වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයකට යතුර කියන්නේ, හරියට engine එකට engine oil වගේ තමයි. ඉතින් එහෙම තියෙනකොට වාහනයේ යතුර නැති වෙලාවකත් වාහනය lock කරන්න ඕන නම් කොහොමද ඒක කරන්නේ. අනිවාර්යයෙන්ම ඒකටත් ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ යතුර ළඟ නැතුව වුණත් වාහනය lock කරන්න පුළුවන්. සමහර විට මේක කරන්නේ කොහොමද කියලා ඔබ දන්නවා ඇති. හැබැයි මේ ගැන නොදන්න අයට නම් මේ Article එක ගොඩක් වැදගත්. මොකද MotorGuide තුළින් අපි අද ඔබට කියන්නේ, වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරන්නෙ කොහොමද කියලා.

Car keys වර්ග මොනවද?

Car keys ගැන කතා කරනකොට, අපිට විවිධ වර්ගයේ keys බලා ගන්න පුළුවන්. ඒ අතර key fob, mechanical car key, remote car key, transponder car key, switchblade car key සහ valet car key තියෙනවා. මේ keys ගැන කතා කරනවා නම් ඉතින් වෙන වෙනම ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්.

Lock කරන විට යතුර වාහනය ඇතුළෙ නම්?

අපි අද කියන්න යන විදිහට වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරන්න පුළුවන්ද කියලා ඔබට try කරලා බලන්න පුළුවන්. හැබැයි ඉතින් බැරි වෙලා හරි යතුර වාහනය ඇතුළෙ තියලා lock කළොත් නම් වාහනය unlock කරන එක වෙනම කතන්දරයක්. ඒ නිසා කිසිම වෙලාවක යතුර වාහනය ඇතුළෙ තියලා lock කරන්න යන්න එපා. එතකොට වාහනය lock වෙනවද කියලා බලන්න කලින් යතුර තියෙන්නේ වෙන තැනක කියලා confirm කර ගන්න ඕනේ. හදිස්සියේ හරි යතුර තියෙන්නේ වාහනය ඇතුළෙ නම්, shutter එක open කරලා තියන්න වෙනවා.

යතුර ළඟ නැතුව වාහනය lock කරන්නේ කොහොමද?

Smart entry වාහනයක සහ mechanical key එකක් තියෙන වාහනයක යතුර ළඟ නැතුව වුණත් වාහනය lock කරන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට බලමු, smart entry facility එක තියෙන වාහනයක යතුර ළඟ නැතුව වාහනය lock කරන්නේ කොහොමද කියලා.

Smart entry facility එක තියෙන වාහනයක නම් යතුර වාහනය ඇතුළෙ තියෙන වෙලාවක අපිට වාහනය lock කරන්න බැහැ. ඒකට හේතුව තමයි ඒ වාහන වල තියෙන smart entry system එක. ඒ කියන්නේ යතුර වාහනය ඇතුළෙම තියලා door handle එකේ තියෙන button එක press කරලා lock කරන්න බැහැ. ඒ වෙලාවට යම් ශබ්දයකුත් එනවා.

හිතන්නකෝ ඔබ යතුර වාහනය ඇතුළෙ නැතුව වෙන තැනක තියලා කලින් විදිහටම door handle එකේ තියෙන button එක press කරනවා කියලා. ඒත් වාහනය lock වෙන්නේ නම් නැහැ. එතකොට ඔබට කරන්න තියෙන්නේ, driver side එකේ තියෙන central lock button එක press කරන එක. එහෙම කළාම වාහනයේ doors හතරම lock වෙනවා. එතනදි side mirrors fold වෙනවත් ඔබට දැක ගන්න පුළුවන්. දැන් ඔබ වාහනයේ door එක වහපු ගමන් නැවත වාහනයේ driver side එකේ දොර unlock වෙනවා. හැබැයි අනිත් doors තුනම lock වෙලා තමයි තියෙන්නේ.

Mechanical key එකක් තියෙන සමහර වාහන වල central lock button එක විතරක් press කරන අවස්ථා වල doors හතරම lock වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමයි යතුර වාහනය ඇතුළෙ තියලා මේ විදිහට lock කරන්න එපා කියන්නේ.

හැබැයි smart entry facility එක තියෙන වාහන වලත් අපිට doors හතරම lock කරන්නත් පුළුවන්. මුලින්ම central lock button එක press කරන්න. එතකොට doors හතරම lock වෙනවා. ඊට පස්සේ door එක වහනකොට door handle එක ඇරලා door එක වහන්න. අන්න එතකොට නම් doors හතරම lock වෙනවා. ඒක ඔබට confirm කර ගන්න පුළුවන්, side mirrors fold වෙලා තියෙනවා නම්. දැන් ඔබට වාහනය unlock කරන්න නම් යතුර වාහනය ඇතුළෙ නැතුව ළඟ තියෙන්න ඕනේ.

අපි අද කියපු විදිහට තමයි වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරන්නේ. මේ කතාව නොදැන හිටපු අයට නම් අද Article එක වැදගත් වෙන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් ඔබත් අපි අද කියපු විදිහට යතුර ළඟ නැතුව වාහනය lock කරන්න try කරලා බලන්න. හැබැයි අමතක නොකර යතුර වාහනයේ නැතුව වෙන තැනක තියන්න. එහෙම නැති වුණොත් ඉතින් තවත් ප්‍රශ්නයක්. එහෙනම් තවත් මේ වගේ වැදගත් Article එකකින් හම්බ වෙමු.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොනවද මේ XUV කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොකද්ද මේ Subcompact SUV සහ CUV පටලැවිල්ල?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක Trim එක කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ලංකාවට ආනයනය කරන හරිම විදිහ

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වැඩිය කවුරුත් නොදන්න MPVs

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය sell කරන්න කලින් value වැඩි කරගන්න පුළුවන් ලේසි tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගන්න ඉන්නවානම් මෙන්න OEM Prices

    time
    මිනිත්තු 2 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Air Conditioning Performance වැඩි කරන tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!