වැඩිය දකින්න නැති Active Grille Shutters.

time
මිනිත්තු 4 කියවීම
feature image

Motor Guide අපි අද කතා කරන්න යන්නෙ අපේ වාහනවල ඉන්ධන පිරිමැස්ම උපරිම කරන්න වගේම වාහනයේ එන්ජිම නියමිත උෂ්ණත්වයක පවත්වා ගන්න උදව් වෙන, හැබැයි පහසුවෙන් දකින්න ලැබෙන්නේ නැති අපූරු තාක්ෂණික මෙවලමක් ගැනයි. ඒ තමයි නවීන මෝටර් රථ ක්ෂේත්‍රයේ දකින්න ලැබෙන Active Grille Shutters තාක්ෂණය. අපි හැමෝම දන්නවා සාමාන්‍ය වාහනයක ඉදිරිපස තියෙන grille එක හෙවත් දැල හැමවිටම විවෘත වෙලයි තියෙන්නේ. ඒකෙන් කරන්නේ වාහනය ඉදිරියට යනකොට එන සුළඟ කෙළින්ම රේඩියේටරය වෙත යොමු කරලා එන්ජිම සිසිල් කරන එක. හැබැයි හැමතිස්සෙම මෙහෙම වාතය ඇතුළට එනකොට වාහනයේ ඉදිරි ගමනට ලොකු බාධාවක් හෙවත් වායු ප්‍රතිරෝධයක් ඇති වෙනවා. අන්න ඒ ප්‍රශ්නයට කදිම සහ ස්ථිර විසඳුමක් විදිහට තමයි ලෝක ප්‍රකට වාහන නිෂ්පාදකයෝ මේ ස්මාර්ට් ෂටර්ස් තාක්ෂණය හඳුන්වා දීලා තියෙන්නේ. අද අපි මේ පද්ධතිය වැඩ කරන්නේ කොහොමද සහ මෙහි තියෙන සැබෑ ප්‍රයෝජන මොනවාද කියලා තේරුම් ගනිමු.

සරලවම කිව්වොත්, Active Grille Shutters කියන්නේ වාහනයේ ඉදිරිපස ප්‍රධාන grille එකට පිටුපසින් සහ රේඩියේටරයට ඉදිරියෙන් සවි කරලා තියෙන, වාහනයේ පරිගණකය මඟින් ස්වයංක්‍රීයව විවෘත කිරීමට සහ වැසීමට පුළුවන් ඉලෙක්ට්‍රොනික පියන් පද්ධතියකටයි. හරියට අපේ නිවෙස්වල තියෙන window blinds වගේ ක්‍රියා කරන මේ පියන්, වාහනයේ එන්ජින් උෂ්ණත්වය සහ ධාවනය වන වේගය අනුව තමන්ගේ හැඩය වෙනස් කරගන්නවා. Ford, BMW, Toyota වගේම නූතන electric වාහනවල පවා aerodynamics හෙවත් වායුගති විද්‍යාව උපරිම මට්ටමකට ගෙන යන්න ඉංජිනේරුවන් එකතු කරපු අතිශය බුද්ධිමත් යාන්ත්‍රික කඩඉමක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්.

Active Grille Shutters

මේ පද්ධතිය පිටුපස එන්ජින් උෂ්ණත්වය මනින coolant temperature sensors, වාහනයේ වේගය මනින speed sensors, ප්‍රධාන engine control unit සහ මේ පියන් හරවන electric actuator motor එකක් ක්‍රියාත්මක වෙනවා. වාහනය පණගන්වා ඉදිරියට ධාවනය කිරීමේදී මේ මුළු ක්‍රියාවලියම සිද්ධ වෙන්නේ ඉතාම වැදගත් පියවර කිහිපයකින්.

පළමු අවස්ථාව තමයි cold start හෙවත් උදෑසන වාහනය මුලින්ම පණගන්වන වෙලාව. එන්ජිමක ඉන්ධන දහනය නිවැරදිව සිද්ධ වෙන්න නම් එන්ජිම නියමිත ප්‍රශස්ත උෂ්ණත්වයකට හෙවත් operating temperature එකට ඉක්මනින් ළඟා විය යුතුයි. වාහනය පණගැන්වූ සැනින් මේ Active Grille Shutters සම්පූර්ණයෙන්ම වැසී යනවා. ඒනිසා බාහිරින් එන සීතල සුළඟ එන්ජින් කලාපයට ඇතුළු වීම වළක්වන නිසා, එන්ජිම ඉතාම කෙටි කාලයකින් රත් වී තමන්ගේ නියමිත උෂ්ණත්වය ලබා ගන්නවා. මෙයින් වාහනයේ එන්ජින් ගෙවී යාම වගේම ආරම්භක ඉන්ධන පිරිමැස්මද ඉහළ යනවා.

දෙවැනි අවස්ථාව තමයි high speed highway cruising හෙවත් වාහනය අධික වේගයෙන් දිවෙන වෙලාව. එන්ජිම දැනටමත් නියමිත උෂ්ණත්වයේ පවතිනවා නම් සහ අමතර සිසිලනයක් අවශ්‍ය නැතිනම්, පරිගණකය මඟින් මේ ෂටර්ස් සම්පූර්ණයෙන්ම වසා දමනවා. එවිට වාහනය ඉදිරියෙන් එන ප්‍රබල වායු ධාරාව වාහනයේ එන්ජින් කැබින් එක ඇතුළට ගොස් හිරවීම වෙනුවට, වාහනයේ බොනට්ටුව උඩින් සහ දෙපැත්තෙන් ඉතාම සුමටව ලිස්සා යනවා. මෝටර් රථ ඉංජිනේරු විද්‍යාවේදී මෙයට aerodynamic drag එක අඩු කිරීම කියලා කියනවා. වායු ප්‍රතිරෝධය අඩු වන විට එන්ජිමට වාහනය ඉදිරියට තල්ලු කිරීමට ගන්නා වෙහෙස අඩු වන නිසා, ඉන්ධන කාර්යක්ෂමතාවය 2% සිට 5% දක්වා සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනවා.

තුන්වැනි අවස්ථාව තමයි heavy load හෙවත් වාහනය ට්‍රැෆික් එකක හිරවී ඇති විට හෝ කන්දක් නගින විට සිදුවන ක්‍රියාවලිය. මෙවැනි වෙලාවලදී එන්ජිම අධික ලෙස රත් වීමට පටන් ගන්නා නිසා, coolant temperature sensor එක හරහා පද්ධතිය ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවා. එහිදී electric actuator එක මඟින් Active Grille Shutters සම්පූර්ණයෙන්ම විවෘත කරනවා. එවිට UFO එකක් වගේ උපරිම වායු ධාරාවක් රේඩියේටරය සහ radiator fan එක වෙත ගලා යන නිසා එන්ජිම ඕවර්හීට් වීමෙන් වළක්වා ආරක්ෂා කරගන්න මෙයට පුළුවන්.

කෙසේ වෙතත්, මෙම පද්ධතියේ දෝෂ පිළිබඳවත් අපි සැලකිලිමත් විය යුතුයි. පාරේ තියෙන දූවිලි, කුඩා ගල් කැට හෝ මඩ තදින්ම මේ පියන් අස්සේ හිර වුවහොත්, electric actuator එකට මේවා හැරවීමට නොහැකි වී පද්ධතිය එක තැනක හිරවෙන්න පුළුවන්. කිසියම් හදිසි අවස්ථාවකදී මේ පියන් වැසුණු තත්ත්වයෙන් හිර වුවහොත්, රේඩියේටරයට සුළඟ නොලැබීම නිසා එන්ජිම ක්ෂණිකව overheating වෙන්න පුළුවන්. මෙවැනි දෝෂයක් ඇති වූ සැනින් dashboard එකෙහි check engine light එක දැල්වෙන අතර පරිගණකය මඟින් වාහනයේ වේගය සීමා කරන limp mode එක සක්‍රීය කරනු ලබනවා.

Motor Guide අපේ උපදෙස නම්, ඔබ Active Grille Shutters සහිත නවීන වාහනයක් භාවිත කරන්නේ නම්, විශේෂයෙන්ම මඩ පාරවල් හෝ දූවිලි අධික මාර්ගවල ධාවනය කිරීමෙන් පසු වාහනයේ ඉදිරිපස grille එක ඇතුළත ඇති පියන් පද්ධතිය හොඳින් පිරිසිදුව පවතිනවාද කියල පරීක්ෂා කර බලන ලෙසයි. වාහනය සෝදන විට මෙම පියන් අතර ඇති මඩ සහ කොළ රොඩු මෘදු වතුර ධාරාවකින් සෝදා හැරීමට වගබලා ගන්න. කිසිම විටක මෙම පියන් අතින් තද කර බලහත්කාරයෙන් හැරවීමට උත්සාහ කරන්න එපා. මන්ද එහි ඇති සියුම් ප්ලාස්ටික් ගියර් රෝද ක්ෂණිකව කැඩී යා හැකි බැවිනි. නියමිත ප්‍රමිතියට අනුව ඉදිරිපස පද්ධතිය පිරිසිදුව තබා ගැනීමෙන් ඔබේ වාහනයෙන් දිගුකාලීන ආරක්ෂාවක් වගේම උපරිම ඉන්ධන පිරිමැස්මක් ලබාගන්න පුළුවන්. ඒ වගේම නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක රැඳී ඉන්න කියලත් මතක් කරනව.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    වැඩිය දකින්න නැති Active Grille Shutters.

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Heads-Up Display ගැන හරියට දැනගමු.

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    නවීන වාහන වල තියෙන Digital Key / NFC Access

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ වාහන වල තියන Ambient Lighting කියන්නෙ.

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ crawl control කියන්නෙ?

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    HVAC system එක ගැන ඉගෙනගමු.

    time
    මිනිත්තු 5 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Torque curve & power band කියන්නේ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Steer-by-Wire තාක්ෂණය ගැන ඉගෙනගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    වාහනයක Exit Warning System එක ඉගෙනගමු.

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Auto Hold Function එක වැඩ කරන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Toyota Alphard Hybrid 2025

    MPV

    රු 65M - 80M

  • Honda City RS 1.0 VTEC Turbo CVT 2025

    Sedan

    රු 14.7M - 15.3M

  • Hyundai Exter SX Smart AMT 2025

    SUV

    රු 10M - 11.5M

  • Kia Sportage Hybrid 1.6T HEV 2026

    SUV

    රු 26.5M - 36.5M

  • Kia EV5 Standard Range 2026

    SUV

    රු 26M - 32M

  • BYD Racco 300Premium 2026

    Kei

    රු 11.5M - 11.5M

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

  • Toyota RAV4 2.5L Petrol 2026

    SUV

    රු 48M - 50M

  • Toyota RAV4 2.5 Hybrid AWD 2026

    Compact SUV

    රු 420M - 50M

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

  • Suzuki Swift ZXi+ AGS 2025

    Hatchback

    රු 10M - 12.5M

නවතම බයික් සමාලෝචන

  • Yamaha FZ-S V4 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • TVS NTorq 150 TFT 2026

    Scooters

    රු 1.1M - 1.2M

  • Suzuki Burgman Street 125 Ride Connect TFT Edition 2026

    Scooters

    රු 1.2M - 1.3M

  • Honda PCX160 ABS 2026

    Scooters

    රු 1.7M - 1.9M

  • Yamaha XSR155 2026

    Motorbikes

    රු 1.5M - 1.8M

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!