චීන දුරකතන සමාගමක් සිය පළමු විද්‍යුත් මෝටර් රථය එළිදක්වයි - මෝටර් රථයට විශාල ඉල්ලුමක්

time
මිනිත්තු 2 කියවීම
feature image
ලෝකයේ විදුලි කාර් සඳහා තියෙන ඉල්ලුම මේ වෙද්දී ඉතා සීග්‍රයෙන් වැඩිවෙගෙන යනවා.ඒ අතරම ටෙස්ලා ආයතනයට ලොකු තරඟකාරීත්වයක් ලබා දෙන්න පුලුවන් විදිහට චීනයේ විදුලි කාර් වෙළඳපල සිය නිෂ්පාදන මේ වන ඉහළ වර්ධනයක් අත්පත් කරගෙන සිටිනවා. චීන විදුලිකාර් නිෂ්පාදන වෙළඳපලට මේවන විට අලුතින් එකතු වුණු ලෝකයේ වැඩි අවධානයක් යොමු වුනු නිෂ්පාදනයක් තමයි Xiaomi විද්‍යුත් මෝටර් රථය.චීන Smartphone නිෂ්පාදකයෙකු වන Xiaomi සිය පළමු විද්‍යුත් වාහනය (EV) දියත් කිරීමට සහ ඇණවුම් ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ සඳහා මේ වනවිට 100,000කට වඩා ඇණවුම් ලැබී ඇති අතර Xiaomi සමාගම අද නිවේදනය කළේ ඇණවුම් සඳහා නව මෝටර් රථ නිකුත් කිරීම ආරම්භ කළ බවයි. එහි ප්‍රධාන විධායක Lei Jun කියන්නේ ස්පීඩ් අල්ට්‍රා 7 (SU7) යුවාන් 500,000 නැතිනම් ($69,186; පවුම් 54,836) ට අඩු මිලකට අලෙවි කිරීමට බළාපොරොත්තුවන බවයි.එය දැනටත් විදුලි මෝටර් රථ වෙළදපොලේ සිටින ටෙස්ලා සහ BYD නිෂ්පාදන වලටද අභියෝගයක්. පර්යේෂණ ආයතනයක් වන Counterpoint කියන්නේ ලොව ස්මාර්ට් ෆෝන් වෙලදපොලේ Xiaomi දැනටමත් 12% කට පමණ වගකියන අතර ලොව පුරා ස්මාර්ට්ෆෝන් අලෙවි කරන තුන්වන විශාලතම විකුණුම්කරු ද බවයි. චීන මෝටර් රථ කාර්මික සංගමයේ දත්තවලට අනුව, 2023 වසරේ චීනයේ මෝටර් රථ නිෂ්පාදනය තුන්කෝටි එක්ලක්ෂ හැට එක්දහසක් වූ අතර, අලෙවිය තුන්කෝටි අනූහතර දහසක් විය. ඒ අතරින් අපනයනය කරන ලද මෝටර් රථ සංඛ්‍යාව හතළිස් නවලක්ෂ දස දහසකි. එය 2022 වසරට වඩා 58%ක කැපී පෙනෙන වර්ධනයකි. මෙමගින් මෝටර් රථ අපනයනය සඳහා වන ලෝකයේ විශාලතම රට බවට චීනය පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ‍ මේ වනවිට, චීන‍යේ මෝටර් රථ 200කට අධික රටවල් හා කලාප වෙත අපනයනය කර ඇත. මේ අතර, නව බලශක්ති මෝටර් රථ චීන මෝටර් රථ කර්මාන්තයේ වැදගත් සවියක් බවට පත්ව තිබේ. 2023 වසරේ සිව්වැනි කාර්තුවේ චීනයේ සන්නාමයක් වන BYD, විදුලි මෝටර් රථ නිෂ්පාදකයා ලෙසට ලෝකයේ පෙරමුණ ගනී. Xiaomi සමාගම SU 7 විද්‍යුත් වාහනය පිළිබඳ නිකුත් කල විඩීයෝව  
Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Kia EV5 Long Range 2026

    SUV

    රු 34.5M - 42M

  • Mazda CX-60 2.5 AWD 2025

    SUV

    රු 38M - 44.5M

  • Mazda BT-50 2025

    Pickup

    රු 22M - 24.5M

  • Mazda CX-5 Grade R 2.0L 2025

    SUV

    රු 26.5M - 29.5M

  • Mazda 3 Sedan 1.5L 2025

    Sedan

    රු 19.5M - 21.5M

  • Toyota Alphard Hybrid 2025

    MPV

    රු 65M - 80M

  • Honda City RS 1.0 VTEC Turbo CVT 2025

    Sedan

    රු 14.7M - 15.3M

  • Hyundai Exter SX Smart AMT 2025

    SUV

    රු 10M - 11.5M

  • Kia Sportage Hybrid 1.6T HEV 2026

    SUV

    රු 26.5M - 36.5M

  • Kia EV5 Standard Range 2026

    SUV

    රු 26M - 32M

  • BYD Racco 300Premium 2026

    Kei

    රු 11.5M - 11.5M

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

නවතම බයික් සමාලෝචන

  • Yamaha FZ-S V4 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • TVS NTorq 150 TFT 2026

    Scooters

    රු 1.1M - 1.2M

  • Suzuki Burgman Street 125 Ride Connect TFT Edition 2026

    Scooters

    රු 1.2M - 1.3M

  • Honda PCX160 ABS 2026

    Scooters

    රු 1.7M - 1.9M

  • Yamaha XSR155 2026

    Motorbikes

    රු 1.5M - 1.8M

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!