පාවිච්චි කළ Hybrid වාහනයක් ගන්න කලින් Battery Health එක සහ ABS පද්ධතිය හරියට පරීක්ෂා කරගන්නෙ කොහොමද?

time
මිනිත්තු 4 කියවීම
feature image

අද Motor guide අපි අද කතා කරන්න යන්නෙ ලංකාවේ second hand වාහන වෙළඳපොලේ වැඩිම ඉල්ලුමක් තියෙන, ඒ වගේම වැඩිම පිරිසක් මිලදී ගන්න කැමති used hybrid වාහනයක් ගන්න කලින් අනිවාර්යයෙන්ම පරීක්ෂා කරන්න ඕනේ මිල අධිකම කොටස් දෙකක් ගැනයි. ඒ තමයි Hybrid Battery එක සහ ABS පද්ධතිය. විශේෂයෙන්ම Toyota Prius, Aqua, Axio, Vezel වගේ පාවිච්චි කරපු hybrid වාහනයක් ගත්තට පස්සේ මේ කොටස් දෙකෙන් එකක් හරි සවුත්තු වුණොත්, රුපියල් ලක්ෂ ගණනක විශාල අලාභයක් දරන්න සිද්ධ වෙනවා. ඉතින් අද අපි බලමු මේ battery health එක සහ ABS පද්ධතිය හරියටම පරීක්ෂා කරගන්නේ කොහොමද, ඒවායේ තියෙන ලෙඩ කල්තියා අඳුරගන්නේ කොහොමද සහ ඒ වගේ දෝෂ තියෙන වාහන මගහැරලා හොඳම තත්ත්වයේ වාහනයක් තෝරාගන්නේ කොහොමද කියලා.

මුලින්ම අපි බලමු Hybrid Battery Health එක හරියටම පරීක්ෂා කරගන්නේ කොහොමද කියලා. ගොඩක් අය කරන්නේ වාහනය ටික දුරක් drive කරලා dashboard එකේ තියෙන battery bars ටික පිරෙනවද කියලා බලන එක විතරයි. හැබැයි ඒක කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. මොකද දුර්වල වෙච්ච battery එකක් වුණත් ඉතාම ඉක්මනින් bars පිරිලා, ඒ වේගයෙන්ම ආයෙත් බහින්න පුළුවන්. ඔයා test drive එකක් යනකොට AC එක full දාලා traffic එකක හෝ සෙමින් ධාවනය කරනකොට battery bars ඉතාම ඉක්මනින් අඩු වෙලා, engine එක නිතරම start වෙනවා නම් ඒක battery cells දුර්වල වෙලා තියෙන බවට පළවෙනි සලකුණයි. ඒ වගේම පිටුපස seat එක අසල තියෙන battery cooling fan එක අධික සද්දෙකින් නිතරම කැරකෙනවා නම්, battery pack එක ඇතුළේ අධික රස්නයක් නිර්මාණය වෙන බව පැහැදිලියි.

මේක තාක්ෂණිකවම තහවුරු කරගන්න නම්, අනිවාර්යයෙන්ම OBD2 diagnostic scanner එකක් හෝ Dr. Prius වැනි විශේෂිත app එකක් සම්බන්ධ කරලා battery pack එකේ තියෙන සෑම cell block එකකම voltage අගයන් පරීක්ෂා කරන්න ඕනේ. හොඳ තත්ත්වයේ battery එකක සියලුම cell blocks වල voltage අගයන් එකිනෙකට ඉතාම සමානව පවතිනවා. යම් විදිහකින් එක block එකක හෝ voltage අගය අනෙක් ඒවාට වඩා 0.3V කට වඩා අඩු නම්, ඒ battery එක ඉක්මනින්ම replace කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම scan report එකේ battery internal resistance අගය වැඩි නම් සහ state of health අගය 60% ට වඩා අඩු නම් ඒ වාහනය මිලදී නොගෙන ඉන්න එක තමයි වඩාත්ම නුවණට හුරු.

ඊළඟට අපි බලමු ABS පද්ධතිය හෙවත් Anti-lock Braking System එකේ ලෙඩ අඳුරගන්නේ කොහොමද කියලා. Hybrid වාහන වල තියෙන්නේ regenerative braking සමඟ සම්බන්ධ වුණු ඉතාම සංකීර්ණ ABS actuator සහ brake booster පද්ධතියක්. මේක අවුල් වුණොත් අලුතින් දාන්න රුපියල් ලක්ෂ 2 ත් 4 ත් අතර විශාල මුදලක් වැය වෙනවා. ඔයා වාහනය පරීක්ෂා කරනකොට මුලින්ම කරන්න ඕනේ ignition key එක ON කරනකොට dashboard එකේ තියෙන ABS warning light එක, Brake warning light එක සහ Traction control light එක පත්තු වෙලා තත්පර කිහිපයකින් නිවිලා යනවද කියලා බලන එක. සමහර වංචනික විකුණුම්කරුවන් ලෙඩේ හංගන්න dashboard එකේ warning bulbs ගලවලා හෝ වෙනත් wire එකකට සම්බන්ධ කරලා තියන්න පුළුවන් නිසා මේ පරීක්ෂාව ඉතාම වැදගත්.

දෙවෙනි පියවර තමයි වාහනය start කරලා නිශ්ශබ්ද තැනක නවත්තගෙන brake pedal එක පාගගෙන ඉන්නකොට, bonnet එක ඇතුළෙන් තත්පර 10 කට 15 කට වරක් නොකඩවා ට්‍රර් ට්‍රර් වගේ motor pump එකක් ක්‍රියාත්මක වෙන සද්දයක් ඇහෙනවද කියලා අහගෙන ඉන්න එක. සාමාන්‍ය වාහනයක ABS accumulator motor එක ක්‍රියාත්මක වෙන්නේ brake pedal එක කිහිප වතාවක් පෑගුවාම විතරයි. නමුත් brake පාගන්නේ නැතුවත් නිතරම motor එක වැඩ කරනවා නම්, ABS actuator එක ඇතුළේ pressure leak එකක් තියෙන බවට සහ ඒක කාලෙ ඉවරයි කියන එකග ස්ථිර සාක්ෂියක්. ඊට අමතරව brake pedal එක පාගද්දී අසාමාන්‍ය ලෙස යටටම බහින ගතියක් හෝ ගල් වගේ තද ගතියක් දැනෙනවා නම්, ඒ වගේම test drive එකේදී හදිසි තිරිංග යෙදීමකදී රෝද ලිස්සලා යනවා නම් ඒ වාහනයත් ගන්න එපා.

අවසාන වශයෙන් motor guide අපේ උපදෙස තමයි, ඔයා පාවිච්චි කරපු hybrid වාහනයක් මිලදී ගන්නකොට කිසිම වෙලාවක හදිස්සි වෙලා බාහිර පෙනුමට විතරක් රැවටිලා තීරණ ගන්න එපා. වාහනය මිලදී ගන්න කලින් අනිවාර්යයෙන්ම බලයලත් නියෝජිත ආයතනයකට හෝ පිළිගත් hybrid specialist garage එකකට වාහනය රැගෙන ගිහින් full computer scan report එකක් අරගෙන history error codes පරීක්ෂා කරන්න. මොකද සමහර අය වාහනය පෙන්නන්න කලින් scanner එකකින් error codes clear කරලා තියන්න පුළුවන් නිසා, වාහනය අවම වශයෙන් කිලෝමීටර් 20 ක් විතර AC දාගෙන drive කරලා නැවතත් scan කරලා බලන එක ඉතාම ආරක්ෂිතයි.

ඒ වගේම hybrid battery cooling fan එකේ air filter එක දූවිලි වලින් වැහිලා තියෙනවද කියලත් බලන්න. මොකද ඒ filter එක කවදාවත් පිරිසිදු කරලා නැති වාහනයක් නම්, ඒකෙන් පෙන්නුම් කරන්නේ පෙර හිමිකරු වාහනය නිසි ලෙස නඩත්තු කරලා නැති බවයි. ඊට අමතරව වාහනයේ සම්පූර්ණ service records පරීක්ෂා කරලා, නියමිත කාලයට inverter coolant සහ transmission fluid මාරු කරලා තියෙනවද කියලා තහවුරු කරගත්තොත්, ඔයාට කිසිම කරදරයක් නැතුව තවත් අවුරුදු ගණනාවක් ඉතාම පහසුවෙන් සහ ලාභදායීව පාවිච්චි කරන්න පුළුවන් සුපිරි hybrid වාහනයක් තෝරාගන්න පුළුවන්.

ඒ වගේම මේ වගේ නවීන වාහන ගැන සහ තාක්ෂණික කරුණු දැනගන්න Motor guide එක්ක එකතු වෙලා ඉන්න කියලත් මතක් කරනවා.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • භාවිතා කළ වාහන පිළිබඳ තොරතුරු

    පාවිච්චි කළ Hybrid වාහනයක් ගන්න කලින් Battery Health එක සහ ABS පද්ධතිය හරියට පරීක්ෂා කරගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • භාවිතා කළ වාහන පිළිබඳ තොරතුරු

    Second-hand වාහනයක් මිලදී ගැනීමේදී 'Inspection Report' එකක වැදගත්කම

    time
    මිනිත්තු 3 කියවීම
  • භාවිතා කළ වාහන පිළිබඳ තොරතුරු

    වාහනයක accident තනිවම හොයාගන්නේ මෙහෙමයි

    time
    මිනිත්තු 2 කියවීම
  • භාවිතා කළ වාහන පිළිබඳ තොරතුරු

    සෙකන්ඩ් හෑන්ඩ් ඩීසල් එන්ජින් එකක් check කර ගන්න tips

    time
    මිනිත්තු 4 කියවීම
  • භාවිතා කළ වාහන පිළිබඳ තොරතුරු

    Used Vehicle එකක් ගන්නකොට අවධානය යොමුකළ යුතු කරුණු

    time
    මිනිත්තු 2 කියවීම
  • භාවිතා කළ වාහන පිළිබඳ තොරතුරු

    අනතුරට ලක් වූ යතුරුපැදියක් හඳුනා ගන්නේ කෙසේද?

    time
    මිනිත්තු 5 කියවීම
  • භාවිතා කළ වාහන පිළිබඳ තොරතුරු

    පාවිච්චි කළ යතුරුපැදියක් මිල දී ගැනීමේදී පරීක්ෂා කළ යුතු දේ

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Tata Tiago XT LR 2026

    Hatchback

    රු 8.7M - 8.9M

  • Deepal S05 REEV 2026

    SUV

    රු 21.5M - 21.8M

  • Tata Curvv EV 2026

    Compact SUV

    රු 13.9M - 15.7M

  • MG5 EV Long Range 2026

    Sedan

    රු 12M - 12.9M

  • Deepal E07 RWD 2026

    Compact SUV

    රු 30.6M - 31.2M

  • Lexus LM 350h 2026

    MPV

    රු 95M - 115M

  • Toyota Vellfire Hybrid Z Premier 2025

    MPV

    රු 58M - 64M

  • Hyundai Ioniq 9 Long Range RWD 2026

    SUV

    රු 37.9M - 40M

  • Hyundai Ioniq 6 Long Range RWD 2026

    Sedan

    රු 24.6M - 25M

  • Hyundai Palisade Calligraphy Hybrid 2026

    SUV

    රු 63M - 65M

  • Tata Nexon EV Empowered+ A45 2026

    Compact SUV

    රු 14.3M - 14.7M

  • BYD Sealion 5 Premium 2026

    Compact SUV

    රු 20.7M - 20.7M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Aerox 155 Version S 2026

    Scooters

    රු 1.4M - 1.5M

  • Yamaha NMAX 155 Tech MAX 2026

    Scooters

    රු 1.6M - 1.6M

  • Honda CB150R Neo Sports Café 2026

    Motorbikes

    රු 1.7M - 2M

  • Honda CB150R StreetFire 2026

    Motorbikes

    රු 2M - 2M

  • Yamaha FZ-S V4 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • TVS NTorq 150 TFT 2026

    Scooters

    රු 1.1M - 1.2M

  • Suzuki Burgman Street 125 Ride Connect TFT Edition 2026

    Scooters

    රු 1.2M - 1.3M

  • Honda PCX160 ABS 2026

    Scooters

    රු 1.7M - 1.9M

  • Yamaha XSR155 2026

    Motorbikes

    රු 1.5M - 1.8M

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!