ලයිසන් එක ගන්න කලින් හිතන්නම ඕනේ දේවල්

time
මිනිත්තු 4 කියවීම
feature image

අපි හැමෝම අද වෙනකොට ගොඩක් කාර්යබහුල ජීවිතයක් තමයි ගත කරන්නේ. ඉතින් මේ කාර්යබහුලකමත් එක්ක අපි අපේ වැඩ තනියම කරගන්න ලේසි විදි හොයනවා. මේ විදිහට අපේ වැඩ ලේසි කරගන්න පුලුවන් විදිහක් තමයි වාහනයක් කියන්නේ. ඉතින් වාහනයක් පාරට දාන්න නම් අපිට ලියකියවිලි කිහිපයක්ම අවශ්‍ය වෙනවා. මේ අතරින් නිත්‍යානුකූල විදියට රිය පැදවීම සඳහා අත්‍යවශ්‍ය දෙයක් තමයි වලංගු රියදුරු බලපත්‍රය කියන්නේ. ඒ නිසාම MotorGuide අපි අද ඔබට කියන්නේ ලයිසන් එක ගන්න කලින් හිතන්නම ඕනේ දේවල් මොනවද කියලා.

වයස ගැන හිතන්න

ලංකාවේ නීතියට අනුව ලයිසන් එක ගන්න වයස 18ට සම්පූර්ණ වෙලා තියෙන්නම ඕනේ. ඉතින් ඔයාට තාම වයස 18 සම්පූර්ණ වෙලා නැත්නම් ලයිසන් එක අතට ගන්න ටිකක් බලන් ඉන්න වෙනවා. හැබැයි ඔයාට පුලුවන් අවුරුදු 17 වෙනකොට රියදුරු බලපත්‍රය සඳහා අයදුම් කරන්න.

ලයිසන් එක නිකුත් කරන්නේ මෙහෙමයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනුව දැන් ක්‍රම දෙකකට අපිට ලයිසන් එක ලබා ගන්න පුලුවන්. ඒ online සහ offline ක්‍රමයටයි. වෙහෙරහැර ප්‍රධාන කාර්යාලයෙන් සහ කුරුණෑගල, හම්බන්තොට, ගම්පහ, අනුරාධපුර, කළුතර, මොනරාගල, යාපනය කියන දිස්ත්‍රික් කාර්යාල වලින් online ක්‍රමයට ලයිසන් එක ලබා ගන්න පුලුවන්. ඒ වගේම අනෙකුත් ඕනෑම දිස්ත්‍රික් කාර්යාලයකින් Offline ක්‍රමයට ලයිසන් එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

මොනවද අවශ්‍ය

ID එක හෝ Passport එක

ලයිසන් එක ගන්න නම්, ඔබේ Original ID එක අනිවාර්යයෙන්ම ඕනේ. එහෙම නැත්නම් ඔබට Passport එක use කරන්නත් පුළුවන්. මේ දෙකම නැත්නම්, ඒ ගැන පොලීසියට complain කරලා, complain copy එකක් අරගෙන ලයිසන් එක ලබා ගන්න බැහැ. අනිවාර්යයෙන් Original ID එක හෝ Passport එක ඔබ සතුව තියෙන්න ඕනේ.

Original birth certificate එක

ඔබ ළඟ තියෙන Original birth certificate එකේ, වම් පැත්තේ ඉහළ කෙළවරේ ‘නොමිලයේ නිකුත් කරන ලදි’ කියලා තියෙනවා නම්, ඒක driving ලයිසන් එක ලබා ගන්න වලංගු වෙන්නේ නැහැ. එතනදි ඔබේ ප්‍රදේශයේ AG office (ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය) එකට යම් මුදලක් ගෙවලා, දම් පාට seal එකක් සහිත ඔබේ Original birth certificate එක ලබා ගන්න පුළුවන්. මේක තමයි, මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් භාර ගන්නේ.

Medical report එක

ලයිසන් එක ලබා ගන්න අවශ්‍ය කරන තව දෙයක් තමයි, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මඟින් නිකුත් කරන medical report එක. මේක ලබා ගන්න කලින්, සාමාන්‍යයෙන් ඔබේ ඇස් පෙනීම ගැන, හෘද ස්පන්දන මට්ටම ගැන සහ අතේ ඇඟිලි වල, දණහිස් වල ක්‍රියාකාරීත්වය ගැන වැඩි අවධානයක් දෙන්න ඕනේ. ඒ දේවල් ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, doctor කෙනෙක්ගේ පූර්ව නිගමනය යටතේ ඒකට පෙනී ඉන්නවා නම් ගොඩක් හොඳයි. එතකොට ඔබට කිසිම අපහසුතාවයක් නැතුව medical report එක ලබා ගන්න පුළුවන්.

ග්‍රාම සේවක සහතිකය

ඔබ ලයිසන් එකට apply කරනකොට, ID එකේ තියෙන address එක නැතුව වෙනත් address එකක් driving ලයිසන් එකට add කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, ඒ address එකේ ඔබ පදිංචි බව සනාථ කරලා ග්‍රාම සේවක සහතිකයක් ඉදිරිපත් කරන්න ඕනේ.

සැහැල්ලු වාහන සඳහා

අපි දැන් බලමු සැහැල්ලු වාහන කාණ්ඩය යටතේ ලයිසන් එක ගන්න ඉන්න ඔයා මොනවද දැනගෙන ඉන්න ඕනේ දේවල් කියලා.

  • සැහැල්ලු වාහන සඳහා වයස අවුරුදු 17 සම්පූර්ණ වූ විට අයදුම් කරන්න පුලුවන්.
  • මාස 6ක් ඇතුළත ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිකුත් කල වෛද්‍ය සහතිකයකුත් අවශ්‍ය වෙනවා.
  • විභාගය සමත් වූ පසු ලැබෙන Learner’s Permit එකෙන් වාහන පදින්න පුරුදුවෙන්න අවසරය ලැබෙනවා. හැබැයි ඒක වාහන පදින්න ඔබට ලැබෙන ලයිසන් එකක් නම් නෙමෙයි. පුරුදුවීම සඳහා අවසරයක් පමණයි.
  • වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු හා වාහන පැදීම පුරුදුවීම සඳහා අවසරපත ලැබී අවම වශයෙන් මාස 3කට පසුව වාහන වාහන පැදවීමේ පරීක්ෂණයට මුහුණ දෙන්න පුළුවන්.

බර වාහන සඳහා

බර වාහන රියදුරු බලපත්‍රය අයදුම් කිරීම සඳහා ඔබට සැහැල්ලු වාහන සඳහා ලයිසන් එකක් තිබීම අනිවාර්යයි. ඒ වගේම එම ලයිසන් එක අවම වශයෙන් වසර 2ක් පැරණි වෙන්නත් ඕනේ. ඊට අමතරව තව සුදුසුකම් කිහිපයක් අවශ්‍ය වෙනවා. අපි දැන් බලමු ඒ මොනවද කියලා.

  • සැහැල්ලු බස් හා ලොරි සඳහා ඔබේ උස අඩි 4යි අඟල් 10ට නොඅඩු වියයුතු අතර බස් හා ලොරි සඳහා අඩි 5ට නොඅඩු විය යුතුයි.
  • ලියන විභාගයට මුහුණදීම සඳහා වයස 20ස සම්පූර්ණ කරන්න ඕනේ.
  • බර වාහන ලයිසන් එක ගැනීමට ඔබට වයස 21ක සම්පූර්ණ වී තිබීම අනිවාර්යයි.
  • බර වාහන ලයිසන් ලැබීමට නම් ඔබ ක්‍රියාකාරී විභාගය සමත් වෙන්නම ඕනේ.

හැබැයි බර වාහන ලයිසන් එක ගන්න එක, සැහැල්ලු වාහන ලයිසන් එක ගන්න තරම් නම් ලේසි නැහැ. සමහර බර වාහන එළවන්න ඔබට තවත් විශේෂ විභාගයකට මුහුණදෙන්න වෙනවා. උදාහරණයක් වශයෙන් කන්ටේනර් රථ එළවීම සඳහා ඔබට බර වාහන ලයිසන් එකට අමතරව තව විශේෂ අවසර පතක් ලබාගන්න වෙනවා.

ඉතින් මේ දේවල් තමයි ලයිසන් එකක් ගන්න ඉන්න ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු. ඉතින් වයස සම්පූර්ණ වුණාට විතරක් මදි, අනතුරු අවම කරගෙන ආරක්ෂිතව රිය පදවන්න නම් අනිවාර්යයෙන්ම හොඳ පුහුණුවකුත් තියෙන්න ඕනේ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    Seat belts නීති උල්ලංඝනය කිරීම සහ නව අසාධු ලකුණු (Demerit Points) පද්ධතිය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 කොළඹ සහ තදාසන්න නගර සඳහා හඳුන්වාදෙන 'ගාස්තු සහිත කලාප' (Congestion Charging Zones)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දඩ ගෙවීම පහසු කරන Gov Pay

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන ස්මාර්ට් රියදුරු බලපත්‍රවල (Smart DL) ජංගම යෙදුම් (Mobile App) සම්බන්ධතාවය

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මොකද්ද මේ අධිවේගී මාර්ග වල Multi-lane Free Flow කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන බහු-ආකෘති ප්‍රවාහන මධ්‍යස්ථාන සහ නව රථවාහන සංඥා පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අධිවේගී මාර්ගවල පසුපස අසුන් සඳහා අනිවාර්ය වන ආරක්ෂිත පටි රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 සිට ක්‍රියාත්මක වන රියදුරු බලපත්‍ර සඳහා වන නව වෛද්‍ය පරීක්ෂණ සහ දෘෂ්ටි පරීක්ෂණ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන්නන් හඳුනාගැනීමේ නව තාක්ෂණික උපාංග (Drug Detection Kits)

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!