම හැකි ඉක්මනින් ආරම්භ කරන බවත්, එම අයදුම්කරුවන්ට කාඩ්පත තැපෑලෙන් යොමු කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරනවා. ඒ වගේම තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයන් ලක්‍ෂ 6 කට ආසන්න සංඛ්‍යාවකට එම ආකාරයට කාඩ්පත නිකුත් කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ.

ආරම්භ කරලා සති කීපයකින් කාඩ්පත් නිකුත් කිරීම අවසන් කරන බවත් ඔවුන් සඳහන් කරලා තියෙනවා.

කල් ඉකුත් වෙලා නම්

ඔබට ලයිසන් එක වෙනුවට ලබා දෙන තාවකාලික රියදුරු බලපත්‍රයේ කල් ඉකුත් වීමේ දිනයක් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙම කාල සීමාව බලපත්‍රය නිකුත් කළ දිනයේ සිට දින 90 ක් 180ක් වගේ වෙනවා.

ඉතින් මේ දිනය පහු වෙලා නම් රථ වාහන පොලිසියෙන් දඩ මුදලකට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තාවකාලික බලපත්‍රය කල් ඉකුත් වෙලා නම් ඉක්මනින්ම ඒක අලුත් කරන්න.

ඉතින් අපි හිතනවා ඔයාට තිබුණ ලොකු ප්‍රශ්නයකට උත්තර අද හම්බවෙන්න ඇති කියලා. තාමත් ඔයාගේ ලයිසන් කාඩ් එක ආවේ නැත්නම් කලබල වෙන්න එපා. ළඟදීම ඔයාගේ ගෙදරටම තැපෑල හරහා ලයිසන් කාඩ් එක ලබා ගන්න පුළුවන්.

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    නොවැම්බර් 24 සිට බස් ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ අවස්ථාව

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    වාහනයක වර්ණය වෙනස් කරන නීති මොනවද?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක්

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මෝටර් රථ රියදුරන් සඳහා මත්ද්‍රව්‍ය පරීක්ෂාව පිළිබඳ නව රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    අධිවේගයේ යන වාහනවල ආසන පටි පැලඳීම ගැන කැබිනට්ටුවෙන් තීරණයක්

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දකුණු පළාතේ රථවාහන දඩ GovPay හරහා ගෙවීමට ඉඩ

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    අධිවේගී මාර්ගයේ සියලු වාහන සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කළ ගැසට් නිවේදනය

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවන්න අවස්ථාව ලැබෙන දිනය

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මගී ප්‍රවාහන වාහන මාසිකව පරීක්ෂා කිරීම නීතියක් බවට පත් කිරිමේ තීරණයක්

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් WhatsApp අංකයක්

    time
    මිනිත්තු 1 කියවීම
  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback

    රු 4.6M - 5.3M

  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 සමාලෝචනය

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4

    රු 5M - 7.5M

  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback

    රු 25M - 40M

  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback
  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4
  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan

    රු 12M - 13.5M

  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan

    රු 15M - 18M

  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

    රු 17.5M - 19.8M

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!