Used Vehicle එකක් ගන්නකොට අවධානය යොමුකළ යුතු කරුණු

Nipuna Marasinghe
time
මිනිත්තු 2 කියවීම
feature image

හැමෝගෙම හිත්වල එකම වගේ තියෙන දෙයක් තමයි, ගිනි ගණං නැතුව අතේ තියෙන ගාණට හිතේ තියෙන හොඳම වාහනය ගන්න එක. හැබැයි මේ තියෙන ආර්ථිකයත් එක්ක සමහර විට, ඒක හීනයක් කියලත් ඔබට හිතෙනවා. මේ වගේ වෙලාවට පාවිච්චි කරපු මෝටර් රථයක් මිලදී ගැනීම කියන්නෙ හොඳ විකල්පයක්. නමුත් මෙතනදි ඔබ තීරණයක් ගන්නකොට දහපාරක් හිතුවත් කමක් නෑ. මොකද පාවිච්චි කරපු වාහනයක් මිලදී ගන්නකොට හොයලා බලන්න බොහෝ දේ තියෙනවා. ඉතින් ඔබට ගැළපෙන මෝටර් රථය තෝරාගන්න උදව් වෙන ක්‍රම කිහිපයක් ගැන තමයි අද MotorGuide තුළින් අපි ඔබට කියන්නෙ.

වාහනයේ ආ ගිය තොරතුරු දැනගන්න

වර්තමාන හිමිකරුගෙන් ඔබට හැකි තරම් තොරතුරු ලබාගෙන අදාළ වාහනේ ගැන හොයලා බලන්න. වාහනය අනතුරකට ලක් වෙලා තියෙනවද, බලපත්‍රයක් තියෙනවද කියන දේවල් ගැන වාහන හැඳුනුම් අංකය මඟින් ඔබට දැනගන්න පුළුවන්.

ඊට අමතරව වාහනයේ පිටත සහ ඇතුළත දෙකම පරීක්ෂා කරන්න. කුඩා සිරීම් ගැන නොහිතුවත් සැළකිය යුතු තරම් මලකඩ කා ඇත්නම්, හානි වී ඇත්නම් ඒ ගැන ඔබට දෙපාරක් හිතන්න වෙනවා. ඇතුළත අපිරිසිදු ගඳක් ඇත්නම් යම් leak එකක් ඇත්දැයි floor mats පරීක්ෂා කරන්න.

Test drive එකකට යන්න

වාහනයේ තත්වය සහ එය ඔබට සුදුසුද යන්න තීරණය කරන්න, test drive එකක් උදව් වෙනවා. ඒ වගේම වාහනයේ ඇති සියලුම එලෙක්ට්‍රොනික් උපකරණ නිසි පරිදි ක්‍රියා කරන්නේද යන්න note කරගන්න. අනිත් එක තමයි තිරිංග නිසිලෙස ක්‍රියා කරනවද නැද්ද යන්න ගැනත් වග බලාගන්න ඕනෙ.

වාහනයක එන්ජිම හරියටම තියෙනවද?

එන්ජිම තමයි ඕනෙම වාහනයක වැදගත්ම කොටස. වාහනය ක්‍රියාවිරහිත වීමත් සමඟ hood එක pop කර එන්ජිම පරීක්ෂා කරන්න. Transmission fluid රෝස හෝ රතු වෙන්න ඕනෙ. තෙල් ලා දුඹුරු වෙන්න ඕනෙ.

කොච්චර දුරක් යයිද?

සාමාන්‍ය මෝටර් රථයක් හැම වසරකම 20,000 km ක් පමණ ධාවනය කරනවා. ඔබ මිලදී ගන්න වාහනයේ සැතපුම් ගණන අඩුද වැඩිද යන්න සොයා ගැනීමට වාහනයේ වයස අනුව දුරස්ථමානයේ අංකය බෙදන්න.

වාහනයේ අනාගතය ගැන දැනගන්න

ඔබේ වාහන සිහිනය හැබෑ වුණා කියලා ඔබ හිතනවා නම්, වාහනය පරීක්ෂා කරන්න විශ්වාසදායක කාර්මිකයෙක්ට පෙන්නන්න. මොකද වාහනයේ ඇතුළතින් පවතින ගැටළු ගැන හෝ අනාගතයේදී ගැළුවක් වියහැකි ප්‍රදේශ තියෙනවද කියන එක කාර්මිකයෙකුට තීරණය කරන්න පුළුවන්.

මේ කියපු දේවල් වලට අමතරව used vehicle එකක් ගන්න යනකොට අනිවාර්යයෙන්ම අත්දැකීම් සහිත පළපුරුදු කාර්මිකයෙක් එක්කරගෙන යන්න අමතක කරන්න එපා.

දැන් ඉතින් පාවිච්චි කරපු වාහනයක් ගන්නවා නම්, දැනගන්න ඕනෙම දේවල් ගැන ඔබට idea එකක් තියෙනවා. මේ කරුණු ටික හොඳට මතක තියාගන්න. මොකද අද අපි කියපු දේවල් ගැන හිතලා, ගන්න වාහනේ ගත්තොත්, ඔබ යන පාර ඔබට clear කරගන්න වගේම safety කරගන්නත් පුළුවන්.

සමාන පුවත්

  • භාවිතා කළ වාහන පිළිබඳ තොරතුරු

    වාහනයක accident තනිවම හොයාගන්නේ මෙහෙමයි

    time
    මිනිත්තු 2 කියවීම
  • භාවිතා කළ වාහන පිළිබඳ තොරතුරු

    සෙකන්ඩ් හෑන්ඩ් ඩීසල් එන්ජින් එකක් check කර ගන්න tips

    time
    මිනිත්තු 4 කියවීම
  • භාවිතා කළ වාහන පිළිබඳ තොරතුරු

    Used Vehicle එකක් ගන්නකොට අවධානය යොමුකළ යුතු කරුණු

    time
    මිනිත්තු 2 කියවීම
  • භාවිතා කළ වාහන පිළිබඳ තොරතුරු

    අනතුරට ලක් වූ යතුරුපැදියක් හඳුනා ගන්නේ කෙසේද?

    time
    මිනිත්තු 5 කියවීම
  • භාවිතා කළ වාහන පිළිබඳ තොරතුරු

    පාවිච්චි කළ යතුරුපැදියක් මිල දී ගැනීමේදී පරීක්ෂා කළ යුතු දේ

    time
    මිනිත්තු 4 කියවීම
  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback

    රු 4.6M - 5.3M

  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 සමාලෝචනය

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4

    රු 5M - 7.5M

  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback

    රු 25M - 40M

  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback
  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4
  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan

    රු 12M - 13.5M

  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan

    රු 15M - 18M

  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

    රු 17.5M - 19.8M

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!