මොකද්ද මේ E cvt කියන්නෙ.

time
මිනිත්තු 5 කියවීම
feature image

Motor Guide අපි අද කතා කරන්න යන්නෙ ලංකාවේ Toyota Aqua, Prius, Axio වගේම අලුත්ම Honda Hybrid වාහන පාවිච්චි කරන හැමෝම නිතරම දකින, හැබැයි සාමාන්‍ය වාහනවල තියෙන ගියර් පෙට්ටියකට වඩා හාත්පසින්ම වෙනස් තාක්ෂණික පද්ධතියක් ගැනයි. ඒ තමයි Hybrid වාහනවල එන E-CVT තාක්ෂණය. අපි හැමෝම දන්නවා සාමාන්‍ය වාහනයක තියෙන්නේ mechanical ගියර් රෝද මාරු වෙන automatic ගියර් පෙට්ටියක් හෝ පටි ආධාරයෙන් වැඩ කරන සාම්ප්‍රදායික CVT ගියර් පෙට්ටියක්. හැබැයි අද අපි කතා කරන මේ E-CVT කියන සිස්ටම් එක ඇතුළේ කිසිම සාම්ප්‍රදායික ගියර් රෝදයක්, ක්ලච් පද්ධතියක් හෝ කැඩී බිඳී යන mechanical පටි ඇත්තෙම නැහැ. නම CVT වුණාට මේක සම්පූර්ණයෙන්ම වෙනස්ම ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයකට ක්‍රියාත්මක වෙන සුපිරි පද්ධතියක්. අද අපි මේ තාක්ෂණය වැඩ කරන්නේ කොහොමද, මෙහි තියෙන සැබෑ ප්‍රයෝජන සහ සාමාන්‍ය වාහනවලට වඩා මෙහි ඇති සියලුම තාක්ෂණික රහස් මොනවාද කියලා බලමු.

සරලවම කිව්වොත්, E-CVT කියන්නේ Electronically Controlled Continuously Variable Transmission කියන ඉංග්‍රීසි තාක්ෂණික සංකල්පයටයි. සාමාන්‍ය mechanical ගියර් පෙට්ටියකින් කරන්නේ එන්ජිමේ පවර් එක රෝදවලට බෙදා හැරීම විතරයි. හැබැයි Hybrid වාහනයකදී පෙට්‍රල් එන්ජිම, electric motor එක වගේම generator එක කියන බලවේග තුනම එකතු කරලා, ඒවායින් එන ශක්තිය ඉතාම සමබරව රෝද වෙත බෙදා හරින්න සිද්ධ වෙනවා. අන්න ඒ බැරෑරුම් කාර්යය 100%ක්ම ඉලෙක්ට්‍රොනිකව සහ යාන්ත්‍රිකව එකට එකතු වෙලා සිදු කරන ප්‍රධාන බල කේන්ද්‍රය තමයි මේ E-CVT පද්ධතිය. මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදියට අපි දකින විදියට, Toyota සමාගම විසින් ලෝකයට හඳුන්වා දීපු මේ පද්ධතිය මෝටර් රථ ඉංජිනේරු විද්‍යාවේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් කරපු සර්වසම්පූර්ණ නිපැයුමක් විදිහට හඳුන්වන්න පුළුවන්.

Hybrid Vehicle E-CVT Transmission System

මේ පද්ධතිය පිටුපස i-VTEC හෝ VVT-i පෙට්‍රල් එන්ජිමක්, ප්‍රබල electric motors දෙකක් එනම් MG1 සහ MG2, lithium-ion බැටරියක් වගේම මෙහි හදවත බඳු සුවිශේෂී planetary gear set එකක් අඩංගු වෙනවා.

සාමාන්‍ය CVT පද්ධතිවල වගේ රබර් හෝ ලෝහමය පටි ලිස්සා යාම් (Belt slippage) මෙහි සිදුවන්නේ නැහැ. මුළු ක්‍රියාවලියම පාලනය කරන්නේ වාහනයේ තියෙන power control unit එක මඟිනුයි.

මෙහි ක්‍රියාකාරීත්වය මූලිකවම planetary gear set එකෙහි තියෙන අක්ෂයන් තුනක එකතුවෙන් තමයි සිද්ධ වෙන්නේ. මෙම ගියර් කට්ටලයේ මැදින්ම පිහිටලා තියෙන sun gear එක කෙළින්ම සම්බන්ධ වෙන්නේ විදුලිය නිපදවන MG1 generator එකට. ඒකෙ වටේට රවුමට කැරකැවෙන planet gears අඩංගු carrier එක සෘජුවම සම්බන්ධ වෙන්නේ වාහනයේ පෙට්‍රල් එන්ජින් එකට. අවසාන වශයෙන් මේ හැමදේම වටකරලා තියෙන පිටත ring gear එක කෙළින්ම සම්බන්ධ වෙන්නේ වාහනය ඉදිරියට ධාවනය කරවන MG2 electric motor එක සහ වාහනයේ රෝද වලටයි. වාහනය පණගන්වා ඉදිරියට ධාවනය කරනකොට මේ කොටස් තුනේ වේගය සහ කරකැවෙන දිශාව පරිගණකය මඟින් ඉලෙක්ට්‍රොනිකව වෙනස් කරමින් අසීමිත ගියර් අනුපාතයන් ඒ කියන්නෙ infinite gear ratios ප්‍රමාණයක් ක්ෂණිකව සාදා දෙනවා.

අපි වාහනය පණගන්වා සෙමින් ඉදිරියට යනකොට (Low speed driving), එන්ජිම සම්පූර්ණයෙන්ම නැවතිල බැටරියේ විදුලි බලයෙන් MG2 motor එක පමණක් කැරකැවී වාහනය pure EV mode එකෙන් ධාවනය වෙනවා.

අපි වේගය තවත් වැඩි කරනකොට (Acceleration), පරිගණකය මඟින් පෙට්‍රල් එන්ජිම ස්වයංක්‍රීයව පණගන්වනවා. එන්ජිමෙන් එන බලය අර planet carrier එක හරහා කොටස් දෙකකට බෙදී යනවා. ඒකෙන් එක කොටසක් කෙළින්ම ring gear එක හරහා රෝද කරකවන්න යන අතර, අනෙක් කොටස sun gear එක හරහා MG1 generator එක කරකවා සජීවීව විදුලිය නිපදවීම සිදු කරනවා. මෙම නිපදවන විදුලියෙන් කොටසක් බැටරිය charge කරන්න යන අතර, අනෙක් කොටස කෙළින්ම MG2 motor එක වෙත ගොස් වාහනයට උපරිම pickup එකක් ලබා දීමට එන්ජිමට උදව් කරනවා.

ඒ වගේමවාහනය highway එකක එක දිගට අධික වේගයෙන් ධාවනය වන විට ඒ කියන්නෙ High speed cruising එකකදි එන්ජිමේ වේගය සහ විදුලි මෝටරවල වේගය ඉතාම සූක්ෂමව ගලපමින් ඉහළම ඉන්ධන පිරිමැස්මක් ලබා දීමට පද්ධතිය සමත් වෙනවා. සාමාන්‍ය ගියර් පෙට්ටියක ගියර් මාරු වන විට දැනෙන කිසිදු ගැස්සීමක් හෝ තිගැස්මක් (Shift shock) මේ E-CVT පද්ධතිය තුළ කිසිසේත්ම සිදුවන්නේ නැහැ. 0 kmh සිට උපරිම වේගය දක්වාම කිසිම ගැස්සීමක් නැතුව එකම සුමට ධාවනයක් මගින් වාහනය ඉදිරියට ඇදී යාම මෙහි ඇති ලොකුම තාක්ෂණික සුවිශේෂීත්වයයි. ඒ වගේම ඔබ බ්‍රේක් පාගන විට අපතේ යන ශක්තිය නැවත විදුලිය බවට හරවන regenerative braking තාක්ෂණයද මේකෙ තියනවා.

මේ නවීන තාක්ෂණය නිසා ප්‍රායෝගික ජීවිතයේදී අපිට ලැබෙන වාසි සහ පහසුව අතිමහත්. ප්‍රධානම වාසිය තමයි අතිවිශිෂ්ට reliability හෙවත් විශ්වාසවන්තභාවයයි. සාමාන්‍ය automatic හෝ CVT ගියර් පෙට්ටියක ඇති friction plates, valves, belts හෝ torque converter වැනි සංකීර්ණ කොටස් මෙහි නොමැති නිසා, නිසි කලට නඩත්තු කරනව නම් කිලෝමීටර් ලක්ෂ 3ක් 4ක් වුවත් කිසිදු කාර්මික දෝෂයකින් තොරව ධාවනය කරන්න මේ E-CVT පද්ධතියට පුළුවන්.

දෙවැන්න තමයි, එන්ජිම හැමවිටම තමන්ගේ ඉහළම කාර්යක්ෂමතාවය ඇති RPM පරාසයේ පමණක් රඳවා ගන්නා නිසා ලීටරයකට කිලෝමීටර් 25කටත් වඩා වැඩි ඉහළ ඉන්ධන පිරිමැස්මක් ලබා ගැනීමට හැකි වීම.

කෙසේ වෙතත්, මෙහි ඇති එකම ප්‍රායෝගික අවාසියක් වන්නේ ධාවනයේදී ඇතිවන rubber band effect ස්වයංක්‍රීය ස්වභාවයයි. ඔබ එකපාරටම accelerator pedal එක තදින්ම පෑගුවහොත්, එන්ජිමේ සද්දය (RPM) එකපාරටම අධික ලෙස ඉහළ යනවා. හැබැයි වාහනයේ වේගය වැඩි වෙන්නේ ඊට සාපේක්ෂව මඳක් වෙලා ගිහින්. සාම්ප්‍රදායික ස්පෝර්ටි ධාවනයකට කැමති ඩ්‍රයිවර් කෙනෙකුට මේ එන්ජින් ඝෝෂාව මුලදී තරමක් අප්‍රසන්න හැඟීමක් ගෙන දෙන්න පුළුවන්.

Motor Guide අපේ උපදෙස නම්, ඔබ E-CVT පද්ධතියක් සහිත Hybrid වාහනයක් භාවිත කරනව නම්, මේකෙ තියන විශේෂිත transmission fluid නියමිත කාල පරාසයන් තුළදී, ඒ කියන්නෙ සෑම කිලෝමීටර් 40,000කට හෝ 50,000කට වරක් අනිවාර්යයෙන්ම මාරු කරන්න ඕනෙ. බොහෝ දෙනෙක් සිතන්නේ hybrid වාහනවල ගියර් ඔයිල් මාරු කිරීමට අවශ්‍ය නැහැ කියල. නමුත් E-CVT එක ඇතුළේ ඇති අධි බලැති විදුලි මෝටර ක්‍රියාත්මක වන විට අධික ලෙස රත් වන (Overheating) නිසා, එම මෝටර සිසිල් කිරීමට සහ ගියර් ආරක්ෂා කිරීමට මෙම fluid එක අත්‍යවශ්‍යම සාධකයක් වෙනවා. සෑම විටම වාහන නිෂ්පාදකයා විසින් නිර්දේශ කරන ලද නිල Toyota ATF WS හෝ Honda HCF-2 වැනි උසස් තත්ත්වයේ genuine ඔයිල් පමණක් භාවිත කිරීමට වගබලා ගැනීම ඔබේ E-CVT පද්ධතියේ දිගුකාලීන පැවැත්මට අතිශය වැදගත් කාරණයක් වෙනවා. ඒ වගේම නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක රැඳී ඉන්න කියලත් මතක් කරනව

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    මොකද්ද මේ E cvt කියන්නෙ.

    time
    මිනිත්තු 5 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    මොකද්ද මේ REEV කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    වහන වල එන H2 තාක්ෂණය

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    මොකද්ද මේ phev කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    අලුත් vezel එකේ එන මොකද්ද මේ E HEV technology එක.

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    Mild Hybrid සහ Micro Hybrid අතර සැබෑ වෙනස

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    2026 වන විට දිවයින පුරා ව්‍යාප්ත වන EV Charging Stations

    time
    මිනිත්තු 3 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    2026 ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන (EV) නඩත්තුව සහ බැටරි ආයු කාලය

    time
    මිනිත්තු 3 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    වාහනය මොකක් වුනත් නැතුවම බැරි 12V Auxiliary Battery

    time
    මිනිත්තු 2 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    දැනගත යුතුම Solid-State Batteries.

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Toyota Alphard Hybrid 2025

    MPV

    රු 65M - 80M

  • Honda City RS 1.0 VTEC Turbo CVT 2025

    Sedan

    රු 14.7M - 15.3M

  • Hyundai Exter SX Smart AMT 2025

    SUV

    රු 10M - 11.5M

  • Kia Sportage Hybrid 1.6T HEV 2026

    SUV

    රු 26.5M - 36.5M

  • Kia EV5 Standard Range 2026

    SUV

    රු 26M - 32M

  • BYD Racco 300Premium 2026

    Kei

    රු 11.5M - 11.5M

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

  • Toyota RAV4 2.5L Petrol 2026

    SUV

    රු 48M - 50M

  • Toyota RAV4 2.5 Hybrid AWD 2026

    Compact SUV

    රු 420M - 50M

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

  • Suzuki Swift ZXi+ AGS 2025

    Hatchback

    රු 10M - 12.5M

නවතම බයික් සමාලෝචන

  • Yamaha FZ-S V4 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • TVS NTorq 150 TFT 2026

    Scooters

    රු 1.1M - 1.2M

  • Suzuki Burgman Street 125 Ride Connect TFT Edition 2026

    Scooters

    රු 1.2M - 1.3M

  • Honda PCX160 ABS 2026

    Scooters

    රු 1.7M - 1.9M

  • Yamaha XSR155 2026

    Motorbikes

    රු 1.5M - 1.8M

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!