Engine එක නිවැරදිව රැක බලා ගමු

Nipuna Marasinghe
time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයක හදවත විදිහට අපිට වාහනයේ engine එක හඳුන්වන්න පුලුවන්. මොකද engine එක හරහා තමයි වාහනයට අවශ්‍ය කරන ශක්තිය පරිවර්තනය වෙන්නේ. මේ ක්‍රියාවලිය තව ටිකක් විස්තර කළොත් ඉන්ධන දහනයෙන් ලබා ගන්නා තාප ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය කරන්න පුලුවන් උපකරණය තමයි engine එක.

දැන් ඔබට තේරෙනවා ඇතිනේ engine එක වාහනයට මොනතරම් වැදගත් වෙනවද කියලා. ඉතින් ඒ නිසා MotorGuide අපි අද ඔබට කියන්නේ වාහනයේ හදවත වගේ වෙන engine එක නිවැරදිව රැක බලා ගන්නේ කියලා.

1. හරි කාලයට engine oil මාරු කරන්න

Engine oil කියන්නේ වාහනයේ engine එකේ චලනය වෙන කොටස් හොඳින් ලිහිසි කර තබා ගැනීමට උපකාරී වෙන තරලයක්. Engine oil නිසි පරිදි තියෙනවා නම් මේ ක්‍රියා කරන කොටස් ගෙවී යාම අවම වෙනවා. ඒ වගේම දූවිලි වගේ අපිරිසිදු අංශු රඳවා තබා ගැනීමටත් engine oil උපකාරී වෙනවා. ඉතින් engine oil වලට පුලුවන් ඔබේ engine එක නිවැරදිව ක්‍රියා කරවන්න. ඒ නිසා මසකට වරක් engine oil මට්ටම පරීක්ෂා කරන්න අමතක කරන්න එපා. ඊට අමතරව ඔබේ oil grade එක සහ manufacturer’s recommendation වලට අනුව oil නිසි පරිදි මාරු කිරීමත් අනිවාර්යයයි.

2. Cooling system එක පරීක්ෂා කරන්න

Engine එක රැක ගන්න නම් ඔබ කරන්න ඕනේ තවත් දෙයක් තමයි නිතර cooling system එක පරීක්ෂා කිරීම. මොකද අධික තාපය නිසා engine එකේ කාර්යක්ෂමතාවය අඩු වෙන්න පුලුවන්. Engine එකේ heat එක වැඩි වෙන්න ප්‍රධාන හේතුව තමයි එය සෑදීම සඳහා භාවිතා කරන විවිධ ලෝහ වර්ග. ඉතින් engine එක රත් වීම පාලනය සඳහා වාහන නිෂ්පාදකයින් විසින් cooling system එකක් ලබා දීලා තියෙනවා. Cooling system එක නිවැරදිව ක්‍රියා කිරීම engine එකේ ආයු කාලය වැඩි කරගන්න උපකාරී වෙනවා.

3. කාන්දුවීම් ගැන අවධානයෙන් ඉන්න

වාහනය නැවැත්වීමෙන් පසුව නැවත start කිරීමේදී, වාහනය නවතා තිබූ තැන බිම oil හෝ ඉන්ධන කාන්දු වී ඇත්දැයි සැලකිලිමත් වෙන්න. ඉන්ධන හෝ oil කාන්දු වී ඇත්නම් වහාම මෝටර් කාර්මිකයෙකු ලවා වාහනය පරීක්ෂා කරවා ගන්න. මෙලෙස ඉන්ධන කාන්දු වෙනවාද කියා hood එක යට පරීක්ෂා කිරීමෙන්ද දැන ගන්න පුලුවන්.

4. දිගටම ඉන්ධන reserve මට්ටමෙන් භාවිතා කරන්න එපා

ඕනෑම ඉන්ධන වර්ගයක යම් අපිරිසිදු අංශුන් අන්තර්ගත වෙනවා. කාලයක් යනකොට මේ අපිරිසිදු දූවිලි අංශු ඉන්ධන ටැංකියේ පතුලේ තැන්පත් වෙනවා. මේ අංශු engine එකට ගියොත් engine එක ක්‍රියාවිරහිත වෙන්න පවා පුලුවන්. ඒ නිසා කිසිම අවස්ථාවක දිගු කාලයක් ඉන්ධන reserve මට්ටමෙන් භාවිතා කරන්න එපා.

5. Belts පරීක්ෂා කරන්න

Engine එකක් ක්‍රියාත්මක වන විට සෑම දෙයක්ම සුමටව තබා ගැනීමට rubber belts අත්‍යවශ්‍ය වෙනවා. ඔබට Hood එක යටින් squeal ශබ්දයක් ඇසුණොත් අනිවාර්යයෙන්ම rubber belts මාරු කරන්න ඕනේ. ඒ වගේම නිතරම rubber belts වල ඉරිතැලීම් සහ ඇඳීම් සලකුණු තිබෙනවාද කියා පරීක්ෂා කිරීම අත්‍යාවශ්‍යයි. මොකද engine එක ක්‍රියා කරන අවස්ථාවක rubber belts damage වුණොත් ඔබට අමතරව ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා engine එක යථාතත්වයට පත් කර ගන්න.

ඉතින් මේ විදිහට තමයි වාහනයේ හදවත වගේ තියෙන engine එක හරියට රැක බලා ගන්නේ. මීට අමතරව fuel filter එක replace කිරීම, spark plugs සහ wires replace කිරීම මඟිනුත් engine එක රැක ගන්න පුලුවන්.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මේ දේවල් නොදැන වාහනයේ Service එක කරන්න එපා.

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොනවද මේ EV බැටරියේ Deep Discharging කියන්නෙ

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    එන්ජින් ධාවනයේදී ඇතිවන මොකක්ද මේ LSPI?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    එන්ජින් Oil පද්ධතියක Bypass Valve යනු කුමක්ද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    ඩීසල් එන්ජින් වල Engine Runaway වලක්වා ගමු.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    එන්ජින් Oil වල API SP ප්‍රමිතිය

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Auto Gear වාහනයකට නැතුවම බැරි ATF

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන Body Paint වල මොනවද මේ 2k 3k

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක් ධාවනය කර ඇති දුර අනුව Engine Oil මාරු කළයුතු අවස්ථා

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine lubrication system කියන්නේ මොකක්ද

    time
    මිනිත්තු 3 කියවීම
  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback

    රු 4.6M - 5.3M

  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 සමාලෝචනය

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4

    රු 5M - 7.5M

  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback

    රු 25M - 40M

  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback
  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4
  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan

    රු 12M - 13.5M

  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan

    රු 15M - 18M

  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

    රු 17.5M - 19.8M

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!