Polestar මඟින් ස්වීඩනයේ සහ කැලිෆෝනියාවේ grid charging දියත් කරයි

time
මිනිත්තු 3 කියවීම
feature image

ඔබ දන්නවද, Polestar ගැන? Polestar කියන්නේ, Polestar කරලියට එන්නේ 1995 volvo racing division එකක් හැටියට. ඒත් දැන් Volvo වලින් detach වෙලා polstar stand alone Ev manufacturing පටන් අරන් තියෙනවා. අලුත්ම කතාව තමයි, Polestar මඟින් ස්වීඩනයේ සහ කැලිෆෝනියාවේ grid charging දියත් කරන එක. ඉතින් මේ Polestar මඟින් සිදු කරන grid charging දියත් කිරීම ගැන හැම විස්තරයක්ම MotorGuide Weekly News තුළින් අපි අද ඔබට කියනවා.

Polestar තමන්ගේ නවතම electric SUV එක භාවිතා කරමින් ස්වීඩන් නුවර Gothenburg හි V2G project එකක් සඳහා energy suppliers ලා සහ අනිත් අය සමඟ එකතු වෙලා තියෙනවා.

එය කැලිෆෝනියාවේ V2G systems develop කිරීම investigate කිරීමට කැලිෆෝනියා බලශක්ති කොමිසම සහ හවුල්කරුවන් සමඟත් කටයුතු කරනවා. මේ V2G systems රඳා පවතින්නේ, bi-directional charging මත. ඉන් අදහස් කරන්නේ, electric cars වල local grid එකෙන් energy එක ලබා ගැනීම වගේම එය ආපසු ලබා දිය හැකි බවයි.

එය ප්‍රමාණවත් තරම් large scale එකකින් ක්‍රියාත්මක කළා නම්, දහස් ගණනක EVs හි ගොඩක් විශාල energy storage capacity එක peak periods වලදී store කිරීමෙන් පසුව, grid එක හරහා energy balance කිරීමේ ප්‍රධාන කාර්යක් ඉටු කරනවා.

Solar systems ඇති EV owners ලාට network operator ගෙන් එය මිලදී නොගෙන peak generation periods වලදී car battery එකේ solar energy එක store කිරීමෙන් running cost එක අඩු කර ගන්නත් පුළුවන්.

Bi-directional charging මඟින් ඔබේ car battery එකේ store කර ඇති energy එක සවස් කාලයේදී නිවසේ උපකරණ ක්‍රියාත්මක කරන්නත් ඉඩ ලබා දෙනවා. එමෙන්ම මෙය V2H ලෙස හැඳින්වෙනවා.

Polestar, off-peak periods වලදී grid එකේ charge කරන්න පුළුවන් වෙනවා. Tariffs ඉහළ වන විට, peak periods වලදී ඒ energy එක නිවසේදී භාවිතා කරන්න පුළුවන්.

Polestar එක smart charger හරහා grid එක සම්බන්ධ කරන්න virtual power-plant (VPP) එකක් develop කරනවා. මෙහිදී සම්බන්ධිත සියලුම මෝටර් රථ වල collective capacity එක කොච්චරද කියලා VPP ට දැක ගන්න පුළුවන්. ඒ වගේම demand එක සහ battery optimization එක base කරගෙන charge කිරීම සහ discharge කිරීම ආරම්භ කරනවා.

අවසානයේ අයිතිකරුවන් විසින් battery එකේ charging තත්වය control කරන අතර, ඔවුන්ගේ මෝටර් රථ export කරන energy එක සඳහා tariff එකක් ගෙවනවා. ඒ විදිහටම දැනටමත්, export tariffs හරහා ඔබට ඔවුන්ගේ solar system වලින් මුදල් උපයන්න පුළුවන්.

මේ වනතෙක් bi-directional charge කරන්න පුළුවන් වුණේ, Chademo charging system භාවිතා කරන මෝටර් රථ වල විතරයි. ඒ අනුව 2021 වර්ෂයේ සිට Western Power Distribution එක විසින් වසරක් පුරා පවත්වාගෙන ගිය UK හි Electric Nation Vehicle to Grid කියන trial එකට, 30kW/h ක battery සහිත Nissan හිමිකරුවන් සම්බන්ධ කරගෙන තියෙනවා.

V2G, CCS charging system එක සඳහා original standard එකට ඇතුළත් කරලා තිබුණේ නැහැ. එය ප්‍රායෝගිකව සියලුම EVs දැන් භාවිතා කරනවා. මේක නිවැරදි කිරීම සඳහා ISO 15118 ප්‍රමිතියක් develop වෙමින් පවතින අතර, 2025 දී ඒ සඳහා සම්පූර්ණයෙන්ම අත්සන් කිරීමට බලාපොරොත්තු වෙන බව වාර්තා වෙනවා.

මේ තමයි, Polestar මඟින් ස්වීඩනයේ සහ කැලිෆෝනියාවේ grid charging දියත් කරනවා කියපු කතාවේ ඇත්තම විස්තරය. මේ වගේ ලෝකෙම තියෙන වාහන ගැන ඔබ නොදන්න අලුත් කතා ගොඩක් තියෙනවා. ඉතින් ඒ හැම දෙයක් ගැනම අකුරක් නෑර දැන ගන්න දිගටම MotorGuide සමඟ එකතු වෙලා ඉන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!