Vehicle Loan එකයි Lease එකයි අතර වෙනස

time
මිනිත්තු 4 කියවීම
feature image

ගොඩක් අය හිතාගෙන ඉන්නේ finance කරලා වාහනයක් ගන්නවා කියන්නේ වාහන ණයක්, එහෙමත් නැත්නම් vehicle loan එකක් තමයි දෙන්නේ කියලා. හැබැයි ඇත්තටම එතනදී ඔයාට හම්බවෙන්නේ වාහන ලීසිං පහසුකමක්. ඇත්තටම ගොඩක් අයට මේ ගැන ලොකු අවබෝධයක් නැහැ. ඉතින් කලබලේට finance කරලා වාහනයක් අරගෙන සමහර අය ලොකු අමාරුවක වැටෙනවා. ඉතින් ඒ නිසා තමයි MotorGuide අපි හිතුවේ Vehicle loan එකයි Leasing එකයි අතර වෙනස ගැන ඔයාව දැනුවත් කරන්න.

Vehicle Leasing එකක් කියන්නේ මොකක්ද?

අපි මුලින්ම බලමු vehicle leasing එකක් කියන්නේ මොකක්ද කියලා. Vehicle leasing එකක් කියන්නේ කල්බදු ගිවිසුමක්. එමඟින් අදහස් වෙන්නේ ඔයා වාහනයක් බද්දට ගන්නවා කියන එක. කෙටියෙන්ම කිව්වොත් වාහනයක් යම් කාල සීමාවකට බදු ගන්නවා කියන අදහස තමයි මෙතැනදී එන්නේ.

සාමාන්‍යයෙන් අපි හැමෝම දන්න දෙයක්නේ බදු ගන්න දෙයක් අපිට අයිති නැහැ කියන එක. ඉතින් leasing කරලා වාහනයක් ගන්නකොට ඔයා අත්සන් කරන්නේ කල් බදු ගිවිසුමක්. වාහනයේ leasing වාරික සියල්ල ගෙවලා ඉවර වුණාට පස්සේ තමයි ඔයාට වාහනයේ පූර්ණ අයිතිය ලැබෙන්නේ.

Vehicle loan එකක් කියන්නේ මොකක්ද?

Vehicle loan එකක් කියන්නේ කියන්නේ බදු ගිවිසුමක් නම් නෙවෙයි. Vehicle loan එකක් කියන්නේ යම් ආයතනයකින් මුදලක් ණයට ගැනීමයි. ඉතින් ගත්ත ණය මුදල ගෙවලා ඉවර වුණාට පස්සේ ඔයාට පුලුවන් ඒ ණය මුදලින් නිදහස් වෙන්න.

ඉතින් vehicle loan එකකදී වෙන්නේ, වාහනයක් ගන්න මුදල් මදි බව යම් ණය දෙන ආයතනයකට කිව්වම ඒ ආයතනය හරහා ණය මුදලක් ලබා දීම සිදු වෙනවා. මේ දේ තමයි සරලව vehicle loan එකක් ගැනීමේදී සිදු වෙන්නේ.

ආයතනයට risk එකක්

Vehicle leasing එකක් ගන්නවට වඩා vehicle loan එකක් ගන්න එක ඔයාගේ පැත්තෙන් වාසියක් වුණාට, ඒක ණය දෙන ආයතනයට නම් risk එකක්. මොකද vehicle leasing එකකදී සම්පූර්ණයෙන් වාරික ගෙවලා ඉවර වෙනකන් වාහනයේ අයිතිය තියෙන්නේ ලීසිං සමාගමට. ඉතින් ඔයා හරිහැටි වාරික ගෙවීම සිදු නොකළොත් ලීසිං සමාගමට අයිතියක් තියෙනවා වාහනය තමන්ට පවර ගන්න.

නමුත් vehicle loan එකකදී මේ තත්වය වෙනස් වෙනවා. මොකද ගත්ත loan එකෙන් 50%කට වඩා ගෙවීම් සිදු කළාට පස්සේ වාහනයේ අයිතිය සම්පූර්ණයෙන්ම පැවරෙන්නේ ඔයාට. ඉතින් නිකන් හරි ඔයා ණය වාරික ගෙවීම පැහැර හැරියොත්, ලීසිං සමාගම් වලට වගේ වාහනයේ අයිතිය පවරා ගැනීමේ හැකියාවක් ණය දෙන ආයතන වලට නැහැ.

ඒකට හේතුව තමයි වාහනයේ පරම අයිතිය ණය දෙන ආයතනයට අහිමි වීම. ඉතින් ඒ හේතුව නිසා තමයි බොහෝ ආයතන vehicle loan ලබා දීම වෙනුවට vehicle leasing පහසුම ලබා දෙන්න පෙළඹෙන්නේ.

Loan ගන්න එක හිතන තරම් ලේසි නැහැ

Vehicle loan එකක් ගන්න එකත් හිතන තරම් ලේසි පහසු වැඩක් නෙවෙයි. මොකද loan එකක් ගන්න නම් ඔයා සපුරන්න ඕනේ සුදුසුකම් කිහිපයක්ම තියෙනවා. දැන් අපි බලමු vehicle loan එකක් ගන්න අවශ්‍ය කරන සුදුසුකම් මොනවද කියලා.

මොන දේ කරන්නත් කලින් විශ්වාසනීය මූල්‍ය ආයතනයක් තෝරා ගන්න ඕනේ. මූල්‍ය ආයතනය විදිහට බැංකුවක් තෝරාගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. මොකද අනෙක් මූල්‍ය ආයතන වලට සාපේක්ෂව බැංකු හරහා ලේසියෙන්ම වාහන ණයක් ලබා ගන්න පුලුවන්.

Down Payment එක

ඊට පස්සේ වාහනය ගානකොට ඔයාට අතින් දෙන්න පුලුවන් මුදල ගැනත් vehicle loan එක දෙන ආයතනය අවදානය යොමු කරන්න අමතක කරන්නනේ නැහැ. ඉතින් ඔයා වාහනය වෙනුවෙන් කරන down payment එක, ණයට ගන්න මුදලට වඩා වැඩි නම් ඔයාට ලේසියෙන්ම ණයක් ගන්න පුලුවන්. ඉතින් ඒ නිසා වාහනයේ මුලු වටිනාකමෙන් 50%කට වඩා මුදලක් ඔයා ළඟ තිබීම vehicle loan එකක් ගන්න මූලික සුදුසුකමක් වෙනවා.

Loan එකක් ගැනීමට තිබිය යුතු සුදුසුකම්

1. CRIB එක හොඳට තියෙන්න ඕනේ
ඔයා මොන තරම් ණය ප්‍රමාණයක් අරගෙන තියෙනවද, ඒ ගත්ත ණය ගෙවලා තියෙන්නේ කොහොමද, තව කොපමණ ණය මුදලක් ගෙවීමට තිබෙනවාද යන්න තමයි CRIB එක හරහා පෙන්වන්නේ. ඉතින් vehicle loan එකක් ගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම කලින් ගත්ත ණය නියමිත කාලයට ගෙවලා CRIB එක හොඳට තියෙන්න ඕනේ.

2. Income එක කීයද?
Vehicle loan එකක් ගන්නවා නම් ඔයාගේ income එක කීයද, income එක හැදෙන්නේ කොහොමද වගේ කරුණු ඔයා ණය ගන්න බලාපොරොත්තු වෙන ආයතනයට ඉදිරිපත් කරන්න ඕනේ. ඔයා job එකක් කරනවා නම් pay sheets හරි, ඔයා business එකක් කරනවා නම් bank statement එකක් මඟින් හෝ මුදල් ගණුදෙනු සිදුවන ආකාරය ණය ලබා ගන්නා ආයතනයට පෙන්වන්න ඕනේ.

3. අපකරුවෙක් ඕනේ
ඔයාට vehicle loan එකක් ගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම අපකරුවෙක් අවශ්‍ය වෙනවා. ඔයාට හොඳ මාසික ආදායමක් තියෙනවා නම් එක අපකරුවෙක් පමණක් ප්‍රමාණවත් වෙනවා. නමුත් මේ කොන්දේසිය ආයතනයෙන් ආයතනයට වෙනස් වෙන්න පුලුවන්.

ඉතින් මේ තමයි Vehicle loan එකයි Leasing එකයි අතර වෙනස. ඇත්තටම vehicle leasing එකක් ගන්නවට වඩා, vehicle loan එකක් ගැනීමේදී risk එක අඩුයි. ඒ වගේම වාහනයේ සම්පූර්ණ අයිතිය හිමි වෙන්නෙත් ඔයාට. ඉතින් ඔයත් වාහනයක් ගන්න හිතාගෙන ඉන්නවා නම් leasing එකකට යනවද එහෙමත් නැත්නම් loan එකක් ගන්නවද කියලා හොඳට හිතලා බලන්න මතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොනවද මේ XUV කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොකද්ද මේ Subcompact SUV සහ CUV පටලැවිල්ල?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක Trim එක කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ලංකාවට ආනයනය කරන හරිම විදිහ

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වැඩිය කවුරුත් නොදන්න MPVs

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය sell කරන්න කලින් value වැඩි කරගන්න පුළුවන් ලේසි tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගන්න ඉන්නවානම් මෙන්න OEM Prices

    time
    මිනිත්තු 2 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Air Conditioning Performance වැඩි කරන tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!