EV charger සමාගම් විසින් elusive profit සෙවීම සඳහා තම tactics මාරු කරයි

අද MotorGuide Weekly News: EV charger නිෂ්පාදනය කරන සමාගම් මුහුණ දෙන ගැටළුවක්
අද කාලේ ගොඩක් ජනප්‍රිය වාහනයක් තමයි electric vehicles කියන්නේ. පරිසර හිතකාමී බව වගේම භාවිතයත් ලේසි වීම, අද වෙනකොට ගොඩක් දෙනා අතරේ ජනප්‍රිය වෙන්න ලොකු හේතුවක්. ඉතින් අනෙකුත් වාහන petrol මඟින් ධාවනය වුණත් electric vehicle ධාවනය කරන්න නම් විදුලි බලයෙන් වාහනය ආරෝපණය කරන්න ඕනේ. ඉතින් මේ විදිහට electric vehicles ආරෝපණය කරන්න විශේෂ වුණු EV chargers වෙළඳපොළේ තියෙනවා.
Charging companies තවමත් තම ව්‍යාපාරය හරහා ලාබ ලබන්නේ කෙසේදැයි සොයා බලමින් සිටින බව වාර්තා වෙනවා. මේ වන විට Pod Point හි සේවය කරන, හිටපු Aston Martin ප්‍රධාන විධායක නිලධාරී Andy Palmer මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ plugs සැපයීමේ ව්‍යාපාරයෙන් මුදල් ඉපයීම ඉතා අපහසු බවයි.
ප්‍රංශයේ EDF Energy වලින් බහුතරයක් හිමි වන්නේ Pod Point සමාගමටයි. නමුත් එම සමාගම පොදු ස්ථානවල, fast chargers ස්ථාපිත කිරීමෙන් ඉවත් වීමට මෑතකදී තීරණය කර තිබෙනවා. ඒ නිවාස සහ workplace charging කෙරෙහි අවධානය යොමු කිරීම සඳහායි.
ඉතින් මේ තමයි EV charger නිෂ්පාදනය කරන සමාගම් මුහුණ දී තිබෙන විශාල ගැටළුව. මේ වගේම ඉදිරියේදීත් වාහන ලෝකයේ නවතම තොරතුරු MotorGuide Weekly News තුළින් බලාපොරොත්තු වන්න.





























