හංගේරියාවේ European electric car factory එකක් ඉදි කරන බව BYD සමාගම තහවුරු කරයි

time
මිනිත්තු 1 කියවීම
feature image

චීනය කියන්නේ වාහන ලෝකයේ පෙරළියක් සිදු කරන රටක්. කෙටියෙන්ම කිව්වොත් ලෝකයේ විශාලතම වාහන වෙළඳපොල අයත් රට තමයි චීනය. ඉතින් අද MotorGuide weekly news තුළින් අපි ඔබට කියන්නේ වාහන වෙළඳපොල තුළ චීනය ගත් තවත් විශාල පියවරක් ගැනයි.

ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයන්ගෙන් එක් අයෙක් වන චීනයේ BYD, සිය පළමු යුරෝපීය EV නිෂ්පාදන කර්මාන්තශාලාව හංගේරියාවේදී විවෘත කිරීමට නියමිත බව එරට විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. මෙය යුරෝපයේ මෝටර් රථ නිපදවන පළමු චීන සමාගම බවට පත් වෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

BYD විසින් දකුණු හංගේරියානු නගරයක් වන Szeged අසල මෙම කර්මාන්තශාලාව ඉදි කිරීමට කටයුතු කර තිබෙනවා. මෙමඟින් නව රැකියා දහස් ගණනක් ලබා දීමට අපේක්ෂා කරන බවයි විදේශ අමාත්‍ය Péter Szijjártó සිය ෆේස්බුක් පිටුවට ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ.

ඒ වගේම මෙම ව්‍යාපෘතිය හංගේරියානු ආර්ථික ඉතිහාසයේ විශාලතම ආයෝජනවලින් එකක් වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. එසේම බලාගාරය ගොඩනැඟීම සඳහා රජය BYD වෙත මූල්‍ය දිරිගැන්වීම් ලබා දෙන බවත්, එහි විස්තර පසුව නිකුත් කරන බවත් ඔහු සඳහන් කළා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!