වැඩිය කවුරුත් නොදන්න MPVs

time
මිනිත්තු 3 කියවීම
feature image

Motor Guide අපි අද ඔයාට පැහැදිලි කරලා දෙන්නම් මොකක්ද මේ MPV කියන එකේ සැබෑ අර්ථය සහ ඒකේ තියෙන තාක්ෂණික වාසි අවාසි ගැන.

මොකද්ද මේ MPV එකක් කියන්නේ?

මුලින්ම දැනගන්න ඕනේ MPV කියන එකේ තේරුම තමයි Multi-Purpose Vehicle. සිංහලෙන් කිව්වොත් "බහුකාර්ය වාහනය". මේකේ නමෙන්ම තේරෙනවා නේද මේක හදලා තියෙන්නේ එක වැඩකට විතරක් නෙමෙයි කියලා? මේ වාහන කාණ්ඩය ලෝකෙට ආවේ පවුලක ඉන්න හැමෝටම සුවපහසුවට යන්න පුළුවන්, ඒ වගේම අවශ්‍ය වුණොත් බඩු බාහිරාදියත් ඕනෑ තරම් පටවාගෙන යන්න පුළුවන් විදිහටයි. ගොඩක් අය මේවාට "People Mover" කියලත් කියනවා.

සාමාන්‍යයෙන් සෙඩාන් (Sedan) කාර් එකක යන්න පුළුවන් පස් දෙනෙක්ට විතරයිනේ. හැබැයි MPV එකක සාමාන්‍යයෙන් සීට් 6ක්, 7ක් හෝ 8ක් තියෙනවා. මේ වාහනවල තියෙන විශේෂත්වය තමයි ඇතුළත ඉඩකඩ (Cabin Space) උපරිම කරන්න වාහනයේ හැඩය "Boxy" නැත්නම් පෙට්ටියක හැඩයට හදලා තියෙන එක. එතකොට ඔළුව වදින්නේ නැතුව ඕනෑම උස කෙනෙක්ට යන්න පුළුවන්.

ඇයි මේක SUV එකකට වඩා වෙනස් වෙන්නේ?

ගොඩක් අය පටලවා ගන්න තැනක් තමයි MPV සහ SUV අතර වෙනස. SUV එකක් හදන්නේ Off-road නැත්නම් කැලෑ පාරවල් වල, ගල් බොරලු උඩ යන්න. ඒ නිසා ඒකේ සස්පෙන්ෂන් තදයි, වාහනය උසයි. හැබැයි MPV එකක් කියන්නේ සම්පූර්ණයෙන්ම "Comfort" එක හෝ සැපපහසුව මුල් කරගෙන හදපු වාහනයක්. මේකේ බිම ඉඳන් තියෙන උස (Ground Clearance) SUV එකකට වඩා අඩුයි. ඒ නිසා වයසක අයට හෝ පොඩි ළමයින්ට වාහනයට ගොඩවෙන එක හරිම ලේසියි. ඒ වගේම මේක පාරේ යද්දී සෙඩාන් කාර් එකක් වගේම හරිම "Smooth".

MPV එකක තියෙන ප්‍රධාන ලක්ෂණ

  • සීට් සැකසුම (Flexible Seating): මේක තමයි MPV එකක තියෙන සුපිරිම දේ. ඔයාට ඕනේ නම් පිටුපස පේළි නමලා ලොකු බඩු තොගයක් දාගන්න පුළුවන්. නැත්නම් සීට් දිග ඇරලා මුළු පවුලම දාගෙන ට්‍රිප් එකක් යන්න පුළුවන්. සමහර වාහනවල මැද සීට් කැරකවන්න පවා පුළුවන් සාකච්ඡාවක් කර කර අපේ වචනෙන් කියනවනන් පොඩි චැට් එකක් දාම් යන්න වුණත් පුලුවන්.
  • ස්ලයිඩින් ඩෝර්ස් (Sliding Doors): ගොඩක් ලොකු MPV වල තියෙන්නේ දෙපැත්තට ඇදෙන දොරවල්. මේක පටු කාර් පාක් එකකදී වාහනය නවත්තලා දොරවල් ඇරගන්න මාරම පහසුවක්. අනිත් වාහනවල වගේ දොර ඇරලා එහා පැත්තේ වාහනයේ වදිනවා කියන බය නැහැ.
  • අඩු නඩත්තු වියදම: SUV එකකට සාපේක්ෂව MPV එකක ටයර්, සස්පෙන්ෂන් පාර්ට්ස් සහ එන්ජින් නඩත්තුව සාමාන්‍යයෙන් අඩුයි. මොකද මේවා හදලා තියෙන්නේ සාමාන්‍ය පාරවල් වල පාවිච්චි කරන්න මිසක් දරුණු තැන්වල පදවන්න නෙමෙයි.

කාර්මික පැත්තෙන් බැලුවොත්

මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදිහට අපි දකින දේ තමයි, MPV එකක එන්ජිම ගොඩක් වෙලාවට හදලා තියෙන්නේ "Low-end Torque" එක වැඩි වෙන විදිහට. ඒ කියන්නේ වාහනයේ හත් අට දෙනෙක් පටවලා හිටියත්, කන්දක් වුණත් අමාරුවක් නැතුව ඇදගෙන යන්න මේ වාහන වලට පුළුවන්. ඒ වගේම මේවායේ AC පද්ධතිය හරිම බලවත්. වාහනය ඇතුළ ලොකු නිසා පිටුපස පේළියටත් වෙනම AC වෙන්ට්ස් (Vents) සහ කන්ට්‍රෝල්ස් එනවා. ඒ නිසා රස්නේ කාලෙට වුණත් පිටිපස්සේ ඉන්න අයට කරදරයක් නැහැ.

හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕනේ, මේ වාහන ලොකු නිසා සහ බර වැඩි නිසා සාමාන්‍ය කුඩා කාර් එකකට වඩා ඉන්ධන පිරිමැස්ම පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. හැබැයි ඉතින් වාහන දෙකක යන පිරිසක් එක වාහනයක යනවා කියන්නේ ඒකත් එක අතකට ලොකු ඉතුරුවක්.

උදාහරණ විදිහට ලංකාවේ තියෙන මාදිලි

අපි කිහිපයක් ගත්තොත්, ලංකාවේ අතිශය ජනප්‍රිය Toyota Noah/Voxy, Honda Stepwgn වගේ ඒවා ලොකු MPV ගණයට වැටෙනවා. මධ්‍යම ප්‍රමාණයේ ඒවා බැලුවොත් Toyota Wish, Honda Freed වගේ වාහන ගන්න පුළුවන්. මේවා සේරම MPV කියන සංකල්පයට අයිති වාහන.

සරලවම කිව්වොත්, MPV එකක් කියන්නේ "පවුලේ සතුට" වෙනුවෙන්ම නිර්මාණය කරපු, ඕනෑම වැඩකට පාවිච්චි කරන්න පුළුවන් බහුකාර්ය රෝද හතරේ මාලිගාවක් වගේ දෙයක්. ඔයාට සුවපහසුව, ඉඩකඩ සහ ප්‍රායෝගික බව වැදගත් නම් MPV එකක් තරම් වෙන කිසිම වාහනයක් ගැලපෙන්නේ නැහැ.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොනවද මේ XUV කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොකද්ද මේ Subcompact SUV සහ CUV පටලැවිල්ල?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක Trim එක කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ලංකාවට ආනයනය කරන හරිම විදිහ

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වැඩිය කවුරුත් නොදන්න MPVs

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය sell කරන්න කලින් value වැඩි කරගන්න පුළුවන් ලේසි tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගන්න ඉන්නවානම් මෙන්න OEM Prices

    time
    මිනිත්තු 2 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Air Conditioning Performance වැඩි කරන tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!