Engine එක නිවැරදිව රැක බලා ගමු

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයක හදවත විදිහට අපිට වාහනයේ engine එක හඳුන්වන්න පුලුවන්. මොකද engine එක හරහා තමයි වාහනයට අවශ්‍ය කරන ශක්තිය පරිවර්තනය වෙන්නේ. මේ ක්‍රියාවලිය තව ටිකක් විස්තර කළොත් ඉන්ධන දහනයෙන් ලබා ගන්නා තාප ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය කරන්න පුලුවන් උපකරණය තමයි engine එක.

දැන් ඔබට තේරෙනවා ඇතිනේ engine එක වාහනයට මොනතරම් වැදගත් වෙනවද කියලා. ඉතින් ඒ නිසා MotorGuide අපි අද ඔබට කියන්නේ වාහනයේ හදවත වගේ වෙන engine එක නිවැරදිව රැක බලා ගන්නේ කියලා.

1. හරි කාලයට engine oil මාරු කරන්න

Engine oil කියන්නේ වාහනයේ engine එකේ චලනය වෙන කොටස් හොඳින් ලිහිසි කර තබා ගැනීමට උපකාරී වෙන තරලයක්. Engine oil නිසි පරිදි තියෙනවා නම් මේ ක්‍රියා කරන කොටස් ගෙවී යාම අවම වෙනවා. ඒ වගේම දූවිලි වගේ අපිරිසිදු අංශු රඳවා තබා ගැනීමටත් engine oil උපකාරී වෙනවා. ඉතින් engine oil වලට පුලුවන් ඔබේ engine එක නිවැරදිව ක්‍රියා කරවන්න. ඒ නිසා මසකට වරක් engine oil මට්ටම පරීක්ෂා කරන්න අමතක කරන්න එපා. ඊට අමතරව ඔබේ oil grade එක සහ manufacturer’s recommendation වලට අනුව oil නිසි පරිදි මාරු කිරීමත් අනිවාර්යයයි.

2. Cooling system එක පරීක්ෂා කරන්න

Engine එක රැක ගන්න නම් ඔබ කරන්න ඕනේ තවත් දෙයක් තමයි නිතර cooling system එක පරීක්ෂා කිරීම. මොකද අධික තාපය නිසා engine එකේ කාර්යක්ෂමතාවය අඩු වෙන්න පුලුවන්. Engine එකේ heat එක වැඩි වෙන්න ප්‍රධාන හේතුව තමයි එය සෑදීම සඳහා භාවිතා කරන විවිධ ලෝහ වර්ග. ඉතින් engine එක රත් වීම පාලනය සඳහා වාහන නිෂ්පාදකයින් විසින් cooling system එකක් ලබා දීලා තියෙනවා. Cooling system එක නිවැරදිව ක්‍රියා කිරීම engine එකේ ආයු කාලය වැඩි කරගන්න උපකාරී වෙනවා.

3. කාන්දුවීම් ගැන අවධානයෙන් ඉන්න

වාහනය නැවැත්වීමෙන් පසුව නැවත start කිරීමේදී, වාහනය නවතා තිබූ තැන බිම oil හෝ ඉන්ධන කාන්දු වී ඇත්දැයි සැලකිලිමත් වෙන්න. ඉන්ධන හෝ oil කාන්දු වී ඇත්නම් වහාම මෝටර් කාර්මිකයෙකු ලවා වාහනය පරීක්ෂා කරවා ගන්න. මෙලෙස ඉන්ධන කාන්දු වෙනවාද කියා hood එක යට පරීක්ෂා කිරීමෙන්ද දැන ගන්න පුලුවන්.

4. දිගටම ඉන්ධන reserve මට්ටමෙන් භාවිතා කරන්න එපා

ඕනෑම ඉන්ධන වර්ගයක යම් අපිරිසිදු අංශුන් අන්තර්ගත වෙනවා. කාලයක් යනකොට මේ අපිරිසිදු දූවිලි අංශු ඉන්ධන ටැංකියේ පතුලේ තැන්පත් වෙනවා. මේ අංශු engine එකට ගියොත් engine එක ක්‍රියාවිරහිත වෙන්න පවා පුලුවන්. ඒ නිසා කිසිම අවස්ථාවක දිගු කාලයක් ඉන්ධන reserve මට්ටමෙන් භාවිතා කරන්න එපා.

5. Belts පරීක්ෂා කරන්න

Engine එකක් ක්‍රියාත්මක වන විට සෑම දෙයක්ම සුමටව තබා ගැනීමට rubber belts අත්‍යවශ්‍ය වෙනවා. ඔබට Hood එක යටින් squeal ශබ්දයක් ඇසුණොත් අනිවාර්යයෙන්ම rubber belts මාරු කරන්න ඕනේ. ඒ වගේම නිතරම rubber belts වල ඉරිතැලීම් සහ ඇඳීම් සලකුණු තිබෙනවාද කියා පරීක්ෂා කිරීම අත්‍යාවශ්‍යයි. මොකද engine එක ක්‍රියා කරන අවස්ථාවක rubber belts damage වුණොත් ඔබට අමතරව ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා engine එක යථාතත්වයට පත් කර ගන්න.

ඉතින් මේ විදිහට තමයි වාහනයේ හදවත වගේ තියෙන engine එක හරියට රැක බලා ගන්නේ. මීට අමතරව fuel filter එක replace කිරීම, spark plugs සහ wires replace කිරීම මඟිනුත් engine එක රැක ගන්න පුලුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Ceramic Coating ඇත්තටම වටිනවද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil flush කරන්න ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine splash shield එක ඉවත් කිරීම සුදුසුයි ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

  • Suzuki Swift ZXi+ AGS 2025

    Hatchback

    රු 10M - 12.5M

  • Suzuki Baleno Alpha 2025

    Hatchback

    රු 10.7M - 11.5M

  • BYD Sealion 8 DM-p 2026

    SUV

    රු 34.8M - 35M

  • Renault Triber Emotion Easy-R AMT 2025

    Compact MPV

    රු 8.5M - 11M

  • GWM Tank 500 HEV 2026

    SUV

    රු 43M - 43.7M

  • Hyundai Santa Fe Hybrid Calligraphy 2026

    SUV

    රු 37.9M - 40M

  • Kia Sorento Hybrid SX Tech Pack 2026

    SUV

    රු 34.5M - 38.8M

  • Chery Tiggo 9 PHEV 2026

    SUV

    රු 28.8M - 32.7M

  • BYD SEALION 8 Dynamic DM-i 2026

    SUV

    රු 29.9M - 31.5M

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

නවතම බයික් සමාලෝචන

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!