වාහනය sell කරන්න කලින් value වැඩි කරගන්න පුළුවන් ලේසි tips

time
මිනිත්තු 4 කියවීම
feature image

වාහනයක් විකුණනවා කියන්නේ නිකම්ම භාණ්ඩයක් විකුණනව වගේ වැඩක් නෙවෙයි. ඒක කලාවක්. විශේෂයෙන්ම මේ දවස්වල වාහන වෙළඳපොළේ හැසිරීමත් එක්ක, තමන්ගේ වාහනයට උපරිම මිලක් ගන්න නම් ඒක බලන්න එන කෙනාට "මේක නම් අරගන්නම වටින වාහනයක්" කියන හැඟීම ඇති කරන්න ඕනේ. වාහනයක් විකුණන්න කලින් ලොකු වියදමක් නොකර, පොඩි පොඩි දේවල් ටිකක් පිළිවෙළකට කරගත්තොත් ඔයා හිතනවාට වඩා වැඩි ගාණකට වාහනය විකුණාගන්න පුළුවන්. මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදිහට Motor Guide අපි අවුරුදු ගාණක් ලබපු අත්දැකීම් එක්ක, වාහනයේ වටිනාකම වැඩි කරගන්න පුළුවන් ලේසි ටිප්ස් ටිකක් මම මේ විදිහට පැහැදිලි කරන්නම්.

පළමු පෙනුම සහ පිරිසිදුකම (Exterior and Interior)

ඕනෑම කෙනෙක් වාහනයක් බලන්න ආවාම මුලින්ම දකින්නේ වාහනයේ පිටත පෙනුම. ඒ නිසා මුලින්ම වාහනය හොඳින් "Full Body Wash" එකක් දාලා, හොඳ "Cut and Polish" එකක් කරගන්න. හැබැයි මතක තියාගන්න, තීන්ත ගිහින් තියෙන තැන් වහන්න එක එක ජාතියේ ලාභ ටච්-අප් පේන්ට් ගාන්න එපා. ඒකෙන් වෙන්නේ වාහනයේ තත්ත්වය ගැන සැකයක් ඇති වෙන එක. ඒ වෙනුවට වාහනයේ පෙනුම ඔපවත් වෙන විදිහට පොලිෂ් එකක් කළාම ඇති. ඒ වගේම හෙඩ් ලයිට් දෙක ෆේඩ් වෙලා කහ වෙලා නම් තියෙන්නේ, ඒක අනිවාර්යයෙන්ම පිරිසිදු කරගන්න. මොකද හෙඩ් ලයිට් පැහැදිලිව තියෙන කොට වාහනයට අලුත් පෙනුමක් ලැබෙනවා.

වාහනය ඇතුළත පිරිසිදුකම ඊළඟට ඉතාම වැදගත්. සීට් කවර් වල කුණු තියෙනවා නම්, කාපට් යට වැලි තියෙනවා නම් බලන්න එන කෙනාට හිතෙන්නේ ඔයා වාහනය හරියට පාවිච්චි කරලා නැහැ කියලා. ඒ නිසා හොඳ "Interior Detailing" එකක් කරගන්න. ඒ වගේම වාහනය ඇතුළේ තියෙන අනවශ්‍ය බඩු බාහිරාදිය, සෙල්ලම් බඩු, පරණ බිල්පත් වගේ දේවල් අයින් කරලා පිළිවෙළක් කරන්න. වාහනය ඇතුළේ හොඳ සුවඳක් තියෙනවා නම් ඒක ගැනුම්කරුගේ හිතට ලොකු සහනයක් දෙනවා. මතක තියාගන්න, වාහනයක් බලන්න එන කෙනා මුලින්ම වාහනයට ගොඩවුණාම දැනෙන සුවඳ ඔහුගේ තීරණයට ලොකු බලපෑමක් කරනවා.

එන්ජින් රූම් එක සහ යාන්ත්‍රික තත්ත්වය (Engine and Mechanicals)

එන්ජින් එක කියන්නේ වාහනයක හදවත. ඒ නිසා එන්ජින් රූම් එක පිරිසිදුව තියාගන්න එක අනිවාර්යයි. හැබැයි මෙතැනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එන්ජින් එක ඕනෑවට වඩා "Service" කරලා, තෙල් ගාලා දිලිසෙන්න තියන්න එපා. එතකොට ගැනුම්කරු හිතන්න පුළුවන් එන්ජින් එකේ තෙල් ලීක් එකක් වහන්න මේක හේදුවා කියලා. ඒ නිසා සාමාන්‍ය විදිහට දූවිලි අයින් කරලා, පිරිසිදු කරලා තිබ්බම ඇති. තෙල් කාන්දු වීම් තියෙනවා නම් ඒවා කලින්ම හදාගන්න. එන්ජින් ඔයිල්, කූලන්ට් වගේ දේවල් නියමිත මට්ටමට තියෙනවාද කියලා පරීක්ෂා කරලා බලන්න.

ඊළඟට බලන්න ඕනේ වාහනය පදවන කොට එන අනවශ්‍ය ශබ්ද ගැන. සස්පෙන්ෂන් (Suspension) වල හෝ බුෂ් (Bush) වල සද්දයක් එනවා නම් ඒක පොඩි වියදමකින් හදාගන්න පුළුවන් දෙයක්. හැබැයි ඒ පොඩි සද්දය නිසා ගැනුම්කරු හිතන්න පුළුවන් වාහනයේ යට කොටස සම්පූර්ණයෙන්ම අබලන් වෙලා කියලා. ඒ නිසා "Under-carriage" එක පරීක්ෂා කරලා, බුෂ් එකක් දෙකක් දාලා සද්දය නැති කරගන්න. වාහනය "Test Drive" එකක් යන කොට වාහනය නිශ්ශබ්දව සහ සුමටව ධාවනය වෙනවා නම්, ඔයාට කියන ගාණට වාහනය විකුණාගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි.

ටයර් සහ බැටරිය (Tyres and Battery)

ගොඩක් අය වාහනය විකුණන්න කලින් ටයර් මාරු කරන්න කැමති නැහැ. හැබැයි ටයර් සවුත්තු වෙලා නම් තියෙන්නේ, ඒක වාහනයේ මිල ලොකු ප්‍රමාණයකින් අඩු කරන්න හේතුවක් වෙනවා. අඩුම තරමේ පාවිච්චි කරපු හොඳ තත්ත්වයේ ටයර් ටිකක් හරි දාලා තිබ්බොත් ඒක ලොකු වාසියක්. ඒ වගේම ටයර් වලට හොඳට "Tyre Black" ගාලා පිරිසිදුව තියන්න. ඊළඟට බැටරිය ගැනත් බලන්න. වාහනය ස්ටාර්ට් කරන කොට එක පාරම ස්ටාර්ට් වෙන්න ඕනේ. දෙතුන් පාරක් "Self" එක ගහන්න වුණොත් එතනදීම ඔයාගේ වාහනයේ වටිනාකම අඩු වෙනවා. බැටරිය දුර්වල නම් ඒක අලුත් කරගන්න එක නුවණට හුරුයි.

වාර්තා සහ ලේඛන (Maintenance Records and Documents)

මේක තමයි ගොඩක් අය අමතක කරන වැදගත්ම දේ. ඔයා වාහනය හරියට මේන්ටේන් කළා කියලා කියනවාට වඩා ඒකට සාක්කි තියෙනවා නම් ඒකේ වටිනාකම ගොඩක් වැඩියි. වාහනයේ සර්විස් රෙකෝඩ්ස් (Service Records), එන්ජින් ඔයිල් මාරු කරපු බිල්පත්, ටයර් හෝ බැටරි ගත්ත වොරන්ටි කාඩ් පවා පිළිවෙළට ෆයිල් එකක දාලා පෙන්නන්න. ඒකෙන් ගැනුම්කරුට පේනවා ඔයා වාහනයට ආදරේ කරපු, ඒක පිළිවෙළට නඩත්තු කරපු කෙනෙක් කියලා. ඒ විශ්වාසය මිල කළ නොහැකියි.

ඒ වගේම වාහනයේ ලියාපදිංචි ලේඛන, ආදායම් බලපත්‍රය, රක්ෂණ සහතිකය සහ දුම් වාර්තා (Ecodrive reports) ඔක්කොම සූදානම් කරලා තියාගන්න. ගැනුම්කරු වාහනය බලලා කැමති වුණාම ලියකියවිලි බලන්න ඉල්ලන කොට ඒවා හොයන්න දඟලන්න වුණොත් ඒකෙන් ඔයාගේ පිළිවෙළ ගැන සැකයක් එනවා. හැම ලේඛනයක්ම නිවැරදිව තියෙනවා නම් ගනුදෙනුව ඉක්මන් වෙනවා වගේම ගැටලුවකින් තොරව කරගන්න පුළුවන්.

කුඩා අලුත්වැඩියාවන් (Minor Repairs)

වාහනයේ ඇතුළත හෝ පිටත තියෙන පොඩි පොඩි අඩුපාඩු ගැනත් අවධානය යොමු කරන්න. උදාහරණයක් විදිහට, දොරවල් වල හැන්ඩ්ල් (Door Handles), වින්ඩෝ ස්විචස් (Window Switches), හෝ වාහනයේ ඒසී වෙන්ට් (AC Vents) කැඩිලා තියෙනවා නම් ඒවා හදාගන්න. මේවා හදන්න ලොකු වියදමක් යන්නේ නැහැ, හැබැයි මේවා කැඩිලා තිබුණොත් වාහනය "පරණ" පෙනුමක් ගන්නවා. ඒ වගේම ඩෑෂ්බෝඩ් එකේ කිසිම වෝර්නින් ලයිට් එකක් (Warning Lights) පත්තු නොවී තියෙන්න ඕනේ. චෙක් එන්ජින් ලයිට් එකක් පත්තු වෙනවා නම් ඒක ස්කෑන් කරලා ප්‍රශ්නය විසඳගන්න. නැත්නම් ගැනුම්කරු හිතන්නේ ඒක ලොකු එන්ජින් රෙපෙයාර් එකක් කියලා.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, වාහනය විකුණන්න කලින් ඒ ගැන හොඳ අවබෝධයකින් ඉන්න. වාහනයේ තියෙන හොඳ වගේම පොඩි පොඩි අඩුපාඩු තියෙනවා නම් ඒවාත් අවංකව කියන්න. හැබැයි ඒ අඩුපාඩු නිසා වාහනයේ වටිනාකම අඩුවෙන්න දෙන්න එපා. මම මේ කියපු දේවල් ටික පිළිවෙළට කළොත්, ඔයාට පුළුවන් වෙළඳපොළේ තියෙන සාමාන්‍ය මිලට වඩා වැඩි මිලකට සහ ඉතා ඉක්මනින් ඔයාගේ වාහනය විකුණාගන්න. මේ හැමදේම කරන්නේ වාහනයේ "Value" එක වගේම ඔයාගේ "Trust" එකත් වැඩි කරගන්නයි.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොනවද මේ XUV කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොකද්ද මේ Subcompact SUV සහ CUV පටලැවිල්ල?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක Trim එක කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ලංකාවට ආනයනය කරන හරිම විදිහ

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වැඩිය කවුරුත් නොදන්න MPVs

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය sell කරන්න කලින් value වැඩි කරගන්න පුළුවන් ලේසි tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගන්න ඉන්නවානම් මෙන්න OEM Prices

    time
    මිනිත්තු 2 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Air Conditioning Performance වැඩි කරන tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!