Mercedes-AMG SL plug-in hybrid, 800bhp ට වඩා වැඩි වේගයකින් පැමිණේ

time
මිනිත්තු 3 කියවීම
feature image

Plug-in hybrid vehicles නැත්නම් PHEV ගැන කතා කරනකොට, electric motor එකට power එක ලබා දීමට, battery සහ internal combustion engine (ICE) එකකට power එක ලබා දීම සඳහා පෙට්‍රල් වගේ වෙනත් fuel වර්ගයක් භාවිතා කරනවා. අද අපි කතා කරන්නේ, Mercedes-AMG SL plug-in hybrid එක ගැන. මේ plug-in hybrid එක ඉදිරියේදී 800bhp ට වඩා වැඩි වේගයකින් දකින්න ලැබෙනවා. ඉතින් MotorGuide Weekly News තුළින් අපි අද ඔබට කියන්නේ, ඒ කතාව ගැන.

Mercedes-AMG විසින් SL 63 S E performance එකක් සහිත drop-top grand tourer හි පළමු hybrid version එක launch කරලා තියෙනවා. එය AMG performance division එකේ පස්වන plug-in hybrid එක වන අතර, එය මෙම වසරේදී අලෙවි කරන්න තියෙන වේගවත්ම convertibles මෝටර් රථයක් වෙනවා.

Mercedes-AMG එක GT 63 S E performance සහ S63 E performance saloons වගේ පුළුල් විදිහට එකම power train set-up එකක් ලබා ගන්නවා. Engine එකට power එක ලැබෙන්නේ, 4.0-litre twin-turbocharged V8 මඟින් වන අතර, ඒක 603bhp output එකක් නිපදවනවා. මේක 804bhp හි combined output එකක් සඳහා rear එකේ සවි කරලා තියෙන, 201bhp electric motor එකක් සමඟ paired කරලා තියෙනවා. ඒ වගේම torque එක 1047lb ft ක් වෙනවා. තත්පර 2.9 ක කාලයකින් 0-62mph වේගයක් ලබා ගන්නවා. මේකෙ top speed එක 196mph ක් වෙනවා. හැබැයි මේ speed එක Ferrari 296 GTS සහ Porsche 911 Turbo S Cabriolet වලට වඩා තරමක් අඩු අගයක් ගන්නවා.

Stopping power එක ලැබෙන්නේ, PHEV සඳහා විශේෂිත වුණු bronze-coloured calipers මඟින් තද කරලා තියෙන carbon-ceramic brakes මඟින්. AMG හි ප්‍රධාන විධායක නිලධාරී, Michael Schiebe පවසන්නේ, මෙම unique concept එක මඟින් ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට superior performance එකක් වගේම electric driving option එකක්ද ලබා දෙන බවයි.

Motor එක, rear axle එකට directly තමයි සවි කරලා තියෙන්නේ. Overtake කරන විට සහ line එකෙන් ඉවත් වන විට, acceleration එක යටතේ power එක වැඩි කරන්න ක්‍රියා කරනවා. මේක German brand එකේ P3 performance power train එකේ ලක්ෂණයක් වන අතර, ඒක engine එකට සම්බන්ධ කරලා තියෙන seven-speed automatic gearbox එක සමඟින් ක්‍රියා කරන two-speed gearbox එකකට සම්බන්ධ කරලා තියෙනවා. Rear grip එක නැති වෙන්න පටන් ගත්තම, ඒකෙ power එක front wheels වලට යවන්න පුළුවන්. මෝටර් රථයේ low speed සහ high speed උපමාරු දෙකටම උදව් කරන්න standard එකක් විදිහට rear-axle steering එකත් තියෙනවා.

ඉහළ demand එකක් තියෙන අවස්ථා වලදී grip එකට උදව් කරන්න rear axle එකට mechanical limited-slip differential එකක් සවි කරලා තියෙනවා. ඊට ඉහළින් Mercedes-AMG Formula 1 team එකේ දැනුමෙන් develop කරලා තියෙන lightweight, high-performance සහිත 400 V battery එකක් සවි කරලා තියෙනවා.

මේකෙ battery එක ගැන කියනකොට, ඉහළ demand එකක් ලැබෙන අවස්ථා වලදී, අඛණ්ඩ සහ reliable performance එකක් ලබා දෙනවා. AMG එක, Improve කළ cooling කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන නිසාම, මෝටර් රථයට electric power එකෙන් විතරක් සැතපුම් අටක් drive කරන්න පුළුවන්. හැබැයි පුළුවන් දීර්ඝතම range එක සැපයීම සඳහා develop කරලා නැහැ.

Driver ට driving modes අටක් තෝරාගන්න පුළුවන්. ඒ driving modes අතරට electric, battery hold, comfort, smoothness, sport, sport plus, race සහ individual ඇතුළත් වෙනවා. එක් එක් මාදිලියේ levels හතරක් දක්වා energy regeneration එක ලබා ගන්න පුළුවන් අතර, 100kW ට වඩා වැඩි power එකක් battery එකට නැවත ලබා දෙනවා.

මෝටර් රථය start කරන විට, ඒක තියෙන්නේ electric power එක යටතේ විතරයි. PHEV හි diameter එක 20 හෝ 21 inch වන aerodynamically optimized alloy wheels දකින්න ලැබෙනවා. මේක පැයට සැතපුම් 50 ට වැඩි වේගයකින් 40 mm කින් පහළට විහිදෙන carbonfibre front splitter එකක සහ ඒ වේගයෙන්ම විහිදෙන duck-tail rear spoiler එකක ආකාරය නිසාම aerodynamic touche එකක් ලැබිලා තියෙනවා.

මේ විදිහට තමයි, ඔබ දන්න Mercedes-AMG SL plug-in hybrid එක, 800bhp ට වඩා වැඩි වේගයකින් පැමිණෙන්නේ. ඊට අමතරව තවත් වාහන වල වෙනස්කම් ඕන තරම් සිදු වෙනවා. ඉතින් ඒ හැම දෙයක් ගැනම ඉදිරියේදීත් දැන ගන්න, දිගටම MotorGuide සමඟ එකතු වෙලා ඉන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Chery Tiggo 9 PHEV 2026

    SUV

    රු 28.8M - 32.7M

  • BYD SEALION 8 Dynamic DM-i 2026

    SUV

    රු 29.9M - 31.5M

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!