ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications

time
මිනිත්තු 4 කියවීම
feature image
අපි හැමෝම කැමතියි තමන්ගේම කියලා වාහනයක් drive කරන්න. ඒ වගේම අපිට පුංචි කාලේ ඉඳලම හීනයක් තියෙනවා මම ලොකු වෙලා ගන්නේ මෙන්න මේ වගේ වාහනයක් කියලා. ඒ හේතුව නිසාම මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්. ඒ නිසාම සමහර වාහන companies වලින් තමන්ගේ වාහනය customize කරන්න අවස්ථාව දීලා තියෙනවා. නමුත් ඒක ටිකක් මිල අධික වැඩක්. ඒ නිසාම ගොඩක් දෙනා තමන්ගේ vehicle එක තමන්ට කැමති විදිහට modify කරන්න පෙළඹෙනවා. ඉතින් අද MotorGuide අපි ඔබට කියන්නේ ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications කිහිපයක් ගැන.

Lights modify කරමු

Vehicle modifications ගැන කතා කරනකොට ගොඩක් ප්‍රසිද්ධ modifications වර්ගයක් තමයි Headlights සහ fog lights කියන්නේ. ඒ විතරක් නෙවෙයි මේ modification එක අපිට ගෙදරදීම වුණත් කරන්න පුළුවන්. මේ විදිහට lights වලට කරන්න පුළුවන් modifications තමයි තියෙන lights වල වර්ණය වෙනස් කිරීම. ඒ වගේම lights set කරලා තියෙන ස්ථානත් වෙනස් කරන්න පුළුවන්. ඉතින් මේක headlights වලට වගේම fog lights වලටත් අදාළයි. ඊට අමතරව ඔබට පුළුවන් දීප්තිමත් LED lights vehicle එකට සවි කරන්න.

Mirrors සහ windshield wipers

Rearview mirrors සහ windshield wipers කියන්නේ වාහනයක බහුලවම වෙනස් කරන කොටස් දෙකක්. Mirror එකේ පෙනීමට බාධාවක් නොවන විදිහට ඕනෙම ආකාරයක modification එකක් Rearview mirrors වලට සිදු කරන්න පුළුවන්. ගොඩක් දෙනා rearview mirrors වලට interior vinyl wrap සිදු කරනවා. ඒ වගේම අපිට ගෙදරදීම කරන්න පුළුවන් තවත් modification එකක් තමයි windshield wipers වලට සිදු කරන modifications. මේ මොදිෆිකතිඔන් එක මඟින් ඔගේ vehicle එකේ බාහිර පෙනුමට, නැවුම් නව පෙනුමක් ලබා ගන්න පුළුවන්. ඔබේ වාහනයේ body paint එකට වඩා වෙනස් වර්ණයක් සහිත wiper එකක් සවි කිරීමෙන් vehicle එකේ පෙනුම තවත් ලස්සන කරගන්න පුළුවන්.

Window tint කරන්න

Tint කිරීම කියන්නේ ගොඩක් ජනප්‍රිය classic car modification එකක්. මේ modification එක පටන් අරගෙන දැනට වසර ගණනාවක් වුණත් අදටත් එය ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම tint කිරීම කියන්නේ modification එකක් විතරක්ම නෙවෙයි. එමඟින් ඔබට අමතර ආරක්ෂාවකුත් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ගොඩක් රස්නේ අවස්තාවලදී වාහනය ඇතුළත රස්නේ බව අඩු කරන්න tint එකෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

Door lock covers වෙනස් කරමු

Door lock covers කියන්නෙත් ඔබේ මෝටර් රථයට විලාසිතාවක් සහ අලංකාරයක් එක් කිරීමට හොඳ ක්‍රමයක්. ඒවා ඔබේ වාහනය සීරීම් වලින් සහ dings වලින් ආරක්ෂා කිරීමටද උපකාරී වෙනවා.ඔබට මල නොබැඳෙන වානේ සිට rhinestone-encrusted වලින් පවා නිමවා ඇති විවිධ නිමාවකින් යුතු Door lock covers තෝරා ගන්න පුළුවන්. මෙම covers සාමාන්‍යයෙන් parts දෙකක් විදිහට තමයි අපිට මිල දී ගන්න තියෙන්නේ. ඉතින් ඔබට නිවසේදී තනියම Door lock covers සවි කරගන්නත් පුළුවන්.

Seats covers ගැන හිතන්න

Seats covers කියන්නෙත් ලේසියෙන්ම, අඩු මුදලකින් සිදු කරන්න පුළුවන් vehicle modification වර්ගයක්. ගොඩක් පැරණි vehicle එකකට වුණත් seat covers මාරු කිරීම මඟින් අලුත්ම පෙනුමක් ලබා ගන්න පුළුවන්. මේ seat covers නිසා වාහනයේ original seats damage වෙන එක වුණත් අපිට වළක්වා ගන්න පුළුවන්.

Floor mats වෙනස් කරමු

Seats covers වගේම floor mats කියන්නේ ගොඩක් ලේසියෙන් සිදු කරන්න පුළුවන් vehicle modification එකක්. කෙටියෙන්ම කිව්වොත් floor mats වෙනස් කිරීම නිසා තත්පර ගාණකින් vehicle එකට අලුත්ම පෙනුමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම කැමතිම පාටින් floor mats වෙනස් කරන්න කිසිම කෙනෙක්ගෙන් අවසරයක් ගන්නත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔයාට හිතේ හැටියට, කැමතිම පාටින් floor mats වෙනස් කරන්න පුළුවන්.

Steering wheel covers අමතක කරන්න එපා

කරන්න ලේසිම තවත් එක modification එකක් තමයි Steering wheel covers වෙනස් කරන එක. ඉතින් ඔබේ මෝටර් රථයේ specific style එකට ගැළපෙන පරිදි shapes, sizes, colors සහ textures වලින් Steering wheel covers මිලදී ගන්න පුළුවන්. කෙටියෙන්ම කිව්වොත් එමඟින් ඔබේ වාහනයට sporty look එකක් ලබා ගන්න පුළුවන්.

Phone holder එකක් ගමු

අද කාලේ නැතුවම බැරි දෙයක් තමයි phone එක කියන්නේ. වාහනයක් drive කරනකොට phone use කරන එක ඇත්තටම වැරදි වැඩක්. හැබැයි සමහර වෙලාවට අපිට map එක use කරන්න phone එක අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට phone එක අතින් අල්ලන්නේ නැතුව use කරන්න පුළුවන් හොඳම විදිහ තමයි Phone holder එකක් ගන්න එක. ඒ වගේම Spare tire covers, Spoilers, අලුත් wheels හෝ rims වගේ දේවල් වෙනස් කිරීම මඟිනුත් ඔබගේ වාහනයට අලුත් පෙනුමක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ තමයි වැඩි වියදමක් නැතුව ලේසියෙන්ම, ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications. ඔබත් වාහනයේ වෙනසක් බලාපොරොත්තු වෙනවා නම් අද අපි කිව්ව දේවල් try කරලා බලන්නකෝ.
Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ සුප්‍රසිද්ධ 'Liberty Walk' (LB Performance)

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Motobike එකක ස්ප්‍රොකට් ප්‍රමාණය වෙනස් කිරීමෙන් ටොප් ස්පීඩ් සහ පිකප් එකට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    බයික් එකක සයිලන්සර් වෙනස් කිරීමෙන් එන්ජිමේ ආයු කාලයට සහ ඉන්ධන වලට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහන වල විදුලි පද්ධතියට (Wiring) වෙනස්කම් කිරීමේදී ඇතිවන ගිනි ගැනීමේ අවදානම

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    ඔබ ඔබේ මෝටර් රථයේ light system එක ගැන focus කරලා තියෙනවද? එහෙම නැත්නම්, ඔබ අද ඉදළා light modification ගැන දැන ගන්න ඕනේ. හිතන්න, අයහපත් කාලගුණික තත්වයකදී අඩු ආලෝකයක් එක්ක drive කරන්න සිද්ද වුණොත් මොනවා වෙයි ද? කියලා. modify කරපු light system එකක්, වැදගත් ව

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    පහසු මෝටර් රථ මොඩිෆිකෙෂන්

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ලොව මිල අධිකම car modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications

    time
    මිනිත්තු 4 කියවීම
  • ⁠Customization & Modifications

    අපි හැමෝම කැමතියි තමන්ගේම කියලා වාහනයක් drive කරන්න. ඒ වගේම අපිට පුංචි කාලේ ඉඳලම හීනයක් තියෙනවා මම ලොකු වෙලා ගන්නේ මෙන්න මේ වගේ වාහනයක් කියලා. ඒ හේතුව නිසාම මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Safety එක වැඩි කරන After-Market Car Modifications

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!