රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කළ හැකි car එකක්

time
මිනිත්තු 2 කියවීම
feature image

වාහනයක් නිත්‍යානුකුලව පාරේ ධාවන කරන්න නම් අනිවාර්යෙන්ම අවශ්‍ය දෙද්යක් තමයි වලංගු රියදුරු බලපත්‍රය කියන්නේ. මොකද වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම දඩුවම් ලැබිය හැකි වරදක්. ඒ වගේම තමයි රියදුරු බලපත්‍රයක් ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම වයස අවුරුදු 17 සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ විදිහට බැලුවම ලංකාවේ නිත්‍යානුකුලව වාහනයක් drive කරන්න පුළුවන් වයස අවුරුදු 17ට වැඩි පුද්ගලයින්ට විතරයි.

හැබැයි අවුරුදු 14 ළමයින්ට රියදුරු බලපත්‍රයක් නැතුව drive කරන්න පුළුවන් වාහනයක් මේ වෙනකොට නිර්මාණය කරලා තියෙනවා. ඒ ගැන තමයි අද MotorGuide Weekly news තුළින් අපි ඔබට කියන්නේ.

මෙම මෝටර් රථය හඳුන්වන්නේ microlino lite bubble car නමින්. මෙම මෝටර් රථය වයස අවුරුදු 14 ඉහළ, රියදුරු බලපත්‍රයක් නොමැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. මම රථය මුලින්ම එළි දැක්වුවේ 2024 ජිනීවා මෝටර් ප්‍රදර්ශනයේදීයි.

ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනය 2024 පෙබරවාරි 26 සිට මාර්තු 3 දක්වා ක්‍රියාත්මක වුණා.

Microlino Lite යනු Microlino microcar හි කුඩා version එක වන අතර, එමඟින් microcar එකට සමාන පරාසයක් ලබා දෙනවා. මෙම කුඩා version එක පැයට කිලෝමීටර 45 දක්වා ඉහළ වේගයක් ලබා ගැනීමට සමත් වෙනවා.

මෙම කුඩා වාහනය නිෂ්පාදනය කරලා තියෙන්නේ අධි ශක්තිමත් වානේ වලින්. Microlino lite bubble car එකේ දොර ලෙස තිබෙන ඉදිරිපස කොටසේ සම්පූර්ණ රාමුව විවෘත කිරීමෙන් රියදුරුට මෙම රථයට ඇතුල් වෙන්න පුළුවන්. මෙහි ආසන දෙකක්, compact steering wheel එකක් සහ ප්‍රමාණවත් driver & passenger's space එකක් තිබෙනවා.

කෙටියෙන්ම කිව්වොත් මේ මෝටර් රථයේ රියදුරු ඇතුළුව පුද්ගලයන් දෙදෙනෙකුට පහසුවෙන් ගමන් කරන්න පුළුවන්.

Microlino Lite electric bubble car එකේ පිටත, මෝටර් රථ කර්මාන්තයේ භාවිතා කරන වානේ සහ ඇලුමිනියම් වලින් සාදා තිබෙනවා. එසේම මේ මෝටර් රථයේ rollable sunroof එකකුත් අපිට දැකගන්න පුළුවන්. ඒ වගේම මෙහි 230 liters package එකකුත් තියෙනවා.

Microlino Lite වයස අවුරුදු 14 හෝ ඊට වැඩි පුද්ගලයින්ට සහ රියදුරු බලපත්‍රයක් නොමැති අයට පැදවිය හැකියි. නමුත් Micro සමාගම පවසන්නේ electric bubble car එක පැදවිය යුතු රටේ ජාතික රෙගුලාසි මත පදනම්ව මෙය අදාළ වන බවයි.

ඒ අනුව මේ වන විට ප්‍රංශය සහ ඉතාලිය පමණක් වයස අවුරුදු 14ක රියදුරන්ට Microlino Lite electric bubble car එක පැදවීමට අවසර ලබා දී තියෙනවා. මෙම මෝටර් රථය පැදවීමට අවසර ජර්මනිය, ස්පාඤ්ඤය, ස්වීඩනය සහ ඔස්ට්‍රියාවේ වයස අවුරුදු 15 න් ආරම්භ වන අතර බෙල්ජියම, ග්‍රීසිය, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, එක්සත් රාජධානිය, පෘතුගාලය සහ නෝර්වේ යන රට වල ආරම්භ වන්නේ 16 න්.

ඒ විතරක් නෙවෙයි අනෙකුත් බොහෝ රටවලට Microlino Lite car එක drive කරන්න නම්, අවම වශයෙන් AM රියදුරු බලපත්‍රයක් අවශ්‍ය වෙනවා. නමුත් රියදුරු 1988 ජනවාරි 1 ට පෙර උපත ලැබුවේ නම් ප්‍රංශයට එය අවශ්‍ය වන්නේ නැහැ. ඉතින් මේ තමයි ලයිසන් නැතුව drive කරන්න පුළුවන් Microlino Lite car එකේ කතාව.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!