L permit එකක් කියන්නේ මොකක්ද?

time
මිනිත්තු 3 කියවීම
feature image

බොහෝදෙනා හිතනවා L permit එක කියන්නේ තාවකාලික රියදුරු බලපත්‍රයක් කියලා. හැබැයි ඒක වැරදියි.

නුපුහුණු රියදුරන්ට වාහනයක් drive කිරීමට පුරුදු වීම සඳහා ලබා දෙන බලපත්‍රයක් විදිහට අපිට L permit එක හඳුන්වන්න පුලුවන්. ඉතින් ඒ නිසාම අද MotorGuide අපි ඔබට කියන්නේ ඇත්තටම L permit එකක් කියන්නේ මොකක්ද කියලා.

L permit එකක් ගැනීමට අවශ්‍ය සුදුසුකම්

  • වයස අවුරුදු 17කට වඩා වැඩි වීම
  • ශ්‍රී ලංකාවේ වලංගු ජාතික හැඳුනුම්පත තිබීම
  • උප්පැන්න සහතිකයේ මුල් පිටපත තිබීම
  • මාස 3ක් ඇතුළත ලබා ගත් වෛද්‍ය සහතිකය

L permit එකක් ගන්නේ කොහොමද?

ඉහත සඳහන් කළ සියලුම ලියකියවිලි රැගෙන ඔබට ළඟම ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයේ පිහිටි RMV කාර්යාලයට යන්න ඕනේ. ඊට පස්සේ ඔබ එහි register විය යුතුයි. ලියාපදිංචි වීමේ කටයුත්ත ඔබට තනිවම හෝ leaners එකක් හරහා වුණත් සිදු කරගන්න පුලුවන්.

ලියාපදිංචි වීමෙන් අනතුරුව ඔබට රියදුරු බලපත්‍රය ලබා ගැනීමට මුහුණ දිය යුතු විභාගය සඳහා දිනයක් ලබා දීම සිදු කරනවා. සාමාන්‍යයෙන් ලියාපදිංචි වී සතියක් වගේ කාලයක් තුළදී ඔබට විභාගය සඳහා පෙනී සිටින්න පුලුවන්. ඉතින් මේ විභාගය සමත් වීමෙන් අනතුරුව තමයි ඔබට L permit එක ලබා දීම සිදු වන්නේ.

L permit එකෙන් drive කිරීමට තිබිය යුතු සුදුසුකම්

  • ඔබ drive කරන වාහනය පෞද්ගලික වාහනයක් විය යුතුයි
  • වාහනයේ ඉදිරිපස සහ පිටුපස L boards තිබිය යුතුයි
  • ඔබ ළඟ L permit එක තිබිය යුතුයි
  • ලයිසන් තිබෙන, වයස අවුරුදු 21ට වැඩි පුද්ගලයෙක් ඔබේ වාහනයේ සිටිය යුතුයි

L permit එක ගත්තට පස්සේ?

L permit එක තිබ්බා කියලා ඔබට හිතෙන හිතෙන විදිහට තනියම නම් වාහන drive කරන්න බැහැ. ඔබ සැහැල්ලු වාහන සඳහා නම් අයදුම් කළේ අනිවාර්යයෙන්ම ඔබ drive කරන වාහනයේ passenger seat එකේ අවුරුදු 21ට වැඩි රියදුරු බලපත්‍රය සහිත පුද්ගලයෙක් ඉන්නම ඕනේ. ඒ වගේම එම පුද්ගලයාට ඔබ අයදුම් කළ වාහන කාණ්ඩයේ බලපත්‍රයක් තිබීම අනිවාර්යයි.

ඔබ අයදුම් කළේ ත්‍රී රෝද රථ සඳහා නම් අනිවාර්යයෙන්ම ත්‍රී රෝද රථය පදවන අවස්ථාවේ පිටුපසින්, රියදුරු බලපත්‍රයක් හිමි පුද්ගලයෙක් ඉන්නම ඕනේ.

හැබැයි ඔබ මෝටර් සයිකල් අයදුම්කරුවෙක් නම් ඔබට පුලුවන් තනිවම මෝටර් සයිකලය පදවන්න.

L boards අනිවාර්යයි

ඒ වගේම ඔබ L permit එකකින් වාහනයක් පදවාගෙන යනවා නම් ඉදිරිපස සහ පසුපස සුපැහැදිලිව L boards දෙකක් සවි කරන්න ඕනේ. ඔබේ වාහනය කුමක් වුණත් වාහනයේ ඉදිරිපසින් සහ පිටුපසින් ඕනෑම කෙනෙක්ට හොඳින් පෙනෙන ආකාරයට L පුවරු දෙකක් සවි කිරීම අනිවාර්යයි. මොකද පොලීසියකින් ඔබව පරීක්ෂා කිරීමට නැවත්තුවොත් වගේම පාරේ ගමන් කරන අනෙක් මඟින්ටත් ඔබ තවමත් පුහුණු වන රියදුරෙක් බව ලේසියෙන්ම හදුනා ගන්න පුලුවන්.

ඔබට L permit එක ලැබිලා දින 90කට පස්සේ trial date එකක් ලබා දීම සිදු කරනවා.

මේ දේවල් තමයි L permit එක පිළිබඳව ඔබව දැනුවත් කරන්න තියෙන්නේ. ඒ වගේම මාර්ග නීති සුරකින විනීත රියදුරෙක් ලෙස සමාජයට යන එක ඔබේ වගකීමක් බව අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    Seat belts නීති උල්ලංඝනය කිරීම සහ නව අසාධු ලකුණු (Demerit Points) පද්ධතිය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 කොළඹ සහ තදාසන්න නගර සඳහා හඳුන්වාදෙන 'ගාස්තු සහිත කලාප' (Congestion Charging Zones)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දඩ ගෙවීම පහසු කරන Gov Pay

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන ස්මාර්ට් රියදුරු බලපත්‍රවල (Smart DL) ජංගම යෙදුම් (Mobile App) සම්බන්ධතාවය

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මොකද්ද මේ අධිවේගී මාර්ග වල Multi-lane Free Flow කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන බහු-ආකෘති ප්‍රවාහන මධ්‍යස්ථාන සහ නව රථවාහන සංඥා පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අධිවේගී මාර්ගවල පසුපස අසුන් සඳහා අනිවාර්ය වන ආරක්ෂිත පටි රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 සිට ක්‍රියාත්මක වන රියදුරු බලපත්‍ර සඳහා වන නව වෛද්‍ය පරීක්ෂණ සහ දෘෂ්ටි පරීක්ෂණ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන්නන් හඳුනාගැනීමේ නව තාක්ෂණික උපාංග (Drug Detection Kits)

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!