3rd party Insurance එකක් කියන්නේ මොකක්ද?

time
මිනිත්තු 5 කියවීම
feature image

ඔබ වාහනයක් ගන්නෙ, මහන්සියෙන් හම්බ කරන සල්ලි පොඩ්ඩ පොඩ්ඩ එකතු කරලා, එහෙමත් නැත්නම් Bank loan එකක් අරගෙන. හැබැයි ඔබ ඒ සල්ලි දීලා ගන්නෙ, ලොකු වගකීමක්. මොකද වාහනයක් මහ පාරට දානවා කියන්නෙම ලොකු risk එකක්. අනිත් එක තමයි අනිවාර්යයෙන්ම ඔබ වාහනයට 3rd party insurance එකක් දාලා තියෙන්න ඕනෙ. සමහරු නම් කියන්නෙ, 3rd party වුණාට අනතුරකදි වන්දියක් ගන්න ක්‍රමයක් තියෙනවා කියලා. තවත් සමහරු කියනවා, 3rd party එකක් ඕනෙ, පාරෙ යන්න විතරයි කියලා. තමන්ගෙ වාහනේ නැඟලා පාරෙ යන්න අපි මොකටද insurance company එකකට සල්ලි ගෙවන්නෙ. ඇත්තටම මොකක්ද මේ 3rd party insurance කියන්නෙ?, ඒක ඕනෙ පාරෙ යන්නද? 3rd party insurance ගැන ඔබට තියෙන ප්‍රශ්න ගැන තමයි අපි අද MotorGuide තුළින් කතා කරන්නෙ.

3rd Party Insurance එකක් දෙන්නෙ මොකටද?

ඔබේ වාහනය හේතුවෙන් තුන්වෙනි පාර්ශවයට වන හානියක් ආවරණය කිරීමට ලබා දෙන රක්ෂණයක් තමයි, 3rd party insurance එකක් කියන්නෙ. ඒ හානිය, තුන්වෙනි පාර්ශවයට වන මූල්‍යමය පාඩුවක්, දේපළ හානියක් (නිශ්චල හෝ චංචල), ශාරීරික තුවාල, මරණයක් හෝ ඔබේ වාහනය නිසා පැන නගින යම් නීතිමය ගැටළුවක් වෙන්න පුළුවන්. 3rd party insurance එකක් නැතුව ඔබට වාහනයක් මහ පාරට දාන්න බෑ. එහෙම වුණොත් පොලීසියට පුළුවන් ඔබව උසාවි දඩයකට යටත් කරන්න.

3rd Party එකට Claims ගන්න පුළුවන්ද?

"අපි මේ 3rd party insurance එකට ගෙවන්නෙ පොඩි ගාණක්. ඉතින් ඇත්තටම වන්දියක් ගන්න පුළුවන්ද, මේක බොරු කතාවක්ද?" ඔබත් මෙහෙම හිතනවද? මේ ප්‍රශ්නෙට අපි කෙළින්ම උත්තරයක් දෙන්නම්. ඇත්තටම 3rd party එකකට claims ගන්න බෑ. මොකද මේ insurance එකෙන් කරන්නෙ, ඔබේ වාහනේ නිසා තුන්වෙනි පාර්ශවයට ඇති වෙන දේපළ හෝ ජීවිත හානියකට වන්දියක් දෙන එක විතරයි. එහෙම බැලුවොත්, 3rd party එකෙන් වන්දි ගන්න නෙවෙයි, වන්දි අරන් දෙන්න පුළුවන්.

එතකොට ඔබ මේ රක්ෂණයට ගෙව්වට, අනතුරේදි ඔබේ වාහනයට හානියක් වුණත්, ආපදාවකට ලක් වුණත් ඔබට වන්දියක් ගන්න බෑ. මේ 3rd party insurance එක තියෙන්නෙ, ඔබේ වාහනය නිසා තුන්වෙනි පාර්ශවයට හානියක් වුණොත් ඔවුන්ව එයින් මුදවා ගන්න.

3rd Party Insurance දාන කෙනාට මොනවද ලැබෙන්නෙ?

"අපිම 3rd party insurance එකක් දාලා, හදිසියේ අපේ වාහනේට අනතුරක් වුණොත් ඒකට වන්දියක් ලැබෙන්නෙත් නැත්නම් මේ insurance එක දාලා වැඩක් නෑනෙ" ඔබට එහෙම හිතෙයි. ඇත්තටම ඔබටත් මේකෙන් වන්දියක් නැතත් ලැබෙන දෙයක් තිබෙනවා.

උදාහරණයක් විදියට හිතන්නකො, ඔබේ වාහනයෙන් තුන්වෙනි පාර්ශවයට අනතුරක් වෙනවා. ඒක සමහර විට ඔබේ වාහනය, පාරෙ තියෙන light කණුවක හැප්පෙන්න පුළුවන්, නිවසක තාප්පයක හැප්පෙන්න පුළුවන්, Highway එකේ යනකොට වැටක හැප්පෙන්න පුළුවන්. මේකෙන් තුන්වෙනි පාර්ශවයට වෙන පාඩුව හිතන්නකො ලක්ෂ දෙකහමාරක් වගේ ටිකක් ලොකු ගාණක් කියලා. හැබැයි ඔබේ අතේ ඒ වෙලාවෙ එච්චර ලොකු ගාණක් නොතිබෙන්න පුළුවන්, අත මාරුවක් කරලා හරි දෙන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට තමයි, ඔබට මේ 3rd party insurance එක පිහිට වෙන්නෙ.

ඔබට පුළුවන්, තෙවන පාර්ශවයේ රක්ෂණය හරහා 3rd party insurance එකෙන් තුන්වෙනි පාර්ශවයට අදාළ වන්දිය අරන් දෙන්න.

3rd Party Property Damage වලට දෙන වන්දියට limit එකක් තියෙනවද?

සාමාන්‍යයෙන් ගත්තොත් 3rd party insurance එකක් දාන්න ඔබට යන්නෙ පොඩි ගාණක් විතරයි. හැබැයි ඔබට පුළුවන්, අනතුරකදි තුන්වෙනි පාර්ශවයට ලබා දෙන වන්දිය, උපරිම රු. 10 00 000 ක් දක්වා වැඩි කර ගන්න. මොකද සමහර විට, තුන්වෙනි පාර්ශවයට සිද්ධ වෙන දේපළ හානිය, 3rd party එකෙන් දෙන වන්දියට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා කල් වේලා ඇතුව ඒකට ලෑස්ති වෙන එක තමයි හොඳ.

ඔබ අලුතෙන් 3rd party එකක් දානවා නම්, මුලින්ම අදාළ insurance company එකෙන් අහන්න, කොච්චර claim කරනවද කියලා. ඔබට හිතෙනවා නම්, ඒ වන්දිය පාඩුව පියවන්න මදි වෙයි කියලා, ඒක additional වැඩි කර ගන්න. දැනටමත් ඔබ 3rd party එකක් දාලා නම් තියෙන්නෙ, ඒක renew කරනකොට ඔබට අවශ්‍ය වෙයි කියලා හිතෙන ගාණ කියන්න. මේකෙදි සාමාන්‍යයෙන් insurance එකේ ගාණට වඩා තවත් පොඩි ගාණක් තමයි ඔබට ගෙවන්න වෙන්නෙ.

මේ ගෙවන ගාණ වගේ නෙවෙයි, හානියක් වෙච්ච වෙලාවක තුන්වෙනි පාර්ශවයට වෙන පාඩුව පියවන්න, ඔබ අසරණයි නම්, insurance company එක හරහා ඒ වන්දි මුදල ඔවුන්ට ලබා දෙන්න පුළුවන්. තෙවන පාර්ශවයේ දේපළ හානියකදි වන්දිය ලබා දෙනකොට රක්ෂණ සමාගමට limit එකක් තියෙනවා. ඒ අදාළ claim එක උසාවියෙන් ඇස්තමේන්තුවක් දුන්නත්, අදාළ පාර්ශවයෙන් මෙච්චරක් යනවා කියලා තහවුරු කළත් ප්‍රතිලාභයේ ප්‍රමාණයට උපරිමය දක්වා තමයි ගෙවන්නෙ. එතනදි ඔබ ඉහත කියපු විදියට 3rd party එක aditional වැඩි කර ගන්න ඕනෙ.

3rd party එක life insurance එකක්ද?

හිතන්නකො ඔබේ වාහනේ නිසා සිදු වන අනතුරකින් තුන්වෙනි පාර්ශවය, නිත්‍ය දුබලතාවයකට පත් වුණා, නැත්නම් ජීවිත හානියක් වුණා කියලා. ඔබ 3rd party insurance එක aditional වැඩි කරගෙනත් නෑ. ඒත් ඔබට ගැටළුවක් නෑ, මොකද ඒ වන්දිය කීයක් වුණත් රක්ෂණ සමාගම විසින් තුන්වෙනි පාර්ශවයට ඒ වන්දිය ගෙවනවා. හැබැයි සමහර insurance company නීත්‍යානුකූල ක්‍රමයකට ගෙවන වන්දි හිමිකම limit කරලා තියෙන්න පුළුවන්. නමුත් ජීවිතයකට සීමාවක් තක්සේරු කරන්න අමාරු නිසා සාමාන්‍යයෙන් ජීවිත හානියකදි unlimited recovery එකක් ලැබෙන්න ඕනෙ.

තුන්වෙනි පාර්ශවයට සිදු වන පූර්ණ සහ අර්ධ දුබලතා වලදි උපරිම වන්දි හිමිකමෙන් කොටස් වශයෙන්, ඒ කියන්නෙ ප්‍රතිශතයක් වශයෙන් තමයි ලබා දෙන්නෙ. උපරිම ප්‍රතිලාභය ලැබෙන්නෙ, death එකකදි සහ පූර්ණ අකර්මන්‍යතාවයකදි.

එතකොට මේ 3rd party insurance එක motor insurance එකක් වුණත් තුන්වෙනි පාර්ශවයට life insurance එකක් විදියටත් ක්‍රියාත්මක වෙනවා.

අනතුරක් වෙච්ච ගමන් claim එක ලබා දෙයිද?

අනතුරක් වුණාම insurance company එකට ගිය ගමන්ම claim එක දෙන්නෑ. මේකෙ යම් ක්‍රමානුකූල වැඩ පිළිවෙලකට තමයි වන්දි මුදල තුන්වෙනි පාර්ශවයට දෙන්නෙ.

මුලින්ම පොලීසියට යන්න ඕනෙ. ඊට පස්සෙ මේක උසාවිය දක්වා යන අතර උසාවිය තීරණය කරනවා, ඔබේ වාහනය නිසා තුන්වෙනි පාර්ශවයට යම් අනතුරක් සිද්ධ වෙලා කියලා. ඒක තහවුරු වීමක් තමයි උසාවියේදි වෙන්නෙ. මේ තහවුරු කිරීමේදී පාර්ශව තුනක් සම්බන්ධ වෙනවා. ඒ පාර්ශව තුන නීතිය ඉදිරියේ පෙනී ඉඳලා නඩු මාර්ගිකව යම් සමතයකට එනවා. රක්ෂණය කරපු තැනැත්තා වැරදිකරු නම්, ඒ අදාළ වන්දිය රක්ෂණය කරපු insurance company එකෙන් තුන්වෙනි පාර්ශවයට ලබා දෙන්න ඕනෙ බව උසාවිය තහවුරු කරනවා.

උසාවියේ තහවුරු කිරීම මත ඒ අදාළ වන්දි ප්‍රමාණය කොච්චරද කියලා තීරණය වන අතර, රක්ෂණ සමාගමේත් යම් යම් condition තියෙනවා. ඒක රක්ෂණ සමාගමෙන් සමාගමට වෙනස් වෙනවා සහ රක්ෂණය දාන අවස්ථාවේදී ලබා දෙන ප්‍රතිලාභ අනුව වන්දි මුදල ගෙවීම සිදු වෙනවා.

රක්ෂණ හිමිකරු නිවැරදිකරු නම් මොකද වෙන්නෙ?

වාහනයේ හිමිකරු හෝ driver හෝ රක්ෂණය දාන කෙනා හෝ නිවැරදිකරු කියලා උසාවිය තහවුරු කළොත්, තුන්වෙනි පාර්ශවයට අදාළ වන්දි හිමිකම ලැබෙන්නෑ. රක්ෂණ හිමිකරුවත්, අදාළ රක්ෂණ සමාගමත් ඉන් නිදොස්කොට නිදහස් කරනවා.

දැන් ඔබට තේරෙනවද, 3rd party insurance එකක් ඕනෙ, පාරෙ යන්න නෙවෙයි කියලා. හැබැයි ඇත්තටම මේ insurance එක නැතුව ඔබට වාහනෙන් මහ පාරෙ යන්න බෑ. අනිත් එක තමයි, අනතුරකදි ඔබට වන්දියක් නොලැබුණත් ඔබව ඒ මූල්‍යමය ගැටළු වලින් නිදහස් කරන්න 3rd party insurance කටයුතු කරනවා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!