වාහන ආනයනය ගැන මහ බැංකුවෙන් සුබ ආරංචියක්

time
මිනිත්තු 1 කියවීම
feature image

වාහන ආනයනය සඳහා අවසර ලබා දීම රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් බවත්, දැනට පවතින වාහන ආනයන සීමා ලිහිල් කිරීමේ දී ඒ සඳහා අවශ්‍ය විදේශ විනිමය කළමනාකරණය කිරීමේ හැකියාව මහ බැංකුව සතුව පවතින බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ රජය මේ වන විට වාහන ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කර ඇති බවත්, එහිදී සංචාරක ව්‍යාපාරය, වානිජ කටයුතු වැනි අවශ්‍යතාවයන් වෙනුවෙන් වාහන ආනයනය සඳහා ඉඩ ලබා දී ඇති බවත්ය.

වාහන ආනයනය සඳහා වන අවසරය නිසි ක්‍රමවේදයකට ඉදිරියේදී ක්‍රම ක්‍රමයෙන් ලිහිල් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයාද පසුගියදා අදහස් පල කර තිබුණා.

ඒ අනුව වාහන ආනයන සීමාවන් පනවා තිබුණද පසුගිය කාල සීමාව තුලදී සීමිත ඇණවුම් යටතේ සංචාරක, මගී, භාණ්ඩ ප්‍රවාහන, ගිලන් රථ යන වාහන කාණ්ඩ මෙන්ම විදෙස් ශ්‍රමිකයින්ට ඔවුන් විසින් මෙරටට එවන ලද විදෙස් මුදල් ප්‍රමාණයට අනුව විද්‍යුත් වාහන ආනයනය කිරීමට රජය විසින් අවසර ලබා දී තිබුණා.

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත පහත වැටීම සහ කොවිඩ් වසංගතය නිසා ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් තමයි 2020 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රථවාහන සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට තීරණය කළේ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Chery Tiggo 9 PHEV 2026

    SUV

    රු 28.8M - 32.7M

  • BYD SEALION 8 Dynamic DM-i 2026

    SUV

    රු 29.9M - 31.5M

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!