Driving license test එක fail වෙන්න හේතු මොනවද?

time
මිනිත්තු 3 කියවීම
feature image

ඔයා වාහනයක අයිතිකරුවෙක්ද? වාහනයක් මිල දී ගත්ත පලියට වාහනයක් drive කරන බැහැ. වාහනයක් drive කරන්න නම් අනිවාර්යයෙන් ඔයාට driving license එකක් තියෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි driving license එක ලබා ගන්න නම් ඔයාට පරීක්ෂණ දෙකකට face කරන්න වෙනවා. ඒ තමයි writing test එක සහ driving test එක. ඔයත් driving මේ test එකෙන් fail වුණාද? ඒ නිසාම අද MotorGuide අපි කියන්නේ driving license test එක fail වෙන හේතු මොනවද කියලා.

License එකක් ගන්න ඔයා සම්පූර්ණ කරන්න ඕනේ සුදුසුකම්

License එකක් apply කරන්න ඔයා සම්පුර්ණ කරන්න ඕනේ මූලිකම සුදුසුකම තමයි වයස් සීමාව කියන්නේ. License එකට apply කරන්න වයස් සීමාවක් තියෙනවා. ඔයාට වයස අවුරුදු 17 සම්පූර්ණ වෙලා තියෙනවා නම්, ඔයා boy කෙනෙක් වුණත් girl කෙනෙක් වුණත් අනිවාර්යයෙන් driving license එකට apply කරන්න පුළුවන්. ඒ විතරක් නෙම්වෙයි ඔයාගේ Medical report එකත් pass වෙන්න ඕනේ. ඒ අනුව මූලික වශයෙන් ඇස් පෙනීම ඉතා හොඳ මට්ටමක තියෙන්න ඕනේ. මීට අමතරව ඔයාට ජාතික හැදුනුම්පතක් තියෙන්නම ඕනේ.

Driving license එක ලබා ගන්න අවශ්‍ය කරන්නේ මොනවාද?

අපිට driving license එකක් ලබා ගන්න අයදුම් කරන්න අපි ළඟ ලියකියවිලි කිහිපයක් තියෙන්න ඕනේ.

ඒවා තමයි,

  • ID එක හෝ Passport එක
  • Original birth certificate එක
  • Medical report එක

License එකක් apply කරන්නේ කොහොමද?

අපි කියපු ලියකියවිලි ඔයා ළඟ තියාගෙන license එකට apply කරන්න පුළුවන්. මේකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි, මෝටර් රථ දෙපාර්තමේන්තුවට apply කිරීම. අනිත් එක තමයි learners එකක් හරහා apply කිරීම. ඔබ ළඟ වාහනයක් තියෙනවා නම්, නැත්නම් ඔබ යම් රියදුරු පුහුණුවක් ලබලා තියෙනවා නම්, පුද්ගලික අයදුම්කරුවෙක් විදිහට මෝටර් රථ දෙපාර්තමේන්තුවට ගිහින් license එකට apply කරන්න පුළුවන්.

Test වර්ග

ශ්‍රී ලංකාවේදී driving license එකක් ලබා ගද්දි ඔයා test දෙකකට මුහුණ දීලා pass වෙන්න ඕනේ. මේ test දෙක තමයි theory test සහ driving test කියන්නේ.

Theory test එක

මේ test එකේදී ඔයාට බහු ප්‍රශ්න 40 කට පිළිතුරු ලබා දෙන්න ඕනේ. ඔයා theory test එක pass වෙන්න ප්‍රශ්න 30 ට නිවැරදි පිළිතුරු ලබා දෙන්න අවශ්‍යයි. මේ test එක ඔයාට ශ්‍රී ලංකාවේ භාවිතා වන සියල්ලෙන්ම ලබා ගන්න පුළුවන්. මේ test එකට පිළිතුරු ලබා දෙන්න ඔයාට හිමි වන්නේ මිනිත්තු 45ක කාලයක් පමණයි.

Drive test එක fail වෙන්න බලපාන හේතු

ශිෂ්‍ය රියදුරන් drive test එකේදී කරන පොදු වැරැද්ද තමයි ඔවුන් ඕනෑවට වඩා කල්පනාකාරීව හෝ තමන් ගැන අවිනිශ්චිත වීමෙන් ගමන් කිරීම. ඒ වගේ තවත් කාරණා drive test එක අසමත් වීමට බලපානවා.

  • gear selection පිළිබඳ අදහසක් නොමැතිකම

    drive කරද්දී අපි යන speed එකට ගැලපෙනම gear එකේ යන්න ඕනේ, too high or two low වාහනය ගැස්සෙන්න බලනවා. ඒ වගෙම නවතින්නත් පුලුවන්. ගොඩක් අය fail වෙන්න ප්‍රධාන හේතුවක් මේක.

  • Side mirror පරික්ෂා නොකිරීම
  • සුක්කානමේ පාලනයක් නොමැතිකම
  • වාහනයේ light වැරදි ලෙස භාවිතය
  • මාර්ගය නිසි ලෙස පරීක්ෂා නොකිරීම

මේ සියලු කාරණා drive test එකේදී ඔයා මතක තබා ගත යුතු වැදගත් කරුණුයි. මොකද මේ දේවල් නිසා තමයි ඔයා driving license test එක fail වෙන්නේ. ඔයාත් driving license එකක් apply කරනවා නම් මේ test දෙක pass වෙන්න අපි කියපු කාරණා ගැන අනිවාර්යයෙන්ම සැළකිලිමත් වෙන්න ඕනේ. එහෙම වුණොත් ඔයාට කිසිම ප්රශ්නයක් නැතුව driving license test එකෙන් pass වෙන්න පුළුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    Seat belts නීති උල්ලංඝනය කිරීම සහ නව අසාධු ලකුණු (Demerit Points) පද්ධතිය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 කොළඹ සහ තදාසන්න නගර සඳහා හඳුන්වාදෙන 'ගාස්තු සහිත කලාප' (Congestion Charging Zones)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දඩ ගෙවීම පහසු කරන Gov Pay

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන ස්මාර්ට් රියදුරු බලපත්‍රවල (Smart DL) ජංගම යෙදුම් (Mobile App) සම්බන්ධතාවය

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මොකද්ද මේ අධිවේගී මාර්ග වල Multi-lane Free Flow කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන බහු-ආකෘති ප්‍රවාහන මධ්‍යස්ථාන සහ නව රථවාහන සංඥා පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අධිවේගී මාර්ගවල පසුපස අසුන් සඳහා අනිවාර්ය වන ආරක්ෂිත පටි රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 සිට ක්‍රියාත්මක වන රියදුරු බලපත්‍ර සඳහා වන නව වෛද්‍ය පරීක්ෂණ සහ දෘෂ්ටි පරීක්ෂණ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන්නන් හඳුනාගැනීමේ නව තාක්ෂණික උපාංග (Drug Detection Kits)

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!