චීන දුරකතන සමාගමක් සිය පළමු විද්‍යුත් මෝටර් රථය එළිදක්වයි - මෝටර් රථයට විශාල ඉල්ලුමක්

time
මිනිත්තු 2 කියවීම
feature image
ලෝකයේ විදුලි කාර් සඳහා තියෙන ඉල්ලුම මේ වෙද්දී ඉතා සීග්‍රයෙන් වැඩිවෙගෙන යනවා.ඒ අතරම ටෙස්ලා ආයතනයට ලොකු තරඟකාරීත්වයක් ලබා දෙන්න පුලුවන් විදිහට චීනයේ විදුලි කාර් වෙළඳපල සිය නිෂ්පාදන මේ වන ඉහළ වර්ධනයක් අත්පත් කරගෙන සිටිනවා. චීන විදුලිකාර් නිෂ්පාදන වෙළඳපලට මේවන විට අලුතින් එකතු වුණු ලෝකයේ වැඩි අවධානයක් යොමු වුනු නිෂ්පාදනයක් තමයි Xiaomi විද්‍යුත් මෝටර් රථය.චීන Smartphone නිෂ්පාදකයෙකු වන Xiaomi සිය පළමු විද්‍යුත් වාහනය (EV) දියත් කිරීමට සහ ඇණවුම් ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ සඳහා මේ වනවිට 100,000කට වඩා ඇණවුම් ලැබී ඇති අතර Xiaomi සමාගම අද නිවේදනය කළේ ඇණවුම් සඳහා නව මෝටර් රථ නිකුත් කිරීම ආරම්භ කළ බවයි. එහි ප්‍රධාන විධායක Lei Jun කියන්නේ ස්පීඩ් අල්ට්‍රා 7 (SU7) යුවාන් 500,000 නැතිනම් ($69,186; පවුම් 54,836) ට අඩු මිලකට අලෙවි කිරීමට බළාපොරොත්තුවන බවයි.එය දැනටත් විදුලි මෝටර් රථ වෙළදපොලේ සිටින ටෙස්ලා සහ BYD නිෂ්පාදන වලටද අභියෝගයක්. පර්යේෂණ ආයතනයක් වන Counterpoint කියන්නේ ලොව ස්මාර්ට් ෆෝන් වෙලදපොලේ Xiaomi දැනටමත් 12% කට පමණ වගකියන අතර ලොව පුරා ස්මාර්ට්ෆෝන් අලෙවි කරන තුන්වන විශාලතම විකුණුම්කරු ද බවයි. චීන මෝටර් රථ කාර්මික සංගමයේ දත්තවලට අනුව, 2023 වසරේ චීනයේ මෝටර් රථ නිෂ්පාදනය තුන්කෝටි එක්ලක්ෂ හැට එක්දහසක් වූ අතර, අලෙවිය තුන්කෝටි අනූහතර දහසක් විය. ඒ අතරින් අපනයනය කරන ලද මෝටර් රථ සංඛ්‍යාව හතළිස් නවලක්ෂ දස දහසකි. එය 2022 වසරට වඩා 58%ක කැපී පෙනෙන වර්ධනයකි. මෙමගින් මෝටර් රථ අපනයනය සඳහා වන ලෝකයේ විශාලතම රට බවට චීනය පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ‍ මේ වනවිට, චීන‍යේ මෝටර් රථ 200කට අධික රටවල් හා කලාප වෙත අපනයනය කර ඇත. මේ අතර, නව බලශක්ති මෝටර් රථ චීන මෝටර් රථ කර්මාන්තයේ වැදගත් සවියක් බවට පත්ව තිබේ. 2023 වසරේ සිව්වැනි කාර්තුවේ චීනයේ සන්නාමයක් වන BYD, විදුලි මෝටර් රථ නිෂ්පාදකයා ලෙසට ලෝකයේ පෙරමුණ ගනී. Xiaomi සමාගම SU 7 විද්‍යුත් වාහනය පිළිබඳ නිකුත් කල විඩීයෝව  
Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!