Apple car වලට මොකද වෙන්නේ?

time
මිනිත්තු 2 කියවීම
feature image

Apple කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ mobile phones. හැබැයි mobile phones වලට අමතරව Apple සමාගම වෙනත් තාක්ෂණික උපාංග වගේම විවිධ වාහන වර්ගත් නිර්මාණය කරනවා. ඉතින් අද MotorGuide weekly news තුළින් අපි ඔබට කියන්නේ Apple car වලට මුහුණ දෙන්න සිදු වුණු අකරතැබ්බයක් ගැන.

Apple සාමාගම පූර්ණ ස්වයංක්‍රීය (self-driving) විදුලි මෝටර් රථයක් නිර්මාණය කරන්න plan කරන බවට කටකතා මුලින්ම පැතිරෙන්නට පටන් ගත්තේ 2014 වර්ෂයේදී. නමුත් වසර 10ක් ගත වුණත්, මේ වන විටත් මූලාකෘතියක් ලෙස බොහෝ දේ දැක ගැනීමට නොහැකි වී තිබෙනවා.

නමුත් වාහන ලෝකයේ විද්වතුන් නම් පවසන්නේ Apple කවදා හෝ EV එකක් තැනීමට ගියහොත්, එය මුලින් සිතූ දෙයට වඩා බොහෝ වෙනස් වනු ඇති බවයි.

කෙසේ හෝ Bloomberg මාධ්‍ය නිකුත් කරන ලද වාර්තාවකින් ඇඟවෙන්නේ ඇපල් මෝටර් රථයේ මංගල දර්ශනය නැවතත් කල් ගොස් ඇති බවයි. මෙයට හේතුව ලෙස දක්වා ඇත්තේ මෙහි නිෂ්පාදනය 2028 වසරේදී සැලසුම් කර තිබීමයි. නමුත් මීට වසර කිහිපයකට පෙර රොයිටර් වාර්තා කළේ Apple car නිෂ්පාදනයේ ආරම්භය ලෙස 2024 ඉලක්ක කරන බවයි.

එසේම නවතම Bloomberg වාර්තාව පවසන්නේ Apple සමාගම මේ වන විට ස්වයං-රිය පැදවීමේ හැකියාව සීමා කිරීමට සැලසුම් කර ඇති බවයි. මුලදී, සමාගම පූර්ණ ස්වයං පාලන පද්ධතියක් සඳහා සැලසුම් කර තිබූ අතර එය නිල වශයෙන් SAE International නම් ඉංජිනේරු කණ්ඩායම විසින් Level 5 ලෙස අර්ථ දක්වා තිබුණා.

නමුත් මේ වන විට තාක්‍ෂණික සීමාවන් හේතුවෙන් Apple සමාගම විසින් එම සැලැස්ම නැවත පරිමාණය කිරීමට තීරණය කර තිබෙන අතර, ඒ වෙනුවට SAE Level 4 හැකියාව ඉලක්ක කර ඇති බවයි. එයින් අදහස් වන්නේ මෙම මෝටර් රථය සම්පුර්ණයෙන්ම ස්වාධීන වන්නේ අනුමත මහාමාර්ගවල පමණක් බවයි. මෙම තීරණයෙන් අදහස් වන්නේ Apple මෝටර් රථය තවදුරටත් steering wheel එකක් හෝ pedals නොමැති රොබෝටැක්සි වර්ගයක් නොවනු ඇති බවයි. මොකද මෙම සමාගම මෝටර් රථයට එම පාලනයන් ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව බලන විට දැන්, Apple මෝටර් රථය "Level 2+" ලෙස සීමා වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. එය ඇත්ත වශයෙන්ම SAE විසින් අර්ථ දක්වා ඇති පරිදි නිල මට්ටමක් නොවේ. නිල නොවන ලෙස, එය SAE Level 2 පද්ධතියකට වඩා වැඩි විශේෂාංග ඇතුළත් වෙන බවයි සඳහන් වන්නේ. නමුත් එය දැනට නිෂ්පාදනය වෙමින් පවතින බොහෝ නව වාහන වලට සමාන වෙනවා.

ඉතින් මේ තමයි ලෝකෙම ප්‍රසිද්ධ Apple සාමාගම නිර්මාණය කරන්න සූදානම් වුණ car එකට වුණ දේ. මේ පිළිබඳව නවතම විස්තර ලද සැනින් ඔබ වෙත ගෙන එන්න MotorGuide weekly news අපි සූදානම්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

  • Toyota RAV4 2.5L Petrol 2026

    SUV

    රු 48M - 50M

  • Toyota RAV4 2.5 Hybrid AWD 2026

    Compact SUV

    රු 420M - 50M

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

  • Suzuki Swift ZXi+ AGS 2025

    Hatchback

    රු 10M - 12.5M

  • Suzuki Baleno Alpha 2025

    Hatchback

    රු 10.7M - 11.5M

  • BYD Sealion 8 DM-p 2026

    SUV

    රු 34.8M - 35M

  • Renault Triber Emotion Easy-R AMT 2025

    Compact MPV

    රු 8.5M - 11M

  • GWM Tank 500 HEV 2026

    SUV

    රු 43M - 43.7M

  • Hyundai Santa Fe Hybrid Calligraphy 2026

    SUV

    රු 37.9M - 40M

  • Kia Sorento Hybrid SX Tech Pack 2026

    SUV

    රු 34.5M - 38.8M

නවතම බයික් සමාලෝචන

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!