වාහනයේ TCS ගැන දන්නවාද

time
මිනිත්තු 3 කියවීම
feature image

TCS ගැන ඔබ දන්නවද? TCS කියන්නේ, traction control system එහෙමත් නැත්නම් කම්පන පාලන පද්ධතියට. මේ traction control system එක මඟින් තමයි, car එකේ wheels අතර traction එක නැති වීමක් සිදු වුණොත් ඒක හඳුනා ගන්නේ. මේ විදිහට මාර්ගයේ grip එක මඟහැරෙන wheel එකක් හඳුනා ගත්තට පස්සේ, system එක automatically brake යොදනවා. එහෙම නැත්නම් ලිස්සා යන wheel එකට car එකේ engine power එක අඩු කරනවා. ඉතින් මේ විදිහට TCS වාහනයේ safety එකට ගොඩක් වැදගත් වෙනවා. MotorGuide තුළින් අද අපි ඔබට කියන්න යන්නේ, මෙන්න මේ TCS ගැනයි.

මෝටර් රථවල TC කියන්නේ මොකක්ද?

Acceleration එකේදී විශේෂයෙන් ලිස්සන හෝ අසමාන මතුපිටක වගේ traction එක අඩු වෙන්න පුළුවන් අවස්ථාවන්වලදී wheels අධික ලෙස rotate වෙන එක වළක්වන්න design කරලා තියෙන system එකක් තමයි, මෝටර් රථවල TC කියන්නේ. TC එකේ ප්‍රධාන අරමුණ වෙන්නේ, වාහනයේ stability එක සහ control එක වැඩිදියුණු කිරීම. මේ නිසා safety එකේ වැඩි වීමක්ද සිදු වෙනවා.

Traction control එක ක්‍රියා කරන්නේ කොහොමද?

Traction control එක ඔබ ක්‍රියාවිරහිත කරනවා නම් මිසක් හැම වෙලාවෙම මේ traction control එක ක්‍රියාත්මක වෙමින් තමයි තියෙන්නේ. මේක එකිනෙකට සාපේක්ෂව wheels වල speed එක නිරීක්ෂණය කරන්න sensors භාවිතා කරනවා. එක wheel එකක් අනිත් wheels වලට වඩා සැළකිය යුතු වේගයකින් කැරකෙනකොට මේක එහි traction එක නැත්නම් grip එක නැති වෙලා තියෙන බවට ලකුණක් වෙනවා. මේකේ තියෙන sensors මඟින් wheelspin එක හඳුනා ගත්තට පස්සේ, system එක ඒ wheel එකට power එක අඩු කරනවා. එතනදී පොඩි braking force එකක් තමයි යොදන්නේ. ඒ වගේම ඔබට තියෙන්නේ, front, rear නැත්නම් all wheel drive වාහනයක් වුණත් traction control එක එකම විදිහට තමයි ක්‍රියා කරන්නේ.

Traction control එක වැඩ කරනකොට...

ඔබේ වාහනය start කළාම system එක ක්‍රියාත්මක වෙන බවට signal කරන්න traction control warning light එක dashboard එක මත කෙටියෙන් දැල්වෙනවා. වාහනය drive කරනකොට ඒ light එක නැවත දැල් වුණොත් traction control එක active වන අතර wheelspin එක වළක්වන්න හෝ අඩු කරන්න ක්‍රියා කරනවා.

Old cars වලට traction control එකේ බලපෑම් power loss එකක් විදිහට තමයි experience වෙන්නේ.

මෝටර් රථවලට traction control වැදගත් වෙන්නේ ඇයි?

විශේෂයෙන්ම challenging driving situation එකක acceleration එකේදී අධික ලෙස wheels කැරකීම වළක්වන නිසා, වාහනයේ stability එක සහ safety එක වැඩි කරන්න, මේ traction control එක උදව් වෙනවා. මෝටර් රථවල traction control කිරීම drivers ලාට Slippery surface එක හෝ aggressive maneuvers වලදී වාහනය control කරන්න උදව් වෙනවා.

මේ ක්‍රමය මඟින් brake කිරීමෙන් හෝ බලපෑමට ලක් වෙලා තියෙන wheels වලට engine power එක අඩු කිරීමෙන් ලිස්සා යන risk එකත්, control නැතිවීම සහ සිදු වන අනතුරුත්‍ අවම වෙනවා. ඒ නිසා traction එක හා stability එක වැඩි දියුණු වෙනවා.

අනිත් දේ තමයි, අයහපත් කාලගුණික තත්වයන් හෝ රළු මාර්ග වල, driver ගේ සහ passengers ලාගේ safety එකට grip එක සහ control එක වැදගත් වෙනවා. ඒ වගේම මේ traction control එක safety driving experience එකටත් උදව් වෙනවා.

ඔන්න මේ තමයි, TCS එහෙමත් නැත්නම්, traction control system එකේ කතාව. දැන් ඔබ දන්නවා, TC system එක වාහනයට කොච්චර වැදගත් වෙනවද කියලා. හදිස්සියේ හරි TCS failure එකක් වුණොත් වාහනයේ wheels නිසි විදිහට කැරකෙන්න ඒක බාධාවක් වෙන්න පුළුවන්. ඒ වගේම ලිස්සන සුලු මාර්ග වල වාහනයේ control එක නැති වෙන්නත් හේතු වෙනවා. ඒක ටයර් surface එකට සහ engine performance වලටත් හානි කරන අතර, අනතුරු අවදානම වැඩි කරනවා. ඒ වගේම TCS සම්බන්ධ ගැටළු brakes failure වලටත් හේතු වෙන්න පුළුවන්. අන්න ඒ නිසාම, TCS ගැන ඔබ දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • අමතර කොටස් සහ උපාංග

    මොකටද මේ Dash Cam?

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    වාහන වල Fragrance Diffusers පාවිච්චි කරන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Tinted Films ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 6 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    2026 වාහන අමතර කොටස් සඳහා වන නව තත්ත්ව සහතික (SLSI Standard) සහ ව්‍යාජ කොටස් වැටලීමේ නීති

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    එයාර් කූල් (Air-cooled) සහ ලික්විඩ් කූල් (Liquid-cooled) බයික් නඩත්තු කිරීමේ වෙනස.

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    බයික් එකක Spark Plug එකේ පාට අනුව එන්ජිමේ තත්ත්වය (Health) නිවැරදිව හඳුනාගන්නේ කොහොමද

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Ceramic Coating සහ Graphene Coating අතර වෙනස

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Duplicate Parts සහ Genuine Parts වල වෙනස

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    EGR මගින් සිදුවන සේවය

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    මොනවද මේ BENZ ලගෙ Camtronic.

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!