Used Vehicle එකක් ගන්නකොට අවධානය යොමුකළ යුතු කරුණු

time
මිනිත්තු 2 කියවීම
feature image

හැමෝගෙම හිත්වල එකම වගේ තියෙන දෙයක් තමයි, ගිනි ගණං නැතුව අතේ තියෙන ගාණට හිතේ තියෙන හොඳම වාහනය ගන්න එක. හැබැයි මේ තියෙන ආර්ථිකයත් එක්ක සමහර විට, ඒක හීනයක් කියලත් ඔබට හිතෙනවා. මේ වගේ වෙලාවට පාවිච්චි කරපු මෝටර් රථයක් මිලදී ගැනීම කියන්නෙ හොඳ විකල්පයක්. නමුත් මෙතනදි ඔබ තීරණයක් ගන්නකොට දහපාරක් හිතුවත් කමක් නෑ. මොකද පාවිච්චි කරපු වාහනයක් මිලදී ගන්නකොට හොයලා බලන්න බොහෝ දේ තියෙනවා. ඉතින් ඔබට ගැළපෙන මෝටර් රථය තෝරාගන්න උදව් වෙන ක්‍රම කිහිපයක් ගැන තමයි අද MotorGuide තුළින් අපි ඔබට කියන්නෙ.

වාහනයේ ආ ගිය තොරතුරු දැනගන්න

වර්තමාන හිමිකරුගෙන් ඔබට හැකි තරම් තොරතුරු ලබාගෙන අදාළ වාහනේ ගැන හොයලා බලන්න. වාහනය අනතුරකට ලක් වෙලා තියෙනවද, බලපත්‍රයක් තියෙනවද කියන දේවල් ගැන වාහන හැඳුනුම් අංකය මඟින් ඔබට දැනගන්න පුළුවන්.

ඊට අමතරව වාහනයේ පිටත සහ ඇතුළත දෙකම පරීක්ෂා කරන්න. කුඩා සිරීම් ගැන නොහිතුවත් සැළකිය යුතු තරම් මලකඩ කා ඇත්නම්, හානි වී ඇත්නම් ඒ ගැන ඔබට දෙපාරක් හිතන්න වෙනවා. ඇතුළත අපිරිසිදු ගඳක් ඇත්නම් යම් leak එකක් ඇත්දැයි floor mats පරීක්ෂා කරන්න.

Test drive එකකට යන්න

වාහනයේ තත්වය සහ එය ඔබට සුදුසුද යන්න තීරණය කරන්න, test drive එකක් උදව් වෙනවා. ඒ වගේම වාහනයේ ඇති සියලුම එලෙක්ට්‍රොනික් උපකරණ නිසි පරිදි ක්‍රියා කරන්නේද යන්න note කරගන්න. අනිත් එක තමයි තිරිංග නිසිලෙස ක්‍රියා කරනවද නැද්ද යන්න ගැනත් වග බලාගන්න ඕනෙ.

වාහනයක එන්ජිම හරියටම තියෙනවද?

එන්ජිම තමයි ඕනෙම වාහනයක වැදගත්ම කොටස. වාහනය ක්‍රියාවිරහිත වීමත් සමඟ hood එක pop කර එන්ජිම පරීක්ෂා කරන්න. Transmission fluid රෝස හෝ රතු වෙන්න ඕනෙ. තෙල් ලා දුඹුරු වෙන්න ඕනෙ.

කොච්චර දුරක් යයිද?

සාමාන්‍ය මෝටර් රථයක් හැම වසරකම 20,000 km ක් පමණ ධාවනය කරනවා. ඔබ මිලදී ගන්න වාහනයේ සැතපුම් ගණන අඩුද වැඩිද යන්න සොයා ගැනීමට වාහනයේ වයස අනුව දුරස්ථමානයේ අංකය බෙදන්න.

වාහනයේ අනාගතය ගැන දැනගන්න

ඔබේ වාහන සිහිනය හැබෑ වුණා කියලා ඔබ හිතනවා නම්, වාහනය පරීක්ෂා කරන්න විශ්වාසදායක කාර්මිකයෙක්ට පෙන්නන්න. මොකද වාහනයේ ඇතුළතින් පවතින ගැටළු ගැන හෝ අනාගතයේදී ගැළුවක් වියහැකි ප්‍රදේශ තියෙනවද කියන එක කාර්මිකයෙකුට තීරණය කරන්න පුළුවන්.

මේ කියපු දේවල් වලට අමතරව used vehicle එකක් ගන්න යනකොට අනිවාර්යයෙන්ම අත්දැකීම් සහිත පළපුරුදු කාර්මිකයෙක් එක්කරගෙන යන්න අමතක කරන්න එපා.

දැන් ඉතින් පාවිච්චි කරපු වාහනයක් ගන්නවා නම්, දැනගන්න ඕනෙම දේවල් ගැන ඔබට idea එකක් තියෙනවා. මේ කරුණු ටික හොඳට මතක තියාගන්න. මොකද අද අපි කියපු දේවල් ගැන හිතලා, ගන්න වාහනේ ගත්තොත්, ඔබ යන පාර ඔබට clear කරගන්න වගේම safety කරගන්නත් පුළුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • භාවිතා කළ වාහන පිළිබඳ තොරතුරු

    Second-hand වාහනයක් මිලදී ගැනීමේදී 'Inspection Report' එකක වැදගත්කම

    time
    මිනිත්තු 3 කියවීම
  • භාවිතා කළ වාහන පිළිබඳ තොරතුරු

    වාහනයක accident තනිවම හොයාගන්නේ මෙහෙමයි

    time
    මිනිත්තු 2 කියවීම
  • භාවිතා කළ වාහන පිළිබඳ තොරතුරු

    සෙකන්ඩ් හෑන්ඩ් ඩීසල් එන්ජින් එකක් check කර ගන්න tips

    time
    මිනිත්තු 4 කියවීම
  • භාවිතා කළ වාහන පිළිබඳ තොරතුරු

    Used Vehicle එකක් ගන්නකොට අවධානය යොමුකළ යුතු කරුණු

    time
    මිනිත්තු 2 කියවීම
  • භාවිතා කළ වාහන පිළිබඳ තොරතුරු

    අනතුරට ලක් වූ යතුරුපැදියක් හඳුනා ගන්නේ කෙසේද?

    time
    මිනිත්තු 5 කියවීම
  • භාවිතා කළ වාහන පිළිබඳ තොරතුරු

    පාවිච්චි කළ යතුරුපැදියක් මිල දී ගැනීමේදී පරීක්ෂා කළ යුතු දේ

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!