ෆිනෑන්ස් කරලා වාහනයක් ගන්න කලින් මේ ගැනත් හිතන්න

time
මිනිත්තු 4 කියවීම
feature image

පාරේ යන එන අතර අපිට ඕන තරම් නානාප්‍රකාර වාහන දකින්න ලැබෙනවා. අපිට පිටින් බැලුවම වාහනයක් විතරක්ම වගේ පෙනුණට ඇත්තටම ඊට වඩා දෙයක් තියෙනවා. මොකද ඔය පාරේ යන එන වාහන අතරින් ගොඩක් වාහන finance කරලා ගත්තු වාහන. තියෙන හදිස්සියට finance කරලා වාහන අරගෙන, හදිස්සියේ හරි finance එක ගෙවා ගන්න බැරි වුණොත්, ප්‍රශ්න ගොඩයි. ඒ නිසා, ඔබ finance කරලා වාහනයක් ගන්න හිතන් ඉන්නවා නම්, ඔබට ඒ ගැන ආයේ හිතන්න ගොඩක් දේවල් තියෙනවා. අන්න ඒ නිසා, Motorguide අපි හිතුවා finance කරලා වාහනයක් ගන්න කලින් හිතන්න ඕන දේවල් ගැන අද ඔබට කියන්න.

වාහනයක් මිලදී ගන්න පුළුවන් ක්‍රම

ඔබට අලුතෙන් වාහනයක් මිලදී ගන්න පුළුවන්, option දෙකක් තියෙනවා. එකක් තමයි, අතේ තියෙන සම්පූර්ණ මුදලම වියදම් කරලා, වාහනයක් ගන්න එක. අනිත් එක තමයි, finance කරලා වාහනයක් ගන්න එක. හිතේ තියෙන වාහනය ගන්න සම්පූර්ණ මුදලම අතේ තියෙනවා නම්, කිසිම ප්‍රශ්නයක් නැතුව කැමති වාහනයක් මිලදී ගන්න පුළුවන්. හැබැයි හිතේ වාහනයක් තිබුණට ඒක ගන්න අතේ සල්ලි නැති වුණොත්, ඔබ කරන්නේ finance කරලා වාහනය ගන්න එක.

Finance කරලා වාහනයක් ගන්නේ කොහොමද?

ඔබ ළඟ තියෙන මුදල, වාහනය ගන්න ප්‍රමාණවත් නැත්නම්, finance කරලා තමයි වාහනය ගන්න වෙන්නේ. මෙතනදි වෙන්නේ, ඔබේ අතේ තියෙන මුදලයි, finance company එකෙන් ලැබෙන මුදලයි එකතු කරලා වාහනය ගන්න එක.

Finance කරලා වාහනයක් ගන්න කලින් හිතන්න ඕන දේවල්

Finance company එකෙන් ලැබෙන මුදල ප්‍රමාණවත්ද?

Finance කරලා ගන්න ඉන්න වාහනයේ මිල ගැන ඔබට idea එකක් තියෙනවා. එතකොට මුලින්ම කරන්න ඕනේ, ඔබ ළඟ තියෙන මුදලයි, finance company එකෙන් ලැබෙන මුදලයි, වාහනය ගන්න ප්‍රමාණවත් වෙනවද කියලා බලන එක. එහෙම නැතුව එක පාරම finance කරලා හදිස්සියේ හරි වාහනය ගන්න ඒ මුදල මදි වුණොත් ඒක ඔබට ලොකු ප්‍රශ්නයක්.

Unregistered වාහනයක් මිලදී ගන්නකොට, වාහනයේ වටිනාකමින් 50% ක් වගේ ප්‍රමාණයක් තමයි finance එකෙන් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම registered වාහනයක් ඒ කියන්නේ, used vehicle එකක් ගන්නවා නම්, සාමාන්‍යයෙන් 70% ක ප්‍රමාණයක් වගේ දක්වා finance එක ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබ තීරණය කරන්න, අදාළ finance company එකෙන් ලබා දෙන finance එක ප්‍රමාණවත් වෙනවද කියලා. Finance කරලා වාහනය ගන්න කලින් මේ දේවල් ගැන හොඳට හිතුවොත් කිසිම ප්‍රශ්නයක් නැතුව වාහනය මිලදී ගන්න පුළුවන්.

ලබා ගන්න finance එක ගෙවන්න පුළුවන්ද?

ගන්න පුළුවන් කියලා අනවශ්‍ය විදියට ලොකු මූල්‍ය වාරික වලට යන්න එපා. මොකද ලොකු කාලයක් ඔබට ඒ මුදල ගෙවන්න වෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු දෙකක්, තුනක් වගේ කාලයක් මේ finance එක ගෙවන්න වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබට ගෙවන්න පුළුවන් වාරිකයකට finance එක ලබා ගන්න.

හරිම finance company එක තෝරා ගන්න

දැන් ඔබ finance එක ගත්තට, ඒ මුදල අදාළ company එකට ගෙවනවනේ. ඒ නිසා හරිම finance company එක තෝරාගන්න ඕනේ. ඒකට ඔබට අයිතිය තියෙනවා. මෙතනදි හොඳ finance company එකක් තෝරාගන්න එක ගොඩාක් වැදගත්. අදාළ finance company එකේ පොලී අනුපාතය, ලබා දෙන service එක සහ අවශ්‍ය කරන අවම ලියකියවිලි ප්‍රමාණය කියන දේවල් finance company එක තෝරගන්නකොට වැදගත් වෙනවා. ඒ නිසා මේ දේවල් ගැන සැළකිලිමත් වෙලා ඔබට ගැළපෙන finance company එක තෝරාගන්න.

Finance company එක සමඟ කතා කරන්න

සාමාන්‍යයෙන් finance company එකක් තෝරගත්තට පස්සේ, ඒ company එක සමඟ, ලබා ගන්න finance එක ගැන කතා කරන්න ඕනේ. ඔබට අවශ්‍ය කරන මුදල ලබා ගන්න තියෙන හැකියාව ගැන, අවශ්‍ය කරන ලියකියවිලි මොනවද යන්න පිළිබඳව සහ ඔබ ලබා ගන්න මුදලට අදාළව මාසික වාරිකය, ගෙවීමට ඇති සේවා ගාස්තුව පිළිබඳව තමයි ඔබ finance company එකෙන් දැන ගන්න ඕනේ. එතනදි බලාපොරොත්තු වුණු විදිහට ඔබ සෑහීමකට පත් වෙනවා නම්, ඒ finance company එක තෝරාගන්න පුළුවන්.

වාහනයක් finance කරන්න අවශ්‍ය දේවල්

වාහනය විකුණන තැනින්, ඔබ තෝරාගත් වාහනය විකිණීම සම්බන්ධයෙන් invoice එකක් ලබා දෙනවා. ඒ නිසා මතක ඇතුව අදාළ invoice එක ලබා ගන්න.

හැබැයි ඔබ ගන්නේ second hand වාහනයක් ඒ කියන්නේ, registered වාහනයක් නම්, වාහනයේ අයිතිකරුගෙන් ලියුමක් ලබා ගන්න. වාහනය කොච්චර මිලකට විකුණනවද කියන දේ, ඒකෙ සඳහන් කරලා තියෙන්න ඕනේ. එතනදි ඔබට වගේම finance company එකටත් අදාළ මිල ගණන් ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම registered වාහනයක් ගන්නකොට, අයිතිකරුගෙන් වාහනයේ ලියාපදිංචි සහතිකයේ copy එකක් ලබා ගන්න ඕනේ. මොකද ඒක, finance එක ආරම්භ කරන්න, අනිවාර්යයෙන් finance company එකට අවශ්‍ය කරන නිසා. මේ ලියකියවිලි දෙක ලෑස්ති කරගෙන finance company එකට දීලා, finance එක ලබා ගන්න පුළුවන්.

අනිත් දේ තමයි, ඔබ ගන්නේ registered වාහනයක් නම් තක්සේරු වාර්තාවක් සිදු කරන්න ඕනේ. Finance company එකට අදාළව තක්සේරුකරුවන් ඉන්නවා. මතක ඇතුව ලියාපදිංචි තක්සේරුකරුවෙක්ගෙන් මේ වාර්තාව ලබා ගන්න. එතකොට වැඩේ තවත් ලේසි කර ගන්න පුළුවන්.

මේ දේවල් ගැන තමයි, finance කරලා වාහනයක් ගන්න කලින් හිතන්න ඕනේ. මොන දේ අමතක කළත්, finance කරලා වාහනයක් ගන්න කලින් අපි අද කියපු දේවල් හිතන්න නම් අමතක කරන්න එපා. මොකද එහෙම කළොත් අමාරුවේ වැටෙන්න වෙන්නෙත් ඔබටමයි. ඒ නිසා, finance කරලා වාහනයක් ගන්න කලින් තව පාරක් හිතන්න. ගන්න ඕනෙම නම්, අපි කියපු දේවල් follow කරන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොනවද මේ XUV කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොකද්ද මේ Subcompact SUV සහ CUV පටලැවිල්ල?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක Trim එක කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ලංකාවට ආනයනය කරන හරිම විදිහ

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වැඩිය කවුරුත් නොදන්න MPVs

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය sell කරන්න කලින් value වැඩි කරගන්න පුළුවන් ලේසි tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගන්න ඉන්නවානම් මෙන්න OEM Prices

    time
    මිනිත්තු 2 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Air Conditioning Performance වැඩි කරන tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!