ලයිසන් එක සඳහා medical report එකක් ගැනීමේදී සළකා බලන කරුණු

time
මිනිත්තු 4 කියවීම
feature image

ඔබත් කැමතිද drive කරන්න? හැබැයි ඒකට වාහනයක් විතරක් තිබුණාට නම් මදියි. වාහනයක් drive කරන්න ඔබ ළඟ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි driving license එක. Driving license එක ගන්න නම්, ඔබේ medical report එක ඉදිරිපත් කරන්න ඕනේ. ඒ නිසා MotorGuide තුළින් අපි අද ඔබට කියන්නේ, driving license එක සඳහා medical report එකක් ගන්නකොට සළකා බලන්න ඕන කරුණු මොනවද කියලා.

ලයිසන් එක ගන්න medical report එක වැදගත්ද?

License එක ගන්න ID එක හෝ passport එක සහ original birth certificate එක ඕනේ. ඒ වගේම ඔබේ medical report එකත් අත්‍යාවශ්‍යයි. මේ medical report එක නුගේගොඩ ජාතික වෛද්‍ය ආයතනයෙන් ලබා ගන්න පුළුවන්.

නුගේගොඩ ජාතික වෛද්‍ය ආයතනය තියෙන්නේ කොතනද?

හයිලෙවල් පාරේ නුගේගොඩ මංසන්ධියේ මහරගම දෙසට වෙන්න, නුගේගොඩ ගුවන් පාලමට ඉදිරියෙන් CIB එක සහ Telecom එක අතර තමයි, ජාතික වෛද්‍ය ආයතනය තියෙන්නේ. ඒ වගේම ඒක තියෙන්නේ, blue color building එකක වන අතර අංක 170 දරන ස්ථානයේ පිහිටලා තියෙනවා. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මඟින් license සඳහා medical report ලබා ගන්න, online වේලාවන් වෙන් කරවා ගැනීමේ ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. මේ අලුත් ක්‍රමය මඟින් ඔබට දිනයක් සහ වේලාවක් වෙන් කර ගන්න පුළුවන් වෙනවා. පැය 2 ක වගේ කාලයක් තමයි, වෛද්‍ය පරීක්ෂණය සඳහා ගත වෙන්නේ.

මෙතනදි සාමාන්‍යයෙන් ඔබේ ඇස් පෙනීම ගැන, හෘද ස්පන්දන මට්ටම ගැන සහ අතේ ඇඟිලිවල, දණහිස්වල ක්‍රියාකාරීත්වය ගැන වැඩි අවධානයක් දෙන්න ඕනේ. ඒ පිළිබඳව යම් කිසි ගැටළුවක් තියෙනවා නම්, doctor කෙනෙකුගේ පූර්ව නිගමනය යටතේ ඒ සඳහා පෙනී සිටීම වඩාත් සුදුසුයි. එතකොට ඔබට කිසිම අපහසුතාවයක් නැතුව, ලේසියෙන්ම medical report එක ලබා ගන්න පුළුවන්.

වෛද්‍ය පරීක්ෂණය සඳහා රැගෙන යන්නේ මොනවද?

නව අයදුම්කරුවෙක් නම්,

  • ID එක හෝ valid passport එක.

License එක අලුත් කිරීම සඳහා නම්,

  • ID එක හෝ valid passport එක
  • පරණ driving license එක
  • ID එක හෝ valid passport එක යන දෙකම නැති වෙලා නම්, මාස 6 ක් ඇතුළත ලබා ගත් police report එකක්

මාර්ග බලපත්‍රය සඳහා නම්,

  • ID එක
  • Driving license එක

යම් ආබාධයක් ඇති කෙනෙක් medical report එක ගන්නේ කොහොමද?

යම් ආබාධයක් තියෙන කෙනෙක්ට නම්, සතියේ ඕනම දවසක වෛද්‍ය පරීක්ෂණය සඳහා සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම මේ වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව තමයි, driving license එකේ vehicle category එක තීරණය කරන්නේ.

Medical report එක නැති වුණොත් එහි පිටපතක් නැවත ගන්න පුළුවන්ද?

හිතන්නකෝ, දවස් කිහිපයකට කලින් ඔබ ලබා ගත්තු medical report එක නැති වුණා කියලා. එතකොට ඔබට එන ලොකු ප්‍රශ්නයක් තමයි, ඒ medical report එකේ පිටපතක් ආපහු ලබා ගන්න පුළුවන්ද කියන එක. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය හරහා medical reports වල පිටපත් ලබා ගන්න බැහැ. ඒ අනුව ඔබේ medical report එක නැති වුණොත්, service recipient ට යම් මුදලක් ගෙවලා ආපහු වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීලා අලුත් medical report එකක් ගන්න ඕනේ.

අවශ්‍ය ලියකියවිලි, එහි කොන්දේසි සහ procedure එක මොකක්ද?

සැහැල්ලු වාහන driving license ලබා ගැනීම සඳහා,

  • ID එක හෝ valid passport එක

Driving license එක අලුත් කිරීම සඳහා,

  • ID එක හෝ valid passport එක
  • Driving license එක
  • Driving license එක නැති වෙලා නම්, නැති වුණු driving license එකේ විස්තර සඳහන් මාස 6 නොඉක්මවූ police report එක
  • බර වාහන driving license එක නැති වෙලා නම්, බර වාහන පන්තිය ඔබට හිමි බව සඳහන් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සහතිකය

නව වාහන පන්තියක් ඇතුළත් කර ගැනීම සඳහා,

  • ID එක හෝ valid passport එක
  • Valid driving license එක

විදේශිකයන්ට driving license එක ලබා ගැනීම සඳහා,

  • Valid passport එක
  • ලංකාව තුළ රැඳී සිටීමේ කාලය (VISA) මාස 6 කට වැඩි විය යුතු වීම

අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා,

  • ID එක හෝ passport එක
  • නම සහ ඉදිරි නඩු දිනය නිවැරදිව සඳහන් අධිකරණයෙන් ඉදිරිපත් කරනු ලබන ලිපිය

මාර්ග බලපත්‍රයක් ලබා ගැනීම සඳහා,

  • ID එක හෝ valid passport එක
  • වලංගු බර වාහන රියදුරු බලපත්‍රය

මේ තමයි, ඔබ driving license එක සඳහා medical report එකක් ගැනීමේදී සළකා බලන්න ඕන කරුණු. Driving license එක ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, ඔබට මේ කරුණු ගොඩක් වැදගත් වෙනවා. මොකද driving license එක නැතිව ඔබට පාරෙ වාහනයක් drive කරන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ නිසා මතක ඇතුව අපි අද කියපු දේවල් අනිවාර්යයෙන්ම follow කරන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    රථවාහන වැරදි සඳහා රියදුරු අකුසලතා ලකුණු ක්‍රමවේදය (DEMERIT POINTS SYSTEM) හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය ඇරඹේ

    time
    මිනිත්තු 2 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    Seat belts නීති උල්ලංඝනය කිරීම සහ නව අසාධු ලකුණු (Demerit Points) පද්ධතිය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 කොළඹ සහ තදාසන්න නගර සඳහා හඳුන්වාදෙන 'ගාස්තු සහිත කලාප' (Congestion Charging Zones)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දඩ ගෙවීම පහසු කරන Gov Pay

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන ස්මාර්ට් රියදුරු බලපත්‍රවල (Smart DL) ජංගම යෙදුම් (Mobile App) සම්බන්ධතාවය

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මොකද්ද මේ අධිවේගී මාර්ග වල Multi-lane Free Flow කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන බහු-ආකෘති ප්‍රවාහන මධ්‍යස්ථාන සහ නව රථවාහන සංඥා පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අධිවේගී මාර්ගවල පසුපස අසුන් සඳහා අනිවාර්ය වන ආරක්ෂිත පටි රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 සිට ක්‍රියාත්මක වන රියදුරු බලපත්‍ර සඳහා වන නව වෛද්‍ය පරීක්ෂණ සහ දෘෂ්ටි පරීක්ෂණ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

  • Suzuki Swift ZXi+ AGS 2025

    Hatchback

    රු 10M - 12.5M

  • Suzuki Baleno Alpha 2025

    Hatchback

    රු 10.7M - 11.5M

  • BYD Sealion 8 DM-p 2026

    SUV

    රු 34.8M - 35M

  • Renault Triber Emotion Easy-R AMT 2025

    Compact MPV

    රු 8.5M - 11M

  • GWM Tank 500 HEV 2026

    SUV

    රු 43M - 43.7M

  • Hyundai Santa Fe Hybrid Calligraphy 2026

    SUV

    රු 37.9M - 40M

  • Kia Sorento Hybrid SX Tech Pack 2026

    SUV

    රු 34.5M - 38.8M

  • Chery Tiggo 9 PHEV 2026

    SUV

    රු 28.8M - 32.7M

  • BYD SEALION 8 Dynamic DM-i 2026

    SUV

    රු 29.9M - 31.5M

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

නවතම බයික් සමාලෝචන

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!