Air Conditioning Performance වැඩි කරන Tips

time
මිනිත්තු 4 කියවීම
feature image

වාහනයේ AC තිබුණට නෑ වගේ තමයි. ඇත්තටම ඇයි ඒ?” හිටපු ගමන් වාහනයේ AC එකෙන් බලාපොරොත්තු වෙන cool එක ලැබෙන්නේ නැති වුණාම, ඔයාටත් මෙහෙම හිතෙනවා නේද? එහෙම වෙන්න හේතුව තමයි, වාහනයේ Air Conditioning performance එක අඩු වීම. අලුතෙන් වාහනයක් ගන්නකොට, ඒ වාහනයේ exterior look එක මොන වගේද, ගෙවන ගාණට වටින comfortable එකක් interior එකෙන් ලැබෙනවද? මේ වගේ දේවල් සහ තවත් බොහෝ දේවල් ගැන ඔබ හිතනවා. එහෙම හොඳට හොයලා බලලා ගන්න වාහනය ඇස් දෙක වගේ පරිස්සම් කරනවා නේද? හැබැයි ඉතින් කාලයක් යනකොට ඒ සැළකිල්ල අඩු වුණාම, ඔය AC අඩු වෙන ප්‍රශ්න ඕන තරම් එනවා. ඒ කොහොම වුණත්, වාහනයේ AC ප්‍රශ්න නැති කර ගන්න නම්, AC එක කොහොමද බලා ගන්න ඕනෙ කියන දේ ගැනත් දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා MotorGuide අපි හිතුවා, ඔබේ වාහනයේ Air Conditioning performance වැඩි කරන tips ගැන අද ඔබට කියන්න.

ක්‍රමවත් අයුරින් AC එක maintain කරන්න

වාහනයේ AC එකත් අනිත් mechanical systems වගේ තමයි. Performance වැඩි වෙන්න නම්, අනිවාර්යයෙන්ම නිවැරදි විදිහට maintain කිරීම අවශ්‍ය වෙනවා. මේක ඔබේ වාහනයේ air conditioning system එක ඉහළම තත්වයේ පවත්වා ගන්න හොඳ tip එකක්. මාස තුනකට සැරයක්වත් මේ වැඩේ කරන්න ඕනේ.

ඊට අමතරව වාහනයේ AC system එක, annual professional check-up එකකට යොමු කිරීම හරහාත් AC එකේ performance වැඩි කර ගන්න පුළුවන්. මෙතනදි හොඳ qualified technician කෙනෙක් විසින් AC එකේ condenser එක, compressor එක වගේම evaporator එක ඇතුළු AC system එකේ කොටස් නිතරම පරීක්ෂා කරලා, clean කරන්න ඕනේ. ඒ වගේම refrigerant leaks check කරන්න ඕනේ. වැදගත්ම දේ තමයි, සියලුම කොටස් නිවැරදිව ක්‍රියාත්මක වන බව සහතික කර ගන්න එක.

Air filter එක clean කරන්න

ඔබේ වාහනය තුළ තියෙන air එක නැවුම්ව සහ පිරිසිදුව තියාගන්න, cabin air filter එක ලොකු කාර්යක් කරනවා. ඒ වගේම තමයි, මේ air filter එකම AC එකේ performance එක අඩු කරන්නත් හේතුවක් වෙනවා. මොකද කාලයක් යනකොට dust එක නිසා මේ air filter එක අවහිර වෙනවනෙ. එතකොට airflow එක සීමා කරලා, AC එකේ performance එක අඩු කරනවා. අන්න ඒ නිසා, cabin air filter එක හරි විදිහට clean කරන්න වගේම, නියම වෙලාවට අලුත් air filter එකක් replace කරන්නත් මතක තියාගන්න.

Refrigerant Levels, check කරන්න

ප්‍රමාණවත් නොවන refrigerant level මඟින් cooling performance අඩු කරනවා. ඔබේ වාහනයේ AC එකෙන් ලැබෙන cool එක ඒ තරම් effective නැත්නම්, අනිවාර්යයෙන්ම refrigerant levels check කරලා බලන්න. ඔබට මේ වැඩේ හරියටම කරන්න නම්, හොඳ වෘත්තිකයෙක්ගෙන් විමසන්න. ඔවුන්ට system එක හොඳින් පරීක්ෂා කරලා, අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදු කරන්න පුළුවන්.

වාහනය සෙවණක park කරන්න

සෘජුවම හිරු එළිය ලැබෙන තැනක වාහනය park කළොත් AC එකට, cabin එක cool කරන්න අපහසු වෙනවා. ඒ නිසා පුළුවන් හැම වෙලාවෙම සෙවණ සහිත ස්ථාන වල වාහනය park කරන්න. නැත්නම් heat එක වැඩි වෙන එක අවම කරන්න windshield එකට sun shades භාවිතා කරන්න. ඉතින් වාහනයේ interior එකට එන heat එක අඩු කරන නිසා, windows tint කරන එක ගැනත් හිතලා බලන්න.

Recirculation Mode භාවිතා කරන්න

උණුසුම් කාලගුණයක් තියෙන වෙලාවක drive කරනකොට, වාහනයේ AC එක recirculation mode එකට මාරු කරන්න ඕනේ. මේ මඟින් වාහනය තුළ දැනටමත් cool වෙලා තියෙන air එක recirculate කරනවා. ඒ හරහා AC system එකේ cooling performance එක වැඩි දියුණු කර ගන්න පුළුවන්.

Windows වසා drive කරන්න

වාහනයේ windows open කරලා, high speed drive කළොත් AC එකේ efficiency එක අඩු කරනවා. ඉතින් windows open කරගෙන drive කරන්න ඕන වුණත්, පුළුවන් හැම වෙලාවෙම එහෙම නොකර ඉන්න එක තමයි නුවණට හුරු. අනිත් දේ තමයි, cooling performance එක උපරිම කරන්න AC භාවිතා වන අතරතුර windows වහලා තියන්න.

Engine එකට පෙර AC එක off කරන්න

වාහනය නවත්වනකොට Engine එක off කරන්න කලින් AC එක off කරන්න. මොකද එහෙම නැති වුණොත් වාහනයේ AC performance අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ වාහනයේ engine එක නැවත on කරනකොට, ඒ වෙනකොටත් AC එක on වෙලා තියෙනවා නම්, ඒක engine එකට නැත්නම් starter motor එකට යම් තරමක stress එකක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් ඔබ හිතලා බලන්න ඕනේ.

මේ tips ඔබ හරියටම follow කරනවා නම්, අනිවාර්යයෙන්ම ඔබේ වාහනයෙත් Air Conditioning performance එක වැඩි කර ගන්න පුළුවන්. ඉතින් අපි හිතනවා, වාහනයේ AC ප්‍රශ්න තියෙන අයට වගේම, එහෙම ප්‍රශ්නයක් නැති වුණත් ඔබටත් මේ Article එක වැදගත් වෙන්න ඇති කියලා. මොකද එතකොට නොදන්න අයත් එක්ක ඔබට මේ tips share කර ගන්න පුළුවන්. අනිත් දේ තමයි, වාහනයේ AC එක අඩු වෙන්න කලින් AC එකේ performance එක වැඩි දියුණු කර ගන්නත් පුළුවන්. එහෙනම් වාහනය ගත්තු මුල් දවසෙ වගේම, හැමදාම වාහනයේ AC එක පරිස්සම් කරන එක අඩු කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!