European flying car තාක්ෂණය චීනයට විකුණයි

time
මිනිත්තු 2 කියවීම
feature image

පියාඹන කාර් කියන්නේ ඉස්සර තිබ්බ fantasy එකක්. කෙටියෙන්ම කිව්වොත් විද්‍යා ප්‍රබන්ධ වලට නැතුවම බැරි දෙයක් තමයි පියාඹන කාර් කියන්නේ. හැබැයි මේ වෙනකොට fantasy එකක් වුණු පියාඹන කාර් යථාර්තයක් බවට පත් වෙලා ඉවරයි.

පියාඹන මෝටර් රථයක් පිටුපස ඇති තාක්‍ෂණය, මුලින් සංවර්ධනය කරලා සාර්ථකව අත්හදා බැලුවේ යුරෝපයේ. හැබැයි මේ වන විට එය චීන සමාගමක් විසින් මිලදී ගෙන තිබෙනවා. අද MotorGuide Weekly News තුළින් අපි ඔබට කියන්නේ ඒ ගැන.

BMW engine එකකින් සහ සාමාන්‍ය ඉන්ධන වලින් බල ගැන්වෙන මෙම AirCar යානය ගුවන්ගත වීම සහ ගොඩබෑම සඳහා ධාවන පථ භාවිතා කරමින් 2021 දී ස්ලෝවැකියානු ගුවන් තොටුපළ දෙකක් අතර මිනිත්තු 35ක් පියාසර කර තිබෙනවා. මෙයට මෝටර් රථයක සිට ගුවන් යානයක් බවට පරිවර්තනය වීමට ගත වූයේ මිනිත්තු දෙකකට වඩා අඩු කාලයක් පමණයි. දැන් එහි සැලසුම මත පදනම්ව සාදන ලද වාහන චීනයේ "specific geographical region" එකක් තුළ භාවිතා කරනවා.

"Hebei Jianxin Flying Car Technology Company" එකේ Cangzhou හි තිබෙන headquartered එක, අනාවරණය නොකළ ප්‍රදේශයක් තුළ AirCar ගුවන් යානා නිෂ්පාදනය කිරීම සහ භාවිතා කිරීම සඳහා තනි අයිතිය මිලදී ගෙන තිබෙනවා. ඉතින් මේ වෙනකොට EV revolution එක වර්ධනයට නායකත්වය දුන් චීනය දැන් flying transport solutions ක්‍රියාකාරීව සංවර්ධනය කරමින් ඉන්නවා.

පසුගිය මාසයේදී Autoflight නම් සමාගමක් Shenzhen සහ Zhuhai නගර අතර මගීන් රැගෙන යන ඩ්‍රෝන යානයක පරීක්ෂණ ගුවන් ගමනක් සිදු කළා. මෝටර් රථයෙන් පැය තුනක් ගතවන ගමන, විනාඩි 20 කින් අවසන් කළ බව එහි සඳහන් වෙනවා. නමුත් මේ යානයේ මගීන් නම් ඉඳලා නැහැ.

2023 දී චීන සමාගමක් වන eHang හට එහි electric flying taxi සඳහා චීන නිලධාරීන් විසින් ආරක්ෂිත සහතිකයක් පිරිනමා තිබෙනවා. මෙහිදී, එක්සත් රාජධානියේ රජය පවසා ඇත්තේ 2028 වන විට electric flying taxi අහසේ නිත්‍ය අංගයක් බවට පත්විය හැකි බවයි. ඉතින් රජයට අවශ්‍යව ඇත්තේ වසර 2කින් electric flying taxi ගුවන් ගත කිරීමටයි. නමුත් මෙම ඩ්‍රෝන් වැනි මගී ගුවන් යානා මෙන් නොව AirCar ගුවන්ගත නොවී සිරස් අතට ගොඩබසින අතර ධාවන පථයක් අවශ්‍ය වෙනවා.

ඉතින් මේ තමයි යුරෝපය විසින්, චීනයට විකිණූ European flying car තාක්ෂණයේ කතාව. එහෙනම් තව අවුරුදු කිහිපයක් යනකොට අපිටත් අහසේ පියාඹන කාර් බලා ගන්න පුළුවන් වෙයි.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Chery Tiggo 9 PHEV 2026

    SUV

    රු 28.8M - 32.7M

  • BYD SEALION 8 Dynamic DM-i 2026

    SUV

    රු 29.9M - 31.5M

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!