සෙකන්ඩ් හෑන්ඩ් ඩීසල් එන්ජින් එකක් check කර ගන්න tips

time
මිනිත්තු 4 කියවීම
feature image

ඔබ Second Hand වාහනයක් ගන්න ඉන්නවා නම්, එතනදි ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි ඒක පෙට්‍රල් engine වාහනයක්ද නැත්නම් ඩීසල් engine වාහනයක්ද කියන එක. Second Hand වාහනයක් තියෙන ඔබටත් මේ දේ ගොඩක් වැදගත් වෙනවා. මොකද Second hand වාහනයක පෙට්‍රල් engine එකට සාපේක්ෂව, ඩීසල් engine එක check කරන්න ඕනේ. ඒ නිසා තමයි Motorguide අපි හිතුවේ Second Hand diesel engine එකක් check කර ගන්න tips ගැන අද ඔබට කියන්න.

Engine oil check කරන්න

වාහනයක engine එකේ වැදගත්ම දෙයක් තමයි, engine oil කියන්නේ. මුලින්ම dipstick එක ඉවතට අරගෙන engine oil level එක check කරන්න. Oil level එකේ අඩුවක් තියෙනවා නම්, එතන යම් ගැටළුවක් තියෙනවා. ඒ වගේම engine oil එකේ color එක බලන්න. සුදු පාටට, කිරි පාටට යම් දෙයක් බැඳිලා තියෙනවා නම්, එහෙමත් නැත්නම් dipstick එකේ මලකඩ බැඳිලා තියෙනවා නම්, cooling system එකේ ජලය නැත්නම් coolant එක ඇතුළට leak වෙනවා. ඒ කියන්නේ, වාහනයේ engine එක අනිවාර්යයෙන් repair කරන්න ඕනේ.

Engine oil leak එකක් තියෙනවද?

Engine oil leak එකක් තියෙනවද නැද්ද කියලා බලන්න, වාහනය තියෙන තැන යට බලන්න පුළුවන්. විශේෂයෙන් gas cut එක අසල engine oil සළකුණු තියෙනවා නම්, engine oil leak එකක් තියෙනවා.

Engine එක start කරලා බලන්න

වාහනය start කරලා බලන්න. Engine එක cool නම්, ඒ කියන්නේ එදා දවසෙම engine එක start කරලා නැත්නම්, ඒක check කරන එක ගොඩක් සුදුසුයි. මෙතනදි engine එක start වෙන්න කොච්චර time එකක් යනවද කියලා බලන්න පුළුවන්. හදිස්සියේ හරි engine එක start වෙන්න ලොකු time එකක් යනවා නම්, එතන ගැටළුවක් තියෙන්න පුළුවන්.

සමහර විට, heater plug වල තියෙන ගැටළුවක් නිසාත් මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. අන්න එතනදිත් යම් risk එකක් තියෙන නිසා, ඒ වගේ වාහනයක් මිලදී ගන්න යනකොට ආයේ දෙතුන් පාරක්ම හිතන්න වෙනවා.

Engine sound එක අහන්න

වාහනය start කළාට පස්සේ, වාහනයේ engine එකේ sound එක හොඳට අහන්න. අනවශ්‍ය collision sound එකක් එනවා නම්, engine එකේ යම්කිසි දෝෂයක් වෙන්න පුළුවන්. Engine වලට ආවේණික වුණු එක එක sound තියෙනවා. හැබැයි මේ කියන්නේ, ඒ sound එකක් ගැන නෙවෙයි. Engine එකට ආවේණික වුණු sound එක හැර වෙනත් collision sound එකක් එනවා නම්, engine එක ගෙවිලාද කියලා බලන්න ඕනේ. එතනදි smooth engine එකක් තියෙනවා නම්, කිසිම ප්‍රශ්නයක් නැහැ.

Radiator එක check කරන්න

Radiator එකේ cap එක ඇරලා ඒකේ ජලය නැත්නම් coolant දිහා බලන්න. ඒකට engine oil වගේ දෙයක් mix වෙලා තියෙනවා නම්, ඒ වගේ වාහන නොගෙන ඉන්න එක තමයි නුවණට හුරු. මොකද අනිවාර්යයෙන්ම ඔබට engine එක repair කරන්න වෙනවා. පිරිසිදු ජලය එහෙමත් නැත්නම් පිරිසිදු coolant විතරයි radiator එකේ තියෙන්න ඕනේ.

Exhaust එක check කරන්න

පෙට්‍රල් වලට වඩා ඩීසල් ඝනකමින් වැඩි නිසා, ඩීසල් දහනය වෙනකොට යම්කිසි දැලි ප්‍රමාණයක් exhaust එකෙන් පිට වෙනවා. ඊට අමතරව තද කළු පාට දුමක් පිට වෙනවා නම්, සමහර විට fuel air mixture එකේ ගැටළුවක් තියෙන්න පුළුවන්. නැත්නම් air filter එක block වෙලා, engine එක ගෙවිලා තියෙන නිසාත් එහෙම වෙන්න ඉඩ තියෙනවා. ඒක air filter එක දිහා බලලා check කර ගන්න පුළුවන්. ඊට අමතරව සුදු පාට, නිල් පාට වගේ දුමක් පිට වෙනවා නම්, එක්කෝ fuel, coolant නැත්නම් engine oil exhaust system එක ඇතුළට leak වෙනවා. මේ හේතූන් නිසා ලොකු වියදමක් කරලා engine එක repair කරන්න ඕනේ.

Fuel tank එකෙන් දුමක් එනවද?

Engine එක start එකේ තියෙනකොට, fuel cap එක ඇරියාම එතනින් සුදු දුමක් එන්න පුළුවන්. නැත්නම් engine oil උඩට එන්න පුළුවන්. එහෙම වෙනවා නම්, engine එක ගෙවිලා. මතක ඇතුව engine එක start එකේ තියෙනකොටම, මේක check කරන්න.

Second Hand diesel engine එකක් check කර ගන්න හරිම tips තමයි අද අපි ඔබට කිව්වේ. ඒ හැම tip එකක්ම ඔබට තනිවම කර ගන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් උවමනාවෙන් check කරලා, engine එක repair කරන්න ඕනෙද, replace කරන්න ඕනෙද කියලා බලන්න. ඊට පස්සේ අවශ්‍ය දේ කරන්න. එතකොට ඔබට කිසිම ලෙඩක් නැතුව ඔබේ Second Hand වාහනය බලා ගන්න පුළුවන්. හැබැයි මේ තියෙන risk එක නිසා, Second Hand වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, ඒ ගැන තව පාරක් හිතුවට නම් කමක් නැහැ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • භාවිතා කළ වාහන පිළිබඳ තොරතුරු

    Second-hand වාහනයක් මිලදී ගැනීමේදී 'Inspection Report' එකක වැදගත්කම

    time
    මිනිත්තු 3 කියවීම
  • භාවිතා කළ වාහන පිළිබඳ තොරතුරු

    වාහනයක accident තනිවම හොයාගන්නේ මෙහෙමයි

    time
    මිනිත්තු 2 කියවීම
  • භාවිතා කළ වාහන පිළිබඳ තොරතුරු

    සෙකන්ඩ් හෑන්ඩ් ඩීසල් එන්ජින් එකක් check කර ගන්න tips

    time
    මිනිත්තු 4 කියවීම
  • භාවිතා කළ වාහන පිළිබඳ තොරතුරු

    Used Vehicle එකක් ගන්නකොට අවධානය යොමුකළ යුතු කරුණු

    time
    මිනිත්තු 2 කියවීම
  • භාවිතා කළ වාහන පිළිබඳ තොරතුරු

    අනතුරට ලක් වූ යතුරුපැදියක් හඳුනා ගන්නේ කෙසේද?

    time
    මිනිත්තු 5 කියවීම
  • භාවිතා කළ වාහන පිළිබඳ තොරතුරු

    පාවිච්චි කළ යතුරුපැදියක් මිල දී ගැනීමේදී පරීක්ෂා කළ යුතු දේ

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Daihatsu Rocky 2026

    Compact SUV

    රු 12.5M - 12.9M

  • Honda Amaze 2025

    Sedan

    රු 11.2M - 12.6M

  • BYD Atto 2 2025

    Compact SUV

    රු 12.7M - 13.5M

  • Nissan Leaf 2026

    Compact electric crossover SUV

    රු 14M - 14.5M

  • Mazda 2 2026

    Hatchback

    රු 11.5M - 13.5M

  • Mazda CX-3 2026

    Crossover

    රු 14.8M - 18.5M

  • Mahindra Scorpio 2026

    Pickup

    රු 13.4M - 15.8M

  • Mercedes-AMG G 63 2026

    Luxury SUV

    රු 230M - 235M

  • Nissan Gravite Tekna 2026

    MPV

    රු 8.8M - 10.1M

  • Ford Ranger Super Duty 2026

    Pickup

    රු 58M - 64M

  • Renault Kiger 2025

    Compact SUV

    රු 8.8M - 9.6M

නවතම බයික් සමාලෝචන

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

  • KTM 390 SMC R 2025

    Motorbikes

    රු 3.8M - 4.4M

  • Honda ADV160 2025

    Scooters

    රු 500K - 610K

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!