Fuel injectors dirt වුණොත් engine performance එකට වෙන බලපෑම හදුනාගනිමු

time
මිනිත්තු 3 කියවීම
feature image

අද motor guide අපි අද කතා කරන්න යන්නෙ වාහනයක engine එකේ ඉතා වැදගත් කොටසක් වන fuel injectors ගැනයි. විශේෂයෙන්ම මේ fuel injectors dirt වුණොත්, එහෙමත් නැත්නම් කුණු දූවිලි හෝ carbon deposits බැඳිලා අවහිර වුණොත්, ඔයාගේ වාහනයේ engine performance එකට මොන වගේ බලපෑමක්ද වෙන්නේ කියන එක ගැන තමයි අද අපි සරලවම කතා කරන්නේ.

මුලින්ම අපි බලමු මොකක්ද මේ fuel injector එකකින් ඇත්තටම වෙන්නේ කියලා. සරලවම කිව්වොත්, fuel tank එකේ ඉඳන් එන petrol හෝ diesel, engine එකේ combustion chamber එක ඇතුළට ඉතාම සියුම් මීදුමක් (fine mist) වගේ spray කරන එක තමයි fuel injector එකේ ප්‍රධානම රාජකාරිය. මේ විදිහට fine mist එකක් විදිහට fuel spray වුණොත් විතරයි, වාතයත් එක්ක හොඳට mix වෙලා සම්පූර්ණ දහනයක් (complete combustion) සිද්ධ වෙන්නේ. ඒ හරහා තමයි වාහනයට හොඳ power එකක් වගේම හොඳ fuel efficiency එකක් ලැබෙන්නේ.

හැබැයි කාලයක් යද්දී අපි පාවිච්චි කරන fuel වල තියෙන අපද්‍රව්‍ය නිසා වගේම, engine එක ඇතුළේ ඇතිවෙන carbon deposits නිසා මේ injectors වල තියෙන ඉතාම සියුම් සිදුරු (nozzles) අවහිර වෙන්න පටන් ගන්නවා. අන්න එහෙම injectors dirt වුණාම වාහනයේ engine performance එකට ලොකු බලපෑමක් එල්ල වෙනවා. අපි බලමු ඒ ප්‍රධාන බලපෑම් මොනවද කියලා.

පළවෙනිම දේ තමයි. වාහනයේ pickup එක සහ power එක අඩු වීම. ඔයා accelerator එක පාගද්දී වාහනය ඉස්සර වගේ ඉක්මනට ඉදිරියට ඇදෙන්නේ නැතුව, පොඩි hesitation එකක් හරි ගැස්සීමක් (jerking) එකක් හරි දැනෙන්න පුළුවන්. විශේෂයෙන්ම කන්දක් නගිද්දී හෝ වෙනත් වාහනයක් overtake කරන්න යද්දී වාහනයට අවශ්‍ය power එක නැහැ කියල ඔයාට හොඳටම දැනෙයි. මේකට හේතුව තමයි, injector එක අවහිර වෙලා නිසා engine එකට අවශ්‍ය නියමිත fuel ප්‍රමාණය වෙලාවට නොලැබෙන එක.

දෙවෙනි කාරණය තමයි. engine misfiring සහ rough idling. Injector එකක් හරියට වැඩ කරන්නේ නැති වුණාම, සමහර cylinders වලට fuel ලැබෙන එක අඩු වෙනවා. එතකොට engine එකේ දහනය අක්‍රමවත් වෙලා engine එක misfire වෙන්න පටන් ගන්නවා. වාහනය traffic එකක නවත්තලා තියෙද්දී, එහෙමත් නැත්නම් idle එකේ තියෙද්දී වාහනය අසාමාන්‍ය විදිහට දෙදරනවා (vibrate වෙනවා) වගේම RPM needle එක උඩ පහළ යනවා ඔයාට දකින්න පුළුවන්.

තුන්වෙනුවට බලපාන දේ තමයි. ඉන්ධන පරිභෝජනය (fuel consumption) වැඩි වීම. ගොඩක් අය හිතන්නේ injector එකක් block වුණාම fuel යන එක අඩු වෙන නිසා තෙල් පිච්චෙන එක අඩු වෙයි කියලා. නමුත් ඇත්තටම වෙන්නේ ඒකේ අනිත් පැත්ත. Injector එක dirt වුණාම fuel spray වෙන්නේ මීදුමක් වගේ නෙවෙයි, බිංදු බිංදු (dribbling) විදිහට. එතකොට fuel හරියට දහනය වෙන්නේ නැහැ. ඒ නිසා engine එකේ power එක අඩු වෙනකොට, වාහනයේ ECU (Engine Control Unit) එක හිතන්නේ fuel මදි කියලා. ඒ නිසා ECU එකෙන් තව තවත් fuel injectors වලට යවන්න උත්සාහ කරනවා. අවසානයේදී වෙන්නේ වාහනයේ තෙල් වැඩ කරන ප්‍රමාණය (fuel economy) ගොඩක් පහළ බහින එකයි.

Screenshot 2026-11-22 213950.jpg

හතරවෙනි බලපෑම තමයි. වාහනය start කරන්න අමාරු වීම (hard starting). විශේෂයෙන්ම උදේ පාන්දර වාහනය cold start කරද්දී, engine එක පණගැන්වෙන්න වෙනදට වඩා වැඩි වෙලාවක් crank කරන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට injector එකක් dirt වෙලා හරියට වැහෙන්නේ නැතුව තිබුණොත්, engine එක off කළාට පස්සෙත් cylinder එක ඇතුළට fuel leak වෙන්න පුළුවන්. ඒ නිසා ඊළඟ පාර start කරද්දී වාහනය start වෙන්නේ නැතුව හිර වෙන ගතියක් එන්න පුළුවන්.

මේ සේරටම දෝෂ වලට අමතරව, dashboard එකේ Check Engine Light එක පත්තු වෙන්නත්, exhaust එකෙන් කළු දුම් (black smoke) පිටවෙන්නත් පුළුවන්. මේක දිගටම තිබුණොත් catalytic converter එකට පවා හානි වෙන්න ඉඩ තියෙනවා.

අවසාන වශයෙන් motor guide අපේ උපදෙස තමයි, හැමවෙලේම විශ්වාසවන්ත filling station එකකින් පිරිසිදු fuel ගහන්න වගබලා ගන්න. ඒ වගේම වාහනයේ fuel filter එක නියමිත service interval එකේදී මාරු කරන්නත්, කිලෝමීටර් 10,000 කට හෝ 15,000 කට වරක් හොඳ තත්ත්වයේ fuel injector cleaner additive එකක් fuel tank එකට එකතු කරන්නත් අමතක කරන්න එපා. එහෙම කළොත් ඔයාට injectors ලොකු වියදමක් දරලා repair කරන්න හෝ replace කරන්න වෙන එක වළක්වා ගන්න පුළුවන්.

ඒ වගේම මේ වගේ නවීන වාහන ගැන සහ තාක්ෂණික තොරතුරු දැනගන්න Motor guide එක්ක එකතු වෙලා ඉන්න කියලත් මතක් කරනවා.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Cold weather හෝ වැසි කාලයේ engine start ගැටලු සහ විසදුම්

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක fuse box එක සහ fuse blown වුණොත් troubleshoot කරන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Power steering fluid අඩු වුණොත් steering system එකට වෙන හානිහදුනාගනිමු

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Fuel injectors dirt වුණොත් engine performance එකට වෙන බලපෑම හදුනාගනිමු

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක් overheating වුණොත් කරන්න ඕනෙ දේවල් හදුනාගනිමු.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads සහ brake discs අතර වෙනස සහ මාරු කරන කාලය හදුනාගනිමු.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch slip කියන්නේ මොකද්ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Half clutch drive කරන එකෙන් වෙන damage එක.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate life එක වැඩි කරගන්න tips.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine mounts worn වුණාම වාහනයේ vibration වැඩි වෙන හැටි.

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Deepal E07 RWD 2026

    Compact SUV

    රු 30.6M - 31.2M

  • Lexus LM 350h 2026

    MPV

    රු 95M - 115M

  • Toyota Vellfire Hybrid Z Premier 2025

    MPV

    රු 58M - 64M

  • Hyundai Ioniq 9 Long Range RWD 2026

    SUV

    රු 37.9M - 40M

  • Hyundai Ioniq 6 Long Range RWD 2026

    Sedan

    රු 24.6M - 25M

  • Hyundai Palisade Calligraphy Hybrid 2026

    SUV

    රු 63M - 65M

  • Tata Nexon EV Empowered+ A45 2026

    Compact SUV

    රු 14.3M - 14.7M

  • BYD Sealion 5 Premium 2026

    Compact SUV

    රු 20.7M - 20.7M

  • BYD Sealion 5 Dynamic 2026

    Compact SUV

    රු 19.5M - 19.5M

  • Hyundai Tucson 1.6 T-GDI AWD 2026

    SUV

    රු 19.5M - 24.5M

  • 2026 Honda CR-V e:HEV AWD

    Compact SUV

    රු 36.5M - 36.7M

  • Mazda CX-5 G25 AWD 2026

    SUV

    රු 23.5M - 29.5M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Aerox 155 Version S 2026

    Scooters

    රු 1.4M - 1.5M

  • Yamaha NMAX 155 Tech MAX 2026

    Scooters

    රු 1.6M - 1.6M

  • Honda CB150R Neo Sports Café 2026

    Motorbikes

    රු 1.7M - 2M

  • Honda CB150R StreetFire 2026

    Motorbikes

    රු 2M - 2M

  • Yamaha FZ-S V4 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • TVS NTorq 150 TFT 2026

    Scooters

    රු 1.1M - 1.2M

  • Suzuki Burgman Street 125 Ride Connect TFT Edition 2026

    Scooters

    රු 1.2M - 1.3M

  • Honda PCX160 ABS 2026

    Scooters

    රු 1.7M - 1.9M

  • Yamaha XSR155 2026

    Motorbikes

    රු 1.5M - 1.8M

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!