ලොව ප්‍රමුඛතම මෝටර් රථ ප්‍රදර්ශන ඇරඹේ

time
මිනිත්තු 2 කියවීම
feature image

ලොව පුරා සිටින මෝටර් රථ නිෂ්පාදකයින්, උද්යෝගිමත් අය සහ නවෝත්පාදකයින් එකට එකතුව සිය නිෂ්පාදන ලොවට ප්‍රදර්ශනය කරන ප්‍රමුඛතමය මෝටර් රථ ප්‍රදර්ශනය ජර්මනියේ මියුනිච් හිදී අද ආරම්භ වනවා.එය සැප්තැම්බර් 10 වෙනිදා දක්වා පැවැත්වේ.ලෝකයේ දැවැන්තම මෝටර් රථ ප්‍රදර්ශනයක් වන මෙය IAA MOBILITY (අයි.ඒ.ඒ. මොබිලිටි) ලෙසද හඳුන්වනවා.

මෙම මෝටර් රථ ප්‍රදර්ශනයේදී විදුලි මෝටර් රථ (Electric Vehicles) සංවර්ධනයෙන් චීනය ලබා ඇති ප්‍රගතිය ලෝකයට දැකගත හැකි වනු ඇතැයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය ද වාර්තා කර තිබෙනවා.

එමගින් සඳහන් කර ඇත්තේ විදුලි මෝටර් රථ (EVs)නිෂ්පාදනයේ සැපයුම්දාමය පාලනය කරමින් චීනය සිය නිෂ්පාදන IAA MOBILITY ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර ඇති බවය.

මෙවර ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කෙරෙන නිෂ්පාදනවලින් සියයට 41ක් ආසියාකරයේ නිෂ්පාදිත මෝටර් රථ වීම විශේෂත්වයක්.

එමෙන්ම චීනයෙන් ඉදිරිපත් කෙරෙන නිෂ්පාදන එහිදී දෙගුණයක් වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

විද්‍යුත් මෝටර් රථ, විදුලි බැටරි ඇතුළු නිෂ්පාදන චීනය BYD, CATL සහ XPENG යන සන්නාමවලින් මෙම ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේ මෙලෙස ආසියාකරයේ විදුලි මෝටර් රථ නිෂ්පාදන ප්‍රගතිය යුරෝපීය නිෂ්පාදකයන්ට අභියෝගයක් වනු ඇති බවයි.

චීනය සමග පවතින නිෂ්පාදන තරගයේදී යුරෝපය සිය සාර්ව ආර්ථික ප්‍රවේශය අත්හල යුතු බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මතය වී තිබෙනවා.

විශේෂයෙන් විද්‍යුත් වාහන බැටරි සැපයුම් දාමය චීනය විසින් පාලනය කිරීම රෙනෝල්ට් මෝටර් රථ සමාගමේ ඉංජිනේරු ප්‍රධානියා මෙහිදී උදාහරණයක් ලෙස ඉදිරිපත් කර තිබේ.

මෙවර මියුනිච් මෝටර් රථ ප්‍රදර්ශනයේ ප්‍රධාන තේමාවක් වනු ඇත්තේ විද්‍යුත් වාහන මිල පිළිබඳවයි.

(Source: Reuters News Site)

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!