Jeep Wrangler EV 2028 දී එළිදැක්වීමට නියමිත අතර, නව මධ්‍යම ප්‍රමාණයේ ට්‍රක් රථ 2027 දී පැමිණේ

time
මිනිත්තු 3 කියවීම
feature image

Jeep Wrangler කියන්නේ, 1986 වර්ෂයේ සිට Jeep විසින් නිෂ්පාදනය කරන, දැනට එහි 4th generation එකේ ඇති compact සහ midsize four-wheel drive, off-road SUV series එකක්. මේ Jeep Wrangler එකේ EV එක 2028 දී එළිදැක්වීමට නියමිත බව සහ නව මධ්‍යම ප්‍රමාණයේ ට්‍රක් රථ 2027 දී පැමිණීමට නියමිත බවත් වාර්තා වෙනවා. අද MotorGuide weekly news තුළින් අපි ඔබට කියන්නේ, මේ නවතම එළිදැක්වීම පිළිබඳවයි.

Jeep Wrangler, 2028 EV බවට පත් වීමට නියමිත වුණත් drive කරන විට, replenish කිරීමට generator එකක් විදිහට gas engine එකක් භාවිතා කරන hybrid model එකක් ලබා දෙන බව වාර්තා වෙනවා. ඒ වගේම නව මධ්‍යම ප්‍රමාණයේ ට්‍රක් රථ මාදිලි 2027 වර්ෂයේදී Dodge සහ Jeep පෙළට එක් වන බව බලාපොරොත්තු වෙනවා. එමඟින් Dakota නම නැවත පැමිණීම දැක ගන්න පුළුවන්.

එක්සත් ජනපදයේ පැවති වැඩ වර්ජනයක් හේතුවෙන් සති ගණනාවක් එහි factories කිහිපයක නිෂ්පාදනය නතර කරලා තිබුණා. එම වැඩ වර්ජනය අවසන් කිරීමට මෑතකදී Stellantis සහ UAW එකඟතාවයකට එළඹුණා. ඉදිරි වසර කිහිපය සඳහා Stellantis හී නිෂ්පාදන සැළසුම් හෙළි කරන ලියවිල්ලක් social media වල leak වීම මඟින් ට්‍රක් රථ electric power වලට මාරු කිරීමට සැළසුම් කර ඇති බව හොයාගෙන තිබෙනවා.

2025 දී ජනප්‍රිය 4xe plug-in-hybrid model එක upgrade කිරීමත් සමඟ 2028 දක්වා Toledo assembly complex එකේ වර්තමාන JL generation එකේ පවතින බව එම ලේඛනය හෙළි කරනවා. J70 ලෙස නම් කරපු මීළඟ generation එකේ Wrangler එක 2028 දී පැමිණියත් එය electric හෝ plug-in-hybrid off-roader විදිහට ලැයිස්තුගත කර තිබෙනවා. මේ plug-in setup එක වර්තමාන 4xe ට වඩා වෙනස් වනවා. ඒ series එක hybrid ලෙස ක්‍රියා කරන අතර motor එක wheels වලට power එක ලබා දීමට වඩා, battery එක recharge කිරීමට, generator එකක් ලෙස ක්‍රියා කරනවා.

Gladiator වෙනුවට Stellantis 2027 වර්ෂයේදී නව මධ්‍යම ප්‍රමාණයේ ට්‍රක් රථ නිෂ්පාදනය කිරීමට Illinois හී Belvidere factory එකට ඩොලර් බිලියන 1.5 ක් ආයෝජනය කර තිබෙනවා. මේ සැලැස්මට Jeep සහ Dodge යන branded models දෙකම ඇතුළත් වන අතර, සමහර විට Dakota නම නැවත පැමිණීමට ඉඩ තිබෙනවා.

මේවායේ powertrain පිළිබඳ විස්තරයක් සඳහන් වන්නේ නැහැ. නමුත් වාර්ෂිකව unit 80, 000 සිට 100, 000 දක්වා නිෂ්පාදනය කිරීමට සැළසුම් කර තිබෙනවා. ඒ වගේම ඩොලර් බිලියන 3.2 ක ආයෝජනයකින් යුත් නව battery plant එකක්ද Belvidere හී ඉදි කරනවා.

Jeep Compass, Jeep Renegade, Dodge Hornet, Chrysler Pacifica, සහ Ram ProMaster van වැනි මාදිලි කිහිපයක්ම මෙම ලැයිස්තුවට ඇතුළත් කරලා නැහැ. මේ අතර 2024 වර්ෂයේදී පැමිණීමට බලාපොරොත්තු වූ 2022 වසරේ ප්‍රදර්ශනය කරන ලද Recon concept එක පිළිබඳව කිසිම සඳහනක් තිබුණේ නැහැ.

ඔබ නොදන්නවා වුණාට, දිනෙන් දින වාහන ලෝකයේ නවතම වාහන එළිදැක්වෙනවා. ඒ නිසා, ඉදිරියේදීත් මේ වගේම වාහන ලෝකයේ සිදු වන නවතම එළිදැක්වීම් පිළිබඳව දිගින් දිගටම ඔබව දැනුවත් කරන්න MotorGuide අපි සූදානම්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!