එකම සතියකදී Nikola semi-truck රථ දෙකක් ගිනි ගනියි

time
මිනිත්තු 2 කියවීම
feature image

ඔබ මීට පෙර අහලා තියෙනවද, එකම වර්ගයේ වාහන දෙකක් එකම සතියකදී ගිනි ගත් සිදුවීමක් ගැන? එහෙම සිදුවීමක් ඇරිසෝනා ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා. මේ විදිහට ගිනි ගැනීමට ලක් වුණේ, Nikola semi-truck රථ දෙකක්. Nikola කියන්නේ, commercial battery-electric vehicles සහ fuel-cell electric vehicles නිෂ්පාදනය කරන ඇමරිකානු නිෂ්පාදන ආයතනයක්. ඉතින් මෙවැනි ගිනි ගැනීමක් වෙන්න හේතුව මොකක්ද? අද MotorGuide weekly news තුළින් අපි ඔබට කියන්නේ, මේ ගිනි ගැනීමේ අග මුල ගැනයි.

ඇරිසෝනා සමාගමේ Phoenix මූලස්ථානය අසළ Nikola semi-truck රථයක් පසුගිය සැප්තැම්බර් 8 වනදා ගිනිගෙන තිබෙනවා. පසුගිය අගෝස්තු මාසයේදී Nikola විසින් නිකුත් කළ battery බලයෙන් ක්‍රියාත්මක වන සියලුම electric ට්‍රක් රථ ආපසු කැඳවන බව නිවේදනය කිරීමෙන් පසුව, Nikola සමාගමේ කොටස් ප්‍රමාණය 55% කින් පහත වැටී තිබෙනවා. එමෙන්ම මීට පෙර සිදු වූ ගිනි ගැනීම් කිහිපයක් පිළිබඳ විමර්ශනයකින් අනතුරුව ඔවුන් විකුණුම් නතර කිරීමටද කටයුතු කළා.

එම සතිය මුලදී එහි තවත් truck රථයක්, ඇරිසෝනා Tempe හී ගින්නකට අසු වී තිබෙන අතර එය එක් battery pack එකකට පමණක් බලපා තිබෙනවා. කෙසේ වෙතත් මෙම සිදුවීම් දෙකෙන්ම කිසිවෙකුටත් තුවාල සිදු වෙලා නැහැ.

සමාගම පවසන්නේ, මෙලෙස ගින්නට හසු වුණු නවතම ට්‍රක් රථය, battery fire investigation සහ තවත් පරීක්ෂණ සිදු කළ pre-production unit එකක් බවයි.

කෙසේ වෙතත් පසුගිය සැප්තැම්බර් මාසයේ සිදු කළ Nikola විමර්ශනයෙන් පසුව, battery pack එකක් තුළ coolant leak එකක්, ගිනි ගැනීමට හේතු වී ඇති බව සඳහන් වෙනවා.

වාහන ලෝකයෙත් මේ වගේ පොඩි පොඩි අත් වැරදීම් ඕන තරම් සිදු වෙනවා. ඉතින් මේ සියලුම දේ ගැන ඉදිරියටත් ඔබව දැනුවත් කරන්න MotorGuide අපි සූදානම්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Suzuki Dzire 2025

    Sedan

    රු 6.5M - 8M

  • Kia Carnival 2025

    MPV

    රු 32M - 35M

  • Kia Sportage 2026

    SUV

    රු 26.3M - 36.2M

  • Changan Lumin 2025

    Hatchback

    රු 6M - 7.6M

  • Riddara RD6 Horizon Pro 2025

    Pickup

    රු 15.2M - 18.4M

  • MG4 EV 2026

    Hatchback

    රු 15M - 18M

  • Mercedes Benz AMG GLA 45 S 2024

    Luxury SUV

    රු 55M - 59M

  • Toyota Roomy 2025

    Hatchback

    රු 8.6M - 11.2M

  • Toyota Vellfire Z 2024

    SUV

    රු 53.5M - 58.7M

  • Honda Freed Hybrid 2025

    MPV

    රු 18.3M - 189M

  • Tesla Model Y 2024

    Luxury Sedan

    රු 26.5M - 30M

  • Dongfeng Forthing Friday 2025

    SUV

    රු 17.9M - 21M

නවතම බයික් සමාලෝචන

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

  • KTM 160 Duke 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • Yadea M6 2025

    Scooters

    රු 429K - 435K

  • Hero Xoom 125R 2025

    Scooters

    රු 810K - 850K

  • Hero Xoom 110 Fi 2025

    Scooters

    රු 700K - 750K

  • Bajaj Pulsar N160 2025

    Motorbikes

    රු 850K - 950K

  • TVS XL 100 Heavy Duty

    Motorbikes

    රු 380K - 450K

  • Yamaha FZ V2 2025

    Motorbikes

    රු 720K - 950K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!