Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

time
මිනිත්තු 5 කියවීම
feature image

Motor Guide අපි අද කතා කරන්න යන්නෙ වාහනයක මැනුවල් ගියර් පෙට්ටියක තියෙන අතිශයින්ම වැදගත් කොටසක් වන ක්ලච් තැටිය එහෙමත් නැත්තම් Clutch Plate එක ගෙවිලද කියල (Worn out) පහසුවෙන් හඳුනාගන්නේ කොහොමද කියන එක ගැනයි. අපි මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදියට දකිනවා ගොඩක් වාහන හිමියන් ක්ලච් එක සම්පූර්ණයෙන්ම ගෙවිල පාර අතරමං වෙනකම්ම මේක තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා අපි අද මේ ගැන මුල ඉඳන් අගටම තාක්ෂණික පැත්ත පැහැදිලි කරලා කතා කරමු.

ක්ලච් ප්ලේට් එකේ කාර්යය

මුලින්ම අපි බලමු මොකද්ද මේ ක්ලච් ප්ලේට් එකේ වැඩේ කියලා. සරලවම කිව්වොත්, එන්ජිමේ ක්‍රියාකාරීත්වය මඟින් ජනනය වන බලය ගියර් පෙට්ටිය හරහා රෝද වලට සම්ප්‍රේෂණය කිරීම පාලනය කරන්නේ මේ ක්ලච් තැටිය මඟින්. එන්ජින් Flywheel එක සහ ප්‍රෙෂර් ප්ලේට් Pressure Plate එක අතර මැදිව තද වී තියෙන මේ ක්ලච් ප්ලේට් එකේ මතුපිට සවි කරලා තියෙන Friction Lining එහෙමත් නැත්තම් ඝර්ෂණ පටල ගෙවී යාම තමයි අපි මේ ක්ලච් වෝන් වෙලා කියල හඳුන්වන්නේ. මේක ගෙවුනාම එන්ජිමෙන් දෙන බලය හරියට ගියර් බොක්ස් එකට යන්නේ නැතුව ස්ලිප් වීමක් (Clutch Slipping) සිද්ධ වෙනවා.

1. Clutch Slipping (බලය හරිහැටි නොයාම)

දැන් අපි බලමු මේ ක්ලච් ප්ලේට් එක ගෙවිලා කියලා හඳුනාගන්න පුළුවන් ප්‍රධානම ලක්ෂණය මොකද්ද කියලා. අපි වාහනය පදවාගෙන යද්දී, උදාහරණයක් විදිහට ඉහළ ගියර් එකක (3, 4 හෝ 5 වැනි ගියර් එකක) යද්දි, එකපාරටම Accelerator pedal එක තද කළොත්, එන්ජිමේ ආර්.පී.එම් (RPM) එක වේගයෙන් ඉහළ යනවා හැබැයි වාහනයේ වේගය ඒ එක්කම වැඩි වෙන්නේ නැහැ. මේකට තමයි අපි කියන්නේ Clutch Slipping කියලා. එන්ජින් පවර් එක වීල් වලට හරියට යන්නේ නැතුව අතරමඟදී ක්ලච් ප්ලේට් එක ලිස්සලා යන නිසා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ.

2. ක්ලච් පෙඩල් එකේ මට්ටම වෙනස් වීම

දෙවනුව, අපි සැලකිලිමත් වෙන්න ඕන තවත් වැදගත් තාක්ෂණික ලක්ෂණයක් තමයි ක්ලච් පෙඩල් එකේ මට්ටම වෙනස් වීම. සාමාන්‍යයෙන් හොඳ ක්ලච් පද්ධතියක පෙඩලය පාගද්දී ක්‍රියාත්මක වන ලක්ෂය (Biting Point) තියෙන්නේ පෙඩලය මැදට වෙන්න වගේ. හැබැයි ක්ලච් ප්ලේට් එක ගෙවී යද්දී ප්‍රෙෂර් ප්ලේට් එකේ ෆින්ගර්ස් (Diaphragm Spring fingers) උඩට එන නිසා, පෙඩලය පාගන්න ඕන කරන දුර වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට ක්ලච් ප්ලේට් එක ගෙවුනම ක්ලච් පෙඩලය මුදාහරිනකොට හුඟක් උඩින් තමයි වාහනය යන්න පටන් ගන්නේ.

3. කඳු නගින්න අමාරු වීම

තුන්වන කරුණ තමයිවාහනයට කඳු නගින්න අමාරු වීම. ඔබ කඳු සහිත ප්‍රදේශයක පදවන විට හෝ වාහනයට බර පටවාගෙන යන විට, සාමාන්‍ය පරිදි ගියර් දාලා ඇක්සලේටර් කළත් වාහනය ඉස්සරහට යන්න බලයක් නැති වගේ දැනෙනවා නම්, ඒ වගේම බෑවුමක වාහනය නවත්වලා ආපහු පණ ගන්වද්දී වාහනය පස්සට බර වෙනවා නම්, ඒකත් ක්ලච් ප්ලේට් එක ගෙවී ගොස් ඇති බවට ප්‍රබල ලක්ෂණයක්. මේ වගේ අවස්ථාවලදී ක්ලච් ප්ලේට් එකේ ඝර්ෂණය අඩුවී තිබීම නිසා එන්ජින් ව්‍යාවර්ථය (Engine Torque) රෝද වෙත සම්ප්‍රේෂණය වීම අඩාල වෙනවා.

4. අමුතු සුවඳ (Burning Smell)

හතරවනුව, අපි කතා කළ යුතු තවත් දෙයක් තමයි ක්ලච් ප්ලේට් එක ගෙවුනාම එන අමුතු සුවඳ. ඔබ ට්‍රැෆික් එකේ වාහනය පදවනකොට, හෝ ටික දුරක් ගිහින් බහිද්දී බේක් ලයිනිං පුච්චනවා වගේ දැඩි ගඳක් (Burning Smell) එනවා නම්, ඒකෙන් කියවෙන්නේ ක්ලච් ප්ලේට් එක ෆ්ලයිවීල් එකත් එක්ක තදින් ඝර්ෂණය වෙමින් අධික ලෙස රත් වෙනවා කියන එකයි. මේක දිගින් දිගටම වුණොත් ක්ලච් ප්ලේට් එක සම්පූර්ණයෙන්ම පිච්චී යන්න පුළුවන්.

5. ගියර් මාරු කිරීමේ අපහසුතාව

පස්වෙනි එක තමයි, ගියර් මාරු කිරීමේ අපහසුතාව (Gear Shifting Issues). ගොඩක් අය හිතන්නේ ගියර් හිර වෙන්නේ gear box එකේ අවුලකින් කියලා. හැබැයි ක්ලච් ප්ලේට් එක හරියට ඩිස්කනෙක්ට් වෙන්නේ නැත්නම් (Clutch Dragging), එහෙමත් නැත්තම් ක්ලච් පද්ධතියේ පීඩනය අඩු නම්, ගියර් එකකට දාද්දී සද්දයක් එනවා වගේම ගියර් මාරු කරන්න අමාරු වෙනවා. මේකට හයිඩ්‍රොලික් ක්ලච් මාස්ටර් සිලින්ඩර් හෝ ස්ලේව් සිලින්ඩර් වල දෝෂ වගේම ක්ලච් ප්ලේට් එකේ දෝෂත් බලපාන්න පුළුවන්.

6. අසාමාන්‍ය ශබ්ද (Noises)

ඒ වගේම, ක්ලච් එක ක්‍රියාත්මක වෙද්දී එන අසාමාන්‍ය ශබ්ද (Noises) ගැනත් අපි සැලකිලිමත් විය යුතුයි. ඔබ clutch paddle පාගන මොහොතේදී මොනවා හෝ අමුතු ශබ්දයක් (උදාහරණයක් ලෙස 'චීස්' ගාන හෝ ඝර්ෂණ ශබ්දයක්) ඇහෙනවා නම්, ඒකට හේතුවෙන්න පුළුවන් ක්ලච් රිලීස් බෙයාරිං (Clutch Release Bearing) එක ගෙවී යාමයි. සාමාන්‍යයෙන් ක්ලච් ප්ලේට් එක මාරු කරනකොට මේ රිලීස් බෙයාරිං එකත් මාරු කිරීම තමයි කාර්මික විදිහට නිවැරදි ක්‍රමය වෙන්නේ.

ක්ලච් එක පරීක්ෂා කිරීමේ සරල ක්‍රමයක්

මේ දෝෂ පරීක්ෂා කරගන්න අපි සාමාන්‍යයෙන් කරන සරල ක්‍රමයක් තියෙනවා. වාහනය නැවතුණු තත්වයේ තියලා, හැන්ඩ් බ්‍රේක් එක තදින් අඳින්න. දැන් එන්ජිම ස්ටාර්ට් කරලා 3 වැනි ගියර් එක දාලා සෙමෙන් ක්ලච් පෙඩලය අතහරින්න. එන්ජිම එකපාරටම ක්‍රියා විරහිත වී (Stall) නතර වෙනවා නම්, ඔබේ ක්ලච් ප්ලේට් එක තාම හොඳ මට්ටමේ තියෙනවා කියල තේරුම් ගන්න පුළුවන්. හැබැයි එන්ජිම නතර නොවී දිගටම ක්‍රියාත්මක වෙනවා නම්, නැත්නම් ටිකක් වෙලා ගිහින් නතර වෙනවා නම්, ඒකෙන් පැහැදිලි වෙනවා ඔබේ ක්ලච් ප්ලේට් එක ගෙවිලා ගිහින් ස්ලිප් වෙනවා කියලා.

'Clutch Riding' නරක පුරුද්ද

අපේ රටේ පාරවල් වල ට්‍රැෆික් එකේ වාහන පදවනකොට නිතරම ක්ලච් එක උඩ කකුල තියාගෙන ඉන්න පුරුද්දක් ගොඩක් රියදුරන්ට තියෙනවා. මේකට අපි කියන්නේ 'Clutch Riding' කියලා. මේ විදිහට නිතරම ක්ලච් එක උඩ පීඩනය තියාගෙන ඉන්නකොට ක්ලච් ප්ලේට් එක අනවශ්‍ය ලෙස ගෙවී යනවා වගේම එහි ආයු කාලය ගොඩක් අඩු වෙනවා. ඒ නිසා වාහනය පදවනකොට මැනුවල් වාහන වල ක්ලච් එක පාවිච්චි කරන්න ඕන නිවැරදි ක්‍රමයට විතරක් පාවිච්චි කරන්න වගබලා ගන්න ඕනේ.

Motor Guide අපේ උපදෙස

මේ සියලුම කරුණු නිසා, ඔබ ඔබේ වාහනයේ ගියර් මාරු කිරීමේදී හෝ වේගය වැඩි කිරීමේදී ඉහත සඳහන් කළ අසාමාන්‍යතා දකිනවා නම්, ප්‍රමාද නොකර ළඟම තියෙන විශ්වාසනීය සේවා ස්ථානයකට ගිහින් ක්ලච් පද්ධතිය පරීක්ෂා කරවා ගන්න. ක්ලච් ප්ලේට් එක සම්පූර්ණයෙන්ම ගෙවී ගියොත් ඔබට පාර මැද අතරමං වෙන්න පුළුවන්, ඒ වගේම ෆ්ලයිවීල් එකටත් හානි වෙලා අමතර වියදමක් දරන්න සිදුවෙන්න පුළුවන්.

Motor Guide අපේ උපදෙස තමයි ක්ලච් ප්ලේට් එක කියන්නේ ක්‍රමයෙන් ගෙවී යන අංගයක්. ඒ නිසා වාහනය පදවන විට දැනෙන වෙනස්කම් ගැන නිතරම අවධානයෙන් ඉන්න. ක්ලච් පෙඩලය උඩ නිතර කකුල තබාගෙන රිය පැදවීමෙන් වළකින්න. කිසියම් ලිස්සීමක් හෝ අමුතු ගඳක් දැනෙනවා නම් වහාම කාර්මිකයෙකු හමුවී ක්ලච් ප්ලේට් එක පරික්ෂා කරවාගෙන කාලයත් සමඟ සිදුවිය හැකි වැඩි වියදම් වලින් ආරක්ෂා වන්න. ඒ වගේම නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක රැඳී ඉන්න කියලත් මතක් කරනව.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Ceramic Coating ඇත්තටම වටිනවද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil flush කරන්න ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine splash shield එක ඉවත් කිරීම සුදුසුයි ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

  • Suzuki Swift ZXi+ AGS 2025

    Hatchback

    රු 10M - 12.5M

  • Suzuki Baleno Alpha 2025

    Hatchback

    රු 10.7M - 11.5M

  • BYD Sealion 8 DM-p 2026

    SUV

    රු 34.8M - 35M

  • Renault Triber Emotion Easy-R AMT 2025

    Compact MPV

    රු 8.5M - 11M

  • GWM Tank 500 HEV 2026

    SUV

    රු 43M - 43.7M

  • Hyundai Santa Fe Hybrid Calligraphy 2026

    SUV

    රු 37.9M - 40M

  • Kia Sorento Hybrid SX Tech Pack 2026

    SUV

    රු 34.5M - 38.8M

  • Chery Tiggo 9 PHEV 2026

    SUV

    රු 28.8M - 32.7M

  • BYD SEALION 8 Dynamic DM-i 2026

    SUV

    රු 29.9M - 31.5M

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

නවතම බයික් සමාලෝචන

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!