Safety එක වැඩි කරන After-Market Car Modifications

time
මිනිත්තු 3 කියවීම
feature image

ගොඩක් දෙනෙක්ගේ හීනයක් තමයි වාහනයක් ගන්නවා කියන එක. හැබැයි අද ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක brand new වාහනයක් ගන්න එක නම් pocket එකට ටිකක් දරාගන්න අමාරු නිසා ගොඩක් දෙනා පෙළඹිලා ඉන්නවා second hand වාහන ගන්න. ඉතින් මේ විදියට වාහනයක් ගත්තම ගොඩක් දෙනා වාහනයට අලුතෙන් parts, stickers වගේ දේවල් එකතු කරලා වාහනය modification කරනවා. වාහනේ modify කිරීම මඟින් වාහනේට trendy look එකක් ලබා දෙනවා වගේම වාහනයේ performance වැඩි කර ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි modifications වලට වාහනේ safety එකත් වැඩි කරගන්න පුළුවන්. ඉතින් අද MotorGuide තුළින් අපි ඔබට කියන්නේ Safety එක වැඩි කරන After-Market Car Modifications ගැන.

Additional Mirrors සවි කරන්න

ඕනෙම වාහනයකට rear-view mirrors එනවා. ඉතින් මේ mirrors වලින් ඔබේ මෝටර් රථය පිටුපස සහ යාබදව සිටින්නේ කවුරුන්ද යන්න බැලීමට පුළුවන්. හැබැයි සමහර අවස්ථා වලදී blind spots තිබෙන්නට පුළුවන්. ඉතින් මේ blind spots නිසා අනතුරක් සිදු වෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ නිසා අනතුරක් සිදු වීමට ඇති ඉඩකඩ අඩු කරගන්න දැනට වාහනයේ තිබෙන rear-view mirror එකට wide-view mirror එකක් සවි කරන්න පුළුවන්. එමඟින් ඔබට blind spots අඩු කරගන්න පුළුවන්.

Higher Quality Tires වලට මාරු වෙන්න

ටයර් කියන්නේ වාහනයකට නැතුවම බැරි දෙයක්. මොකද වාහනයක් සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ටයර් උඩ. ඉතින් ඒ නිසා හැම වෙලාවේම Higher Quality Tires භාවිතා කරන්න පුරුදු වෙන්න ඕනේ. Higher Quality Tires තරමක් මිලෙන් අධිකයි තමයි. හැබැයි එහෙමයි කියලා බාල ටයර් භාවිතා කළොත් ඔබේ ජීවිතය පවා අනතුරට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා Higher Quality Tires කියන්නේ ඔබට වගේම, ඔබේ වාහනයටත් හොඳ ආයෝජනයක් කියලා අමතක කරන්න එපා.

Third Brake Light ගැන හිතන්න

පාරේ වාහන ගමන් කරනකොට රිය අනතුරු වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. මොකද අද වෙනකොට මිනිස්සුන්ගේ තියෙන නොසැලකිලිමත්කම නිසා නිතර නිතර මහා පාරේ රිය අනතුරු සිදුවෙලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. මේ වගේ අනතුරු නිතරම සිදු වෙන්න ප්‍රධාන හේතුවක් තමයි පසුපස කෙළවරේ ගැටීම් ඇති වීම.

නමුත් රියදුරන්ට තමන් ඉදිරියෙන් වාහන නැවැත්වීම හෝ වේගය අඩු කිරීම පිළිබඳ ප්‍රමාණවත් අනතුරු ඇඟවීමක් තිබේ නම් බොහෝ විට එම අනතුරු වළක්වා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ තිරිංග තද කළ විගස අනෙකුත් රියදුරන්ගේ අවධානයට ලක්වීම සඳහා ඔබේ වාහනයේ Pulsing Third Brake Light එකක් සවි කරන්න පුළුවන්.

Phone Mount සහ Bluetooth Adapter

අද වෙනකොට අපිට නැතුවම බැරි දෙයක් තමයි phone එක. මොකද ඒ තරමටම ජංගම දුරකථන එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත් වෙලා තියෙනවා. අපි මොන තරම් phone එකට ඇබ්බැහි වෙලාද කියනවා නම් වාහනය drive කරනකොට පවා phone එක use කරන්න පෙළඹෙනවා. විශේෂයෙන්ම රිය පදවන අතරතුර සංගීතය වාදනය කිරීමට, ඇමතුම් ලබා ගැනීමට හෝ map එක use කරන්න ඕනේ නම් ඔබට පුළුවන් Phone Mount එකක් use කරන්න. ඒ වගේම hands-free calls ගන්න ඕනේ නම් Bluetooth Adapter එකක් ගන්නත් පුළුවන්.

ඉතින් මේ තමයි වාහනයක් drive කරන විට ඔබගේ එහෙමත් නැත්නම් පාරේ ගමන් කරන අයගේ ආරක්ෂාව වෙනුවෙන් වාහනයට සිදු කරන්න පුළුවන් modifications. කවදා හරි හිතුවද මේ වගේ simple modifications වලින් safety එක වැඩි කරගන්න පුළුවන් කියලා. ඇත්තටම පුළුවන්. ඔබත් ඔබේ ආරක්ෂාව වෙනුවෙන් MotorGuide අපි කිව්වා modifications try කරලා බලන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ සුප්‍රසිද්ධ 'Liberty Walk' (LB Performance)

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Motobike එකක ස්ප්‍රොකට් ප්‍රමාණය වෙනස් කිරීමෙන් ටොප් ස්පීඩ් සහ පිකප් එකට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    බයික් එකක සයිලන්සර් වෙනස් කිරීමෙන් එන්ජිමේ ආයු කාලයට සහ ඉන්ධන වලට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහන වල විදුලි පද්ධතියට (Wiring) වෙනස්කම් කිරීමේදී ඇතිවන ගිනි ගැනීමේ අවදානම

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    ඔබ ඔබේ මෝටර් රථයේ light system එක ගැන focus කරලා තියෙනවද? එහෙම නැත්නම්, ඔබ අද ඉදළා light modification ගැන දැන ගන්න ඕනේ. හිතන්න, අයහපත් කාලගුණික තත්වයකදී අඩු ආලෝකයක් එක්ක drive කරන්න සිද්ද වුණොත් මොනවා වෙයි ද? කියලා. modify කරපු light system එකක්, වැදගත් ව

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    පහසු මෝටර් රථ මොඩිෆිකෙෂන්

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ලොව මිල අධිකම car modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications

    time
    මිනිත්තු 4 කියවීම
  • ⁠Customization & Modifications

    අපි හැමෝම කැමතියි තමන්ගේම කියලා වාහනයක් drive කරන්න. ඒ වගේම අපිට පුංචි කාලේ ඉඳලම හීනයක් තියෙනවා මම ලොකු වෙලා ගන්නේ මෙන්න මේ වගේ වාහනයක් කියලා. ඒ හේතුව නිසාම මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Safety එක වැඩි කරන After-Market Car Modifications

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!