2024 Honda Ridgeline රථයට Tough TrailSport Trim එකක් එකතු කරයි

time
මිනිත්තු 3 කියවීම
feature image

2024 Honda Ridgeline රථය දැන් trim හතරකින් පැමිණෙන අතර off-road TrailSport model එකක් දකින්න ලැබෙනවා. මෙහි ඇති all-terrain General Grabber A/T sport ටයර්, Ridgeline TrailSport සඳහා වැඩි grip එකක් එකතු කරනවා. ඒ වගේම redesign කරන ලද console එකක් සහ විශාල වේගවත් infotainment system එකක් සහිත සියලුම model වල On-road comfort එක වැඩි දියුණු කර තිබෙනවා. අද අපි MotorGuide weekly news තුළින් ඔබට කියන්නේ, මේ 2024 Honda Ridgeline රථයට Tough TrailSport Trim එකක් එකතු කිරීමේ හරිම විස්තරය ගැන.

2024 වර්ෂය සඳහා Ridgeline එක trim levels හතරකින් පිරිනමන බව වාර්තා වෙනවා. මෙහි entry sport, midrange RTL, new TrailSport හී skidplates සහ all-terrain rubber editions තිබෙනවා. සියලුම මාදිලි වල නව grill design එකක් දැක ගන්න පුළුවන්. TrailSport එහිම version එකක් ලබා ගෙන ඇති අතර, underbody protection එක, General Grabber A/T Sport tires ඇති pewter-gray 18inch wheels සහ power-folding mirrors දකින්න ලැබෙනවා. Tailgate එකේ Ridgeline නම මුද්‍රා කර තියෙන නිසා එමඟින්, proud look එකක් Honda Ridgeline එකේ rear එකට ලැබී තිබෙනවා.

මෙහි dual action tailgate එක open වෙන්නේ, traditional hinge-down format එකෙන්. Ridgeline එකට තියෙන්නේ, comfortable විදිහට යන්න පුළුවන්, හොඳ ඉඩ ප්‍රමාණයක් ඇති interior එකක්. Heated seats, luxury steering wheel එක සහ hidden storage එකක් ඇති rear seats දකින්න ලැබෙනවා. මෙහි interior එකේ ඇති ලොකුම physical change එක වෙන්නේ, විශාල padded armrest එක, deep dual cup holders සහ tablet එකක් හෝ කුඩා laptop එකක් සඳහා ඉඩ ඇති නව console එක. ඒ වගේම standard 7inch digital gauge cluster එකක් දැක ගන්න පුළුවන්. දකුණු පැත්තට 9inch infotainment screen එකක් සහ එය swipe කිරීමේදී අත රඳවා තබා ගැනීමට කුඩා ලෑල්ලක් Ridgeline interior එකට ඇතුළත් වනවා.

Ridgeline රථයට ලබා දී ඇති 3.5-liter V-6 engine එක හරහා 280 hp ක output එකක් සහ 262 pound-feet ක torque එකක් නිපදවනවා. මේ engine එක සම්බන්ධ වෙන්නේ, nine-speed transmission එකකට. TrailSport එක එකම චැසිය භාවිතා කර තිබෙනවා. මෙම TrailSport මඟින් වැලි, මඩ සහිත මාර්ග වල මෙන්ම on-road drive කරනකොට හොඳ performance එකක් ලබා ගැනීම සඳහා modify කරන ලද throttle සහ traction සහිත terrain modes කිහිපයක් ඉදිරිපත් කරනවා.

TrailSport හී, trim වලට අමතරව 2024 Ridgeline පෙළගැස්මට වෙනස් grill එකක්, unique wheels සහ HPD graphics ඇතුළත් වෙනවා. සියලුම Ridgeline මාදිලි Honda Sensing driver-assist features සමඟින් එන අතර නව මාදිලි මෙම වසරේ දෙසැම්බර් මාසයේ මුලදී විකිණීමට නියමිතව තිබෙනවා.

මේ Tough TrailSport Trim එකක් එකතු කරන ලද Honda Ridgeline රථය 2024 වර්ෂයේදී දැක ගන්න පුළුවන්. ඉතින් Honda Ridgeline රථය ගැන තවත් වැඩි විස්තර සහ වාහන ලෝකයේ සියලුම වාහන ගැන විස්තරත් සමඟින් දිගින් දිගටම ඔබව update කරන්න, MotorGuide අපි සූදානම්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • Honda Amaze 2025

    Sedan

    රු 11.2M - 12.6M

  • Honda Freed Hybrid 2025

    MPV

    රු 18.3M - 189M

  • Honda BR-V 2025

    Compact SUV

    රු 20M - 25M

  • Honda HR-V 2025

    Compact SUV

    රු 23M - 27M

  • Honda Vezel RS Premium 2025

    Compact SUV

    රු 28M - 32M

  • Honda CRV 2025

    SUV

    රු 28M - 35M

  • Honda City RS 2025

    Sedan

    රු 14.2M - 15.5M

  • Honda Civic RS 2025

    Sedan

    රු 14.2M - 15.1M

  • Honda Vezel 2022

    SUV

    රු 18M - 24M

  • Honda Step Wagon 2024

    Hatchback

    රු 23M - 29M

  • Honda Vezel 2024

    Compact SUV

    රු 20M - 26M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!