මොකද්ද මේ Forward Collision Warning (FCW) කියන්නෙ?

time
මිනිත්තු 4 කියවීම
feature image

Motor Guide අපි අද කතා කරන්න යන්නෙ මේ දවස්වල අලුත් වාහන වල ගොඩක් කතාබහට ලක්වෙන, ඒ වගේම අපේ ආරක්ෂාවටම දාපු අතිශයින්ම වැදගත් තාක්ෂණික පහසුකමක් වෙන Forward Collision Warning (FCW) එහෙමත් නැත්තම් පෙර අනතුරු ඇඟවීමේ පද්ධතිය ගැනයි. අපි මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදියට දකිනවා මේ දවස්වල ගොඩක් අය මේ සිස්ටම් එක හරියටම වැඩ කරන්නේ කොහොමද කියල හරියටම දන්නේ නැහැ. ඒ නිසා අපි අද මේ ගැන මුල ඉඳන් අගටම තාක්ෂණික පැත්ත පැහැදිලි කරලා කතා කරමු.

මොකද්ද මේ FCW කියන්නේ?

මුලින්ම අපි බලමු මොකද්ද මේ Forward Collision Warning (FCW) කියන්නේ කියලා. සරලවම කිව්වොත්, මේක වාහනයක සිදුවිය හැකි අනතුරක් කලින්ම හඳුනාගෙන රියදුරුට අනතුරු අඟවන (Warning) අති නවීන ආරක්ෂක පද්ධතියක්. මෙතනදී මතක තියාගන්න ඕන දෙයක් තමයි, මේ සිස්ටම් එකෙන් වාහනය ස්වයංක්‍රීයව බ්‍රේක් කරන්නේ නෑ. මේකෙන් කරන්නේ ඉදිරියේ අනතුරක් තියෙනවා කියලා රියදුරුට ශබ්දයකින්, ආලෝක සංඥාවකින් හෝ සුක්කානම කම්පනය කිරීමකින් කලින්ම දන්වන එක විතරයි. හැබැයි මේක සමහර වාහන වල තියෙන Autonomous Emergency Braking (AEB) එහෙමත් නැත්තම් ස්වයංක්‍රීයව හදිසි බ්‍රේක් යෙදීමේ පද්ධතියත් එක්ක එකතු වෙලා තමයි වැඩ කරන්නේ.

මෙය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?

දැන් අපි බලමු මේ පද්ධතිය වාහනය ඇතුළේ වැඩ කරන්නේ කොහොමද කියල. මේක පදනම් වෙලා තියෙන්නේ විවිධ සෙන්සර් සහ කැමරා තාක්ෂණය උඩ. මේ පද්ධතියේ ප්‍රධානම අංගයක් තමයි වාහනයේ ඉදිරිපස ග්‍රිල් එකේ හෝ බම්පර් එකේ සවි කරලා තියෙන රේඩාර් (Radar) සෙන්සර් සහ වින්ඩ්ස්ක්‍රීන් එකේ උඩ කොටසේ, එනම් රියදුරුට ඉහළින් අභ්‍යන්තර කණ්ණාඩිය අසල සවි කරලා තියෙන ස්ටීරියෝ කැමරා (Stereo Cameras) පද්ධතිය. සමහර වාහන වල මේකත් එක්ක ලේසර් ස්කෑනර් පවා පාවිච්චි කරනවා. මේ සෙන්සර් සහ කැමරා වලින් අඛණ්ඩව වාහනයට ඉදිරියෙන් තියෙන පාර, පාරේ යන අනෙකුත් වාහන, පදිකයන් සහ සතුන් ගැන තොරතුරු මැන බලනවා.

FCW Sensors and Camera

තාක්ෂණික ක්‍රියාවලිය

මේ ක්‍රියාවලිය ටිකක් ගැඹුරින් තේරුම් ගනිමු. මේ රේඩාර් තරංග හෝ ලේසර් කදම්භ ඉදිරියට නිකුත් කරලා ඒවා ආපසු පරාවර්තනය වී එන වේලාව (Time of Flight) හරහා ඉදිරියෙන් යන වාහනයට තියෙන දුර සහ අපේ වාහනයේ වේගය අතර වෙනස (Relative Speed) පරිගණක ECU (Electronic Control Unit) එක මඟින් ඉතාම කාර්යක්ෂමව, මිලි තත්පර ගණනක් ඇතුළත ගණනය කරනවා. මෙතැනදී ප්‍රධාන වශයෙන් මැන බලන්නේ Time to Collision (TTC) කියන කාලයයි. ඒ කියන්නේ මේ යන වේගයෙන් ගියොත් තත්පර කීයකින් ඉදිරි වාහනයේ වැදෙන්න පුළුවන්ද කියන එකයි.

මේ සෙන්සර් වලින් ලැබෙන දත්ත රියල් ටයිම් (Real-time) පරිගණක පද්ධතිය මඟින් විශ්ලේෂණය කරද්දී, ඉදිරියෙන් යන වාහනය හදිසියේ බ්‍රේක් කළොත් හෝ අපේ වාහනය එයට අනතුරුදායක ලෙස ළං වුණොත්, පද්ධතිය මඟින් පියවර කිහිපයකට අනතුරු ඇඟවීම් නිකුත් කරනවා. මුල් අවස්ථාවේදී ඩෑෂ්බෝඩ් එකේ කහ පාට ලයිට් එකක් පත්තු වෙලා සද්දයක් එනවා. තත්වය තවත් බරපතල නම්, ඒ කියන්නේ තත්පර කිහිපයකින් අනතුරක් වෙන්න ඉඩ තියෙනවා නම්, තදින් බීප් ශබ්ද නිකුත් කරමින් රියදුරුගේ අවධානය ක්ෂණිකව ලබා ගන්නවා.

මේකේ තියෙන වැදගත්ම තාක්ෂණික කාරණයක් තමයි ව්‍යාජ අනතුරු ඇඟවීම් (False Positives) අවම කරගැනීම. පාර අයිනේ තියෙන ලාම්පු කණු, පාර හරහා යන පක්ෂීන්, හෝ පාරේ තියෙන බෝඩ් ලෑලි දැකලා මේ සිස්ටම් එක අනවශ්‍ය විදිහට බ්‍රේක් කරන්න ගියොත් ඒක ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි කැමරා සහ රේඩාර් දෙකම එකතු කරලා ඩේටා ෆියුෂන් (Data Fusion) කියන ක්‍රමයට මේක ක්‍රියාත්මක කරන්නේ. කැමරාවෙන් දකින දේ රේඩාර් එකෙන් තහවුරු කරගත්තම පමණයි පද්ධතිය තීරණය කරන්නේ සැබෑ අනතුරක් ඉදිරියෙන් තියෙනවා කියලා.

පද්ධතියේ සීමාවන්

ඒ වගේම මතක තියාගන්න ඕන කරුණක් තමයි, මේ පද්ධතියටත් සීමාවන් තියෙනවා. අධික වැස්ස, මීදුම, හිම පතනය වගේ කාලගුණික තත්ත්වයන් යටතේ රේඩාර් තරංග හෝ කැමරා වල දෘශ්‍යතාව අඩුවෙන්න පුළුවන්. ඒ වගේම සෙන්සර් මත මඩ හෝ දූවිලි තැන්පත් වුණොත් පද්ධතිය ක්‍රියාත්මක නොවීම නිසා ඩෑෂ්බෝඩ් එකේ 'FCW Unavailable' කියල එරෝ එකක් පෙන්නනවා. ඒ නිසා අපි නිතරම නිර්දේශ කරන්නේ වාහනයේ සෙන්සර් සහ කැමරා තියෙන තැන් පිරිසිදුව තබා ගන්න කියලයි.

රියදුරුගේ වගකීම සහ නඩත්තුව

අපේ රටේ තත්ත්වය ගැන බැලුවහම, මේ වගේ අති නවීන තාක්ෂණයන් අපේ වාහන වලට එකතු වෙද්දී ඒවා ගැන නිසි අවබෝධයක් තියෙන්න ඕනේ. ගොඩක් අය හිතන්නේ මේ සිස්ටම් එක තිබ්බම වාහනය පාරේ පාඩුවේ යන්න පුළුවන් කියලා. නෑ, මේක උදව්වට තියෙන ඩ්‍රයිවර් ඇසිස්ටන්ස් (Driver Assistance) සිස්ටම් එකක් මිසක් රියදුරුගේ වගකීම සම්පූර්ණයෙන්ම භාරගන්න ඔටෝපයිලට් සිස්ටම් එකක් නෙවෙයි. රිය පැදවීමේදී පූර්ණ වගකීම තියෙන්නේ රියදුරු අතේමයි.

මෙන්න මේ කරුණු නිසා, ඔබ ඔබේ වාහනය පදවන විට මේ Forward Collision Warning පද්ධතිය හරියට වැඩ කරනවද කියලා අදාළ සේවා කාල සීමාවලදී පරිගණක ස්කෑනර් මඟින් චෙක් කරවා ගැනීම ඉතාම වැදගත්. කැමරා කැලිබ්‍රේෂන් (Camera Calibration) කරන එකත් හරිම වැදගත්, මොකද වින්ඩ්ස්ක්‍රීන් එක මාරු කළොත් හෝ ඇක්සිඩන්ට් එකක් වෙලා කැමරාව වෙනස් වුණොත් මේක හරියට වැඩ කරන්නේ නෑ.

Motor Guide අපේ උපදෙස

Motor Guide අපේ උපදෙස තමයි නවීන වාහන තාක්ෂණය කියන්නේ අපේ ආරක්ෂාවට දීපු හොඳම තෑග්ගක්. ඒත් Forward Collision Warning වගේ සිස්ටම් මත සම්පූර්ණයෙන්ම යැපෙන්න එපා. හැමතිස්සෙම පාරේ අවධානයෙන්, ඉදිරි වාහනයට තියෙන ආරක්ෂිත දුර (Safe Following Distance) තියාගෙන වාහනය පදවන්න. සෙන්සර් පිරිසිදුව තියාගන්න. මේ තාක්ෂණය අපිට උදව්වක් මිසක් රියදුරුගේ අවධානය වෙනුවට ආදේශකයක් නෙවෙයි කියන එක කවදාවත් අමතක කරන්න එපා. ඒ වගේම නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක රැඳී ඉන්න කියලත් මතක් කරනව.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Auto Hold Function එක වැඩ කරන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Steering dampers පාවිච්චි කරන්නෙ මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Turbo එන්ජින් සහ Natural Aspirated එන්ජින් අතර වෙනස

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Long Wheelbase (දිගු රෝද පාදම) කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Hill Hold Assist කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Turbo Lag එක කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Nissan X-Trail හිමියන්ට හිසරදයක් වුණ Jatco CVT

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොනවද මේ DRL (Daytime Running Light) කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Forward Collision Warning (FCW) කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Torsion Bar Suspension කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

  • Suzuki Swift ZXi+ AGS 2025

    Hatchback

    රු 10M - 12.5M

  • Suzuki Baleno Alpha 2025

    Hatchback

    රු 10.7M - 11.5M

  • BYD Sealion 8 DM-p 2026

    SUV

    රු 34.8M - 35M

  • Renault Triber Emotion Easy-R AMT 2025

    Compact MPV

    රු 8.5M - 11M

  • GWM Tank 500 HEV 2026

    SUV

    රු 43M - 43.7M

  • Hyundai Santa Fe Hybrid Calligraphy 2026

    SUV

    රු 37.9M - 40M

  • Kia Sorento Hybrid SX Tech Pack 2026

    SUV

    රු 34.5M - 38.8M

  • Chery Tiggo 9 PHEV 2026

    SUV

    රු 28.8M - 32.7M

  • BYD SEALION 8 Dynamic DM-i 2026

    SUV

    රු 29.9M - 31.5M

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

නවතම බයික් සමාලෝචන

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!