වාහනයක Trim එක කියන්නෙ මොකද්ද?

time
මිනිත්තු 4 කියවීම
feature image

Motor Guide අපි අද කතා කරන්න යන්නෙ වාහන ලෝකේ ගොඩක් දෙනෙක් නිතරම අහන, වගේම ටිකක් පැටලෙන මාතෘකාවක් ගැන. ඒ තමයි වාහනයක "Trim Level" එක කියන්නේ මොකක්ද කියන එක. ගොඩක් වෙලාවට අපි වාහනයක් ගන්න ගියාම එකම මාදිලියේ කාර් එකක් වුණත් මිල ගණන් වල ලොකු වෙනස්කම් තියෙනවා දකිනවා. එතකොට අපිට හිතෙනවා ඇයි මේ එකම වාහනේ මිල මෙච්චර වෙනස් වෙන්නේ කියලා. අන්න ඒ වෙනස තීරණය කරන ප්‍රධානම සාධකය තමයි මේ ට්‍රිම් ලෙවල් එක කියන්නේ.

මෝටර් රථ ක්ෂේත්‍රයේ අත්දැකීම් තියෙන තාක්ෂණික අය විදිහට අපි ඔබට මේක හරියටම පැහැදිලි කරලා දෙන්නම්. වාහනයක් නිෂ්පාදනය කරද්දී මූලික එන්ජිම, චැසිය සහ බඳ එකම වුණත්, ඒකේ ඇතුළත design, පහසුකම්, ආරක්ෂක පද්ධති සහ බාහිර පෙනුමේ වෙනස්කම් මත මට්ටම් කිහිපයකට වාහන එළියට දානවා. ඒවට තමයි අපි ට්‍රිම් ලෙවල් එහෙමත් නැත්නම් ශ්‍රේණි මට්ටම් කියලා කියන්නේ.

මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදිහට අපි දන්නව ගොඩක් පාරිභෝගිකයෝ වාහනයක නම විතරක් බලලා මිල ගැන තීන්දු වලට එනවා. උදාහරණයක් විදිහට ටොයෝටා, හොන්ඩා හෝ නිසාන් වගේ ජනප්‍රිය බ්‍රෑන්ඩ්ස් වල එකම මොඩල් එකේ වාහන වලට විවිධ නම් පාවිච්චි කරනවා. උදාහරණයක් ලෙස L, LX, X, G, හෝ S වගේ අකුරු වලින් මේ ට්‍රිම් ලෙවල් වෙන් කරලා දක්වනවා. සමහර වාහන වල Bass trim එකක් එනවා කිසිම අමතර පහසුකමක් නැති මූලිකම මට්ටමට. තවත් සමහර ඒවයේ full option එහෙමත් නැත්නම් top of the line කියන ඉහළම මට්ටමේ trim එක එනවා.

අභ්‍යන්තර සැකැස්ම (Interior Trim)

අපි trim එකක් ගැන කතා කරද්දී මුලින්ම බලන්න ඕනේ එහි අභ්‍යන්තර සැකැස්ම එහෙමත් නැත්නම් interior trim‍ කියන කොටස. Bass මොඩල් එකක නම් සීට් එක කවර් කරලා තියෙන්නේ සාමාන්‍ය රෙදි වලින්. ඒත් ටිකක් ඉහළ trim එකකට ගියාම ලෙදර් සීට්, ඉලෙක්ට්‍රොනිකව සීට් සකස් කර ගැනීමේ හැකියාව, සහ heat සිස්ටම් වගේ දේවල් දකින්න ලැබෙනවා. ඒ වගේම ඩෑෂ්බෝඩ් එකේ සහ දොරවල් වල පාවිච්චි කරන ප්ලාස්ටික් වර්ගය, කාබන් ෆයිබර් හෝ දැව නිමාවන් වගේ දේවල් වලිනුත් මේ ‍trim මට්ටම් එකිනෙකට වෙනස් වෙනවා.

බාහිර පෙනුම (Exterior Trim)

දෙවනුව, අපි බාහිර පෙනුම එහෙමත් නැත්නම් exterior ‍trim ගැන කතා කරන්න ඕනේ. වාහනයක ‍trim එක අඩුයි නම්, එහෙම නැත්නම් මූලික මට්ටමේ එකක් නම්, එහි alloy wheel වෙනුවට සාමාන්‍ය steel wheels සහ hub cups තියෙන්න පුළුවන්. ඒ වගේම fog lights, crom handles, සහ spoiler වගේ දේවල් මූලික ‍trim වල නැහැ. නමුත් trim level එක වැඩි වෙන්න වැඩි වෙන්න, අලංකාර rim, LED headlights, සහ bumper වල අමතර crom designs වගේ දේවල් වාහනයට එකතු වෙනවා.

තාක්ෂණික සහ ආරක්ෂක පහසුකම්

ඊළඟට ඉතාම වැදගත් කාරණයක් තමයි තාක්ෂණික සහ ආරක්ෂක පහසුකම්. නවීන වාහන වල ‍trim ලෙවල් එක තීරණය කරන ප්‍රධාන සාධකයක් තමයි ඒක. මූලික ‍trim එකක සාමාන්‍ය radio සහ manual A/C සිස්ටම් එකක් විතරක් තියෙන්න පුළුවන්. නමුත් ඉහළ ‍trim මට්ටම් වල ස්මාර්ට් ටච්ස්ක්‍රීන්, ප්‍රිමියම් ශබ්ද විකාශන පද්ධති, automatic climate control A/C, සහ panaromic sunroof වගේ දේවල් අඩංගු වෙනවා. ඒ වගේම lane departure warning, adaptive cruise control සහ blind spot monitoring වගේ දියුණු ආරක්ෂක පද්ධති ගොඩක් වෙලාවට එන්නේ ඉහළම ‍trim මට්ටම් වල විතරයි.

ඔබට ගැළපෙන Trim එක තෝරා ගැනීම

මේ විදිහට වාහනයක ‍trim එකක් තෝරා ගැනීමේදී ඔබ ඔබේ අවශ්‍යතාවය සහ අයවැය ගැන හොඳින් සිතා බලන්න ඕනේ. ඔබට හැමදාම දුර ගමන් යන්න තියෙනවා නම්, වාහනය තුළ වැඩි පහසුකම් සහ ආරක්ෂාව අවශ්‍ය නම්, ටිකක් ඉහළ trim‍ ලෙවල් එකක් තෝරා ගැනීම තමයි නුවණට හුරු වෙන්නේ. එහෙත් නගරය තුළ පමණක් ධාවනය කරනවා නම්, සහ ඉන්ධන කාර්යක්ෂමතාව හා අඩු මිලක් බලාපොරොත්තු වෙනවා නම්, මූලික මට්ටමේ ට්‍රිම් එකක් වුණත් ප්‍රමාණවත් වෙන්න පුළුවන්.

Motor Guide අපේ උපදෙස

Motor Guide අපේ උපදෙස තමයි, ඔබ අලුතින් වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වෙනවා නම්, අදාළ වාහන මාදිලියේ විවිධ ‍trim level වල තියෙන වෙනස්කම් ගැන හොඳින් අධ්‍යයනය කරන්න කියන එක. සමහර වෙලාවට විකුණුම් කරුවන් විවිධ නම් වලින් වාහන හඳුන්වා දුන්නත්, ඒ ඇතුළේ තියෙන ඇත්තම options මොනවද කියලා තාක්ෂණික පැත්තෙන් පරීක්ෂා කරලා බැලීම ඉතා වැදගත්. ඒ හරහා ඔබට ඔබේ මුදලට සරිලන නියම වටිනාකම ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක රැඳී ඉන්න කියලත් මතක් කරනව.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොනවද මේ XUV කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොකද්ද මේ Subcompact SUV සහ CUV පටලැවිල්ල?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක Trim එක කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ලංකාවට ආනයනය කරන හරිම විදිහ

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වැඩිය කවුරුත් නොදන්න MPVs

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය sell කරන්න කලින් value වැඩි කරගන්න පුළුවන් ලේසි tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගන්න ඉන්නවානම් මෙන්න OEM Prices

    time
    මිනිත්තු 2 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Air Conditioning Performance වැඩි කරන tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

  • Suzuki Swift ZXi+ AGS 2025

    Hatchback

    රු 10M - 12.5M

  • Suzuki Baleno Alpha 2025

    Hatchback

    රු 10.7M - 11.5M

  • BYD Sealion 8 DM-p 2026

    SUV

    රු 34.8M - 35M

  • Renault Triber Emotion Easy-R AMT 2025

    Compact MPV

    රු 8.5M - 11M

  • GWM Tank 500 HEV 2026

    SUV

    රු 43M - 43.7M

  • Hyundai Santa Fe Hybrid Calligraphy 2026

    SUV

    රු 37.9M - 40M

  • Kia Sorento Hybrid SX Tech Pack 2026

    SUV

    රු 34.5M - 38.8M

  • Chery Tiggo 9 PHEV 2026

    SUV

    රු 28.8M - 32.7M

  • BYD SEALION 8 Dynamic DM-i 2026

    SUV

    රු 29.9M - 31.5M

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

නවතම බයික් සමාලෝචන

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!