Insurance වර්ග මොනවද?

time
මිනිත්තු 5 කියවීම
feature image

දවසක් විතර පාරට බැහැලා, පාරෙ යන එන වාහන දිහා බලාගෙන හිටියොත්, සිද්ධ වෙන අනතුරු වලින් පොතක් වුණත් ලියන්න පුළුවන්. ඒ තරම් වාහන අනතුරු එමටයි. හැබැයි ඒ අනතුරු වලට ලක් වෙන හැම වාහනයක්ම හරිම විදියට insurance කරලද තියෙන්නෙ? ලංකාවෙ නීතිය අනුව නම්, වාහනයක් මහ පාරට දානකොට රථ වාහන රක්ෂණයක් තිබීම අනිවාර්යය දෙයක්. මොකද දෙනෝදාහක් යන එන මහ පාරෙ ඔබ මේ ගෙනියන්නෙ යකඩ ගොඩක්. ඒකෙ වගකීම ඔබ භාර ගන්න ඕනෙ. හැබැයි කරන්නං වාලෙ insure කරලා වැඩක් නෑ. මේකෙ theory එක හරියටම දැනගෙන ඉන්න ඕනෙ. MotorGuide අද ඔබට කියන්නෙ, වාහනයක් insure කරන විදිය සහ insurance වර්ග ගැනයි.

Motor Insurance කියන්නෙ මොකක්ද?

වාහන අනතුරු වලින් වාහන වලටත්, වාහන වල ගමන් කරන අයට වගේම බාහිර පාර්ශවයන්ටත් හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ සඳහා වන්දි ලබා ගැනීම පිණිස වාහන හිමියන්ට ලබා ගන්න පුළුවන් රක්ෂණාවරණයක් තමයි මේ motor insurance කියන්නෙ.

මොකක්ද මේ රක්ෂණීය අයිතිය?

වාහනයක රක්ෂණීය අයිතිය තියෙන්නෙ, වාහනයේ වර්තමාන අයිතිකරුට. එතකොට insurance එකට හිමිකම් ලබන්න අයිතියක් තියෙන්නෙ, රක්ෂණීය අයිතිකරුට. ඒ අනුව වාහනයක insurance එක එහි වර්තමාන අයිතිකරුගේ නමින් තමයි තියෙන්න ඕනෙ. අනතුරකදි වාහනයේ පෙර අයිතිකරුගේ නමින් තිබෙන රක්ෂණාවරණය යටතේ හිමිකම් ලබා ගන්න ඔබට හැකියාවක් නෑ.

නියම වටිනාකමට insurance කරන්න

වාහනයේ වෙළඳපොළ වටිනාකමට රක්ෂණාවරණය ලබා ගන්න. මොකද රක්ෂණයේදි හානිය පියවීම සිද්ධ වෙන්නෙ (හානි පූරණය) වෙළඳපොළ වටිනාකම පදනම් කරගෙන. ඉතින් අඩු වටිනාකමකට රක්ෂණය කළොත් අඩු වන්දියක් ලැබෙන්න ඉඩ තිබෙනවා. හැබැයි වැඩි වටිනාකමකට රක්ෂණය කළත් වන්දිය ලැබෙන්නෙ වෙළඳපොළ වටිනාකමට විතරයි.

වාහනයේ භාවිතයට අදාළ රක්ෂණාවරණය ලබා ගන්න

ඔබ වාහනය භාවිතා කරන්නෙ, මොන කාරණාවක් සඳහාද කියලා, රක්ෂණ සමාගමට හෙළිදරව් කරන්න ඕනෙ. උදාහරණයක් විදියට පුද්ගලික, මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය (හයරින් හෝ රෙන්ටින්), රියදුරු පුහුණුව වගේ භාවිතාවන් ගැන රක්ෂණ යෝජනා පත්‍රය මඟින් අදාළ රක්ෂණ සමාගම වෙත හෙළිදරව් කරන්න ඕනෙ. ගෙවන්න ඕනෙ වාරිකය සහ අදාළ කොන්දේසි තීරණය වෙන්නෙ, වාහනයේ අපේක්ෂිත භාවිතය මත නිසා, ඔබ එහෙම නොකළොත් රක්ෂණ වන්දි නොලැබෙන්න පුළුවන්.

වාරික ගෙවීමේ බැඳුම්කරය

රක්ෂණාවරණය ආරම්භ වෙන දවසෙ ඉඳලා දවස් 60 ක කාල සීමාව expire වෙන්න කළිං සම්පූර්ණ රක්ෂණ වාරිකය ගෙවා නිම කරන්න ඕනෙ බවට රක්ෂණ සමාගම එකඟ වෙලා තියෙනවා නම්, ඒ විදියට අදාළ මුදල ගෙවා නිම කරන්න වග බල ගන්න ඕනෙ. නැත්නම් දැනුම් දීමකින් තොරව රක්ෂණ ඔප්පුව අවලංගු වන අතර ඒ යටතේ කිසිම හිමිකම්පෑමක් කිරීමෙන් වන්දි ලබා ගන්න ඔබට නොහැකි වෙනවා.

අනතුරක් වූ වහාම දැනුම් දෙන්න

වාහනය අනතුරට ලක් වූ වහාම, ඒ පිළිබඳව අදාළ රක්ෂණ සමාගමට දැනුම් දීලා හිමිකම් ලබා ගැනීම සඳහා අනුගමනය කරන්න ඕනෙ පියවර පිළිබඳව උපදෙස් ලබා ගන්න. Driver විසින් අනතුර ගැන ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දීම රථ වාහන ආඥා පනත යටතේ අනිවාර්යය කරලා තිබෙනවා.

Insurance වර්ග මොනවද?

ලංකාවෙ රක්ෂණ වර්ග තුනක් තිබෙනවා:

  1. Full Insurance / Comprehensive insurance
  2. 3rd Party Insurance
  3. 3rd Party Fire & Theft

1. Full Insurance

මේක සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණයක්. ඔබ කරලා තියෙන රක්ෂණ වර්ගය අනුව වන්දි ගෙවනවා. හැබැයි ඔබට වන්දිය ලැබෙන්නෙ, ආවරණය කරලා තියෙන අනතුරු වර්ගයට විතරයි. වාහනයකට අවශ්‍ය වැදගත් ආවරණ රැසක් තිබෙනවා. ඒ නිසා ඔබ ඒ ආවරණ ටික රක්ෂණය කරගන්න ඕනෙ. මොකද හදිසියේ හරි ඔබ රක්ෂණය කරලා නැති අනතුරක් වාහනයට වුණොත් වන්දි හම්බෙන්නෑ.

අදාළ වාහනයට සිදු වන හානි, driver ට, වාහනයේ යන මගීන්ට හා භාණ්ඩ වලට, බාහිර පුද්ගලයන්ට හා දේපළ වලට සිදු වන හානි ආවරණය කරන රක්ෂණයක් තමයි, full option කියන්නෙ. මේ යටතේ ගංවතුර වගේ තවත් අතිරේක ආපදවන්ද ආවරණය කරගන්න පුළුවන්.

බොහෝ දෙනා ස්වභාවික ආපදා රක්ෂණය කරන්නෑ. එතකොට ගංවතුර වගේ ආපදාවකදි ඒ වන්දිය ලැබෙන්නෑ. ඒ නිසා ස්වභාවික ආපදා අනිවාර්යයෙන් ආවරණය කරන්න. අනිත් එක තමයි වාහනයක් lease කරනවා නම්, අනිවාර්යයෙන්ම full insurance කරන්න වෙනවා. ඒක තමයි finance කරනවා නම් රටේ නීතිය. මේ full option වල වර්ග තුනක් තිබෙනවා. ඒ තමයි,

Private Use

එදිනෙදා භාවිතයට ගන්නා වාහනයට වෙනම insurance කරන්න ඕනෙ.

හයරින් (Hiring)

ඔබ යටතේ වැටුප් ලබන driver කෙනෙක් විසින් මුදල් අය කරමින්, භාණ්ඩ හා මිනිසුන් ප්‍රවාහනය කරනවා නම්, ඒක වෙනම insurance කරන්න ඕනෙ.

Renter Vehicle

Car rent service එකක් තියෙනවා නම්, ඒකට වෙනම insurance එකක් දාන්න.

මේ හැම අවස්ථාවකදිම insurance කරන්න හේතුව, නැත්නම් අනතුරක් වුණොත් ඔබට වන්දියක් හම්බ වෙන්නෑ.

ඔබ ළඟ තියෙන්නෙ මිල අධික වාහනයක් නම්, නැත්නම් දවසකට 200 km ක් 300 km ක් වගේ දුරක් වාහනේ යනවා නම්, එහෙමත් නැත්නම් සෑහෙන කාර්යබහුල පාරක නම් ඔබේ වාහනේ යන්නෙ, අනිවාර්යයෙන්ම full option එකකට යන එක තමයි හොඳ.

2. 3rd Party Insurance

බොහෝ දෙනා මේ insurance එක දාගන්න හේතුව තමයි, අනිත් insurance වලට වඩා ගණං අඩු වීම. මේකෙදි අපෙන් හානි වෙන තුන්වෙනි පාර්ශවයට තමයි ගෙවීම් කරන්නෙ. අපිට ගෙවීම් කරන්නෑ. ඒ කියන්නෙ, බාහිර පුද්ගලයන්ට හා දේපළ වලට සිදු වන හානි පමණක් මේ මඟින් ආවරණය කෙරෙනවා. ලංකාවෙ පවතින නීතිය තමයි, full insurance එකකට ගියෙ නැතත්, 3rd party insurance එකක් අනිවාර්යයෙන් දාගන්න ඕනෙ. ඉතින් ඔබට ඕනෙම වාහනයක් මාර්ගයේ ධාවනය කරන්න නම් අඩුම තරමින් 3rd party insurance එකක්වත් ලබාගෙන තියෙන්නම ඕනෙ.

අනිත් එක තමයි ඔබේ වාහනය වැඩි දුරක් ධාවනය කරන් නැත්නම්, 3rd party insurance එකකට යන එක හොඳයි.

3. 3rd Party Fire & Theft

මේ insurance එකෙන් ලබා ගන්න පුළුවන්, සීමිත ආවරණ කිහිපයක් විතරයි. ගින්නෙන් හා සොරකම් කිරීම් වලින් වාහනයට සිදු වන හානි වලට අමතරව බාහිර පුද්ගලයන්ට (තුන්වන පාර්ශවය) හා දේපළ වලට සිදු වන හානි මේ insurance එකෙන් ආවරණය කෙරෙනවා.

දැන් ඔබට හරි අවබෝධයක් ඇති, වාහනයක් හරියටම insurance කරන්නෙ කොහොමද කියන දේ ගැන. ඉතින් ඔබේ වාහනයක් හරි, දන්න කියන කෙනෙක්ගෙ වාහනයක් හරි insurance කරනකොට, අද කියපු විදියට කරන්න අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!