Insurance එකෙන් claim කළාට වන්දිය භාගයයිද හම්බ වුණේ?

time
මිනිත්තු 3 කියවීම
feature image

ඔබ ළඟ වාහනයක් තියෙනවා නම්, ඒ වාහනයට Insurance එකක් තියෙන්නම ඕනේ. සමහර වෙලාවට Insurance company එක ඔබේ claim එක reject කරනවා. තවත් සමහර වෙලාවට, Insurance එකෙන් claim කරනවා, හැබැයි වන්දිය ගෙවන්නේ භාගයයි. ඇත්තටම ඇයි මේ විදිහට වන්දිය භාගයක් හම්බ වෙන්නේ? වාහනයට full damage එකක් වුණොත් ඔබට මේක ලොකු ප්‍රශ්නයක් වගේම ලොකු පාඩුවක්. ඒ නිසා, MotorGuide අපි හිතුවා, Insurance එකෙන් claim කළාට, වන්දිය භාගයක් හම්බ වෙන්නේ ඇයි කියලා, ඔබව දැනුවත් කරන්න.

වාහනයක් Insurance කරන්න ඕනෙ ඇයි?

මෝටර් වාහන පනතට අනුව වාහනයක් පාරේ drive කරන්න, අඩුම තරමේ ඒ වාහනයට 3rd Party Insurance එකක් හෝ Full Insurance එකක් තියෙන්න ඕනේ. මේකේ ප්‍රධානම අරමුණ වෙන්නේ, මහ පාරේ සිද්ධ වෙන අනතුරු වලින්, හානියට පත් වෙන පාර්ශවයට යම් සහනයක් ලබා ගන්න එක.

Full Insurance කියන්නේ මොකක්ද?

ඔබ වාහනයක් පාරේ drive කරනකොට, ඔබ අතින් වෙන accident එකකින් ඔබේ වාහනයට, වාහනයේ ගමන් කරන අයට, වෙනත් දේපළ වලට වගේම පාරේ යන එන වෙනත් පුද්ගලයන්ට සහ වෙනත් වාහන වලටත් හානියක්, පාඩුවක් සිද්ධ වෙන්න පුළුවන්. ඔබ ළඟ තියෙන්නේ Full Insurance කරපු වාහනයක් නම්, මේ සිද්ධ වෙන හානියට වන්දි මුදලක් ගෙවන්න, Insurance company එක බැඳිලා ඉන්නවා. හැබැයි මේ වන්දි ලබා දෙන එක, Insurance company එකේ terms සහ conditions වලට අනුකූලව තමයි සිද්ධ වෙන්නේ.

3rd Party Insurance කියන්නේ මොකක්ද?

3rd Party Insurance එකකට වඩා Full Insurance එකක වාරිකය ගොඩක් වැඩි නිසා, බොහෝ දෙනා 3rd Party Insurance එකකට යොමු වෙන්න වැඩි නැඹුරුතාවයක් තියෙනවා. හැබැයි 3rd Party එකෙන් රක්ෂණ හිමියාට සිදු වෙන හානි වලට වන්දි ලබා දෙන්නේ නැහැ. ඔබේ වාහනයට තියෙන්නේ 3rd Party Insurance එකක් නම්, accident එකෙන් තුන්වෙනි පාර්ශවයට වෙන හානියට වන්දි ගෙවන්න විතරයි Insurance company එක බැඳිලා ඉන්නේ.

වන්දිය භාගයක් විතරක් දෙන්නේ ඇයි?

ඔබ ළඟ තියෙන්නේ මීට කාලෙකට කලින් ගත්තු වාහනයක් නම්, ඒකේ දැන් මිල ඊට වඩා වැඩි වුණත්, ඒ value එකට ඔබට වන්දිය හම්බ වෙන්නේ නැහැ. ඔබේ වචනයෙන් කියනවා නම්, වන්දිය හම්බ වෙන්නේ භාගයයි. මොකද ඔබ වාහනය insurance කරන්නේ, එදා තිබුණු වටිනාකමට. එතකොට, වාහනයේ මිල වැඩි වුණාට, Insurance company එක ඒ ප්‍රමාණයට ඔබට වන්දියක් දෙන්නේ නැහැ.

මේ හේතුව නිසා, ඔබ දැන ගන්න ඕනේ, current price එකට වාහනය insurance කර ගන්න. කොහොමත් ඔබ වාහනයක් insurance කරන්න ඕනේ, market value එකටනේ. ඔබ වාහනය insurance කරලා තියෙන්නේ, ඒ කාලෙ තිබුණු මිලට නම්, හදිස්සියේ හරි වාහනය full damage වුණත් ගෙවන්නේ, ඒ ප්‍රමාණයම විතරයි.

ඒත් ඔබට මේ වන්දි මුදල භාර ගන්න වෙනවා. මොකද නීතිමය වශයෙන් ඔබ ඒ කාලෙ තිබුණු market value එකට අනුව, අදාළ වන්දියට Insurance company එකත් එක්ක එකඟ වෙලා තියෙන නිසා. හැබැයි මෙතනදි Insurance company එකෙනුත් වෙන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි, දැන් තියෙන market value එකට අනුව වාහනයේ insurance එක කලින්ට වඩා වැඩි කර ගන්න කියලා තමන්ගේ client ව දැනුවත් කරන එක.

දැන් ඔබ හරියටම දන්නවා, ඇත්තටම Insurance එකෙන් claim කළාට, වන්දිය භාගයක් විතරක් හම්බ වෙන්නේ ඇයි කියලා. ඒ නිසා, Insurance company එක ඔබව update කළත් නැතත්, මතක ඇතුව අනිවාර්යයෙන්ම current market value එකට වාහනයේ insurance එක වැඩි කර ගන්න. එතකොට වාහනයට damage වුණාම වන්දිය භාගයයි හම්බ වුණේ කිය කිය දුක් වෙන්න ඕනේ නැහැ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    මොකද්ද මේ ඩිජිටල් රක්ෂණ කාඩ්පතේ පැටලැවිල්ල?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!